සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනා විමර්ශනය කෙරෙන විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බව පවසමින් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගිවී සිටි විපක්‍ෂයේ සියළුම මන්ත්‍රීවරුන් අද  (07) සවස සභා ගැබෙන් නැගිට පිටව ගියහ.


එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මෙසේ සභාවෙන් ඉවත් විය.
රාජ්‍ය ආරකෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගනිමින් තිබියදී සවස 3.30 ට පමණ මෙම උණුසුම් තත්ත්වය ඇති වූයේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා විශේෂ ප්‍රකාශයක් කළ යුතු බව පැවැසීමත් සමඟය.
එම අවස්ථාවේ කතා කිරීමේ වාරය ලබා දී තිබුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාටය. මුලසුනේ සිටියේ කතානායක චන්දිම වීරක්කොඩි මහතාය. මේ අවස්ථවේ සභා ගැබෙහි දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර විජිත හේරත් මන්ත්‍රීවරයාට කතාව පවත්වන ලෙසට මුලසුන නියම කළේය.
විජිත හේරත් මහතා අගවිනිසුරුවරියට එරෙහි දෝශාභියෝග විමර්ශනය කෙරෙන විශේෂ තේරිම් කාරක සභාව පිළිබඳ අදහස් දක්වන්නට පටන් ගැනීමත් සමඟ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරු ඔහුටද විරෝධය දැක්වූහ.
විශේෂ කාරක සභාවේ සාමාජිකයකු එම සභාව පිළිබඳව පාර්ලිමේන්තු සභාවේ අදහස් දැක්වීම ස්ථාවර නියෝගවලට පටහැනි බව පවසමින් ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරු නැගිටිමින් ඝෝෂා කළහ.
විශේෂ කාරක සභාවට විශ්වාසයක් තැබිය නොහැකි බවද ඊට විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළකරමින් සභා ගැබෙන් පිටව යන බව විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව එම අවස්ථවේ සිටි සියළුම මන්ත්‍රීවරුන්ද විවාදයට සහභාගි නොවී පස්වරු 3.40 ට පමණ සභා ගැබෙන් නැගිට පිටව ගියහ.

පසු එක්කිරීම

දෝෂාභියෝග චෝදනාව සම්බන්ධයෙන් පත් කර තිබෙන තේරීම් කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉවත්වනවා නම් එය කතානායකතුමාට ලිඛිතව දැන්විය යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්.ඩි.ජේ. සෙනෙවිරත්න මහතා පාර්ලිම්න්තුවේදි (07) ප්‍රකාශ කළේය.
තේරීම් කාකර සභාවේ සිටින විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙතෙක් ඒ පිළිබදව කතානායකවරයාට දන්වා නොමැති බවද සෙනෙවිරත්න මහතා කීවේය. 
ඔවුන්ට තවමත් ඕනෑම මොහොතක  තේරීම් කාරක සභාවට සහභාගී විය හැකි බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
තේරිම් කාරක සභාවේ ක්‍රියාවලියට අප්‍රසාදය පළකරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් ඉන් ඉවත්වන බව පාර්ලිමේන්තුවේදි පවසමින් සභා ගැබෙන් ඉවත්වූ අවස්ථාවේදී ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.


6 comments:

  1. රජය අපහසුතාවයට පත්කිරීමේ බටහිර අධිරාජ්‍යවාදි උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන විපක්ෂයේ මේ ක්‍රියාව තරයේ හෙලාදකිමු !

    ReplyDelete
    Replies
    1. බුවා එක පාරටම ධනවාදී ආකල්ප අත හැරිය ද?

      Delete
  2. Mr:Vigitha Herath.We welcome your bold step.Also thank all opposition members for taking that stand.

    ReplyDelete
  3. Mr:Vigitha Herath.We welcome your bold step.Also thank all opposition members for taking that stand.

    ReplyDelete
  4. මේක පිටිපස්සේ ඉන්නේ ඇමරිකන් ඩොලර් කාක්කෝ.
    රණවිරුවන් ඇස්,ඉස්,මස්,ලේ දන් දී රැක ගත් මාතෘ භූමිය දිවිහිමියෙන් රැකගනිමු..!!

    ReplyDelete
  5. ෴ මුලසුනේ සිටියේ කතානායක චන්දිම වීරක්කොඩි මහතාය. ෴

    මෙතන නියෝජ්‍ය කතානායක ලෙස නිවැරදි වෙන්න ඕන නේද?

    දෝෂාභියෝගෙ ගැන නම් කීප පාරක්ම අතන මෙතන කමෙන්ට් කරපු නිසා ඒ ගැන ආයිත් ලියන්න අදහසක් නැහැ, කොහොමටත් අන්තිමට කියන්න තියෙන්නෙ මේක මහ විකාරයක් කියල විතරයි.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT