ගං ඉවුරේ ඇන්ද රටා එදා ආදෙරෙන් තුරුළුව හිමින් හිමින් නෙවෙයි මැකුණෙ ඒකයි පුදුම... අපට අපව දුරස් වුණේ සැණෙකින් කොහොම.. .............................................. එදා වගේ දොඩමළු වී කතා කළේ නැහැයි කියල' අපි මෙතරම් දුරයි කියල' කියන්නෙ කොහොම.. මට නං ඔබ අමතක නෑ මතකයි තවම..... ............................................. මතකෙන් නොම ගිලිහුණාට ලෙංගතු කම් පැවතුණාට එදා තිබුණු ආදර හිත හොයන්නෙ කොහොම... තනි උනහම සියොළඟ නැහැ වෙළෙන්නෙ එහෙම.. ...

විදුලි බිල වැඩි වීම සාධාරණ ද? මට සිතෙන්නේ මේ මිල වැඩි වීම අසාධාරණයක් නැතැයි කියාය.. රටේ උද්ධමනයක් පවතින විට එවන් වැඩිවීමකට අප සූදානම් විය යුතුය. අනෙක් අතට මෙම වැඩි වීම අඩුවෙන් පරිභෝජනය කරන්නන් කෙරෙහි බලපාන්නේ අඩුවෙනි. නැතහොත් බලපාන්නේ ම නැත. අඩු විය යුත්තේ ගසා කෑම්ය, නීතිය වල් වැදීම්ය, ජනතාව ගොනාට ඇන්දවීම්ය, ජනතා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාය. නීතියේ ඇති ...

අන්තර්ජාලයේ කවි සමූහ මෙන්ම විවිධ රේඩියෝ නාලිකා ද ඇති බව ඔබ සියළු දෙනා දන්නවා ඇත. එහෙත් මේ අතර සඳස ෆේස්බුක් කවි සමූහය සහ සඳස රේඩියෝව මේ අතර සුවිශේෂයැයි මට සිතෙනුයේ.. මේවා අන්තර්ජාලය හා ෆේස්බුක් හරහා සඳස් කවිය වෙනුවෙන් මහා මෙහෙවරක් කිරීම පිණිසම ඇරැඹුණු ඒ ඒ වර්ග වල මුල්ම ආයතනයන් නිසාවෙනි.. ඒ නිසාම මේවායේ නිර්මාතෲ හේමදාස ලියනගේ මැතිඳුන් කෙරෙහි ද මා ...

සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ.. නමින් මා ලියූ මුල් ලිපියට සබැඳිව තවත් ඉදිරියට යන්නට සිතුනු නිසා එහි දෙවැනි කොටසක් ද ලියන්නට සිතුවෙමි.. ====================================== උඹලට සුමිත් අයියලා මොනවා කරත් වැරදියි.. මිනිස්සුන්ගේ වැරදිම හොයන්ට එපා බං.. අපි කවුරුත් මිනිස්සුනෙ.. අපි කාටත් වරදිනවා.. හොඳ දකින්න පුරුදු වෙයං.. ====================================== යකෝ අපි කවුරු කරත් වැරැද්දට වැරදියි කියනවා.. හරි දේට හරියි කියනවා.. උඹලා වගේ කැපුවත් නිල් ...

සුමිත් අයියා නම් මහ පුදුම මිනිහෙක්.. බලන්ටකො තියෙන නිරහංකාර කම.. හැමෝත් එක්කම හිනාවෙලා.. වචනයක් හරි කතා කරලා නෙව යන්නේ.. ඒ විතරක්ද මළ ගෙයක් දානෙ ගෙයක් වරද්දන්නෙ නෑ.. අපි වගේ නිකං ගිහිං කුට්ටම හොල්ල ඉඳලා එන එකක්ය.. අඩු ගානෙ රුපියල් පන්දාහක් වත් ගෙදර ඇත්තන්ට දීලා තමයි එන්නෙ.. වෙන මොකක් හරි අඩුපාඩුවක් කියන්ට.. ටක් ගාලා තමන්ගෙ සැට් එකට කියලා වැඩේ කරලා ...

Payroll Software එකක වැදගත්කම.. 2 Payroll Software එකක වැදගත්කම.. 1 ලියලා සෑහෙන දවසක්.. ඒ කියන්නෙ මාසයක් විතරම ගියා.. දෙවැනි කොටස දාන්න ඉස්පාසුවක් ලැබුණේ අද තමයි ඕං.. C Form, Form C3 Return, R4 Form, Form II Return, PAYE Tax Deduction, T-10 වගේ අතිශය වැදගත් Statutory Reports කිහිපයක් ගැන පළමු ලිපියෙන් අපි කතා කළා..Salary Sheet, Coin Analyze, Loan Status වගේ Reports වල තියෙන වැදගත්කමත්.. Payslip එක ...

කවුරුන් හෝ ඇවිල්ලා.. ඔබව දන්න ඔබ නොදන්න කවුරුන් හෝ ..........ඇවිල්ලාහදෙහි ගින්න මැඬ නිවන්න මොනවාදෝ ........ගෙනැල්ලාතව හිතන්න හසු නොවන්න ඉවසාලා ...............සියල්ලාමෙත වඩන්න සිත නිවන්න පුළුවන් දැන ..........ගනිල්ලා පුංචි පුතා වෙයි සමතා ඒ ගැන සිත ................යොමල්ලාදෝණිට යන කල දවසට අඩු වැඩියක් ...........හොයල්ලාපාළු සිතේ හීන පැතුම් ගැන මැදහත් ...............වෙයල්ලාදෝස නසා පිය දිගැසා ගැන බිඳුවක් .................සිතල්ලා කාසි නිසා වාසි තකා වරදට යොමු .............නොවෙල්ලාපාසි ලෙසා බැන්ද ගලේ ...

බ්ලොග් කමෙන්ටුවකට ලිංක් (Link) එක ඔබන්නේ කොහොමද? නිතරම අපට අවශ්‍ය වෙන පුංචි පුංචි දේවල් අතර බ්ලොග් එකක කමෙන්ටු දාද්දි වැදගත් දෙයක් තමයි.. Link එකක් කමෙන්ටුව අතරට අමුණන එක.. ඔබට අවශ්‍යයි කියලා හිතමු http://hadapathula.blogspot.com කියන Link එක.. "හදපතුල" විදිහට පෙන්නලා.. ඒක Click කළාම අවශ්‍ය තැනට යන්න.. මෙන්න මේ විදිහට ඒ වැඩේ කරන්න පුළුවන්.. මෙතන තමන්ට යන්ට අවශ්‍ය තැන Link Address එක (දිගුව) http://hadapathula.blogspot.com වෙනුවට දාලා.. පෙන්නන්ට ඕන ...

දෙන්නෙක් අතර ඇතිවන සම්බන්ධයකට නමක් දිය යුතුම ද? සම්බන්ධය කුමක් වුණත්.. එයට අනිවාර්යයෙන් තිබිය යුත්තේ හැඩයකි.. එම හැඩයට නමක් දිය හැකි නම් එය වෙනම කතාවකි.. නමක් යෙදිය හැකි නොවීම හැඩයේ වරදක්ද?මාත් අපේ රටේ නායකත්වයත් අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි.. ඒ සම්බන්ධයේ දී.. මට ... ඔහු මගේ රටේ ජනතාව විසින් පත් කළ මගේ රටේ නායකයාය.. ඔහුට .. මා.. සුවහසක් වූ ඔහුගේ ආදරණීය ...

මේ පාර සයිබරයේ බක්මහ සැණකෙළිය තියෙන්නේ අප්‍රේල් 21 වෙනිදාය කියලා මං දැනගත්තේ.. ඊයෙ.. ඉතිං මේ පාර නං කොහොම හරි යනවයි කියලා හිතා ගත්තු මං තකහනියක්ම ගිහිං ඉල්ලුම් පත්තරේකුත් පිරෙවුවා.. හුටා පටස්.. ගෙදර ගිහාමයි මතක් වුණේ.. 21 අපේ ගෙදර නෑදෑ හමුවක් තියෙනවා.. නෑදෑ හමුවක් කියන්නේ අපේ අම්මගෙ සහෝදර සහෝදරියො ටික අපේ ගෙදරට කැඳවලා පුංචි සංග්‍රහයක් කොරනවා.. ඒ මදිවට අපේ අප්පච්චිගේ උපන් ...

මගේ ආයතනයේ ප්‍රධානම Product එක Payroll Software එක හින්දා ඒ ගැන ලිපි කිහිපයක් ලියන්න ඕන කියලා මට හිතුණා... කලා කටයුතු වලට අවුලක් නොවෙන්න අතරින් පතර.. එකින් එක දාන්නම්..ආයතනයක් පවත්වාගෙන යද්දි කරන වැඩේට වඩා අමාරු වැඩේ තමයි.. රජයට අවශ්‍ය Documents හදන එක.. Payroll එකත් එක්ක සම්බන්ධ වෙන මේ වගේ Documents කීපයක් මතක් කරනවා නම්..C Form - මාසිකව EPF සඳහාForm C3 Return ...

මගෙ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතුවිල්ලෙන්..එහෙම කාලෙකුත් තිබුණා නේද? මට ඇහෙන නෑහෙන ගානට මගේ හිතම මට කෙඳිරුවා..ඇත්තටම එහෙම කාලයක් තිබුණද? ඒ ප්‍රශ්නයත් මගේ හිතෙන්මයි.. ඒ වුණාට අර කලිං හිතට වඩා මේ හිතට පොඩ්ඩක් හිතන්න පුළුවං ද කොහෙද..එහෙම හිතෙන කාලයක් තිබුණා.. ඒකයි ඇත්ත.. ඒත් දැං.. එහෙම හිතෙන්නෙ නෑ..ඒත් ඇයි ඒ..ඕවා හිත හිතා ඉන්න කොහෙද අප්පා වෙලාවක්..අනික ඉතිං මොනවා හිතන්නද.. එයා ...

මෘදුකාංග ගැන කලිං ලිපිය නවත්තපු තැනිං අද පටං ගන්නං..අපේ රටෙත් බහුතරයක් ව්‍යාපාර කරන උදවිය එයාලගෙ ඔෆිස් වල විවිධ වර්ගයේ මෘදුකාංග පාවිච්චි කරනවා.. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තමයි ලංකාවෙ බහුලව භාවිත වෙන්නේ.. ඉතිං ඒත් එක්ක MSWord, MSExcel, MSPowerPoint කියන Applications නිතරම භාවිත වෙනවා.. එයිනුත් කාර්‍යාල වල වැඩියෙන්ම භාවිත වෙන්නෙ මං ඔය කලිං කියපු Applications වර්ග දෙක. ලියුං කියුං රාජකාරි වලට MSWord සහ ...

මිතුරෙකු සිටී මට හරි ....................සිරියාවන්තගැටළුය ඔහුට නිතරම සැමටම ................අන්ත එනමුත් සිනාසී විලසින් ...................ගුණවන්ත හැමවිට හිඳී වීලා .........................ඉවසිලිවන්ත කුකුසට මගේ පිළිතුරු ඔහු ............ගලපන්නා පිංතූරයක් සැණෙකින් එළියට ............එන්නා මේ මගෙ බිරිඳ යැයි හිනැහී ............පවසන්නා මෙය බැලු සැනින් කරදර අමතක .......වන්නා බැඳලා වසර දහයක් පහළොවක් .............වන දෙදෙනගෙ පුදුම පෙම.. සතුටකි සිතට .....එන තව තව විමසුවෙමි ඒ කෙම් ක්‍රමය .........ගැන පුදුමෙකි ලැබුණු පිළි

ගානක් හදන්ට තේරෙන කාලෙ ඉඳං නියතව සිද්ධ වුණු එකම දේ තමයි.. බඩු මිළ ජීවන වියදම ඉහලට ගිය එක.. ඒක එහෙම වුණේ අපේ රටේ පාලකයින්ගේ වරදින් විතරක්ය කියලා කවුරු හරි කියනවා නං ඒක පට්ටපල් බොරුවක්.. අද තරංම නොවුනත් රටට ආදරයක් තියෙන මහත්-හොරු අපේ රට සුද්දගෙන් පස්සෙ පාලනය කළා කියන එක කවුරුත් පිළිගන්නවා ඇතිනේ..මං මගෙ ජීවිතේ පුරා දුකක් කියලා දැනෙන්ට දෙයක් විඳලා ...

වෙනදා නැති සැහැල්ලුවකින් නිවසට ගොඩවුණු සිරිමෙවන් දැක නන්දාට ඇති වූයේ කුකුසකි..අද වැඩට ගියේ නැද්ද? ඇය ඇසුවේ එතරම් අහිංසක ස්වරයකින් නොවේ..නෑ වැඩට තමයි ගියේ.. සිරිමෙවන්ගේ ස්වරයද ඉතා සන්සුන්ය.. සිරිමෙවන්ගේ සන්සුන් කම නන්දාව නොසන්සුන් කළ බවක් පෙනුණි..බොරු කියන්ට එපා.. ඇත්ත කියනවා.. ! එය තරවටු ස්වරයකි..හ්ම්.. ඇත්තම තමයි.. අද අපේ ඔෆීසියේ උපදේශන වැඩසටහනක් තිබුණා..සිරිමෙවන් තවත් සන්සුන් වෙමින් ආලින්දයේ පුටුවකට බර දුන්නේ මඳ සිනාවක් ...

හමුවීම් වෙන්වීම් --------------අතරේජීවිතය ගමනක්ය -------------සසරේනෑ ඉඩක් ඒ අතර --------------පතරේවෙන් නොවන බැඳුමකට ------මිතුරේඔබ මගේ යැයි මා ඔබේ ---------යැයිබැඳෙමු සිතමින් අප අපේ -------යැයිලෝකයම මිරිඟුවක් වේ ---------යැයිනොසිතුවෙමු අප, අප නොවේ ---යැයිපැතුම් මල් මත මියෙන්නට -----පෙරනෙතින් ගිණිදැල් නැඟෙන්නට -පෙරගතින් සවි බල මිදෙන්නට ------පෙරසිතින් දුරලමු කෙළෙස් මහ-----මෙරප.ලිශාන්ත කුමාර විතාන හෙවත් ශකුවි කියන්නේ රටේ බොහෝ දෙනෙක් දන්න නිදහස් කවියෙක්.. එතුමාගේ නිර්මාණ වල තියෙන වැදගත්ම ලකුණ තමයි.. ...

ඕකගෙ හිත ගලක් වගේ.. සාළුවත් කරේ දමාගෙන ළිඳට නාන්ට යන මාව දැකපු කුමාරි අක්කා සුජාතා අක්කාට කියනවා මට හොඳට ඇහුණා.. ඇහෙයි බං.. සුජාතා අක්කාගේ කෙඳිරිල්ල පවා මට හොඳට ඇහුණෙ හාත්පස තිබුණු නිහඬතාවය නිසා වගේම ඒ කෙඳිරිල්ලෙ තිබුණු ජවය හින්දා.. ඉතිං ඇහුණ දෙං.. කුමාරි අක්කා කියා ඇත්තේ මට ම බව දැන් හොඳටම පැහැදිලියි..මං පහුගිය කාලේ පුරාම සුරනි ට ආදරය කළා.. ඒ ...

සොපි අක්කා ගමේ කා එක්කත් හිතවත් ගමේ ගැහැණියකි.. ගම් තුලානේ පාං කඩ, සිල්ලර කඩ, තොග කඩ වගේ කඩ තිබුණත්.. හවහට ආප්පයක් කාලා තේ ඩිංගක් බොන්ට හරි හමං කඩයක් නැති බව ගමේ කාටත් වගේම සොපි අක්කාටත් දැනුණි.. සොපි අක්කා දන්න අඳුරන කීප දෙනෙක්වත් එක්කාසු කොරාන.. වැඩේට බැස්සේ ලාභය ගැන හිතලා නොවේ.. ගමේ කොලු කුරුට්ටන්ට සිදාදියට යන්නෙ නැතුව හවහට එක්කහු වෙන්ට තැනක් ...

අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ සම මෙත පතුරවන්ට කියාය.. ඉතිං කියන එක අහපු අපි කොයිකාටත් සම මෙත පැතිරවූයෙමු.. එම සම මෙතෙහි ආනුභාවයෙන් අපට අපගේ බොහෝ බෞද්ධ උරුමයන් අහිමි වුණු බැවු සැබෑවකි.. එහෙත් එයින් මහා ලොකු පාඩුවක් සිදු වුණේ ද නැත.. නාමික බෞද්ධයින් ගණන අඩු වන්නට ඇත.. එහෙත් වත්මනෙහි ඇති ආගමික පිබිදීමත් සමඟ බුද්ධියෙන් ආගම සමඟ ගනුදෙනු කරන බෞද්ධයින් ගණන වැඩි ...

Previous Page