මං ගත්තු ටික.... කුරුන්ද ඉවර වෙන්න දවසක් තියලා යන්තම් ප්‍රදර්ශනේට ඔළුව දාගත්තා. මේ තියෙන්නෙ මම ගත්තු ටික. තව ගොඩක් දේවල් ගන්න ඕනෑ කම තිබුනත් පර්ස් එක රවපු නිසා ලබන වාරෙට කල් දාලා හිත හදා ගත්තා.."එදා හෙළ දිව" මට මතක විදිහට මම පොඩි කාලේ පුස්තකාලෙන් කියවපු පොතක්. මගේ පොත් එකතුවට ඕන නිසා ගත්තා. ආයෙ හිමීට කියවලා බලන්න ඕනා."වැනීසියේ වෙළෙන්දා" කතාව එහෙන්, මෙහෙන් අහලා තිබුනට මට ...
ස්වයංක්‍රීය ජල සැපයුම් මාරුකරනය (DIY) කුරුන්ද 24.09.2018 අපේ කුඩා කාලයේදී නිවසට ජලය සපය ගත්තු ප්‍රධාන මාර්ග දෙකක් තිබුණා. මාර්ග දෙකක් කිව්වට ඒ දෙයාකාරයක් ගත්තු එකම විදිහේ ජල සැපයුම් මාර්ග. ඒ, බොන ළිඳ සහ නාන ළිඳ. බොන ළිඳ විශාල ගැබුරකින් යුක්ත රවුම් හැඩයට නිර්මාණය කෙරිච්ච දෙපැත්තෙන් කණු දෙකක් උඩට ගිහින් මැද්දෙන් බොලොක්කයක් සවි කෙරිච්ච, බාල්දියක් ...
ආදරය සහ අකුරු.. කුරුන්ද නව යොවුන් වියේදී මල්සරාගේ හීසරයෙන් බේරෙන්න මටත් හම්බුනේ නෑ. තමන්ගේ පාඩුවේ පොතක් පතක් බලාගෙන හිටපු මටත් මේ යකා අර මලකඩකාච්ච දුන්නෙන් විද්දයි කියමුකෝ ඉතින්. ඊට පස්සේ වෙන සන්තෑසිය ඉතින් අමුතුවෙන් කියන්න ඕනෑයි? උසස් පෙළ ආරම්බ කරපු මුල් අවදියේදී වුනු මේ හදිසි අනතුර නිසා හිතේ ඉතින් අමුතු අමුතු හැඟීම් පීදෙන්න ගත්තා. මට ඕනා කළා මේ හැඟීම් අකුරු කරන්න. ලේසී වැඩක් යෑ ...
යෙහෙළියේ නුඹ කොහිද? කුරුන්ද මම හිටියේ නැවතුමේනුඹ හිටියේ බස් එකේඅත වැනුවේ සදහටද?හඟවන්න වෙන්වීම.....එයින් විසි වසකි අද....එයින් වසරකට පෙරනුඹේ පෙම මිය ගියාමිහිතලය බදාගෙනත්රස්තයන් අභිමුවෙහි...එදා නුඹ හෙලු කඳුළුඇත්ත බව මම දනිමි.....එයින් වසරකට පසුමගේ පෙම මිය ගියාකඳුළු වැල් ගලාගෙනචපල බව අභිමුවෙහි....හිත හැදෙන වැකි ඔබාකොළයක්ම පුරවලානුඹ එවූ ඒ ලිපියසොයමි මම පෙරලලා...අනේ මට අමාරුයිකියූ විට හිනාවෙනදහසකුත් එකක් මැදතනි වීම කරුමයකියෙහෙළියේ නුඹ කොහිද?ආයෙ ලිපියක් එයිද?ලියුවේ;සෙන්නා / 31.03.2018 ...
ඇස්-වහ, කට-වහ පිච්චීම... කුරුන්ද 19.11.2017කිවහැකි, පෙන්විය හැකි මේ යැයි මහා සෞභාග්‍යයක් නොතිබුණද, එක දිගට අසනීප වීම, පාසලේ කටයුතු වලින් පසු බැසීම,පවුලේ ආර්ථික තත්ත්වය කබලෙන් ලිපට වැටීම, වෙනත් සුළු සුළු අකරතැබ්බයන් සිදුවීම, ආදී මෙකී නොකී දෝමනස්සයන් සිදුවීමෙහි මූලය අප කිසිවෙක් නොදැන සිටියද, අම්මා එය අතැබුලක් සේ දැන සිටියාය. එකල්හී කළ යුතු ශාන්තිකර්මයෙහි යකැදුරා ඇයම වන්නීය. එහි ප්‍රතිඵලයක් ලෙස අප හට කෙස් කැපීමට, ඇඳුම් වල නූල් ...
උපමාව සහ උපමේය.............. කුරුන්ද "හරි ඊළඟ ප්‍රශ්ණෙ කියවන්න."(Vi). පහත දැක්වෙන ජේදයේ..."ජේදයේ නෙමේ ජේ(චේ)දයේ.." "ඡේදයේ සඳහන් උපමාව ලියන්න."දවල් ඉර අව්ව වනය මත වැටී ගියාට පසු, ගස් මුදුන්වල සුළඟ හැපී ඇති වන හඬ හා වියළි අතු එකෙනෙක ගැටීමෙන් නගින හඬත් හැර අන් කිසිම ශබ්ධයක් වන ගැබ තුළින් අසන්නට නොලැබේ. එහෙත් වන සත්තු, ගස් යට පඳුරු අතර රිංගමින් එබිකම් පාමින් ඉතා සන්සුන්ව සේයාවන් මෙන් ඔබ මොබ හැසිරෙති.""හරි ...
බෝතලේ විත්ති | සරුංගල් යැවීම කුරුන්ද "හ්ම් හ්ම්...මම යනවා රෑනගල, කවුද එන්නේ?" කියාගෙන සීයා නැගිට්ටේ ළඟ තිබුණ පඩික්කම උස්සලා කට ළඟට අරන් ඒකට බුලත් කෙළ පාරක් විදින ගමන්."යං යං මාත් එනවා..." මම එක පයින් ලෑස්තියි. ඒක ඇහුවට පස්සේ මට ජාතියේ පියාවත් අමතක වුණා. එයාව මතක තියන් හිටියත් දැන් ඉතින් මේ ඉක්මනට වැඩක් ඇතැයි! එයාගෙන් ප්‍රයෝජනයක් ගන්නනම් ඉතින් ඉස්කෝලේ පටන් ගන්නකම් ඉන්න වෙනවා. එතකම් ඔහෙ බිත්තියේ එල්ලිලා ...
එබෝලා රෝගියා | අවසාන කොටස - නික්මයාම කුරුන්ද 2017 වෙසක් මස 04 වන දා"නෝල් කතා කරලා මට කිව්වේ ඇම්බ්යුලන්ස් එක දෙන්න බෑ කියලා මෙඩිකල් සෙන්ටර් එකෙන් කියනවා කියලා. මම කතා කරලා ලෙඩාට එබෝලා නෑ කිව්වම තමා ඇම්බ්යුලන්ස් එක දෙන්න ඒගොල්ලො කැමති වුණේ. අපි මෙච්චර අවදානමක් අරගෙන මහන්සි වෙලා ලෙඩාව අරගෙන එනකොට ඇම්බ්යුලන්ස් එක රෙඩි කරලා තියන එකවත් කෙරිලා නෑ." යි කිවේ ඇනුම් පදයක් ලෙසිනි. එයින් ඔහු චෝදනාව නෝල් ...
එබෝලා රෝගියා | නව වන කොටස - ගලවා ගැනීමේ මෙහෙයුම කුරුන්ද 2017 වෙසක් මස 02 වන දාවෛද්ය ඉමෝර්ටලියන් බෝට්ටුව නවතා තිබූ පාලම වෙත පැමිණෙන විට නෝල් බෝට්ටුව සූදානම් බව පවසා පැය දෙකකටත් වඩා ගෙවී තිබුණි. ඒ අතරතුර කාලයේ නෝල් වෙතින් හා ප්‍රින්ස් වෙතින්, ඉක්මනින් පිටත්වීම කෙතරම් වැදගත්දැයි අවධාරණය කෙරෙමින් කෙතරම් දුරකථන ඇමතුම් පැමිණිය ද, වෛද්‍යවරයාට සිය සහයකයන්ද සූදානම් කොටගෙන ගමනට පිටත් වීම නෝල් හෝ ප්‍රින්ස් සිතූ තරම් පහසු කාර්යයක් නොවීය. ආයතනික ...
එබෝලා රෝගියා | අට වන කොටස - සාකච්ඡා කුරුන්ද 2017 වෙසක් මස 02 වන දාකොන්ටෙයාන්ස් නගර මධ්‍යයේ පිහිටා ඇති පෞරාණික හෝටලයකි. අඩුම තරමින් ශතවර්ෂයක්වත් එපිට එය ඉදිවූ බව හැඟවෙන ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණයන්ගෙන් එය සමන්විත වීය. හෝටලයට ඇතුළු වීමේදි ඕනෑම නාසයකට දැනෙන අනන්‍ය වූ පුස් ගන්ධය, අතිශය පැරණි සෝපාන කට්ටලය, පෞරාණික ගෘහභාණ්ඩ පංතිය ඒ බව විදහා දක්වන අමතර සාධකයන්ය. නූතන ඉහළ තරු පංතියේ හෝටල් මගින් සිය පාරිභෝගිකයන් ඔවුන් වෙත අද්දවාගෙන ...
එබෝලා රෝගියා | හත් වන කොටස - රෝහල් ගත කිරීම කුරුන්ද 2017 බක් මස 30 වන දාඑය වෘත්තීය ආතතියෙහි උච්චම අවස්ථාවකි. මේ වන විට කපුටන් හත් දෙනෙකු වමනය සමඟ පිට වූ බව කණෙන් කොනින් පැතිර යාමට ඇරබී තිබුණි. කාගෙන් හෝ පිටවූ වැරදි තොරතුරකට තටු ලැබී, එබෝලා රෝගියෙකු නැවකින් ගොඩ බෑ බවට පැතිර යමින් තිබිණි. මාධ්‍ය කරුවන් මෙයට හොට දමතියැයි බියක්ද නෝල් වෙත විය. එසේ වුවහොත් රාත්‍රියෙහි දුටු සිහිනය යථාර්ථයක් වීම වුවද ...
එබෝලා රෝගියා | සය වන කොටස - කඹ ඇදීම කුරුන්ද 2017 බක් මස 29 වන දාවරායපතිවරයාගේ අංකය තිරය මතට ගත් නෝල්, නැවතත් මොහොතක දෙගිඩියාවක පසු විය. ඊළඟ නිමේෂයේ දැඩි කරගත් සිත විසින් නිකුත් කළ විධානයෙන් නැවී ගිය වමතේ මහපට ඇඟිල්ලෙන් ඇමතුම ගැනීමේ විධානය ක්‍රියත්මක වූ අතර දුරකථනය නෝල්ගේ වම කනට තද වුණි. නෝල් අනෙක් පසින් ඇසෙන නාදයට සවන් යොමුකරගෙන සිටියේ ඉමහත් නොඉවසිල්ලකිනි. "හෙලෝ..."අවසානයේදි අනෙක් පසින් නෝල් බලාපොරොත්තුවෙන් සිටි හඬ ශ්‍රවණය ...
සුබ ගමන් විචාරක ! කුරුන්ද 29.04.2017ලෝක ධර්මතාවයන් පිළිබඳ දැනූම තිබුණට, අවබෝධය නොමැති නිසා ඔබේ වියෝව පිළිබඳ ආරංචිය මගේ හිත සසල කළා.වසර පහක් පුරා දුන් දිරියට, දැනුමට බොහෝම පිං !සුබ ගමන් විචාරක !! සෙන්නා / 29.04.2017සහෘද්ද බ්ලොග් රචක විචාරක මහතාගේ වියෝව හේතුවෙන් අදට නියමිතව තිබූ "එබෝලා රෝගියා" සයවන කොටස පළ නොවන බව කරුණාවෙන් සලකන්න. ...
එබෝලා රෝගියා | පස් වන කොටස - ආගමනය කුරුන්ද 2017 බක් මස 28 වන දා10.04.2015සුබ දවසක් හිතවත් නෝල්!ගිලන් රථය සහ වෛද්‍ය සේවා නැව ගාල් කළ වහා සැපයීමට වගබලා ගන්න. රෝගියාගේ තත්ත්වය ඉතා අසාධ්‍ය වන අතර ඔහුගේ දිවි රැක ගැනීමට අප සියලු දෙනා වෙහෙසෙමින් සිටිති. මෙය ඉතා හදිසි අවස්ථාවක් බව සලකන්න.කපිතාන් ජෝන් ක්ලේටන්චැලෙන්ජ් ඔෆ් ද ඕෂන් නෞකාව+++++රැකියාවෙහි පීඩනය නෝල් හට අමුතු දෙයක් නොවේය. එහෙත් ජීවිතයක පැවැත්ම හෝ අවසානය තීරණය වී ...
"එබෝලා රෝගියා" නැවතත්............. කුරුන්ද 2017 බක් මස 23 වන දානවමු ආරක් ගත් "එබෝලා රෝගියා" කෙටි නවකතාව නැවතත් රස විඳීමේ භාග්‍යය හෝ අභාග්‍ය ඔබ සැම වෙත ලැබෙන බව කුරුන්ද පාඨක සැමට මෙසේ සතුටින් දන්වා සිටීමි. නොවැළැක්වියහැකි හේතූන් ගණනාවක් නිසා කතාව අතරමග නතර වීම හේතුකොටගෙන ඔබ සැමගේ රසවින්දනයට සිදු වූ බාධාවට සමාව අයදින අතර නැවතත් කතාව අතර මග නතර වෙදෝයි යම් කුකුසක් වේනම්, කතාව සම්පූර්ණයෙන් ලියා ...
එබෝලා රෝගියා | සිව්වන කොටස - අසාධ්‍යය වීම කුරුන්ද 2016 බක් මස 21 වනදාඑබෝලා රෝගියා | පළමු කොටස - ලේගෝස්, නයිජීරියාවඑබෝලා රෝගියා | දෙවන කොටස - කොන්ටෙයාන්ස්එබෝලා රෝගියා | තෙවන කොටස - පලායාම සහ ලුහුබැඳීම"ඇයි මොකද ? ප්‍රශ්ණයක්ද ?" පරිගණකයට හිස රුවාගෙන සිටි නෝල්, එක්වරම වැරෙන් සිය නළලතට දකුණතේ අල්ලෙන් ගසා ගන්නවා දුටු නියෝජ්‍ය මෙහෙයුම් කළමනාකාර මාර්ක් මිත්වෙන්ඩර් ඇසීය. සිය දහ අට අවුරුදු වෘත්තීය අත්දැකීම්, පවතින වර්තමානය තත්ත්වය හා ...
"එබෝලා රෝගියා" නැවතත්............. කුරුන්ද 2017 බක් මස 23 වන දානවමු ආරක් ගත් "එබෝලා රෝගියා" කෙටි නවකතාව නැවතත් රස විඳීමේ භාග්‍යය හෝ අභාග්‍ය ඔබ සැම වෙත ලැබෙන බව කුරුන්ද පාඨක සැමට මෙසේ සතුටින් දන්වා සිටීමි. නොවැළැක්වියහැකි හේතූන් ගණනාවක් නිසා කතාව අතරමග නතර වීම හේතුකොටගෙන ඔබ සැමගේ රසවින්දනයට සිදු වූ බාධාවට සමාව අයදින අතර නැවතත් කතාව අතර මග නතර වෙදෝයි යම් කුකුසක් වේනම්, කතාව සම්පූර්ණයෙන් ලියා ...
එබෝලා රෝගියා | තෙවන කොටස - පලායාම සහ ලුහුබැඳීම කුරුන්ද 2016 බක් මස 10 වනදාඑබෝලා රෝගියා | පළමු කොටස - ලේගෝස්, නයිජීරියාවඑබෝලා රෝගියා | දෙවන කොටස - කොන්ටෙයාන්ස්ලේගෝස් වරාය සේවකයන් විසින් වතුරට අතහරිනු ලැබූ අවසාන නැව් කඹය වතුරෙහි ගිලී යනුත්, ඉන් මොහොතකට පසුව ජලයෙන් උඩට මතුව ක්‍රමානුකූලව නැව දෙසට ඇදී එන ආකාරයත් නැවෙහි අවර කොටසෙහි වූ වැට අසල සිටි ඉම්රාන් බලා සිටියේ අරමුණකින් තොරවය. ලේගොස් නගරයෙන් ඈත් වීම ඔහුගේ සිතෙහි ...
එබෝලා රෝගියා | දෙවන කොටස - කොන්ටෙයාන්ස් කුරුන්ද 2016 බක් මස 01 වනදාඑබෝලා රෝගියා | පළමු කොටස - ලේගෝස්, නයිජීරියාවමෙයින් සියවස් කිහිපයකට පෙර, මේරි තෙරේසා නම් වූ කන්‍යා සොයුරියකගේ ඊනියා සත්‍යවාදී බව වෙනුවෙන්, ක්‍රිස්තියානා නම් වූ අහිංසක අසරණ කාන්තාවක් සිය දිවි පූජා කළ කොන්ටෙයාන්ස් නගරය ඔබට මතකද? නොනැවතී භ්‍රමණය වන ධරණි තලයෙහි වසන සියල්ලන්ටම පොදු සදාතනික ධර්මතාවයන්ට හසු වෙමින්, අනේක විද හැල හැප්පීම්, සිද්ධි දාමයන් ඔස්සේ කොන්ටෙයාන්ස් නම් ...
එබෝලා රෝගියා | පළමු කොටස - ලේගෝස්, නයිජීරියාව කුරුන්ද 2016 මැදින් මස 24 වන දාහිරු අවරට යමින් පැවති ඒ සන්ධ්‍යාවේ රිද්මයානූකූලව ඉහළ පහළ යන දිය තලය දෙබෑ කරගෙන "චැලෙන්ජ් ඔෆ් ද ඕෂන්" නම් වූ බහලු නෞකාව නයිජීරියාවේ ලේගෝස් වරායේ දිය කඩනයෙන් ඇතුළු වූවාය. නියමුවන් ගොඩවන ස්ථානයෙන් (Pilot boarding ground) නැවට ගොඩ වූ ලේගෝස් වරායේ නියමුවාගේ විධානයන්ට අනුකූලව, නැවෙහි කපිතාන් වූ ජෝන් ක්ලේටන් නැව ගාල්පළ (Berth / Pier / Jetty ...