ඉළ ඇදෙනකං හිනාවෙන්න.... මෙන්න විදුලි ආතල් !! ඊයෙ උදේ ජාතික රූපවාහිනියේ දවසේ පුවත්පත් කාටූන් පෙන්නන අතරෙ තමයි මේ කාටූන් එක දැක්කෙ. වැඩසටහන කලේ චමුදිත සමරවික්‍රම බබා. (දන්නවනේ... සමරවික්‍රමලා කිව්වොත් ඉතින් ආතල්ම තමයි) ඒක පෙන්නන ගමන් මෙන්න මේ වගේ දෙයක් තමයි කිව්වේ.... “එම්.ඩී. වීරරත්නගේ කාටූනය............ ගෙදර ස්වාමිපුරුෂයා පුටුවකට නැගලා විදුලි මීටරේ දිහා බලාගෙන...... බිරිඳට කියනවා...හරි බයවෙන්න එපා... තාම අනූව උනේ නෑ කියලා.... හැහ්..හිහ්.. හා....ඒක තමයි.... අනූව පැන්නොත් ...

එන්න අප හා එක්වන්න. පූ.මා.නි.ව.බු.ජා. ඇරඹුනා....!! මේක ලියන්නෙ විශේෂ ආරාධනයක් කරන්න. අපි ලොකු වැඩක් පටන් ගත්තා. මේකට ඔබේ දායකත්වයත් අනිවාර්යෙන්ම ඕනෙ. නැත්තං වැඩක් නෑ. මේ බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳං ආපු ලොකුම චෝදනාවක් තමයි මම හතරවටේටම නෙලමින් ඉන්නව මිසක් කිසිම ප්‍රශ්නයකට ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කරන්නෙ නෑ කියන එක. මං ඕක ගැන සෑහෙන්න බරපතල විදිහට හිතුවා. ඒ කතාවෙ සීයට පහක විතර ඇත්තක් තියෙන බව අද ...

එන්න අපෙනුත් (සිංහල-බෞද්ධ) රෙදි ගන්න..... හෙළ උරුමය, බොදු බල සේනා, රාවණ බලය පරදවා ‘සිංහල රාවය’ තම තාර්කික අවසානය කරා ළඟාවිය. දැන් ඔබට ඔවුන්ගේ රෙදිපිළි සේල් එකෙන් නියම සිංහල බෞද්ධ ඇඳුම් පැළඳුම් සාධාරණ මිලට ලබාගැනීමට හැකිවනු ඇත. ඔවුන් සේල් එකක් දැමීම නිසා මුස්ලිම් ව්‍යාපාරිකයන්ට වන අමුතු පාඩුවක් නැති අතර සිංහල ව්‍යාපාරිකයන්ට නම් යම් පාඩුවක් වනු ඇත. ඒ සිංහල රාවයේ මතය පිළිගන්නන් වෙතින්, සිංහල ව්‍යාපාරිකයන්ට යාමට ...

ඉන්දියාවේ අම්මට එන්න කියාපිය.... (පුහ්) පළමු චරිතය - ‘ටෙක්ලා’ අපේ ඒරියල් එකේ කවුරුත් පාහේ දන්නා කියන ලලක්කෙකි. ලෙටර්හෙඩ්, ලෙජර්, කරන්ට් එකවුන්ට්ස් නැතත් වෘත්තීය මට්ටමෙන් සේවා සපයන්නියකි. දෙවන චරිතය - චානුක (එහෙම කියමු). මම දන්නා කියන එකෙකි. රස්සාව සේල්ස් රෙප්. විවාහකයි. දරුවො දෙන්නෙක් සිටී. තෙවන චරිතය- මහේෂි. චානුකගේ බිරිඳ. කියන්නට තරම් කැතක් නැත. තරමක් තරබාරුය. පොඩ්ඩක් කට සැරය. සිව්වන චරිතය- සමුද්‍රා. අවිවාහකය. දැනට වසර හතක් ...

හතර දෙනෙක් (ෆේස්බුක්) සිංහලයෝ.... මේ කතාව මම දන්නා එක්තරා පොඩි පහේ ටවුමක් ගැනය. මේ ටවුමේ එතරම් ජනාකීර්ණ නොවන පාරක කඩ පේලියක් ඇත. මේ කඩ පේලියේ කඩවල් හතඅටක් ඇත. ඒවායින් එකට යාව පිහිටි කඩවල් හතරක් කරන්නේ කොල්ලන් හතර දෙනෙකි. කෙළවරේ පිහිටි කඩය ෆාම් ෂොප් එකකි. (මස් කඩයක් හෙම නොවේ). බිස්නස් නැත්තේද නැත. ඊළඟට ඇත්තේ ෆෝන් ෂොප් එකකි. ෆෝන් ෂොප් කෙරුවාව යනු පොඩි කොල්ලන් ගෙනත්දෙන ...

පොල් කෙල්ලේ ඔයයි මමයි...... මේක යුද්දේ දරුණුවටම ගිය 2009 මුලදී වගේ වෙච්චි පොඩි සිද්දියක්. මම දන්න හොඳ දේශප්‍රේමී මුදලාලි කෙනෙක් ඉන්නවා. ධර්මෙ අයියා කියමුකො. පලාතෙ හැටියට ටිකක් ලොකු සිල්ලර කඩයක් තමා කලේ. පළාතෙ කවුරුත් පෙට්‍රල් ගත්තෙ මිනිහගෙ කඩෙන්. මොකද ෂෙඩ් එකේ පෙට්‍රල් වලට භූමිතෙල් කලවංකරන නිසා මිනිහා පෙට්‍රල් ගෙන්නුවෙ හැඳල පැත්තෙ ෂෙඩ් එකකින්. ෂෙඩ් එකට වඩා ගණං වැඩි වුනත් බඩු සුපර්. ඉතිං මිනිහා ...

දේශප්‍රේමී මංගල සේවා (නොමිලේ....!) උපුටාගැනීම - https://www.facebook.com/sihaseriyaforce පිං තකා කරන සේවාවකි. හරිගිය පසු කීයක්හරි නුදුන්නත් කමක් නැත...!! ඇත්තම කියනවනං ඔය උඩ දාල තියෙන පොටෝ එක දැකල මගෙ හඳුන්පොත කීං ගාල ගියා. මේ අපේ නියම සිංහල බෞද්ධ දරුවො නේද අද අසරණ වෙලා ඉන්නෙ? ඒක නිසාමයි මේ හදිස්සියේ මෙහෙම මංගල සේවාවක් පටන් ගන්න හිතුනේ. ඔබත් විවාහ අපේක්ෂාවෙන් සිටින නියම සිංහල බෞද්ධ තරුණයෙක්ද? ඔබ සොයන්නේ අව්‍යාජ, ...

මගේ රාත්‍රී සාංඝික දානය පින්තූරය - http://stillforestpool.blogspot.com/ ඊයේ මම රාත්‍රී සාංඝික දානයක් දුන්නා. ඒ හේතුවෙන් මට ලැබෙන්නට නියමිත ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා යන කුසලානුභාවයන් කැමති කෙනෙකුට (දැනට එව්වා අඩුපාඩු අය විශේෂයි) අනුමෝදන් වෙන්න කියන්නත් එක්ක තමයි මේක ලියන්නෙ. ඊයෙ හවස හතරට විතර පොඩි වැඩක් අහවර කරලා ගෙදර එමින් ඉන්න විට තමයි මේ කියන්න යන හාමුදුරුවො පාර අයිනෙ ඉන්නවා මම දැක්කෙ. මම හොඳට ...

අනුන්ට මෛත්‍රී කිරීමෙන් වළකින්න මුලින්ම කියන්න ඕනෙ මේ පෝස්ට් එක කියවන්න හදන ඔබට තියන්නෙ තෝරාගැනීම් දෙකයි. එක්කෝ මේක විශ්වාසකිරීම. නැතිනම් අවිශ්වාස කිරීම. මේක අවිශ්වාස කරන ඔබ ගැන මට දුකයි. හිතන්න ඔබ ගෙදරක ඉන්න පූසෙක් කියලා. මාළු එන්නෙ කොහෙන්ද කියල ඇහුවොත් ඔබ මොකද්ද කියන්නෙ? මාළුකාරයගෙ පෙට්ටියෙන්. එහෙම නැත්තං ෆ්‍රිජ් එකෙන්. ඉතින් මම ඇවිල්ලා මුහුද ගැනත් ධීවර කර්මාන්තය ගැනත් ඔබට කියාදෙද්දි ඔබ එය අවිශ්වාස කරනවනං ...

ඉබ්බා ‘The artist‘ – නැවත පැමිණීම ඉබ්බා ඊයෙ උදේ කඩිමුඩිගේ අපේ ගෙදරට ආවා. මේ ආවෙ අවුරුද්දකට හමාරකට විතර පස්සෙ. (ඉබ්බා ගැන නොදන්නවනම් මෙතනින් අඳුනගන්න පුලුවන්) “කොහොමද?” ආපු වේගෙන්ම ඌම මාව පිළිඅරන් පුටුවක වාඩිවුනා. “මොකද්ද ඔය කතාව?” මම එවෙලේ උන්නෙ සමබිම සම්මන්ත්‍රණය ඔන්ලයින් දාගෙන. “දීප්ති මචං” “ආ... දීප්ති....ඒකාලෙ පොර මාතොටේ එහෙම ලියපුවා සමහරක් මං කියෝල තියෙනවා... ඒව මරු. හැබැයි පස්සෙ පස්සෙ ලියපුවා නිකං චාටර් නේද?” “පස්සෙ ...

ගාසා තීරයට අත නොතබනු ! (මමයි කියන්නෙ හරිය..?) ඊශ්‍රායලය විසින් මේ මොහොතේදී ගාසා තීරය වෙත එල්ල කරමින් තිබෙන අති බිහිසුණු ප්‍රහාරය අප හෙලාදැකිය යුතුය. හෙට දිනයේදී ලෝකය විඳින්නට නියමිතව සිටි කුඩා මල්කැකුළු වන් අහිංසක දරුවන් අමානුෂික යුද්ධය විසින් තලා පොඩිකරදැමීම හද කම්පා කරවයි. මෙම වර්ගවාදී උන්මත්තකභාවයට අප කවුරුත් එරෙහි බැවින්, මෙම අමානුෂික ප්‍රහාරයන්ට මගේ විරෝධය පලකිරීම උදෙසා, එම ඛේදවාචකයේ ලොව සසල කල පින්තූර කිහිපයක් පහත පල කරමි. ...

නියම බුද්ධ පූජාව යනු කුමක්ද? ඊයෙ පොඩි වැඩක් වුනානෙ. මේ දවස්වල රාවය පත්තරේ ආචාර්ය වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ ‘සත්යෝදය’ පොත ලිපිමාලාවක් හැටියට පලවෙනවා. ගිය ඔක්තෝබර් 28 වෙනිදා ඉඳන්. ඉතින් නිකමට වගේ ඒකෙ බුද්ධ පූජාව ගැන උන්වහන්සේගෙ අදහසක් විතරක් උපුටලා ‘POLLS - ඡන්ද විමසීම්’ මුහුණුපොත් සාමූහිකයේ ප්‍රශ්නයක් විදිහට පළකලා. දැනට තියෙන ප්‍රතිඵලවල හැටියට වැඩිම මනාපය තියෙන්නෙ ‘ලියපු එකා හරකෙක්’ කියන උත්තරේට. මේ උත්තරේ දීල තියෙන වැඩිදෙනෙක් ...

රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි, පහත දැක්වෙන්නේ බණ්ඩාරගම පදිංචි කාන්තාවක විසින් එවන ලද ලිපියකි. පුලුවන් කෙනෙක් මේක වික්‍රමශීලා පිරිවෙනේ ගේට්ටුව ලඟ දමා යන්න. _________________________ බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙනේ පරිවෙණාධිපති පූජ්‍ය ‍රොටුඹේ පේමරත්න අපෙ නායක හාමුදුරුවන් වෙතයි. හාමුදුරුවනේ, ඔබ වහන්සෙලා අර නොදරුවොත් පෙරටුකොරං ඇවිත් අද කොරපු වැඩේ නං වස කැතයි. ඕකෙං මේකෙං මගෙ ලොකු කෙලිත් හෙට දැනගන්නවා අම්මා බේත් ගේන්ඩ කියල ගිහිං තියෙන්නෙ අහවල් සැත්කම කොරගන්ඩ ...

රුපියල් තුනේ සිගරැට්ටුවක් 25/= ට විකුණන්නෙ ඇයි? (In Time) In Time ෆිල්ම් එක බලල තියෙනවද? ෆිල්ම් එකක් හැටියට මට එච්චර අල්ලල නොගියත් ප්ලොට් එක මරු. ඒකෙ ‘අදහස’ කෙටියෙන් මෙහෙමයි. මුදල් වෙනුවට ජීවිත කාලය හුවමාරුවෙන් ගණුදෙනු සිද්ද වෙන ලෝකයක්. හැමෝගෙම අත්වල උපතින්ම ලැබෙන කාල මාපකයක් තියෙනවා. දවසක් වැඩ කලාම ඔබට ලැබෙන්නෙ යම් ජීවිත කාල ප්‍රමාණයක්. (අපි හිතමු පැය විසිහතරක්). ආපහු පාන් ගෙඩියක් ගන්න ගියාම ඔබට සිද්ද වෙන්නෙ ජීවිතකාල විනාඩි ...

'තෙමෙන මිනිසුන්' ට ප්‍රතිචාරයක් මේ තෙමෙන මිනිසුන්ට ඊමේලයක් මගින් ලැබුණු තරමක් දීර්ඝ ප්‍රතිචාරයක්. මේක ප්‍රසිද්ධ කරම්දෝ නොකරම්දෝ කියන දෙගිඩියාවෙන් දවස් කීපයක්ම හිටියා. හේතු කීපයකට. එකක් තමයි ෆූටා අරගලයට මම කැමතියි. එම ඉල්ලීම්වල ප්‍රායෝගික පැත්ත මොනව උනත්, සියළු විපක්ෂ දේශපාලන පක්ෂ අන්ත අසමත් වෙලාවක, ආණ්ඩුවේ අමනකමට එරෙහිව සිවිල් සමාජය මෙහෙම නැගී සිටීම ගැන අපමණක් සතුටුයි. අංක දෙක නිර්මාල්. දැනට වසරකට හමාරකට පෙර නිර්මාල් ගැන ...

තෙමෙන මිනිසුන්.... වසර ගණනාවක ඉඩෝරය නිමා විය. මහ වැසි ඇදහැලීම ඇරඹුනි. මෙම පින්තූරයේ සිටින්නේ තෙමෙන මිනිසුන්ය. කොළඹට වහින බව තාම මහවිලච්චියේ මිනිසුන් දන්නේ නැත. ඒ කාලගුණ පණිවිඩ ගමන් කරන්නේ පයින් බැවිණි. මෙතෙක් ගැටළුව වූයේ එම පයින් ගමන කිසිවෙකුත් ආරම්භ ‍නොකිරීමයි. දැන් එය ඇරඹී ඇත. දේශපාලනය යනු පොත්වලින් පාඩම් කරගත් වචන ගොන්නක් නොව, අවංක භාවිතය බව ප්‍රභාකරන්ගෙන් පසු දකුණට පෙන්වාදුන් තෙමෙන මිනිසුනි, ...

මාලකට බනින ඉරිසියාකාරයින්ට.... මම මේ කියන්ඩ යන්නේ මාලක සිල්වාට බනින උන්ගෙන් සීයට අනූහයයි දශම තුනක් ඌට බනින්නෙ ඉරිසියාව හින්ද කියලා. (හරි හරි... ඔයා අයිති අර ඉතුරු සීයට තුනයි දශම හතට) මාලක සිල්වා අවුරුදු විස්සක විසිඑකක කොල්ලෙකි. අවශ්‍ය තරම් මුදල් ඇත. මුදල් ඇති නිසා කෙල්ලෝ ඇත. ඇති තරම් ෆන් ගන්නට වේලාව ඇත. ඒ සඳහා ගෙදරින් කිසිදු බාධාවක් නැත. අනාගතය ගැන වදවෙන්නට දෙයක් නැත. ...

දූෂකයෙකුගේ කතාවක්.... (වරක් මා අතින් උනු ලොකු ‘මිස්ටේක්’ එකක් තියෙනවා. ඒක ඕනෙම කෙනෙකුට වෙන්න පුළුවන් සාමාන්‍ය දෙයක්. නමුත් මටම ඒක උනු එක ගැන ලොකු කණගාටුවක් ඇතුලෙන්ම දැනෙමින් තියෙනවා.) කතානායකයා අජන්ත. අවුරුදු 42 යි. හොඳට ඇඟපත තියෙන සරම/කමිසෙ අඳින හාදයෙක්. යන්නෙ නොම්මර තහඩුවත් දරාගිය කෑලි හැලෙන සුපර් කබ් බයික් කබලක. කවදාවත් කොණ්ඩෙ පීරන එකෙක් නෙමේ. ඉගෙනගෙන නෑ. කන් පාත් වෙන්ඩ බොනවා. ස්ථිර ...

බීටලේගෙ සතුට...! මේ ලිපිය නොකියෙව්වත් කමක් නෑ. කලින් බලල නැත්තං මේ වීඩියෝ එක බලන්න කියල ඉල්ලනවා. (අවුට්සයිඩර්, උඹේ ඩේටා කෝටාව අමතක කරල බලපං හරි?) මේ වීඩියෝ එක බුකියෙ ෂෙයාර් කරපු බීට්ල් ලියල තිබුනෙ මෙහෙම. “සතුටින් කෑගසා හඬන්නට හිතෙන්නේ මට විතරද..?” --------------------- මට මතක්වුනේ පෘථිවි වාසීන්ගෙ අඟහරු ආක්‍රමණය සිදුවුන පසුගිය දිනවල ‘ලංකා සී නිව්ස්’ වල ගිය හෙඩිමක්. NASA අඟහරු ගමනට ශ‍්‍රී ලාංකික ...

අපේ කුකුල් බිලිපූජාව...! ශිෂ්ට මිනිහෙක්...! මා කුඩාකල අසල ගමක දේවාරූඪයෙන් සාස්තර කියන තැනක් විය. ම‍ගේ මවද එහි ගොස් සාස්තර ඇසුවාය. ඇයට කියා තිබුණේ අප නිවසට බලගතු හූනියමක් කර ඇති බවකි. ඒ සඳහා කුමක්දෝ ශාන්තිකර්මයක් කල යුතු බව පවසා යම් දිනකදී නැවත පැමිණෙන ලෙස ඇයට දැනුම් දී තිබුනි. එදිනට ගෙන යා යුතු ‘පූජා භාණ්ඩ’ ලැයිස්තුව මමද කියවීමි. දෙහි, අහු, පුහුල්, රතු රෙදි, කපුරු, ...

Previous Page