Untitled Post පුංචි කතාවක් මතක් වුනා... මේකට ආගමික ආයතනයකුත්, පුද්ගලයිනුත් සම්බන්ධ වුනාට ඒ ආගමට කිසිම ආකාරයක පහරගැසීමක් නම් නොවන බව මුලින්ම කියන්නම් :) මේකෙ කථානායකයා තමයි අපේ පිළිමතලාවෙ බාප්පා. කොළඹ-නුවර පාරෙ නිතර යන අයට නම් සමහරවිට මතක ඇති, පිළිමතලාව ටවුම පහුකරලා නුවර පැත්තට යනකොට තියෙනවා සෙමනේරියක්. සෙමනේරියක් කියන්නේ ක්‍රිස්තියානි හෝ ක‍තෝලික ආගමේ පූජකවරුන් පුහුණුකරන පාසල්වලට බව දන්නවා ඇතිනේ... මේ තියෙන සෙමනේරියෙ ...

කලකට පස්සේ - ස්ටොක්හෝම් නුවර විත්ති ඔන්න ඉතිං අන්තිම සටහන ලියලා මාස 10 කට විතර පස්සේ මට ආපහු සටහනක් ලියන්න හිතුනා. කොහොම වුනත් ලියන්න යන්නේ ඒ සටහනේදි කියපු විදියටම සංචාරක සටහනක් තමා... අපි එක සතිඅන්තයක් ස්වීඩනයේ අගනුවර වෙන ස්ටොක්හෝම් නගරයේ ගතකලා. ඔන්න ඔය වෙලාවේ දැකපු කියපු දේවල් ටිකක් තමයි ලියන්න යන්නෙ. ලියනවා කිව්වට වැඩි ඉඩක් පින්තූර වලට වෙන් වේවි... මේ සටහන පටන් ගන්න කලින් මතක් ...

දුරු රටකදී - සිසිර ක්‍රීඩා!!! මම අන්තිම සටහනේදි පොරොන්දු උනානෙ අලුත් සෙල්ලමක් කාරිය ගැන ලියනවා කියලා. ඔන්න ඒ පොරොන්දුව ප්‍රකාරව අද 'කර්ලිං' (Curling) කියන සෙල්ලම ගැන ලියන්නයි යන්නෙ. මේ සෙල්ලම සිසිර ක්‍රීඩාවක් විදියට තමා කෙරෙන්නෙ... ඒ වගේම මේ සෙල්ලම කරන්නෙත් සීමිත රටවල් ගණනක් විතරයි. කොහොම වුනත් 'සිසිර ඔලිම්පික්' (Winter Olympics) තරඟ වලටත් ඇතුලත් මේ සෙල්ලමේ කාන්තා ශූරතාවය 2010 දි ස්වීඩන් කණ්ඩායම දිනාගෙන තියෙන බව ...

දුරු රටක සිට... සෑහෙන දවසකින් බ්ලොග් එකේ මොකවත් කොටාගන්න බැරි උනා විවිධ හේතු නිසා... ඒ විතරක් නෙවෙයි අනිත් බ්ලොග් කියවන්නවත් වෙලාවක් වුනේ නෑ! ඒ අතරේ සමහරු නං හොයල බලලා තිබුනා මම අන්තිමට ලියපු 'මකුණා සහ දුමින්ද' සටහනෙන් පස්සේ මම යහතින් ඉන්නවද කියලත්... බි.පෙ.සි. කොහොම වුනත් මේ දවස්වල මම ඉන්නේ ලංකාවෙ නෙවෙයි, ‍රැකියාස්ථානෙ වැඩසටහනකට ගිහින් ස්වීඩන් වල ලින්ෂොපිං (Linköping) කියන ප්‍රදේශයේ! මේ දවස්වල ...

මකුණා සහ දුමින්ද මම පේරා කම්මලේ ඉන්න කාලේ නේවාසිකව හිටියේ අක්බාර් ශාලාවෙ බව කලින් කියලා තියෙනවනේ. මේ අක්බාර් ශාලාව විශ්වවිද්‍යාලේ තිබිච්ච අනිත් ශාලා වලට වඩා ටිකක් වෙනස් විදියට තමා හදලා තියෙන්නේ. කාමර තියෙන්නේ එකම කොරිඩෝවක දෙපැත්තෙ නිසා වාතාශ්‍රය එහෙම ටිකක් මදි බව තමයි මගේ හැඟීම. ඊට අමතරව ඔය ගොඩක් නේවාසික ශාලා වල තිබුනු ගැටළුවක් අපිටත් තිබුනා. ඒ තමා මකුණු ගැටළුව!!! අක්බාර් කාමරවල ...

ජනාධිපතිතුමාගේ වෙඩින් ඇල්බම් එක මම මේ ලඟදි දවසක ෆොටෝ වගයක් ප්‍රින්ට් කරගන්න කළුබෝවිල 'සේයා කලර්' එකට ගියා. මගේ වැඩේ කරගන්න පොඩ්ඩක් වෙලා ඉන්න වුනා. ඔන්න ඔහොම ඉන්න අතරේ තමා මම අහම්බෙන් වගේ ජනාධිපතිතුමාගේ වෙඩින් ඇල්බම් එක දැක්කේ... මට පොඩ්ඩක් එහා පැත්තේ හිටපු පුද්ගලයෙක් විශාල කරලා ප්‍රින්ට් කරලා තිබ්බ වෙඩින් ඇල්බම් එකක පින්තූර වාගයක් බලමින් හිටියා. මගේ ඇහැ ...

සෑහෙන දවසකින් මේ පැත්තෙ එන්න බැරිවුනා... කාගෙවත් බ්ලොග් කියවන්නත් වෙලාවක් ලැබුනේ නෑ! හේතුව තමා මගේ රෝද හතර හදිස්සියේ ලෙඩ වීම :( ලෙඩ වුන එක නම් මදෑ, පුදුම චාටරයක් කන්න වුනා වැඩේ ගොඩදාගන්න... ඔන්න පහුගිය ඉරිදා උදේ වැඩපොලේ මිත්‍රයො දෙන්නෙකුත් එක්ක පොඩි වැඩකට ගිහින් හවස්වෙලා ආපහු එද්දි තමා ඉස්සෙල්ලම පොඩි අවුලක් වුනේ. එකපාරටම මොකක් හරි වැදෙනවා වගේ සද්දයක් ඇහුනත් මං එච්චර ...

පේරා කම්මලට අල්ලපු වත්තේ තියෙන අක්බාර් ශාලාවේ භෝජනාගාරයට අපි කවුරුත් පුරුද්දට කිව්වේ 'අක්බාර් කැන්ටිම' කියලා තමයි. හැබැයි දැන් ටික කාලෙකට කලින් කතන්දරකාරයා දාපු පෝස්ට් එකක තිබුනු විදියට මේවා 'කැන්ටින්' නෙවෙයි 'කැෆටේරියා'. බලාගෙන ගියාම ඒ කතාව හරි තමයි... ඒ කොහොම වුනත් ගොඩක් දෙනෙක් අහලා නැතිව ඇති ඔය කියන භෝජනාගාරය හෝටලයක් වෙච්ච කතාව! අපි කම්මලට ඇතුල් වුනු 2001 වසරේ ඔක්‍තෝබර් මාසෙ

හැමදාමත් වගේ මේ අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශනේ පටන් ගන්නකන් මමයි අපේ බිරින්දෑයි හිටියේ ඇඟිලි ගැන ගැන. මොකද අපි දෙන්නම ඒ කාලේ ඉඳන්ම පොත් ගුල්ලෝ දෙන්නෙක් කිව්වොත් වැරදි නෑ. 2008, 2009, 2010 අවුරුදුවල කොළඹ පොත් ප්‍රදර්ශනේ බලන්න අපි දෙන්නා ජෝඩු දාගෙන ගියත් මේ වතාවෙ ඕය වැඩේ කරන්න බැරි වුනේ දැන් මාස කීපයකට කලින් අපේ පවුලට එකතුවුනු කොළු පැංචා නිසා... අපේ බිරින්දෑට ඉතිං ...

ඔන්න දවසක් අපේ කොල්ලො කට්ටියක් ගියාලු ‍ෆිල්ම් එකක් බලන්න. ගිහින් තියෙන්න ක‍ටුගස්තොට සීගිරි හෝල් එකේ පෙන්නපු හොරර් (Horror) ‍ෆිල්ම් එකක් බලන්න. චිත්‍රපටයේ නම නම් මතක නැති වුනාට මේකේ තිබිලා තියෙන්නේ දැවැන්ත බූවල්ලෙක් නැවක ඉන්න මිනිස්සු බිලිගන්න කතාවක්! ඔන්න කොහොමහරි එක තැනකදි අර කියපු බූවල්ලා මනුස්සයෙක් අල්ලගන්න හදන ජවනිකාවකදි චිත්‍රපටයේ විවේක කාලය ආවා. ඔය වෙලාවට එනවනේ අර රටකජු, කඩල,

"උත්සාහවන්තයා ජයගනී!" කියලා කියමනක් තියෙනවා අහලා ඇතිනේ... මේක ඉතින් චිරාත් කාලයක ඉඳන් පට්ට ගහපු එකක් බව අමුතුවෙන් නොකීවට, පොඩි කාලේ ඉඳන් දහස් වතාවක් ඕක වැඩිහිටියන්ගෙන් අහගෙන තියෙන අපි කවුරුත් දන්නවා. ඒ වුනාට මට වෙලාවකට හිතෙනවා ඔය කතාවෙ පොඩි දෝසයක් තියෙනවා කියලා... යම්කිසි අරමුණක් වෙනුවෙන් උත්සාහ කරලා ජයගන්නවා කියන්නේ ඒ ඉලක්කය සපුරාගන්න එක තමා.. ඒක හරි! ඒ වුනත් ලබාගත්ත ජයග්‍රහණයේ

මම අන්තිමට ලියපු සටහන ගැන දක්වපු අදහසක කතන්දර කාරයා කියලා තිබුනනේ හුඟදෙනෙක් තමන් ඉගෙනගත්තු ඉස්කෝලෙ හෙලිකරන්න බයයි, ඒ වගේම ඒකට හේතුවකුත් තියෙනවා කියලා... මට නම් තාමත් හිතාගන්න බෑ ඔය කියපු හේතුව මොකක්ද කියලා. අනෙක් අතට මට නම් කිසිම බයක් නෑ මං ගිය ඉස්කෝලේ මොකක්ද කියලා කියන්න! ඒ සමහරවිට අර කියපු හේතුව මං නොදන්න නිසාම වෙන්නත් පුලුවන්... සමහරවිට කතන්දර කාරයා මේ ...

මේ සිද්ධිය මීට අවුරුදු 13 - 14 කට කලින් කොළොම්පුරේ ප්‍රධාන පිරිමි පාසලක වෙච්ච එකක්... උසස් පෙළ ගණිත පංතියකට එදා ‍ෆ්‍රී  පීරියඩ් එකක්! මේ වගේ චාන්ස් ඉතිං හැමදාම හම්බවෙන එකක්යැ, අනික ඉතිං සද්දයක් බද්දයක් නැතුව ඉන්න පුළුවන්ද ඒ වයසෙ කොල්ලො සෙට් එකකට?  පංතියේ මුල්ලක හෙමින් පටන්ගත්ත සිංදුවෙ සද්දෙ වැඩිවෙලා ටික වෙලාවක් යනකොට කට්ටිය බජව්වක් දාන්න පටන් ගත්තා! ඔය වගේ හදිස්සියකට ගන්න සංගීත ...

පහුගිය දවස් ටිකේ ලියපු සටහන් දිග වැඩිදෝ කියලත් වෙලාවකට හිතෙනවා... කියවන්න ගියාම එපා වුනාද දන්නෙ නෑ! ඒක නිසාම අද උත්සාහ කරන්නම් සටහන කෙටි කරන්න. හැබැයි ලියලා ඉවරවෙනකොට තමයි හරියටම බලාගන්න වෙන්නේ... හික්ස්! ඕගොල්ලො මේ බ්ලොග් එක ගැන හිතනදේ මට වැදගත් බව දන්නවනේ. ඒ නිසා මං ඔන්න පොඩි අදහස් විමසීමක් දැම්මා... දකුණු පැත්තෙ තීරුවෙ උඩින්ම තියෙන්නෙ ඒක තමයි. මේ පැත්තෙ ඇවිත් යනවනම් එතනට ...

යමක් කමක් තේරෙන කාලේ ඉඳන්ම අවමංගල උත්සවයන්ට සහභාගී වෙද්දී හරි මහමඟදී දකිද්දී හරි මට හිතෙන දෙයක් තමා, මොනතරම් හිස් දේවල්ද මේ සිද්ධවෙන්නෙ කියන එක!  මනුස්සයෙක් මළාම නෑසියෝ ඉස්සෙල්ලම මළකඳ තමන්ට පුලුවන් තරම් හොඳ මල් ශාලාවකට ගෙනියනවා එම්බාම් කරගන්න. ඊට පස්සේ දවස් ගානක් තියාගන්න පුලුවන් විදියට රසායනික ද්‍රව්‍ය ගල්වපු මිනිය අරන් එනවා ගෙදරට. කොලොම්පුරේ පොෂ් තැන්වල නම් දැන් දැන් ගෙවල්වලට ගේන්නේ නෑ ...

ඉන්ජෙක්සන් ගහනවට චුට්ටං කාලෙ ඉඳලම මට තිබුන මහා බයක්... මට මතක හැටියට ඔය බය ඇතිවෙන්න හේතුවුනේ අවුරුදු 4 - 5 ක් වගේ කාලෙදි වෙච්ච සිද්ධියක්. අපේ අම්මලාට සූටි පැටියා කාලෙ මට විදින්න තිබ්බ බෙහෙතක් මඟ හැරිලා තිබිලා ඔය කියන චුට්ටං පැටියා කාලෙදි එක්ක ගියා ඒක විදින්න. එච්චර තේරුමක් නැති නිසා ඔහේ ගියා. ක්ලිනික් එකේ හිටපු සෙන‍ඟෙ හැටියට නර්ස් ඇන්ටිලාට වෙලාවක් ...

මේ කතාව මට මතක් වුනේ කතන්දරගෙ "නුගේගොඩ දී චූ බරක් හැදුනෙමි - You gotta go when you gotta go!" කතන්දරේ කියවද්දි බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේක ඉතින් මම ලියපු පළවෙනි චූ කතාව කියල කියන්නත් බෑ, මොකද කලින් ලියපු "බාල්දි වැසිකිලි" සටහනත් චූ  වලට සම්බන්ධ නිසා. කොහොම නමුත් චූ කතා වලට ආස නැති අය ඔන්න මෙතනින්ම නැවතුනොත් හොඳයි, පස්සෙ මාත් ...

විවාහ මංගල්ලයක් කරනකොට ඉතිං අපේ රටේ නම් ඔක්කෝටම කලින් මුලට එන්නෙ නැකැත් කෙරුවාවනේ. කොහොම වුනත් මමයි අපේ බිරින්දෑයි නම් ඒ කාලේ ඉඳන්ම ඕවට නැමියාවක් තිබුනේ නෑ. ඒ අතින් අපි දෙන්නා ජාඩියට මූඩිය වගේ කියලා මං "මී පාසානම්" කතාවෙදිත් කිව්වනේ... කොහොමෙන් හරි පේරාදෙණිය සරසවියේ කම්මලේදී හදි ගැහුනු අපි දෙන්නා හන්තානේ කඳු පාමුළ, මහවැලි ගං ඉවුර එහෙම තරණය කරලා කම්මල් වැඩ ටිකත් ඉගෙනගෙන ...

Image: Sujin Jetkasettakorn / FreeDigitalPhotos.net පහුගිය දවස් ටිකේ එක දිගටම ලියපු නිසා ඔන්න පොඩි විවේකයක් ගත්තා. අද ඉතිං වැඩ ඇරිලා ගෙදර ඇවිත් ඉන්න ගමන් මට අලුත් අදහසක් ආවා. ඒ තමයි 'අතීතයෙන් කතාවක්' ලියන්න. මම ලියන්න බලාපොරොත්තු වෙන්නෙ අපි නොදන්න ටිකක් ඈත අතීතයේ සමහර කරුණු කාරණා සිද්ධවෙච්ච හැටි ඒවා දු‍ටු කෙනෙකුගෙන් දැනගෙන. ඉතිං ඔහොම කිව්වම අපිට මතක් වෙන්නෙ ආච්චිලා, සීයලා, අම්මලා, තාත්තලා ...

ඔන්න එකෝමත් එක කාලෙක එක මිනිසෙක් මහා ඝන කැලයක් මැදින් ගමනක් යනවා. හැන්දෑව වෙනකොට ඇවිදීමෙන්ම හොඳටම විඩාවට පත්වී සිටි මිනිසාට තේරුනා රෑ වෙන්නට කලින් මේ වනාන්තරය පහුකරන්නට බැරිබව. කෙසේ නමුත් ගිමන් හැරීමට හෝ නැවතීමට සුදුසු තැනක් අසලක හොයාගන්නට නැති බව දන්නා මිනිසා  තම ගමන දිගටම යාමට තීරණය කලා. හිරු අවරගිරින් බැස යද්දී වනන්තරය ටිකෙන් ටික අඳුරේ ගිලෙන්නට වුනා. දහවල් කාලයේ දසත ...

Previous Page