නිදහස් අධ්‍යාපනය තවදුරටත් නිදහස්ද? (උන්ගේ උරුමය අපේ කරුමය වූ හැටි) (ඡායරූපය උපුටා ගැනීම http://indikacartoon.blogspot.com බ්ලොග් අඩවියෙනි)මේ කතා කරන්න හදන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන නෙමේ. ඒ ගැන මුලින්ම කිව්වේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන එකම තැන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් නිසා, නිදහස් අධ්‍යාපනය එතැනට විතරක් ලඝු කිරීම අපි නොදැනුවත්වම සිද්ධ වෙන නිසා.මේ අද වෙච්ච එක හුදකලා සිද්ධියක්. ගෙවල් පැත්තේ තියන සපත්තු හදන තැනට මම අද ගියේ මගෙ කැඩිච්ච ...

'ලැට් වල' යනු ධනාත්මක තැනකි ( සුරපුරෙහි ධනාත්මක පැතිකඩ ) ඡායරූපය http://in.reuters.com වෙබ් අඩවියෙනිඅපි මොනවා කිව්වත් මේ ආණ්ඩුව තරම් ජනතාවට ඉතා සුබවාදී ආදර්ශ දුන්න තවත් රජයක් නැති තරම්.කාලයක් අධිකරණය කියන වචනේ දැක්කහමත් වරදක් කළ නොකළ සියළු දෙනාම සීරුවෙන් හිටගත්තා. අධිකරණයේ තීන්දු ගැන අපහාසාත්මකව කතා කළා කියලා අපේ රටේ ප්‍රසිද්ධ ඌරෙක් හිරේ ගියා. අධිකරණට අහිතක් වෙන වචනයක්වත් මාධ්‍ය වලින් වගේම කට වචනයෙන්වත් පිටවුනේ නෑ. අපි එච්චරම බයෙන් හිටියේ. අධිකරණය උතුම් කියලත් ...

සරම අස්සෙන් මතු වුණ බිත්තරේ කාගෙද? (ආශ්චර්‍යමත් නාවික කේන්ද්‍රය) පින්තූරය www.ada.lk වෙබ් අඩවියෙනි එජාප මන්ත්‍රීවරුන් හම්බන්තොටදී පහර කෑමට ලක්වීම හෙළා දකිමින් පළවන නොයෙකුත් ප්‍රකාශ දුටු විට මා හට සිනහ පහළ විය.මේ ප්‍රහාරයට සමබන්ධ වූයේ දකුණේ ලේ ඇති වීර දේශමාමකයින් පිරිසක් මිස අන් කවුරුත් නොවෙති. මේ ප්‍රහාරය සැලසුම් සහගතව කළ ප්‍රහාරයක් ලෙස අර්ථ දැක්වීම පදනම් විරහිත චෝදනාවක් වේ.හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ යනු හම්බන්තොට ජනතාවගේ ජීවිතයයි. ඒ බව මේ ...

ඔබාමා ගේ අවධානය පිණිසයි ! ( ජිනීවා වලින් බේරීමට රහසිගත උපක්‍රම ) ඇමරිකාවට ශ්‍රී ලංකාව සමග කිට්ටු ඇසුරක් පැවැත්වූවා නම් සලසා ගත හැකිව තිබුනු වාසි රැසක්-1. කලුවර අඳුන මතුරා මැරීන් සෙබලුන් අදෘෂ්‍යමාන කොට වියට්නාමයේ කැලෑ වලට බස්සා ගරිල්ලා අරගලය ජයග්‍රහණය කරන්නට හැකිව තිබිණි…2. සෝවියට් සංගමය වට්ටන්නට 1991 වෙන තෙක් ඩොලර් කෝටි ගණන් වැය කොට අවුරුදු ගණනක් කුමන්ත්‍රණය නොකොට මාතර ගුරෙක් ලවා කොඩිවිනයක් කරවා, මහා කාලිට කැප කල හූනියමක් සෝවියට් දේශ සීමාවේ වළලා, ...

මම ජ.වි.පෙ. ට ඡන්දය නොදීමට හේතු සහ තවත් කතා.... අද මහරගම රැස්වීම පවත්වන්නේ පහුගිය දෙවැනිදා ජ.වි.පෙ. 7වන ජාතික මහා සමුලුව පවත්වලා මේ රට මුහුණ දුන් අර්බුද පිළිබඳව සාකච්ඡා කරලා මීට වඩා හොඳ උසස් සමාජයක් නිර්මාණය කිරීම සඳහා වැඩපිළිවෙලක් සම්මත කරගෙන ඒ සඳහා පක්‍ෂයට නව නායක මණ්ඩලයක් පිහිටුවීමෙන් අනතුරුවයි. 7වන ජාතික සමුළුවේදී සිදුවුණේ හුදු නායක මණ්ඩලවල වෙනසක් පමණක් නොවේ. ජනතාව මුහුණ දෙන අසීරුතාවයන් හඳුනාගෙන ඒ වෙනුවට ජනතාවාදී පාලනයක් හදන අලුත් ...

තොප්පි සිමයියාව ඕවර්ටේක් කළ රේස් ජේමියා (චුයිංගම් ආතල්) අපේ ගංතුලානේ තියන 'මරා'ණාධාර සමිතියේ මේ සැරේ රැස්වීමේ හරි හරි වැඩ වුනා. සමිතියේ මොන මංගල්ලෙටත් කඩා පාත් වෙන, සමිතියේ ඇත්තන්ට අධෝවාතයක් ගියත් සරම උස්සන් කෑගාන අල්ලපු ගමේ චන්ඩියා වෙන තොප්පි සිමයියා මේ සැරේ රැස්වීම කර ඇරලා. ගම්මු කියන්නෙනං සිමයියගේ ගෙදර උන්දෑ ලලිතක්කා මේ සැරේ රැස්වීමට ආවොත් කකුල් කඩනවා කියල කොරපු තර්ජනේට බයේ තමා උන්දෑ නාවේ කියල.ඔය අස්සේ ගගෙන් එගොඩ ගමේ ...

චේතිය පරපුරේ කබ රාලගේ වික්‍රම (ඔබේ මුදල් හැට්ට අස්සේ හෝ සරම අස්සේ ගසා ගැනීමට කාලයයි) ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නගනු ලබන ප‍්‍රශ්නය - 2013.09.04සෙන්ට‍්‍රල් ඉන්වෙස්මන්ට් ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී නැමති මූල්‍ය සමාගම බංකොලොත් වීම හේතුවෙන් 6000කට වැඩි තැන්පතුකරුවන් සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව තිබීම පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි. සෙන්ට‍්‍රල් ඉන්වෙස්මන්ට් ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී (CIFL නැමති මූල්‍ය සමාගම පසුගිය 2012 දෙසැම්බර් මාසයේ සිට තමන්ගේ තැන්පත්කරුවන් වෙත ඔවුන්ගේ තැන්පතුවලට ...

ලයිසන්ලත් සක්විතිලාගේ හෙන ගහන CIFL වංචාව (ශ්‍රී ලංකා මහ බැංකුවේ බබා පාට්) දුක් මහන්සියෙන් යමක් ඉතුරු කරගත් මිනිසුන්, ඉන් පසු ඒ ඉතිරිය තවත් වර්ධනය කරගන්න පෙළඹීම ස්වාභාවිකය. සක්විතිගෙන්, කොතලාවලගෙන් මට්ටු වූ මිනිසුන් මේ ඉතිරිය තැන්පත් කරන්නේ හොදින් සොයා බලාය. සොයා බලන්නට මිනිස්සුන්ට තියන හොදම ක්‍රමය මහ බැංකුවය. ශ්‍රී ලංකා මහ බැංකුව කලින් කලට ප්‍රසිද්ධ මාධ්‍ය වල, මහ බැංකුවේ අනුමත බැංකු සහ මූල්‍ය සමාගම් වල ලැයිස්තුවක් පළ කරයි. එම ආයතන වල කටයුතු, ක්‍රියාකාරීත්වය ...

මාළු ලෑල්ලෙන් ඉගෙන ගැනීම (පාඩම් අංක 1) දවස් කීපයක ඉදල අපේ පැත්තට මාළු අරන් එන සීයා ආවේ නෑ. අසනීප බවක් කිය කිය හිටපු නිසා අදත් නොඑයි කියල උපකල්පනය කරලා චූටියගේ තරමක් දුරින් තියන මාළු ලෑල්ලට ගියා. කාලයක් මුණ ගැහුනේ නැති නිසා චූටියා එක්ක ආගිය තොරතුරු කතා කරන අතරේ විදුලි බිල ගැන කතාවත් ඇදුනා.'ගිය මාසේ කරන්ට් බිල 3000යි බන්. මෙතන ලයිට් තියෙන්නේ සී.එෆ්.එල්. විතරයි. ඒවත් දාන්නේ දවසට පැය ...

පවිත්‍රා මගේ කටට එබූ ඒ සුන්දර අත ( කෝ මගේ හක්කේ දත ) සමාවෙන්න අවුරුද්දට කලින් හම්බවුන සල්ලි වලට වෙච්ච දේ ගැන හොයල බලන්නවත් වුනේ නෑ රෙද්දේ රෙවෙන්න දීලා තියනවා අපේ දේශප්‍රේමී ආණ්ඩුව. පෝස්ට් එකක් ලියන්න වෙලාවක් නෑ. ලයිට් ඔෆ් කරල, ලැපත් ඔෆ් කරල මෛත්‍රී භාවනාව කරන්න තියෙනවා.මේකත් පිළි අරගෙන ආණ්ඩුවට බැනල අපේ ලේ පුච්චගෙන නිකං ඉමුද? නැත්නම් දැන්වත් දැනෙන්න මොනව හරි කරමුද? හැමදාමත් බලා හිටියහම අපි ගැන දුක හිතෙයි කියල හිතුවද?(කාටුන් එක ...

අහෝ...ජිනීවා (ලබන මාර්තුව තෙක්) ජිනීවා තියෙන්නේ දියවන්නාව පැත්තේ යැයි සිතෙන තරමට එ.ජා. මානව හිමිකම් කමිටු යෝජනාව පැන යා හැකි මාතෘකාවක සීමාවෙන් ඔබ්බට ගමන් කර ඇත. සුමාන දෙකකට පසු සහ ලබන පෙබරවාරි අවසන වනතෙක් යලි කරලියට නොඑන මාතෘකාවක් බව දැන දැනම මේ නීරස මාතෘකාව ගැන පසු විවරණයක් කිරීමට සිත් විය.මුලින්ම මේ යෝජනාවේ අන්තර්ගත කරුණු වලින් ප්‍රධානම කාරණය වන LLRC කමිටු වාර්තාව ගන විමසා බලමු. මෙය ...

පෑගෙන්න කලින් රස බලන්න....(නූතන අසූචියේ පූර්වකථනය) මුලදිම කියන්නම්, මේක ඊක්කා කතාවක්. ඔක්කාරෙට එන අය, මනෝ රූප ඉක්මනින් මැවෙන අය මෙතනින්ම කැපෙන්න. නැවත හමුවෙමු. බා...යි....මෙන්න බා..යි....එක පැන්න ඔහෙලට කියන දේ...මේ ඊක්කා කතාව මම ගොතපු එකක් නෙමේ. කොහොමත් මං කියල ඔහොම ඈක්කා කතා ලියන එකෙක් ඈ.. අනාදිමත් කාලයක ඉදල හෙළයේ ජනවහරේ එන කතාවක්. මම කිව්ව කියල වෙනසක් නෑ. ඒත් වෙනස තමා මේකේ අද තියන, සමහර විට අදටත් වඩා ...

සාරභූමිය (දේශපාලනාර්ථයෙන් ඔබ්බට දේශමාමකත්වය) ජීවිතය යනු බ්ලොග් අඩවියකට තරම් නොවෙන සංකීර්ණ මාතෘකාවකි. එහෙත් එම සංකීර්ණ ජීවිතයේ අප නොපතන, නොසිතන අත්දැකීම් වලට අප මුහුණ දෙන්නේ නොදන්නා මොහොතකය. ජීවිතයම වෙනස් නොවූවද අහඹු අත්දැකීම් නිසා අප ජීවිත තුළ සිදුවන සුළු යැයි අප සිතන වෙනස්කම්, තව දුරටත් ලඝු කළ නොහැකි අවස්ථා අපට කොතෙකුත් අත්දැකීමට සිදුවනු ඇත. එවැනි වෙනස්කමකට භාජනය වීමි. මහ පොළව මත ජීවත් වන බව කොතෙක් පාරම් ...

ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා (විශේෂ ස්තුතිය නලීන් අයියාට) හිතවත් බ්ලොග්කරුවකු වන නලීන් දිල්රුක්ෂ සහෝදරයා විසින් මාතලන් ගේ බ්ලොග් අඩවියේදී පළ කරන ලද අදහසක් දුටු විට මා හට මගේ කුඩා අවදියේ සිදුවීමක් මතක් වුණි. එය එම බ්ලොග් අඩවියේ අදහසක් ලෙස ඉදිරිපත් කිරීමට සිත් වුවද, අවසානයේ නතර වුයේ මෙහි ලිපියක් ලෙසිනි.......................................................................................................මම පොඩි කාලේ, අපේ නංගී තාත්තගෙ පර්ස් එකෙන් නංගිගේ කැටේට දාන්න සත පනහක් උස්සන්න සපෝට් ඉල්ලනවා, මම බොක්කෙන් සප් එක ...

සැබෑ අවශ්‍යතාවන් සදහාවන අරගල පරදින්නේ මන්ද? (නීති විද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රශ්ණයේ යතාර්ථය) අරගල - අපේ රටේ පමණක් නොව ලොව පුරා මේ දිනවල කථා වන මාතෘකාවකි. ලෝක දේශපාලනය මෙන්ම අර්ථ ක්‍රමය තුළද සිදුවන බොහෝ සාධාරණ අරගල සාධණීය අවසානයකට ලගා විය. එසේම රටේ සමස්ථ සමාජයට බොහෝ වෙනස්කම් සිදු කරවීය.පුදුමයකට මෙන් ශ්‍රී ලංකාව තුළ සිදුවන බොහෝ අරගල, සාධාරණ හෝ අසාධාරණ කුමක් වුවත් අවසන් වන්නේ අරගලයට හේතු වූ ප්‍රස්තුථය තිබුනාටත් වඩා පහළ අඩියකට ඇද දමමින්ය.මෙය ...

නූතන බහුරූ කෝලම (බෙලිඅත්තේ අපේ කොල්ලෙක්) මාර ආතල් සීන් එක. ජෙනරාල ආවා මුලින්ම, කැටයත් එක්ක. දෙන්නා විජේදාස අයියත් එක්ක චැට දාගෙන ඉන්න කොට, මෙන්න බැස්සා කොට්ටේ රවියා. ජෙනරාල් මාමට අතට අත දීලා විජේදාස අයියත් එක්ක කඩ්ඩෙන් කොටා ගත්තා.මෙන්න එනවා රැවුල් අනුර කුමාරයා ලැජ්ජාවෙන ඇඹරි ඇඹරි. ඇඹරුණ ඇඹරිල්ලට මං හිතුවෙම පොර සෝෆා එකේ ඇන්දේ ඉද ගනියි කියල. කොහොම හරි යන්තම් සෝෆා එකේ විට්ටම අල්ලගෙන කෝට්ටේ රවිය ගාව ...

රෝම දෙවගනක් ගල්කිස්සෙදී පැහැර ගනී..(තවත් එක් පුවතක් පමණි) ස්ථානය - බටහිර ඉන්දීය කොදෙව්ව, ගල්කිස්සකාල වකවානුව - සදාකාලිකයි'ජස්ටිෂියා' නම් රෝම ජාතික මැදි වයස් කාන්තාවක් පසුගිය දිනක ගල්කිස්ස ප්‍රදේශයෙදී කළු පටියකින් දෙඇස් බැද දමා පැහැරගෙන ගොස් ඇත.අවසන් වරට දකින විට වමතින් කෞතුකාගාරයෙන් සොරකම් කරණ ලද කඩුවක්ද, සුරතින් ජා.ඉ. බැංකුවෙන් සොරකම් කරණ ලද තරාදියක 'කොටස්' ද දරා සිට ඇති ඇය, ඇද සිට ඇත්තේ පාර දෘශ්‍යය ඉටි රෙද්දකින් මසන ලද කබායකි.මෙය මේ ...

මට තෝ විතරක් උනාට තොට ඉන්නේ මං විතරද... අර කියමනක් තියනවනේ 'බ්ලොග් ලෝකෙට දවසක් ආපු එකා පහුවදා බ්ලොග් එකක් දානවා' කියල. මමත් එහෙමම තමා. සාහිත්‍යාර්ථයෙන් දවසක් කිව්වට මමත් මාසයක් විතර තමා බ්ලොග් බල බලා විතරක් හිටියේ.බුකියේ ස්ටේටස් දාල නිකං ඉන්නවා කියල දොස් මුරයක් දැම්ම රාමාගේ අඩවියේ රාමා තමා මාව බ්ලොග් ලෝකෙට තල්ලු කලෙ.මොන හේතුවකට මන්දා, රාමගෙ බ්ලොග් එකෙන් පස්සේ මම ඇදිලා තිබුනේ 'රාජ්ගේ නවාතැන' දිහාවට. රාජ්ගේ බ්ලොග් එකේ ...

අපේ ශ්‍රද්ධාව (කැපුවත් නීල,පීත,ලෝහිත,ඕදාත,මාංජේෂ්ඨ) 16+ බුද්ධ රූප තියන මේස් දාන උන්ගේ කකුල් කකුල් කපපියෝ.බුදු පිළිම පැත්තක තියල හෙළුවෙන් නටපු 'ඒකොන්' ගේ කොන කපපියෝ.බෞද්ධ කොඩිය වන වන නටන උන්ගෙ දන්සල් වලට පණුවෝ ගහපියෝ.සිංහ කොඩිය ඔලුව වටේ ඔතාගෙන ක්‍රිකට් බලන උන්ගේ කොන්ඩේ බූ ගාපියෝ.අපේ ගාථා රැප් කරන ක්‍රිස්තියානි එවුන්ගේ කටට හෙණ ගහපියෝ.බෞද්ධ කොඩිය බෙල්ල වටේ ඔතාගෙන ඉන්න වසලයන්ට බඩ පලෝ.බනානා රිපබ්ලික් ප්‍රජාචාන්ච්‍රික (ප්‍රජාතාන්ත්‍රික යනු දොස් සහිත වචනයකි ...

භයානක ඇත්ත කථාවක්.. (අනාගතයට පෙරවදනක්) ඉතිහාසය වෙනස් වී අප දැන සිටි, බලාපොරොත්තුව සිටි අනාගතයද වෙනස් වන ලකුණු පහළ වෙයි.මෑත අනාගතය තුළ මානව ඉතිහාසය ආරම්භයෙන් පසු උදා වූ අදුරුතම යුගය උදාවන බවට පෙරමග සලකුණු පහළ වෙමින් පවතී.ඔබ ආර්ථිකය සමෘදිමත් කර ගැනීමට යුරෝපයට, ඇමෙරිකාවට හෝ ඕෂනියාවට යෑමට සිතුවා නම් එය කෙටි කාලීන සුවයක් සදහා විය හැකිදැයි සිතීමට දැන් කාලය එළඹ තිබේ.තම ආගම සහ විශ්වාසය වඩාත් 'සාමකාමී' බව ...

Previous Page