අද මට සුවිශේෂී දවසක්. අද, අපේ රටේ ජනපතිවරයා ගේ සහ මගේ ලොකු දෝණි ගේ උපන් දිනය (18) යෙදී තිබෙන නිසා.දුව යනු මට මහත් වස්තුවක්....ඉතින් එයා මට කොහොමත්ම වැදගත්. ඒත් ඇයි මේ ජනාධිපතිවරයා ගේ උපන් දිනය මට වැදගත් වෙන්නේ.විස්තර මොනවවත්ම කියන්නේ නෑ. මේ පිංතූර ටික බලපුවාම ඔබට දැනේවි ඇයි මං මහින්ද රාජපක්ෂ කියන ජනපතිට කැමති කියලා.ජනපති මහින්ද නොවන්නට අපට මේ වන ...
‘පෙම් ලිපි’ අද අතීතයට අයත් දෙයක් බවට පත්ව තිබේ. වර්තමාන පෙම්වතුන් අදහස් හුවමාරු කරගන්නේ කෙටි පණිවිඩ හා විද්‍යුත් තැපෑල හරහා ය. එහෙත් වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ විවාහකයන් පවා අඩුම තරමින් වසරකට පෙම් ලිපි තුනක් හෝ ලිවීම හරහා ඔවුන්ගේ යුග දිවි බැඳීම් සවිමත් වන්නේය කියායි.අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ වයඹදිග සරසවියේ සමාජ මනෝ විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය එලි ෆින්කෙල් මෑතකදී කළ අධ්‍යයනයකින් ලද ප්‍රතිඵල ...
කැළය පටන් ගන්නේ මේ පුංචි දොලත් එක්කමයිඅද මම කියන්න යන්නේ අපි ගිය පොඩි ගමනක් ගැනයි. තනියම නොවෙයි දුවලා දෙන්නත් එක්කයි මං මේ ගමන ගියේ. බොහෝ කාලයකින් ඒ දෙන්නට සහ මට සතියේ දවසක නිවාඩුවක් ලැබිලා. ඉතින් අපි ගියේ කොහෙද කියලා තාම කිව්වේ නැනේ.අපි තුන්දෙනා ගියේ මහා දුරකට නොවෙයි අනේ . අපේ ගමේ ම තියන රූස්ස කැළෑව බලන්න. ගෙදරින් බර බරේ ආවත් ...
සාන්චියමගේ බ්ලොග් එක වෙනස් කළාට පස්සේ බොහෝදෙනෙක් කිව් දෙයක් තමා වෙනද ලිව්ව සමකය වටේ ලිපි නවත්තන්න එපා කියන එක. ඔන්න ටික දවසකට පස්සේ තමා මේ පරන පුරුදු ලිපියක් කොටන්න යන්නේ.අද මං ඔයාලව එක්ක යන්න හදන්නේ සාන්චි පැත්තට. සාන්චි කියන්නේ ලංකාවට බොහොම සමීප තැනක්.ලංකාවේ අනන්‍යතාව සුරැකුණු ස්ථානයක්.සාංචිවල තමා සැරියුත් මුගලන් රහතන්වහන්සේලාගේ ධාතු තැන්පත් කොට තියෙන්නේ. හැම වසරේ ම නොවැම්බර් මාසයේ අවසන් ...
අමාගේ සුහද හමුව දා.. සේයාරුව ඉස්සුවේ තරියා සොයුරාගෙනි"ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ" ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් යන්න අදහස් කෙරෙයි. මොහොතක් සිතන්න අප දිවියේ දී මොනතරම් ප්‍රියයන් පිරිසක් අපෙන් වෙන් වී ඇති ද?.ඒ ඒ වෙන් වීමි වල දී වෙන් වීමේ ස්වභාවය අනුවද දැනෙන දුක උස් මිටි වෙයි යන්න මගේ හැගිමයි.මේ කෙටි සටහන ලියැවෙන්නේ ද ඉතාමත් කෙටි කාලයක ට පමණක් හමු වූ ඒත් එම ...
එම්.බී. දිනුෂා බණ්ඩාර දැරිය සුවිශේෂී දැරියකි. ඇයගේ දෙපා සහ අත් අප්‍රාණික ය. එහෙත් ඇය එයින් සැලුනේ නැත.ආබාධ සහිත තැනැත්තන් සඳහා වු ජාත්‍යන්තර දින ජාතික උත්සවයේ දී එම දරුවන්ගේ චිත්‍ර තරඟයේ ජයග්‍රාහකාව බවට පත් වූවා ය.එහිදි එම්.බී. දිනුෂා බණ්ඩාර ආබාධිත දැරිය තම සිත්තමකට හිමි වු ජයග්‍රහණ සහතිකය සහ මුදල් ත්‍යාගය සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා අතින් ලබා ගත් මොහොතයි මේ.මෙම ...
ගමන තීරණාත්මකය. තීරණයකට පෙර සිටියේ අතීරණයක ය. මන්ද යත් පැවැති වර්ෂාවත්, ගමනේ දුෂ්කරතාවත්, රෑ බෝ වන විට මං පෙත්වලට වල් අලි ප්‍රවේශ වීමත් කරණ කොට ගෙන ය. සිත දැඩි කොට ගතිමු. සියල්ලෝම පසුබට නොවූහ. වල් අලින්ගේ උවදුරක් සිදුවෙන්නට පෙර අලි වෙඩි සහ අප හට අත්‍යවශ්‍ය ආම්පන්නද රැගෙන ගමනට සූදානම් වූවෙමු. මා දැන් ඔබව කැඳවාගෙන යන්නේ මහියංගණය දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් ...
ඇ.ඩො.7,80,000යි තුන්ඈවරයි ! ගනුදෙනු අවසන් ය.එහෙත් අවසාන ය තවත් ප්‍රබල ආරම්භයක් වන්නට ද පුළුවන!බ්‍රසීල තරුණියක් සිය කන්‍යා භාවය අලෙවි කිරීම පිළිබඳව අපි මීට කලින් පෝස්ටුවකින් කතා කෙරුවෙමු. එයට ලද ප්‍රතිචාර මත මෙය ලියැවිනි එම මුල් ලිපිය මෙතැනින් කියවන්නමෙලොව සැරිසරන ගැහැනු ද – පිරිමි ද ආස්වාදයෙන් පිරි සුන්දර ලෝකයක් අපේක්ෂා කරති. එහෙත් කිසිවකුට කිසිකලෙක එහි උපරිමයට ළඟාවීමට ලැබෙන්නේ නැත. බ්‍රසීලියානු නූතන ...
සමකය වටේ බ්ලොග් අඩවිය හරහා මා ඇති කළ සංවාදයට යළිත් වෙනත් අදහසක් එවා ඇත. මෙතැන් සිට කියවමු චන්දනගේ ආකල්පය යාථාර්ථ වාදි සිනමාවක් හෞතික භාජනයක් ඇතුළත රදවන්න පුළුවන් බව කර්ම පහදා දෙන්න උත්සහ දරණවා . ඒ කියන්නේ කර්ම යාථාර්ථවාදි සිනමා බසක් විය නොහැකි නිසා. චරිත තුනක් ඇතුළේ මේ කතාව අඩුක් කරලා පෙළගස්සලා තියා ගන්න පුළුවන් උනා නම් හොදයි කියලා කියන්න කාටවත් ...
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනා විමර්ශනය කෙරෙන විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බව පවසමින් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගිවී සිටි විපක්‍ෂයේ සියළුම මන්ත්‍රීවරුන් අද (07) සවස සභා ගැබෙන් නැගිට පිටව ගියහ.එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මෙසේ සභාවෙන් ඉවත් විය.රාජ්‍ය ආරකෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගනිමින් තිබියදී සවස ...
එදා කුණු ගඳින් පළාතම වැසීගිය හැමිල්ටන් ඇල අද සුන්දර ස්ථානයක් බටව පත්වෙමින් පවතී. සංචාරක ප්‍රවර්ධන කටයුතු සහ සේවා වැඩි දියුණු කිරීම යටතේ ආරම්භ කරනු ලැබූ හැමිල්ටන් ඇල සංවර්ධන වැඩසටහන හේතුවෙන් වසර ගණනාවක සිට ඉතා අපිරිසිදු ජලයෙන් සහ දුර්ගන්ධයෙන් යුත් ස්ථානයක් ව තිබූ හැමිල්ටන් ඇල මේ වන විට ඉතා ආකර්ශනීය ස්ථෘනයක් බවට පත්ව තිබේ.හැමිල්ටන් ඇල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මා ඔය ...
සිංහල නවකතාකරුවාට නූතන සමාජ ප්‍රශ්න අරහං ය. ඔහු ඒවා මඟහැර ගොස්; එක්කෝ හීන ගැන ලියයි. නැතහොත් වලව් ගැන ලියයි. “සළපතන මණ්ඩිය” නවකතාවට පසුබිම් වන්නේ ද පරණ වලව්වකි. එහෙත් ඒ වලව්වෙන් ගත හැකි ඉළව්වක් නැත.‘සළපතන මණ්ඩිය’ නව කතාව කවිතා නම්; වැඩසටහනේ දී සම්මානයට පාත්‍ර විය. කවිතා යනු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්, සරසවි සිසුන්ගේ නිර්මාණ – කුසලතා අගයනු වස්; සංවිධාන කරන ලද ...
අපූරු ගමනක නිමාවදින දෙකක්ම සෙරෙන්ගෙටි වල ගතකරපු අපි ඊළඟ දවසෙ ‘තරන්ගිරේ’ (Tarangire) යන්න පිටත්වුණා. ඒ යන අතරමග දිගටම චූටි චූටි මසායි (Masai) ගම්මාන කීපයක්ම පහුකරගෙන ගිහින් එක ගමක චාල්ස් වාහනේ නතර කළා. අපිව මුණගැහෙන්න ආව මසායි තරුණයාට ඉතාමත් හොඳට ඉංග්‍රීසි පුළුවන් නිසා සන්නිවේදන කටයුතු පහසුවුණා හුඟක්ම.මසායිවරු අපිව පිළිගත්තෙ ගීතයකුත් එක්ක ඉදිරිපත් කළ හරිම ලස්සන සාම්ප්‍රදායික නැටුමකින්. ගැහැණු පිරිමි දෙගොල්ලන්ම එකතු ...
අනෙක් කතුනට උපකාර නොකරන කාන්තාවන්හට අපායේ සුවිශේෂි ස්ථානයක් වෙන්ව තිබේ යන මාතෘකාව යටතේ මා කාන්තා දිනය වෙනුවෙන් මෙයට පෙර දා සමකය වටේ බ්ලොග් අඩවියට ලිපියක් එක් කළේ බ්ලොග් ලෝකයේ ම සිදු වූ එක්තරා සිද්ධියක් මුල් කොට ගෙන ය.එහෙත් එම ලිපිය නොසිතූ ඉසව්වක් කරා ඇදගන යන්නට ප්‍රතිචාර සමත්ව තිබේ.එම ලිපිය අරබයා ස්ත්‍රීවාදය, ප්‍රමුදි, මාතලන්, හිරු, දුලන්ත, පුංචි කුමාරිහාමි ඇති කළ සංවාදාත්මක ...
හලාල් සහතිකය ලබා ගැනීමට ගෙවනු ලබන ගාස්තු හමාස් හා අල්කයිදා වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් අතට පත්වීමේ අවධානමක් පවතින බව බොදුබල සේනා ජාලය ප්‍රකාශ කරති.කැනඩාවේ හලාල් සහතික ලබා ගැනීමට යොදවන මුදල් ත්‍රස්තවාදීන් අතට පත්වන බවට සන් ප්‍රවෘත්ති සේවය මගින් අනාවරණය කළ බවද එහි සාමාජිකයෝ පවසති.බොදුබල සේනා ජාලයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරණුයේ ශ්‍රී ලංකාවේ දී හලාල් සහතිකය ලබා ...
ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේ අතීත බෞද්ධ උරුමය සොයා අප කළ ගවේශනයේ තවත් අපූර්ව ස්ථාන දෙකක් මේ පෝස්ටුවෙන් ඔබ ගෙන එන්නම්.ක්‍රි.පූ 4වැනි සියවසට අයත් මේ පුදබිම හැදින්වෙන්නේ සංකාරම් (SANKARAM) නමිනි. එහෙත් එය අතීතයේ දී හඳුන්වා ඇත්තේ සංගාරාම් යන නමින් බව ඉන්දීය පුරාවිද්‍යාඥයෝ පවසති.ඒ පිළිබඳ සෙල්ලිපි පවා හමු වී ඇත. සංගාරාම යනු අතීතයේ දි රහතන් වහන්සේලා වැඩ සිටි බිම යන්න අදහස් කෙරේ.සංකාරම් පුදබිම ...
සමකය වටේ අඩවිය හා නිබඳ රැදුන ලෙංගතු මිතුරු මිතුරියනේ නත්තල් සමරණ ඔබ සැමට සිරි සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා. ඇනෝලටත් එක්කමයි.මම නලින්...
දිනෙන් දින සිදුවන ස්වභාවික ආපදාවන් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ලොව පුරාම වර්තමානය වන විට දක්නට ලැබේ. ස්වභාවික ආපදාවන් නිසා පැන නැගෙන ද්විතියික ඝණයේ ආපදාවන්හි බලපෑම්වලට ද (Secondary hazards) ලෝක ප්‍රජාවට ඉතා දැඩි ලෙස මුහුණ පෑමට සිදුව ඇත. මෙම තත්ත්වය තවදුරටත් පැහැදිලි ලෙස විශ්ලේෂණය කරනවානම් ගංවතුර තත්ත්වයකින් පීඩාවට පත්වන ජනතාව එහි බලපෑම් අවසන් වුවද ද්විතියිකව ගොඩනැගෙන වසංගත තත්වයන් පවුලේ සාමාජිකයින්ගේ මියයාම් සහ ...
කැතරිනාගේ කන්‍යාභාවය බ්‍රසීලයටත් වඩා වටී ද?අද ටිකක් අමුතු පෝස්ට් එකක් දාන්න හිතුණා වෙනසකටත් එක්ක.මේ කතාව කියවා හමාර වන විට; ගැහැනිය යනු කෙබඳු තැනැත්තියක ද’යි යුක්තිසහගත විනිශ්චයකට එළැඹිය හැකි නම්; එය හොඳට ම ප්‍රමාණවත් ය. එසේ නො වී; ජීවිතය පිළිබඳ අලුත් ජවයක් හෝ තවත් ප්‍රශ්නාර්ථයක් හෝ ඉතිරි වේ නම්; එය ද සැලැකිය යුතු තත්ත්වයකි. කුමක් වුව මනුෂ්‍යත්වය හා ජීවිතය වටහාගත ...
ගිරිතලේ යන්න කවුද එන්නේ ඒ අය මෙතැන බලන්නඉතිහාසය විසින් කාන්තාවට හිමිකර දී ඇති තැන වර්තමානයේ දී ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයිදැයි කියන ප්‍රශ්නයට පිළිතුරු ගණනාවක්ම සපයන්න පුළුවන්. එහෙත් ආසන්නතම පිළිතුර වෙන්නේ තවදුරටත් පිරිමියාට යටවී සිටීමට ඇති අකැමැත්තයි.කොයි ආකාරයෙන් නිර්වචන සැපයූවත් ඕනෑම විවාහක කාන්තාවක් සිය සැමියාට හැම පැත්තකින්ම ‘යටවීම‘ හංගන්නට බැරි සත්‍යයක්. එහෙත් එම තත්ත්වයේ බැමි කඩා බිඳ දමන්නට වත්මන් කාන්තාව උත්සුක ...