නාරාහේන්පිට ලයිසන් චණ්ඩි RearGate මේ අපි වැඩිදෙනෙක් දන්න කියන ප්‍රසාද් වැලිකුඹුර මිත්‍රයා එවපු මේල් එකක්. මේකෙ තියෙන සිද්ධිය අපිට අමුතු එකක් නොවෙන එකම තමයි අපේ කාලකන්ණිකම. මේ වගේ ලයිසන් චණ්ඩි නැති පොලිසියක් නැහැ. මේක කියවලා මට එකපාරටම අහන්න හිතුනේ උඹ මේක ඔය ඒරියා එකේ පොලිස් ලොක්කන්ට කිව්වෙ නැද්ද කියලා. හොඳ වෙලාවට ඇහුවෙ නැත්තෙ. උන්ට කිව්වත් වැඩක් නෑ. වැඩිම උනොත් මේ කාලකන්ණීයා කොහාට හරි ...
නිකිණි දන්සැලක් දෙන්න කැමතිද? RearGate දැනට වසර හයක විතර ඉඳං අවුරුද්දකට වරක් දෙකක් මම ලබන අපූරු අත්දැකීමක් බෙදාගන්න හිතුනා. මේ මහලොකු දෙයක් නෙමේ. වැඩිහිටි වන්දනා චාරිකාවක්. (මෙතන ඉඳන් දිගටම ඔහේ ලියාගෙන යන්නයි හදන්නේ. මෙලෝ රහක් නැතිවෙන්න පුළුවන්. ඔන්න මුලින්ම කිව්වා) මේක මට සෙට්වුනේ බොහොම අහම්බෙන්. පස්සෙ මම වැඩිහිටි කණ්ඩායම් දෙකක් එක්ක මේක සංවිධානය කරන්න උත්සාහ කලා. හැම අවුරුද්දකම මේකට සම්බන්ධ වෙන්නෙ වැඩිහිටියන් 50 ත් ...
දන්සැල් ආශ්චර්යය RearGate මාර පින්තූරයක් කවුරු මොනවා කිව්වත් දැන් අවුරුදු කීපයක ඉඳන් මේ රටේ මොකක්හරි ආශ්චර්යයක් පහළ වෙමින් තියෙනවා. මිනිස්සුන්ට සල්ලි නෑ... ආර්ථිකය කඩාවැටිලා.... ජීවත්වෙන්ඩ විදිහක් නෑ.... හැමෝම කියන්නෙ ඕවා තමා. ඒ වුනාට වෙසක් පොසොන් වලට දීපු දන්සැල් කන්දරාව දැක්කනේ? මේ දැන් උදේ එකෙක් ඇවිල්ලා කතා කරනවා දන්සැල් කන්ඩ යමුලු. උන් පොඩි බස් එකකට තෙල් ගහගෙන පඬුවස්නුවර.... වැල්ලෑගල... පරමාකන්ද... ඔය රවුමෙ යන්න ...
මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය....... RearGate (මෙය Reargate පාතාල රසිකයෙකු වන අඹ කීර්තියා විසින් ලියන ලද්දකි. අඹ කීර්තියාට VIP පාස් එකක් නැති බැවින් මෙය පස්ස ගේට්ටුවෙන් ඇතුලත් කිරීමට තීරණය කල බව සලකන්න.) මේ ගීත විචාරයක් නොවේ, එසේම මෙහි සළකනු ලබන ගීතය සම්බන්ධයෙන් සත්‍යම වූ කරුණු අන්තර්ගත නොවීමට පුලුවන. එහෙත් පූර්ණ වශයෙන් අන්තර්ජාලය ඇසුරෙන්ම පමණක් අසන්නට ලැබුණු නවීන සංගීත භාණ්ඩ හෝ නවීන ක්‍රමවේදයක් යටතේ නිෂ්පාදනය නොවුණු ...
‘දෙදෙනාටම සතුට’ - රාවණ බලය RearGate මම මේ ලිවිල්ලත් අතහැරලා දාලා තිබ්බේ. මොකද දැන් අලුතෙන් ලියන්ඩ දේවල් නැති හින්දා. වෙන්නෙ කෙරෙන්නෙ මොනවද කියලා හැමෝම දන්නවනේ. ඒ උනාට ඊයෙ වෙච්චි දෙයක් මට එච්චර ඇල්ලුවේ නෑ. අර රාවණ බලයෙ කට්ටිය ගිහින් ක්‍රිකට් ආයතනය වැටලුවනේ. රාවණ බලයේ නිර්මාතෘවරයාය කියන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස කියන බෞද්ධ භික්ෂූව පහුගියදාක සිරසේ ‘සටන’ කියන ආතල් වැඩසටහනට ආවනේ. (අපරාදෙ කියන්ඩ බෑ බොදු බල සේනාවයි සිංහල ...
ඉළ ඇදෙනකං හිනාවෙන්න.... මෙන්න විදුලි ආතල් !! RearGate ඊයෙ උදේ ජාතික රූපවාහිනියේ දවසේ පුවත්පත් කාටූන් පෙන්නන අතරෙ තමයි මේ කාටූන් එක දැක්කෙ. වැඩසටහන කලේ චමුදිත සමරවික්‍රම බබා. (දන්නවනේ... සමරවික්රමලා කිව්වොත් ඉතින් ආතල්ම තමයි) ඒක පෙන්නන ගමන් මෙන්න මේ වගේ දෙයක් තමයි කිව්වේ.... “එම්.ඩී. වීරරත්නගේ කාටූනය............ ගෙදර ස්වාමිපුරුෂයා පුටුවකට නැගලා විදුලි මීටරේ දිහා බලාගෙන...... බිරිඳට කියනවා...හරි බයවෙන්න එපා... තාම අනූව උනේ නෑ කියලා.... හැහ්..හිහ්.. හා....ඒක තමයි.... අනූව පැන්නොත් ...
එන්න අප හා එක්වන්න. පූ.මා.නි.ව.බු.ජා. ඇරඹුනා....!! RearGate මේක ලියන්නෙ විශේෂ ආරාධනයක් කරන්න. අපි ලොකු වැඩක් පටන් ගත්තා. මේකට ඔබේ දායකත්වයත් අනිවාර්යෙන්ම ඕනෙ. නැත්තං වැඩක් නෑ. මේ බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳං ආපු ලොකුම චෝදනාවක් තමයි මම හතරවටේටම නෙලමින් ඉන්නව මිසක් කිසිම ප්‍රශ්නයකට ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කරන්නෙ නෑ කියන එක. මං ඕක ගැන සෑහෙන්න බරපතල විදිහට හිතුවා. ඒ කතාවෙ සීයට පහක විතර ඇත්තක් තියෙන බව අද ...
එන්න අපෙනුත් (සිංහල-බෞද්ධ) රෙදි ගන්න..... RearGate හෙළ උරුමය, බොදු බල සේනා, රාවණ බලය පරදවා ‘සිංහල රාවය’ තම තාර්කික අවසානය කරා ළඟාවිය. දැන් ඔබට ඔවුන්ගේ රෙදිපිළි සේල් එකෙන් නියම සිංහල බෞද්ධ ඇඳුම් පැළඳුම් සාධාරණ මිලට ලබාගැනීමට හැකිවනු ඇත. ඔවුන් සේල් එකක් දැමීම නිසා මුස්ලිම් ව්‍යාපාරිකයන්ට වන අමුතු පාඩුවක් නැති අතර සිංහල ව්‍යාපාරිකයන්ට නම් යම් පාඩුවක් වනු ඇත. ඒ සිංහල රාවයේ මතය පිළිගන්නන් වෙතින්, සිංහල ව්‍යාපාරිකයන්ට යාමට ...
ඉන්දියාවේ අම්මට එන්න කියාපිය.... (පුහ්) RearGate පළමු චරිතය - ‘ටෙක්ලා’ අපේ ඒරියල් එකේ කවුරුත් පාහේ දන්නා කියන ලලක්කෙකි. ලෙටර්හෙඩ්, ලෙජර්, කරන්ට් එකවුන්ට්ස් නැතත් වෘත්තීය මට්ටමෙන් සේවා සපයන්නියකි. දෙවන චරිතය - චානුක (එහෙම කියමු). මම දන්නා කියන එකෙකි. රස්සාව සේල්ස් රෙප්. විවාහකයි. දරුවො දෙන්නෙක් සිටී. තෙවන චරිතය- මහේෂි. චානුකගේ බිරිඳ. කියන්නට තරම් කැතක් නැත. තරමක් තරබාරුය. පොඩ්ඩක් කට සැරය. සිව්වන චරිතය- සමුද්‍රා. අවිවාහකය. දැනට වසර හතක් ...
හතර දෙනෙක් (ෆේස්බුක්) සිංහලයෝ.... RearGate මේ කතාව මම දන්නා එක්තරා පොඩි පහේ ටවුමක් ගැනය. මේ ටවුමේ එතරම් ජනාකීර්ණ නොවන පාරක කඩ පේලියක් ඇත. මේ කඩ පේලියේ කඩවල් හතඅටක් ඇත. ඒවායින් එකට යාව පිහිටි කඩවල් හතරක් කරන්නේ කොල්ලන් හතර දෙනෙකි. කෙළවරේ පිහිටි කඩය ෆාම් ෂොප් එකකි. (මස් කඩයක් හෙම නොවේ). බිස්නස් නැත්තේද නැත. ඊළඟට ඇත්තේ ෆෝන් ෂොප් එකකි. ෆෝන් ෂොප් කෙරුවාව යනු පොඩි කොල්ලන් ගෙනත්දෙන ...
පොල් කෙල්ලේ ඔයයි මමයි...... RearGate මේක යුද්දේ දරුණුවටම ගිය 2009 මුලදී වගේ වෙච්චි පොඩි සිද්දියක්. මම දන්න හොඳ දේශප්‍රේමී මුදලාලි කෙනෙක් ඉන්නවා. ධර්මෙ අයියා කියමුකො. පලාතෙ හැටියට ටිකක් ලොකු සිල්ලර කඩයක් තමා කලේ. පළාතෙ කවුරුත් පෙට්‍රල් ගත්තෙ මිනිහගෙ කඩෙන්. මොකද ෂෙඩ් එකේ පෙට්‍රල් වලට භූමිතෙල් කලවංකරන නිසා මිනිහා පෙට්‍රල් ගෙන්නුවෙ හැඳල පැත්තෙ ෂෙඩ් එකකින්. ෂෙඩ් එකට වඩා ගණං වැඩි වුනත් බඩු සුපර්. ඉතිං මිනිහා ...
දේශප්‍රේමී මංගල සේවා (නොමිලේ....!) RearGate උපුටාගැනීම - https://www.facebook.com/sihaseriyaforce පිං තකා කරන සේවාවකි. හරිගිය පසු කීයක්හරි නුදුන්නත් කමක් නැත...!! ඇත්තම කියනවනං ඔය උඩ දාල තියෙන පොටෝ එක දැකල මගෙ හඳුන්පොත කීං ගාල ගියා. මේ අපේ නියම සිංහල බෞද්ධ දරුවො නේද අද අසරණ වෙලා ඉන්නෙ? ඒක නිසාමයි මේ හදිස්සියේ මෙහෙම මංගල සේවාවක් පටන් ගන්න හිතුනේ. ඔබත් විවාහ අපේක්ෂාවෙන් සිටින නියම සිංහල බෞද්ධ තරුණයෙක්ද? ඔබ සොයන්නේ අව්‍යාජ, ...
මගේ රාත්‍රී සාංඝික දානය RearGate පින්තූරය - http://stillforestpool.blogspot.com/ ඊයේ මම රාත්‍රී සාංඝික දානයක් දුන්නා. ඒ හේතුවෙන් මට ලැබෙන්නට නියමිත ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා යන කුසලානුභාවයන් කැමති කෙනෙකුට (දැනට එව්වා අඩුපාඩු අය විශේෂයි) අනුමෝදන් වෙන්න කියන්නත් එක්ක තමයි මේක ලියන්නෙ. ඊයෙ හවස හතරට විතර පොඩි වැඩක් අහවර කරලා ගෙදර එමින් ඉන්න විට තමයි මේ කියන්න යන හාමුදුරුවො පාර අයිනෙ ඉන්නවා මම දැක්කෙ. මම හොඳට ...
අනුන්ට මෛත්‍රී කිරීමෙන් වළකින්න RearGate මුලින්ම කියන්න ඕනෙ මේ පෝස්ට් එක කියවන්න හදන ඔබට තියන්නෙ තෝරාගැනීම් දෙකයි. එක්කෝ මේක විශ්වාසකිරීම. නැතිනම් අවිශ්වාස කිරීම. මේක අවිශ්වාස කරන ඔබ ගැන මට දුකයි. හිතන්න ඔබ ගෙදරක ඉන්න පූසෙක් කියලා. මාළු එන්නෙ කොහෙන්ද කියල ඇහුවොත් ඔබ මොකද්ද කියන්නෙ? මාළුකාරයගෙ පෙට්ටියෙන්. එහෙම නැත්තං ෆ්‍රිජ් එකෙන්. ඉතින් මම ඇවිල්ලා මුහුද ගැනත් ධීවර කර්මාන්තය ගැනත් ඔබට කියාදෙද්දි ඔබ එය අවිශ්වාස කරනවනං ...
ඉබ්බා ‘The artist‘ – නැවත පැමිණීම RearGate ඉබ්බා ඊයෙ උදේ කඩිමුඩිගේ අපේ ගෙදරට ආවා. මේ ආවෙ අවුරුද්දකට හමාරකට විතර පස්සෙ. (ඉබ්බා ගැන නොදන්නවනම් මෙතනින් අඳුනගන්න පුලුවන්) “කොහොමද?” ආපු වේගෙන්ම ඌම මාව පිළිඅරන් පුටුවක වාඩිවුනා. “මොකද්ද ඔය කතාව?” මම එවෙලේ උන්නෙ සමබිම සම්මන්ත්‍රණය ඔන්ලයින් දාගෙන. “දීප්ති මචං” “ආ... දීප්ති....ඒකාලෙ පොර මාතොටේ එහෙම ලියපුවා සමහරක් මං කියෝල තියෙනවා... ඒව මරු. හැබැයි පස්සෙ පස්සෙ ලියපුවා නිකං චාටර් නේද?” “පස්සෙ ...
ගාසා තීරයට අත නොතබනු ! (මමයි කියන්නෙ හරිය..?) RearGate ඊශ්‍රායලය විසින් මේ මොහොතේදී ගාසා තීරය වෙත එල්ල කරමින් තිබෙන අති බිහිසුණු ප්‍රහාරය අප හෙලාදැකිය යුතුය. හෙට දිනයේදී ලෝකය විඳින්නට නියමිතව සිටි කුඩා මල්කැකුළු වන් අහිංසක දරුවන් අමානුෂික යුද්ධය විසින් තලා පොඩිකරදැමීම හද කම්පා කරවයි. මෙම වර්ගවාදී උන්මත්තකභාවයට අප කවුරුත් එරෙහි බැවින්, මෙම අමානුෂික ප්රහාරයන්ට මගේ විරෝධය පලකිරීම උදෙසා, එම ඛේදවාචකයේ ලොව සසල කල පින්තූර කිහිපයක් පහත පල කරමි. ...
නියම බුද්ධ පූජාව යනු කුමක්ද? RearGate ඊයෙ පොඩි වැඩක් වුනානෙ. මේ දවස්වල රාවය පත්තරේ ආචාර්ය වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ ‘සත්යෝදය’ පොත ලිපිමාලාවක් හැටියට පලවෙනවා. ගිය ඔක්තෝබර් 28 වෙනිදා ඉඳන්. ඉතින් නිකමට වගේ ඒකෙ බුද්ධ පූජාව ගැන උන්වහන්සේගෙ අදහසක් විතරක් උපුටලා ‘POLLS - ඡන්ද විමසීම්’ මුහුණුපොත් සාමූහිකයේ ප්‍රශ්නයක් විදිහට පළකලා. දැනට තියෙන ප්රතිඵලවල හැටියට වැඩිම මනාපය තියෙන්නෙ ‘ලියපු එකා හරකෙක්’ කියන උත්තරේට. මේ උත්තරේ දීල තියෙන වැඩිදෙනෙක් ...
රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි, RearGate පහත දැක්වෙන්නේ බණ්ඩාරගම පදිංචි කාන්තාවක විසින් එවන ලද ලිපියකි. පුලුවන් කෙනෙක් මේක වික්‍රමශීලා පිරිවෙනේ ගේට්ටුව ලඟ දමා යන්න. _________________________ බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙනේ පරිවෙණාධිපති පූජ්‍ය රොටුඹේ පේමරත්න අපෙ නායක හාමුදුරුවන් වෙතයි. හාමුදුරුවනේ, ඔබ වහන්සෙලා අර නොදරුවොත් පෙරටුකොරං ඇවිත් අද කොරපු වැඩේ නං වස කැතයි. ඕකෙං මේකෙං මගෙ ලොකු කෙලිත් හෙට දැනගන්නවා අම්මා බේත් ගේන්ඩ කියල ගිහිං තියෙන්නෙ අහවල් සැත්කම කොරගන්ඩ ...
රුපියල් තුනේ සිගරැට්ටුවක් 25/= ට විකුණන්නෙ ඇයි? (In Time) RearGate In Time ෆිල්ම් එක බලල තියෙනවද? ෆිල්ම් එකක් හැටියට මට එච්චර අල්ලල නොගියත් ප්ලොට් එක මරු. ඒකෙ ‘අදහස’ කෙටියෙන් මෙහෙමයි. මුදල් වෙනුවට ජීවිත කාලය හුවමාරුවෙන් ගණුදෙනු සිද්ද වෙන ලෝකයක්. හැමෝගෙම අත්වල උපතින්ම ලැබෙන කාල මාපකයක් තියෙනවා. දවසක් වැඩ කලාම ඔබට ලැබෙන්නෙ යම් ජීවිත කාල ප්‍රමාණයක්. (අපි හිතමු පැය විසිහතරක්). ආපහු පාන් ගෙඩියක් ගන්න ගියාම ඔබට සිද්ද වෙන්නෙ ජීවිතකාල විනාඩි ...
'තෙමෙන මිනිසුන්' ට ප්‍රතිචාරයක් RearGate මේ තෙමෙන මිනිසුන්ට ඊමේලයක් මගින් ලැබුණු තරමක් දීර්ඝ ප්‍රතිචාරයක්. මේක ප්‍රසිද්ධ කරම්දෝ නොකරම්දෝ කියන දෙගිඩියාවෙන් දවස් කීපයක්ම හිටියා. හේතු කීපයකට. එකක් තමයි ෆූටා අරගලයට මම කැමතියි. එම ඉල්ලීම්වල ප්‍රායෝගික පැත්ත මොනව උනත්, සියළු විපක්ෂ දේශපාලන පක්ෂ අන්ත අසමත් වෙලාවක, ආණ්ඩුවේ අමනකමට එරෙහිව සිවිල් සමාජය මෙහෙම නැගී සිටීම ගැන අපමණක් සතුටුයි. අංක දෙක නිර්මාල්. දැනට වසරකට හමාරකට පෙර නිර්මාල් ගැන ...