2013 වෙසක් මස 17වනදාබෝතලේට නාපු අය මේ පාරෙන් ගිහින් එන්නඑදා උදේ මම නැගිටිනකොට සීයයි, අයියයි දෙන්නම නැගිටලා ගිහිල්ලා. මමත් දඩි බිඩි ගාලා නැගිටලා පැදුර රෝල් කරලා මුල්ලකට දාලා එළියට පැන්නෙ කුස්සිය පැත්තට දුවන්න බලාගෙන. මම බය වුණේ මේ දෙන්නා මාව දාලා රැණගලවත් ගිහින්දෝ කියලා.මම සීයගෙ කාමරෙන් එළියට ඇවිත් සාලෙ මැද්දෙන් කුස්සිය පැත්තට ආවා. ගෙයි පිටිපස්සෙම දොරෙන් පිට වුණාම තියෙන්නෙ කුස්සියට ...
"හලෝ දෑකැත්තී... ගුඩ් මෝනින්... ගුඩ් මෝනින්... මේ... අද මට පෙට්ටිය මාරු උනා. තුන්වෙනි එකටනගින්න හොදේ..." චීනපූසාගේ දුරකථන ඇමතුමෙන් මා තුල වූ සියලූම සැක සංකා පහව ගියේය. පෙට්ටිගාන නිවැරදිය. මාද නිවැරදිය. වැරදී ඇත්තේ පූසාටය. එහෙත් කෙල වෙන්නේ මටය.මුල සිට සරලව මෙතනින් කියවන්න... මෝටර් සයිකල් පදින්න බැරි අයට මෙන්න කුරුන්ද ලර්නර්ස්.... :D ...
2013 වෙසක් මස 11වනදාඅසූව දශකයේ මුල ඇතිවූ ඒ දීපව්‍යාප්ත වැඩවර්ජන රැල්ල, තාත්තාගේත්, අම්මාගෙත් රැකියාවන් අහිමි කොට දමා තිබීම නිසා දරිද්‍රතාවය ඉදිරි දොරටුවට තට්ටු දමමින් තිබුණි. වසරකට ආසන්න අති දුෂ්කර කාලයකට පසු තාත්තාට රැකියාවක් ලැබුණද, එය දරු පස් දෙනෙකුගෙන් යුතු පවුලක කුදු මහත් කටයුතු වෙනුවෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවුණේය. කොරේ පිටට මරේ යැයි කියමින්, තාත්තාගේ මතට ඇබ්බැහිවීම තත්ත්වය තව තවත් නරක අතට ...
2013 වෙසක් මස 03වනදාටෑං ටෑං ටෑං ටෑං ටෑං ටෑං......ඔය කියන්නෙ එයැයිට මාසයක් නිවාඩු වද නොදී අපිට ගෙදර යන්න කියලා. ඒ කියන්නෙ අපිටත් නිවාඩු !!! ආව් ආව් ආපි ඔන්න සෙල්ලම් කාලේ..න්‍යායපත්‍රානූකූලව ඊළඟට නියමිතව ඇත්තේ ගමේ යාමයි. න්‍යායපත්තරේ මොනවා තිබ්බත් ඕක අපිට ඕනා ඉක්මනට වෙන්නෙ නෑ.. අඩුම ගානෙ දවස් දෙක තුනක්වත් යනවා. එක්කෝ සීයා හරි, කිරිඅම්මා හරි, නැන්දා හරි, බාප්පා හරි ඇවිල්ලා ...
20133 බක් මස 26 වනදාබිනර මහේ එක් දවසක සිදුවූ ඒ ඛේදවාචකය ඔබේ මතකයෙන් ගිලිහී ගොස් නැතැයි සිතමි. එම මෙහෙයුමේදී හා ඉන් පසුව බටහිර ජර්මනිය විසින් පෙන්වූ අදක්ෂතාවය මුළු ලොවටම රහසක් නොවුණි. අඩු අත්දැකීම් මත සිදුකළ අනුවණකම් රැසක් හේතුවෙන් සියලුම ඊශ්‍රායෙල් ප්‍රාණඇපකරුවනට සිය ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවූ ආකාරයද ඔබට මතක ඇතැයි සිතමි.හොඳින් පුහුණුව ලත් ත්‍රස්ත මර්ධන ඒකකයක අවශ්‍යතාවය බටහිර ජර්මන් රජයට එයින් ...
2013 බක් මස 20 වනදාSource : http://www.lankajournal.com/"මල්ලීඊඊඊ අන්න එනෝ....." ඒ ලොකු අයියාගේ හඬයි..නැන්දාගේ පරණ ශ්‍රී සඟරා මිටිය අවුස්සාගෙන අමුතුම ලෝකය මනසින් සැරිසරමින් සිටි මා පියවි ලෝකයට ආවේ ඒ හඬිනි."මල්ලී අන්න අලියා එනවා"යි කියමින් ලොකු අයියා සහ සේන පඩි පෙළෙහි පහතට දිවීම ඒ වනවිටත් අරඹා තිබුණි. ශ්‍රී සඟරා ගොඩ පසෙකට හෙළු මමද දෙවරක් නොසිතාම ඔවුන් පස්සෙන් වැටුණෙමි.තනිකරම කළුගල් එකටෙක පුරුද්දා, බදාම ...
2013 මැදින් මස 29 වනදාඉහත පින්තුරයේ දක්නට ඇති ආකාරයේ ගුවන් යානයක් වර්තමාන අහසේදී දුටුවහොත්, ඔබගේ දෑස් නළල මතට පැමිණීම ඔබට වැළැක්විය නොහැකි වනු ඇත. එතරම්ම විරල දසුනක් වන මෙම යානා, ඔබව විස්මයට පත් කරනු ඇත. සමහර විටෙක පිටසක්වල යානයක්යැයි වරදවා නිගමනය කිරීමට උවද හැකිය. එහෙත් අදින් වසර හැට හැත්තෑවකට පෙර මෙවැනි යානා එතරම්ම අරුමයක් නොවුණි. වර්තමානයේද මෙම යානා භාවිතා වුවත් ...
2013 නවම් මස 22 වනදා=========================================================================යමුද ලෝකය වටේ රවුමක් ?ශ්‍රී ලංකාව / ඉතාලිය / තායිලන්තයචිලී දේශයඇමෙරිකා එක්සත් ජනපදය / ජපානයඇන්ඩීස් කඳු වැටියරුසියාවඑක්සත් රාජධානිය / අත්ලන්තික් සාගරය / ඇමෙරිකාවසෝවියට් දේශයජපානය / පිලීපීන දූපත්ඇමෙරිකා එක්සත් ජනපදයඉතාලිය / එක්සත් රාජධානියපැපුවා නිව් ගිනි / පේරු / අප්‍රිකාවජර්මනියඊලඟට ????=========================================================================අදින් වසර තිහකට පමණ පෙර, හරියටම කිවහොත් 1982 අප්‍රේල් 02වෙ
2013 නවම් මස 07වනදාමතකද "ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා" ?ඕක තමයි කුරුන්දෙ දිශානතිය වෙනස් කරපු ලිපිය. නොහිතපු විදිහට පාඨක ආකර්ෂණයට ලක් වෙච්ච ලිපිය. අදටත්, කුරුන්දෙ ලිපි අතරින් වැඩිම පිරිසක් කියවපු ලිපිය. මේක කුරුන්දෙ තුන්වෙනි ලිපිය. ඊට කලින් දාපු ලිපි දෙකට මගේ ප්‍රතිචාරත් එක්ක ප්‍රතිචාර දහයක් දොළහක් තමා තිබුණෙ. හැබැයි මේක රොකට් එක වගේ කඩාගන උඩට ගියා. දවස් දෙකතුනක් යනකොට ...
2013 නවම් මස 07වනදාමතකද "ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා" ?ඕක තමයි කුරුන්දෙ දිශානතිය වෙනස් කරපු ලිපිය. නොහිතපු විදිහට පාඨක ආකර්ෂණයට ලක් වෙච්ච ලිපිය. අදටත්, කුරුන්දෙ ලිපි අතරින් වැඩිම පිරිසක් කියවපු ලිපිය. මේක කුරුන්දෙ තුන්වෙනි ලිපිය. ඊට කලින් දාපු ලිපි දෙකට මගේ ප්‍රතිචාරත් එක්ක ප්‍රතිචාර දහයක් දොළහක් තමා තිබුණෙ. හැබැයි මේක රොකට් එක වගේ කඩාගන උඩට ගියා. දවස් දෙකතුනක් යනකොට ...
2013 නවම් මස 01 වනදාබ්ලොගර් මහතාගේ කෙනෙහිලිකම් වලට එරෙහිවනු වස් මෙතන කොටන්න.
2013 නවම් මස 01 වනදාඔබ නිමිති විශ්වාස කරන්නෙහිද ? අපේ වැඩිහිටියන් ගමනක් යන්න පිටත්වන විට හූනෙක් හැඬීම, බල්ලකු කන්පට ගැසීම, පය පැටලී වැටීමට යාම අදී හේතු නිසා ගමන ටිකකට කල්දමා හෝ අවලංගු කොට දමන්නේ හුදු මිථ්‍යා විශ්වාසයන් නිසාම පමණක් විය හැකිද ? නැතිනම් එහි ගත යුත්තක් තිබේද ? සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත්, නිමිති විශ්වාස කළේනම් ඔහුට ගැලවෙන්න වුණත් තිබුණා කියලා ...
2012 උඳුවප් 16 වනදාඅද වැඩිය කියවන්ඩ නෑ.. පින්තූර විතරයි. කම්මැලි පෝස්ට්...ළමයෙක් ලෝකය දකින්නෙ කොහොමද කියලා බලන්ඩකො.සමහර ඒවානම් වටහා ගන්න අමාරුයි. ළමා මනස කියවීමේ විශේෂඥයො ඉන්නවනම් දෙන්න පුළුවන් ඒවා ගැන විශ්ලේෂණ හෝ විචාර.වැඩි කතා මොකටද.. ඔහොම්ම යමු පල්ලෙහෑට...1. කඩල-පළතුරු...2. මල හා ළමයා...3. දෙන්න බලන්න විශ්ලේෂණයක්... 4. අල්ල භාවිතයෙන් ඇඳපු කුරුල්ලෙක්. පෙර පාසලෙන් උගත් දෙයක්.. 5. උදය6. සත්තු වත්ත7. අපට උදව් කරන්නෝ8. ...
2012 උඳුවප් මස 03 වනදා-----------------------------------------------------------ආයුබෝවන් !!!උඳුවප් 03, 2011අද තුන.තුන් වෙනිදා කියන්නෙ, අපේ ජීවිත වල විශේෂ සිදුවීම් වෙච්ච දවසක්. ඒ අතරිනුත් උඳුවප් තුන විශේෂයි, මොකද අද අපේ විවාහ සංවත්සරය. හය.ඉතින් ඒ විශේෂ දවසෙම, මට හිතුනා මගේ බ්ලොග් එකත් පටන් ගත්තොත් හොඳයි, කියලා. මේක තමයි, මෙදා සැරේ බිරිඳට ලැබෙන තෑග්ග. හොඳයි නේද.පටන් ගත්තේ නම්, හැමෝම කරනවා දැකලා මිසක්, කිසිම අරමුණක් ඇතුව නෙමේ. ...
පළවෙනි කොටසට.......................දෙවෙනි කොටසට.......................2012 ඉල් මස 29 වනදාඅප්‍රිකාව !! මානවයාගේ තිඹිරි ගෙය යයි නම් ලද මහා දේශය ! අපගේ මුතුන් මිත්තන් සිය මුල්ම ඇරඹුම සනිටුහන් කළ භූමිය ! මෑතකදී කළ සොයා ගැනීම් වලින් හෙළි වූයේ, එය විශාල ඝර්ම කලාපීය ශිෂ්ටාචාරයකට නිවහන වී තිබූ බවයි. නගර සහ රාජධානි මහද්වීපය පුරා පැතිර ගොස් හදිසියේම අතුරුදහන් වී ඇත්තේ ඒ පිළිබඳ සීමිත සලකුණු කිහිපයක් පමණක් ...
පළවෙනි කොටසට.......................2012 ඉල් මස 15 වනදා2දහසයවන සියවසේ තෙවන දශකයේදී දකුණු ඇමෙරිකාවෙහි, රත්‍රන් හා වෙනත් ඉසුරු ගවේශණයේ යෙදෙනා ස්පාඤ්ඤ සේනාවකි. ඔවුන් වෘත්තීය හමුදා භටයන් නොවූ නමුදු විශ්‍රාමික ස්පාඤ්ඤ හමුදා කපිතාන් වරයෙකු වූ Francisco Pizarro විසින් මෙහෙයවනු ලැබූ නිර්භීත, ත්‍රාසජනක ක්‍රියා ප්‍රිය කළ සමූහයකි. Francisco Pizarro ඒ වනවිටත් මධ්‍යම ඇමෙරිකානු යටත් විජිතයන් වල සිය වාසනාව උරගා බැලූවකි. දැන්, ඔහු සිය පිරිවරත් සමඟ ...
පෙර වදන :කුරුන්දෙහි පළ වූ බොහොමයක් ලිපි මෙන්, මෙම ලිපියටද පාදක වී ඇත්තේ National Geographic මගින් නිෂ්පාදනය කෙරුණු වාර්තා චිත්‍රපටයකි. Guns, Germs and Steel නමින් නම්වු මෙම චිත්‍රපටයට පදනම් වූයේ අප කතා නායකයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ කළ පරීක්ෂණයකින් පසු ලියවුණු Guns, Germs and steel යන පොතය. මෙම චිත්‍රපටය පිළිබඳව මට දැන ගැනීමට ලැබෙනුයේත් සිංහල බ්ලොග් අවකාශයෙන්මය. ඒ කතාව මෙසේය.2011 ...
2012 බිනර මස 20 වනදා.1954 ජනවාරි 10 වන දින දහවල් 01:30 යි ( ලංඩන් වේලාව ), ලංඩන් හීතෲ ගුවන් තොටුපළ. Jain Wilmot සිය මව සහ සහෝදර සහෝදරයින් සමඟ, ඕස්ට්‍රේලියාවේ සිට ගෙදර පැමිණෙන සිය පියාණන් වූ Chester Wilmot මහතාව පිළිගැනීමට නොයිවසිල්ලෙන් බලා සිටියාය. Chester Wilmot, BBC ආයතනය වෙනුවෙන් සේවය කළ ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදියෙකි. බ්‍රිතාන්‍යය රැජිනගේ ඕස්ට්‍රේලියානු සංචාරයක් ආවරණය කිරීමට ඕස්ට්‍රේලියාව බලා ...
2012 ඇසල මස 27 වනදායාන්තම් ඇහැ පියවීගන ආවා විතරයි, එතකොටම වගේ ඇහැරුණා වගේ තමා මතක. ඒ ඉතින් අපේ හැටිනෙ. තාම හොඳටම කළුවරයි. එළිය බැලුවට එච්චරම පැහැදිලිත් නෑ. මම වාඩි වෙලා හිටපු පටිය දිගේ බිත්තිය අයිනට ගියේ යාන්තම් හරි එළියක් පේනවද බලන්ඩ. මොන, පට්ට කළුවරයි. අල්ලපු ගෙදර කුකුල් රාජයනම් අඬලන සද්දෙ ඇහුණා. ඒ කියන්නෙ තව සෑහෙන වෙලාවක් මෙහෙම ලැගගන ඉන්ඩ ඕනා ...
2012 ඇසල මස 20 වනදාමහල් එකසිය ගණනකින් යුත් ගොඩනැගිල්ලක් මහලින් මහල ගැටෙමින් කඩා වැටන විට, ඔබ එම ගොඩ නැගිල්ලේ සිව්වන මහලේ සිටියොත් දැනෙන හැඟීම කිනම් වේවිද ? එසේ සිටි අයකු දිවි ගලවා ගනීද ? එසේ සිටි එක් අයකු නොව පිරිසක්ම දිවිගලවා ගත් කතාවක් අසා තිබේද ?ටොන් මිලියන භාගයක් තරම් වූ යකඩ සහ කොන්ක්‍රීට් ප්‍රවාහයකට හසුව දිවි ගලවා ගැනීම ඇත්තෙන්ම හාස්කමකි. ...