තරු කැටවල තනි රකින්න නෙක තරු මැද සඳක් වෙන්න කළුවර රැය එළිය වෙන්න රෑ අහසට නුඹ නැගෙන්න.. හිරු සඳු තරු පරදවන්න - විශ්වයට ම එළිය දෙන්න දොළොස්මහේ පහන වෙන්න - මගේ ගෙපැලෙන් නික්ම යන්න සංහිඳ ළඟ නතර වෙන්න මල් පහන අරන් නිවාලන්න.. නුඹේ මතක මන්දිරයේ එළිය දැනෙන පාළු පැලේ අගුවක හෝ පිල්කඩයේ බිම් අඟලක් මට සෑහේ! Posted by : ...
නුඹට වෛර කළ කඳුළ, බිම වැටී, රිද්දවා ගන්නට අකමැතිව, නුඹ වෙනුවෙන් වග උත්තර බඳින මගේ නෙත් බොඳ කළා... නුඹට වෛර කළ කේශ නාලිකා, නුඹ දැක ගන්නට නොනිත් ආශාවෙන් පෙළුණු දෙඇස, ලෙයින් පිරවුවා.. නුඹ වෙනුවෙන් නික්මන්න අකමැති වුණු ඉකිය, නුඹ වෙනුවෙන් හෙලුනු සුසුම මොහොතකට ඇද සිර කළා.. නුඹේ සුවඳට වෛර කළ නාසය, ඒ සුවඳ යළි නො එන්නට, ඇසෙහි පිරවුණු කඳුළු ගෙන ...
කිඩාරම් මල් පීදිලා - නැවුම් සුවඳ නෑ වියැකිලා. නියඟලා අල විෂ වෙලා - මහ පොළොව යයි ඉරිතලා. ගසුත්, කොළ අතු වියලිලා - බුරුත, නැදුන් ගස් මැලවිලා.ලූණු කොළ, කඳ වියලිලා - දුවිල්ල එහි පැටලිලා. තෙතක් නැති දිව වියලිලා - ලෙයක් නැති ශිරා හැකිලිලාහාමතේ, පිපාසෙන් මත් වෙලා - ඇත්තු මියැදෙත්, කතර තනි වෙලා. හමන හුළඟක දැවටිලා - සුමුදු වළා රැළි, එයි ගලාවැටෙයි ...
ඔබ නොදැනුවත්ම ඔබගේ කාලය විශාල ලෙස මිඩංගුකරන Facebook හරහා මුදල් ඉපයීම මගින් ඔබගේ වටිනා කාලයට මිළක් ලබාගැනීමට පහසු අවස්ථාවක් !!! විදේශිකයින් විශාල ප්‍රමාණයක් මේවනවිටත් ඉතා රහසිගතව උපයන මෙම මුදල් ශ්‍රී ලාංකික ඔබටද ලබාගැනීම පිණිස මෙසේ ඉදිරිපත්කරනලදි............!අවශ්‍ය සුදුසුකම්......* Facebook ගිණුමක්. (පින්තූරය සහිත හා මිතුරන් අවම වශයෙන් 5 දෙනෙක් සිටිය යුතුයි )* FanSlave ගිණුමක්.* මුදල් ලබාගැනීමට PayPalගිණුමක්. (ගිණුමක් ඇරඹිමට කිසිදු වියදමක් ...
සරා හෙවත් ආදරණීය නෑනන්ඩියේ, පාරමී දම් පුරා අපිස් වන්නට නඟෙ මා වෙසතුරු නොවේ.. ඈත හිම සේ දුකක් වෙන්නට දිගේලි කන්ද, බරණැස නොවේ නුඹේ ගීයට, නාඬා නිදියන ක්‍රිෂ්නජිනාලා නොම ලැබේ වංකගිරියේ දුක් නුහුරු නුඹ මන්ද්‍රි දේවී නම් නොවේ.. ලන්සු තියලා අහවරයි උන් තීන්දුයි දෑවැදි වෙන්දේසියේ.. චැප්ලින් කතගේ මදහස නොකැපෙයි නා දලු දෙතොලට රන් රුවේ කඳුළු පුරෝගෙන, දෙපා වැළඳගෙන නාඬා ඉඳින් ...
මා මුසපත් කරවනඋපුල් නයන යුගැත්තිය,කන මී සා මිහිර වගුරන සිහින් සරැත්තිය,නෙතඳුන් සා දසුන් මවනසියුම් රුවැත්තිය,අමා රසයෙන්ම' සිත කුල්මත් කරන්නිය,දිමුතු දසන් දිදුලවාමුතු සිනා වස්සානය හැඩ කරන්නිය,ම' පුන් රත් පියුම නුඹසිත් විල සරසවන්නි ය..ශ්වේත වර්ණ වළා වියන යටසුපුෂ්පිත නේක කුසුම් මැදපංච කල්‍යාණිය,නුඹ විරාජමානවන්නීය..පබාවතිය සේ නුඹ,වීරිය පෙරුම් පුරවන්නී ය.මහෞෂධ සඳුන් හර ලෙද නුඹ,සිත්-කය ව්‍යාධි සනසවන්නී ය...සංසාර සයුරු වෙරළ අසබඩනුඹේ නවාතැන පල වෙත,තීර්ථ ...
යතුරු ඉගිලෙත් ළඳුන් වෙත වැදහෙත් මුනින් දහස් පියලි වටනා යකඩ අස් රියවල උනුන් සතු.. සැලෙත නාරි ලතා කැල හැඩති බඳ ලෙලවමින මද පවන නොවැද, බෙර හඬට, රන් රුවැතිව රනින් දිදුලන පහන් සිල ලෙද.. සොටු පෙරාගෙන හඬත බිළිඳු ඈත නොලැබ සුහුරු පිටි කිර බෝතලයට වත් කර.. 'අම්මා නුඹේ කිරට ගියා' කියත් එහි වූ මැහැලියෝ අරුත් නැති පදයක් මිස වෙනෙකක් නැති ...
කවි කිවිඳියන්, ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් කලාකාරියන්, මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යකරුවන් මාධ්‍යකාරියන්,සරසවි ඇදුරන්, වෘත්තීයවේදීන්, සරසවි සිසු සිසුවියන්, පාසල් ගුරුවරුන්, උසස් පෙළ සිසු සිසුවියන් ඇතුළු සිංහල භාෂාව පොදුවේ භාවිතා කරන අයගේ භාෂා භාවිතය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී, බොහෝ දුර්වලතා සහ භාෂාව අවභාවිත කිරීම් නිරීක්ෂණය කල හැකි ය. මෙයට මුලික හේතුව නිවැරදි භාෂා ඥානයක් නොමැති වීමයි. මෙම ගැටළුව නිරාකරණය උදෙසා සාහිත්‍ය අවබෝධය ගැඹුරු කිරීමේත්,භාෂා ...
මේ වන විට උසස් පෙළ අවසන් වී මාස කිහිපයක් ගත වී ඇත. විභාගය නිසා පරිගණකය දෙස වත් බලන්නට අවසර නොලත් අය දැන්අන්තර්ජාල පහසුකම් ද ලබා ඇත. මදක් සොයා බැලු විට, වත් පොතේ අලුතෙන් ගිණුම් නිර්මාණය කරගෙන දවස පුරා ම 'චැට්' කරනු දදැකිය හැකි ය. ඒ අතර සයිබරයේ අලුත් පිරිසෙන් කිහිප දෙනෙක් බ්ලොග් ලිවිල්ලට ද එකතු වී අති බව මම නිරීක්ෂණය ...
අවුරුදු විසි එකක ජීවිත කාලය පුරාවට වැඩි ම සතුටක් ලැබූ දවසේ ඒ සතුට ගිලිහෙන්නට පළමු ලියමි. හිතාදර දුයිෂෙන්, ගුරු ගීතය කියවූ පළමු වර පටන්, මා උගත් නොයෙක් විධ වූ ගුරුවර ගුරුවරියන්ගේ මුහුනුවර හා මුසු ව, මහා පෞරුෂයකින් හෙබි, චිත්‍රයකින් ඇඳ මෙසේ යැයි දැක්විය නොහැකි සුවිසල් රුවක් ලෙස නුඹේ රුව හදේ ඇඳී තිබුණි. කවදාක හෝ, කුමන අයුරකින් හෝ, අල්තීනායිට නුඹ වූ ...
දියක් බොන්ට සෙම්බු කුමට මට දෝතටත් දිය පිරෙන්නේ සා ගිනි නිවන්න රන් තලි කුමට මට බෙලෙක් තලියෙත් බත් වැඩෙන්නේ.. දාහය නිවන්න පංකා කුමට මට මන්දස්මිතක් මෙහි හමන්නේ කඳුලැලි පිසින්න සළුවක් කුමට මට පවනේ කඳුලැලි මැකෙන්නේ කවක් ලියන්නට නින්දගම් කුමට මට තේවාවට දුන් පරවේණි තිබෙන්නේ නැතක් ගී වල තාල කුමට මට කවිය තනිකම නිවන්නේ...Posted by : Nj_A najathakram1@gmail.com ...
සැඩ සුළඟ, මද පවනක් ව තුරු ගොමු සිසාරා හමන වියළි හිම කැට තෙත බරිත වී ධවල කඳු හිස් සුනිල්වන් වන සුපුෂ්පිත කුසුම්හි මකරන්දය බඹර පහසින් ගෙත්තම් වන වසන්තය එළඹෙන තුරු කටුක ශිශිරය අවසන් ව, බලා හිඳිමි මම පොප්ලර් අතු අතරින් තිමිරය ඉරාගෙන නැගෙන හිරු දකින්නට.. කඳු ඉහත්තාවේ පාසලට ඉහළින් නුඹ ගුරු තරුව කරවා, පොප්ලර් ගස් සෙවනෙහි හිඳ යළිත් ගුරු ගීතය ...
ආං බලාපියව්... කෝට් බෑය ජැන්ඩි පහට මුණ බලන සපත්තු දෙක කරකවාපු උඩු රැවුල ඒ මහත්තැන්ගේ තේජස!! තෝ හොරිකඩයා තෝ මොකාද? මුඩුක්කු වල බල්ලෝ හිඟා කන්නේ, අත පය නැද්ද? හායි ඩියර් වට්ස් අප් දෙයර් ඩු යූ වෝන්ට් සම් බියර්? චී.. බලන්න මෙයාලගේ ගඳ.. ගමේ වාගේ නොවෙයි මෙහේ සර්පයෝ අඩියෙන් අඩියට විසකුරු කොන්ක්‍රීට් වනන්තරේ අතරමං වෙයි නිරතුරු ගමෙන් ගිහින් අපි තාමත් ඒ ...
රත්න ශ්‍රී විජේසිංහයන් , එකොලොස්වන පැය, හේමමාලා විජේසිංහයන්ගේ අභාවය හා බැඳුනු මගේ අත්දැකීම් කිහිපයක්
අරුණැල්ල
2012 අගෝස්තු 25 වැනි සෙනසුරාදා දින 'එකොලොස්වන පැය' කාව්‍ය සංග්‍රහය එළි දැක්වීමේ උත්සවයට සමගාමී ව පැවති සාකච්ඡා දකිනු රිසි වූ මම, නැතක් වූ සෙසු කාර්යයන් පසෙක ලා පන්නිපිටියට යෑමට ගාල්ලෙන් බස් රියකට නැගුනෙමි. වෙනදා මෙවන් ගමන් සඳගා මා සමග යන මගේ මිතුරා, එදින නොවුයේ පමා කළ නොහැකි වෙනත් කාර්යයක් යෙදුනු හෙයිනි. 'සිසිලස ගාර්ඩ්න්ස්' නම් තැන සොයා ගන්නට එතරම් අමාරු නොවුයෙන්, ...
ඇඟ හිරිගඩු පිපෙන සීතල වියළි උදෑසනක, කෙම් බිමක් නොපෙනෙන කටුක රළු කතරක, ඇයව දුටුවෙමි මම, හදවතක් පතා ඇවිදින.. ඇගේ සියුමැලි නොකිලිටි හදවත මට ම හිමි කර ගනු පිණිස ගලවා දුනිමි මම කලබලයෙන් මගේ හදවත.. කලබලය වැඩි කමට - මට වම් කර්ණිකාවට මදක් පහළින් දකුණට අනතුරුව ටිකක් ඉහළට ඉරි තැලුණි හදවත.. මගේ හදවත ගෙන වමතට ඇගේ හද මට දෙනු වෙනුවට පිටුපා ...
බෞද්ධ කොඩියට වසර එකසිය විසිපහක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙල පැවැත්වූයේ කොටහේන දීපදුත්තාරාමයේදී ය. අගමැතිවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරාගෙනය. බොහෝ දෙනෙක් සිතුවේ ඈ බොදු ගීතයක් ගයනු ඇති ...
නොයෙකුත් කට කතා, ඇනුම් බැනුම්, ප්‍රතික්ෂේප කිරීම් මධ්‍යයේ 2011 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල තෙවන සංස්කරණය අද නිකුත් විය. මෙය තවත් සංස්කරණයක් (Edition එකක්) ලෙස හඳුන්වන්නට යෙදුනේ, තව කී වතාවක් මෙය වෙනස් විය හැකි දැයි නොදන්නා බැවිනි. 2011 ප්‍රතිඵල ලේඛනයේ පළමු කලාපය පිට වීමේ දී දෝෂය ඇති වී තිබුනේ ප්‍රතිඵල ඇතුලත් කිරීමෙහි ය. එය නිවරදි කරන ලදුව, නිකුත් කල දෙවන කලාපයේ z ...
කඳුළු කැටවලින් සිමෙන්ති දිය කර වැගිරෙන දහදියෙන් පිරියම් කර සේද වලාකුළු වියන් මැදි කර අහසේ තැනූ සිහින මාළිගාව, කිරුළ දරන්නට පෙර කෑලි කැඩී බිඳී විසිරිණි.. Posted by : Nj_A najathakram1@gmail.com ...
ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රය සම්පුර්ණයෙන් ම පාහේ විභාග රටාව මත පදනම වුවක් පමණක් බව පෙර පාසල් යන දරුවෙකු පවා දන්නා කරුණකි. පහේ ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය ලෙසත්, සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගේ විභාගය ලෙසත්, උසස් පෙළ දරුවන්ගේ විභාගය ලෙසත් හැඳින්වෙන රටක, දෙමාපියන්ගේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා ශිෂ්‍යත්වය අසමත් වන දරුවා කෙසේ හෝ ඉදිරි ශ්‍රේණි තරණය කර ගුරුවරුන්ගේ නොසැලකිල්ල සහ වගකීම් විරහිත බව නිසා ...
මැද පෙරදිග ගිනි අව්වේ වියළි කටුක දුහුවිල්ලේ සෙවණක් නැති වැලි කතරේ දැවුනු වතට සිසිල දෙන්න සීගිරියට නැගෙනා හිරු කොටු පවුරට මුදුන් වෙලා රූමස්සල කඳු අතරින් මැකිලා යන හැටි බලන්න මකරන්දය ගලා හැලෙන සිහිල් මිහිරි උදෑසනේ මා එන තුරු මගෙ මලේ බඹර පහස නොලැබ ඉන්න.. දවස පුරා වෙහෙස වෙලා දැනෙන වෙහෙස නිවා ලන්න වසන්තයේ සුළං රොදක් මගෙ කුටියට කැඳව ගන්න ඔහේ ...