මංගල නැකැත ඇත්ත කතා විවාහ මංගල්ලයක් කරනකොට ඉතිං අපේ රටේ නම් ඔක්කෝටම කලින් මුලට එන්නෙ නැකැත් කෙරුවාවනේ. කොහොම වුනත් මමයි අපේ බිරින්දෑයි නම් ඒ කාලේ ඉඳන්ම ඕවට නැමියාවක් තිබුනේ නෑ. ඒ අතින් අපි දෙන්නා ජාඩියට මූඩිය වගේ කියලා මං "මී පාසානම්" කතාවෙදිත් කිව්වනේ... කොහොමෙන් හරි පේරාදෙණිය සරසවියේ කම්මලේදී හදි ගැහුනු අපි දෙන්නා හන්තානේ කඳු පාමුළ, මහවැලි ගං ඉවුර එහෙම තරණය කරලා කම්මල් වැඩ ටිකත් ඉගෙනගෙන ...
අතීතයෙන් කතාවක් - බාල්දි වැසිකිලි ඇත්ත කතා Image: Sujin Jetkasettakorn / FreeDigitalPhotos.net පහුගිය දවස් ටිකේ එක දිගටම ලියපු නිසා ඔන්න පොඩි විවේකයක් ගත්තා. අද ඉතිං වැඩ ඇරිලා ගෙදර ඇවිත් ඉන්න ගමන් මට අලුත් අදහසක් ආවා. ඒ තමයි 'අතීතයෙන් කතාවක්' ලියන්න. මම ලියන්න බලාපොරොත්තු වෙන්නෙ අපි නොදන්න ටිකක් ඈත අතීතයේ සමහර කරුණු කාරණා සිද්ධවෙච්ච හැටි ඒවා දුටු කෙනෙකුගෙන් දැනගෙන. ඉතිං ඔහොම කිව්වම අපිට මතක් වෙන්නෙ ආච්චිලා, සීයලා, අම්මලා, තාත්තලා ...
සිම්පල් කතාවක්... ඇත්ත කතා ඔන්න එකෝමත් එක කාලෙක එක මිනිසෙක් මහා ඝන කැලයක් මැදින් ගමනක් යනවා. හැන්දෑව වෙනකොට ඇවිදීමෙන්ම හොඳටම විඩාවට පත්වී සිටි මිනිසාට තේරුනා රෑ වෙන්නට කලින් මේ වනාන්තරය පහුකරන්නට බැරිබව. කෙසේ නමුත් ගිමන් හැරීමට හෝ නැවතීමට සුදුසු තැනක් අසලක හොයාගන්නට නැති බව දන්නා මිනිසා තම ගමන දිගටම යාමට තීරණය කලා. හිරු අවරගිරින් බැස යද්දී වනන්තරය ටිකෙන් ටික අඳුරේ ගිලෙන්නට වුනා. දහවල් කාලයේ දසත ...
චාලිගෙ කැටේ ඇත්ත කතා කෙටියෙන්ම කිව්වොත්, චාලි කියන්නේ සරසවියෙදි මුනගැහුණු තවත් සුන්දර සහෝදරයෙක්... අපේ චාලියා බොහොම අහිංසකයා, ඒ වගේම උනන්දුවා. බොහෝම අව්‍යාජ මනුස්සයෙක් විදියට තමයි මගේ හිතේ ඇඳිලා තියෙන්නේ. කොහොම උනත් ඔය හැමදෙයක් වගේම බොහොම විනෝදජනක දේවල් කරන, ඊටත් වඩා සිද්ධවෙන පුද්ගලයෙක් කිව්වොත් හරි. ඉතිං මේ කතාව චාලිට වෙච්ච සිද්ධියක් ගැන. අපේ විශ්වවිද්‍යාලෙ මහා ශිෂ්‍ය සංගමෙන් හැම අවුරුද්දකම කරන සාහිත්‍ය උළෙලක් ...
වන අලි ඇත්ත කතා ටික කලකට පෙර නම් වන අලි නමින් සත්ව කොට්ඨාශයක් ලංකාවේ සිටියේ නැත. හීලෑ අලින්ට අමතරව සිටියේ වල් අලින් පමණි. වල් අලි, වන අලි බවට නාමකරණය කරන ලද්දේ අපේ වනජීවීන් භාර ඇමැතිතුමා විසිනි. එතුමා මේ පිලිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත්කරනු ලැබූ අවස්ථාවේ නැඟුනු ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන් කීවේ, මේ වෙනස කරනු ලබන්නේ "වල් අලි" ලෙස හැඳින්වීමෙන් මේ සත්වයාට සිදුවන අපහාසය වැලැක්වීම පිණිස කියාය. මට මෙතැනදී ...
කෝට්මේල් ඇත්ත කතා මේ සිද්ධිය උනේ මං පැටියා කාලෙ... ඒ කාලෙ අපි පදිංචි වෙලා හිටියේ බණ්ඩාරවෙල, බිඳුනුවැව කියන සුන්දර ප්‍රදේශයේ. මේ ගම තියෙන්නේ කොලඹ-බදුල්ල පාරෙම බණ්ඩාරවෙල නගරෙ පහුකරලා හැතැම්ම කීපයක් යනකොට. ඉතිං ඒ කාලෙ මගෙ පුරුද්දක් තමා නිතරම කඩේ යන එක... හික්ස්! ඒ කිව්වෙ ගෙදර අවශ්‍යතා වලට කඩේ දුවන්න වෙන්නෙ මට තමයි. අපි එදිනෙදා ඕනෙ වෙන බඩු ගන්න පුරුදුවෙලා හිටියෙ බිඳුනුවැව හංදියෙ 'ගුණසිරි' එකෙන්. ...
තුන්දෙනාම ඩබල් දාලා... ඇත්ත කතා මේ කියන කතාව වුනේ අපි පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ඉන්න කාලෙ. ඔන්න අපේ පාඨමාලාවෙ පලවෙනි සෙමෙස්ටර් එක අවසන් වෙලා නිවාඩු ලැබෙන දවස් තමයි ඒ. ගොඩක් අය ඉතිං ගෙවල්වල යන්න කලින් දවස් කීපයක් අලුත සෙට් වෙච්ච යාලුවොත් එක්ක ට්‍රිප් එකක් එහෙම යන්න තමයි ලෑස්තිය. ඒ අස්සේ මට ඔන්න ආරාධනාවක් ලැබුනා අනුරාධපුරේ යන්න. ගමන යන්නෙ මමයි, අපේ ටයිසනුයි, උගුඩුවයි... උගුඩුවගෙ ගම වැළිමඩ, ...
දොස්තර බලේ ඇත්ත කතා කතන්දරගේ "මහරාජා ගේ දොස්තර ක්‍රොස් එක - Mr Maharaja's doctor cross" කතන්දරේ කියෙව්වම මටත් මතක්වුනා කාලෙකට කලින් අහන්න ලැබුණු කතාවක්. කියවලම බලන්නකො... මේ කතාව ඇත්තටම මට අහන්න ලැබුනෙ පේරාදෙණිය සරසවියෙ ගතකපු කාලෙ. ඒ කියන්නෙ දැන් අවුරුදු හතකට විතර කලින්... මට මතක විදියට අපි දෙවෙනි නැත්නම් තුන්වෙනි වසරෙ ඉන්න කාලෙ අපිට එක විෂයක දේශණ කරන්න ආවා ආචාර්ය ලියනගේ. එයා තමයි මේ කතාව ...
එදිනෙදා කියවෙන පිරුලු කීපයක්... ඇත්ත කතා සිංහල භාෂාවෙ බොහොම වැදගත් අංගයක්නෙ ඔය කතා කිරීමෙදි පාවිච්චි වෙන විවිධ පිරුලු. මං හිතන්නෙ පිරුලු කිව්වම සෑහෙන ප්‍රමාණයක් ඇති අපේ භාෂාවෙ. ඕවා ගැන ගැඹුරට හදාරන්නෙ "වාග් විද්‍යාව" කියන විෂයෙදි. අපේ මහාචාර්ය ජේ. බී. දිසානායකයන් තමයි මං දන්න විදියට මේ විෂයට ලංකාවෙ ඉන්න ප්‍රාමාණික විද්වතා. මම ඉතිං ඔය විෂය නම් කවදාවත් හදාරලා නෑ... නමුත් පොඩි උනන්දුවක් තියෙනවා. ඒ නිසා අපි අහල ...
ඔබේ රථය අනතුරට පත්කල බස් රියදුරෙකුට දඬුවම් කරන පහසු ආකාරය... ඇත්ත කතා ඉස්සෙල්ලම කියන්න ඕනෙ ඉතිං පහසුම දේ තමයි තමන්ගේ රථය අනතුරට පත්වෙන්න නොදී පරිස්සම් කරගන්න එක. නමුත් අපි කොච්චර පරිස්සම් උනත් තවත් කෙනෙකුගේ වැරැද්දක් හෝ අත්පසුවීමක් නිසා අපි අනතුරට ලක්වෙන්න ඉඩ තියෙනවනේ. මම නම් වාර ගනනාවක්ම ඉතිං අනතුරු වලට මුහුණදීලා තියෙනවා. කොහොමහරි ඔය අනතුරුවලින් වෙන්න හොඳම නැති එකක් තමයි මං හිතන්නෙ බස් එකක වැදෙන එක. මොකද මගේ අත්දැකීම්වල හැටියට බස් කාරයො තමයි ...
ආදරය ඇත්ත කතා ආදරය පූස් පැටියෙක් වැනිය... ලඟට ගත් විට සූරා පලා යයි... ඈත් කල විට ලඟට විත් කකුලේ දැවටෙයි... (පේරාදෙණිය සරසවි කුරුටු ගී) මේ රසවත් කෙටි නිසඳැස මා දුටුවේ පේරාදෙණිය සරසවියේදී කුරුටු ගීයක් ලෙසයි... සරසවි කුරුටු ගී කොතෙකුත් අන්තර්ජාලයට එක්කර තිබුනත් මෙය නම් ඒ අතර තිබුනේ නෑ... ඒ නිසයි ඔබ සමඟ මේ රස බෙදා ගන්නේ! Image: piyaphantawong / FreeDigitalPhotos.net ...
මී පාසානම් ඇත්ත කතා මීට අවුරුදු දෙකකට විතර කලින් දවසක ඔන්න අපේ අම්මයි තාත්තයි ගිහින් ජ්‍යොතිශාස්ත්‍රඥයෙක් මුණගැහෙන්න මොකද්දෝ වැඩකට. ජ්‍යොතිශාස්ත්‍රඥයෙක් කිව්වට ඇත්තටම මෙයා කාන්තාවක්, ජ්යොතිශාස්ත්රඥවරියක්. ඉතිං ගිහින් ඇවිත් මේගොල්ලෝ මෙයා ගැන මාර වර්ණනාව. කියන විදියට ඉතින් මෙයා මහ පුදුම විදියට කේන්දරේ බලලා තොරතුරු කියනවලු. හරියට බලන් හිටියා වගේ වෙච්ච දේවල් කියනවා කියල තමයි කිව්වේ. ඒ විතරක් නම් මදැයි, හොඳම ටික තමයි ...
පොල් ගෙඩියකුත්, ගම්මිරිස් ඇට 13ක්... ඇත්ත කතා පොල් ගෙඩියකුත්, ගම්මිරිස් ඇට 13 කුත් රැගෙන එන ලෙස ඉල්ලා තිබේ... මෙලෙස ඉල්ලා ඇත්තේ පබිලිස් සිල්වා උන්නැහේ නොවේය, එන්නට කියා ඇත්තේ ගල්කිස්ස මහ හෝටලයටද නොවේය. මේ ඉල්ලීම කර ඇත්තේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙකු විසිනි, එන්නට කියා ඇත්තේ සීනිගම දේවාල භූමියටය! සීනිගම දේවාලයට පොලුත් ගම්මිරිසුත් රැගෙන යන්නේ කුමන අරමුණකින්දැයි කවුරුත් දන්නෝය. දෙවොල් දෙවියන් ඉදිරියේ පොල් ගහන්නෝත්, ගම්මිරිස් පුච්චන්නෝත්, ...
"අපි වෙනුවෙන් අපි" ඇත්ත කතා මේ කවිය දස දහස්වරක් විවිධ භාෂාවන්ට පරිවර්තනය කෙරී ඇති! සියක්වරක් සිංහලයට පෙරැලී ඇති!! නමුත් මෙහි ගැබ්වී ඇති සදාකාලික සත්‍යයට ආචාරයක් වශයෙන් තවත් වරක් මගේ පරිවර්තනය රසවිඳින්න..... පළමුව ඔවුහු කොමියුනිස්ට්වාදීන් සොයා පැමිණියහ මම කොමියුනිස්ට්වාදියෙකු නොවන බැවින් කතා නොකලෙමි දෙවනුව ඔවුහු වෘත්තීය සටන්කරුවන් සොයා පැමිණියහ මම වෘත්තීය සටන්කරුවෙකුද නොවන බැවින් කතා නොකලෙමි තෙවනුව ඔවුහු ...
ආයෙත් ඇවිල්ලා... ඇත්ත කතා හෝරා යන්තරයේ කටු තත්පරයෙන් තත්පරය කැරකී ගොස් උදාවිය අලුත් දවසක්... යුතුකම් ගොඩ ගැසුනු කරන්නට වැඩ පිරුනු ඉටුකරගන්නට ප්‍රාර්ථනා කඳු ගැසුනු මහන්සිය දැනෙන විට... අනේ අද දවස ඉක්මනට ගෙවිලා යනවානම් සිතුනු දින සති මාස විය කාටත් නොදැනීම මෙච්චර ඉක්මණට අවුරුද්ද ගෙවුනාදැයි ඇසෙන තරමට උදාවිය තවත් අලුත් දවසක්... වසරකට මුල පුරන හදවතින් පතන්නට ලැබුවාවූ නව වසර සාමය සතුට සපිරුණු සියලු පැතුම් ඉටුවන සෞභාග්‍යමත් ...
පෞද්ගලික විශ්වවිද්‍යාල වලිප්පුව ඇත්ත කතා (මගේ මේ බ්ලොගය ආරම්භ කලේම දේශපාලන කරුණු ගැන නොලියන අදහසින්. මේ කාරණය දේශපාලනය හා තදින්ම බැඳී තිබුනත්, ඊට වඩා එය මේ සමාජයට කරන බලපෑම ගැන සිතූ විට මේ සටහන නොලියාම බැහැ ) නිමිත්ත: Sri Lanka News-Adaderana-Truth First - First Private Uni by April 2011 - SB අපේ ගරු උසස් අධ්‍යාපන ඇමතිතුමා තනතුරේ වැඩ භාරගත්තේම මෙරට තුල පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීම තම න්යායපත්රයේ මූලික කරුණක් ...
උසස් පෙළින් පසු… ඇත්ත කතා තවත් උසස් පෙළ විභාගයක ප්‍රතිඵල නිකුත් වී ඇත!!! විශය ධාරාවන් හතරෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන්ගේ නම් ප්‍රධාන පුවතක් ලෙස ප්‍රචාරය වී තිබුනේ මෙසේය; භෞතික විද්‍යා අංශයෙන් රාජකීය විදුහලේ විදුරංග බණ්ඩාර විජේකෝන් කලා අංශයෙන් කොළඹ කාන්තා විදුහලේ ශලෝමි ඩැනියෙල් ජීව විද්‍යා අංශයෙන් පින්නවල ජාතික පාසලේ දසුන් උපමාල් කලුගල වාණිජ අංශයෙන් කුලියාපිටිය මැදි මහ විදුහලේ ආලෝකා වනමලී ඇන්තනි මේ ...
Rain Rain Go Away, Come Again Another Day… ඇත්ත කතා වැස්ස… වැස්ස… වැස්ස… උදේ ඉඳන්ම වහිනවනෙ අද! අපේ ඔෆිස් එකෙත් මිදුලේ මේ වගේ වැස්සකට වතුර පිරෙනවා. ඔෆිස් එකේ නම් බැරියැ, අපේ ගෙදරත් එහෙමයි (අපේ කිවුවට ඒක අපි කුලියට ඉන්න ගෙදර ). වටේටම තාප්ප බැඳල කොටුකරගෙන, හරියට වතුර බහින්න කානු ටික මදි උනාම ඕක වෙනවනෙ. ඉතින් ඒ හින්දම හිතුන මේ වැස්ස නිසාම ඔලුවට එන දේවල් ටිකක් ලියන්න… මේ දවස් වල වැස්ස කොයි ...
ඔන්න "ඇත්ත කතා" පටන් ගත්තා!!! ඇත්ත කතා ඕන් ඉතින් මාත් කාලෙක ඉඳන් බ්ලොග් එකක් ලියන්න හිතන් හිටියා...ඔය හිතන හැම එකක්ම කෙරෙන ඒවා නෙවේනෙ ඉතින්… අනික් අතට දිගටම කරගෙන යන්න පුලුවන් දේවල් විතරක් තොරල බේරල කරන්න ඕනෙනෙ නේද?කොහොමෙන් හරි ඔන්න වැඩේ පටන් ගන්නයි යන්නෙ!!! ඔන්න නම දැම්ම “ඇත්ත කතා” කියල… ඒ කියන්නෙ මේකෙ තියෙන ඒව පරම සත්‍ය කියන එක නෙවෙයි... මේවා ඇත්ත කියල හිතෙන්නෙ මට විතරක් වෙන්නත් පුලුවන්, ...