තොරණ හෙවත් Pandol-3 යාං හෑල්ල තොරණ 1තොරණ 2ඔය අතරෙ බීටියෙස් එකේ දළු ලොරිය එනව. ඒකත් සෙනග පහුකරල ගිහිං නවත්තනව. ලොරියෙ මහත්තය ඔලුව එලියට දාල සෙනග දිහා බලනව. එතකොට එතන ඉන්න කමල නැංදයි උන්දැගෙ දුවයි මනුස්සයයි තුන්දෙනාම ලොරිය ගාවට යනව. ලොරියෙ මහත්තය බිමට බැහැල කමල නැංදව පලවෙනියටත්, උන්දැගෙ දූව දෙවනියටත් ලොරියෙ ඉස්සරහට නග්ගගෙන ඉං පස්සෙ තමුනුත් නගිනව. කමල නැංදගෙ මනුස්සය ලොරිය පිටිපස්සෙං නැගල, දළු ගෝනි අට්ටිය ...
තොරණ හෙවත් Pandol 2 යාං හෑල්ල තොරණෙ පලවෙනි දවසෙ එන සෙනග මදි වගේ කියල හිතුනොත් දෙවෙනි දවසෙම 'ලයිස්පීකරකට්ටක්' බැඳපු වෑංකට්ටක් අහලපහල ගංවල කෑගගහ ඇවිදිනව."අඤඤා ඤාඤ ඤා ඤඤඤඤ ඤඤඤාඤේ..............ඤාඤා ඤාඤ ඤඤ ඤඤඤඤ ඤඤ ඤාඤේ.............""ක්රාස් ටොහ් ටොහ් ටොහ්. දාදා දාදදදාදාදාදදා දාදාදාදා දාදා දදා දාදා දාදදදදා දාදාදාද"උදේ ඉඳංම වාහනයක් යන්න පුළුවං හැම පාරකම කෑ ගගහ ඇවිදලා හොඳටම බැහැපු බැට්ටියකිං කරන්ටෙක ලෙවකන පීකර කට්ටට එයිට වැඩිය පැහැදිලියට යමක් කියාගන්න පුළුවංකමක් ...
තොරණ හෙවත් pandol - 1 යාං හෑල්ල "මේ ගමන වෙදමහත්තෙයෑ තොරන ගහන්නැහ්ලුද?"කටත් ඇද කරගෙන පුවක් ගෙඩියක් කපන අපේ ආතා ඉස්තෝප්පුවෙ ඉඳං ඉන්න නිමල් අයියගෙං අහනව."ගහයි ගහයිඊඊ. ඔයියකා ඕක නොගහ ඉන්නෑ ආතෙ""තව ඉතිං මාසෙයක් හමාරකට වැඩිය නෑනෙවැ.""ඒ මදෑ මිනිහා ඕක කොහොම හරි දවුඩලා අටෝල ගනියි ආතෙ. පුවක් කොට ටික හිටෝ ගත්තං පස්සෙ තොරං කෑලි ටික අමුල්ලා බලුප් ටික ඒක වටේට උලගහන එකනෙ තියෙන්නෙ""ගිය වංගියෙනං රූප කෑලි විසිගානක් තිවුන ...
කෙල්ලො පස්සෙං යාම හෙවත් following girls යාං හෑල්ල "අපි ඉතිං ජීවිත කාලෙම මාන්සිවෙන්නෙ ළමයින්ගෙ දෑස පාදන්න තමයි."ළමයිංගෙ දෑස් පාදන එක මෝය කට මැද්දෙ පොල්වලක් කපනව තරං අමාරු බවක් පෙන්නන ගමං හුඟක් ගුරුවරු ගුරුවරියො එහෙම කියනව මට ඇහිල තියෙනව. ඒ වුනාට ඒක අමූලික අසත්තක ටොං පචයක් බවට තේරුං ගන්න අපට මහ කාලයක් ගියෙ නෑ. කක්කුස්සි වලකට උඩිං කොන්ක්රීට්ටෙක දැම්ම වගේ අපේ දෑස් වහල තිවුණු අන්ධකාරෙං අපිව මුදෝලා අපේ දෑස් ...
චන්ඩි සහ බට්ටා යාං හෑල්ල මෙන්ඩයියා පහුගිය කාලෙ ලියාගෙන ආපු පාසල් කාලේ ප්‍රේම කතාව කියවාගෙන යද්දි මට මං ගැනම “ඉදකිං” කියල හිතුනා. අනික් අය කියන දේවල් එක්ක බැලුවත් ඉස්කෝලේ දහය එකොලහ විතරක් නෙමෙයි ඉස්කෝලෙං එළියට බැහැලා ටික කාලයක් යනකං උනත් මට තිබිලා තියෙන්නෙ “ඉදකිං” වර්ගෙ ජීවිතයක්.අපේ පලවැලේ ඉස්කෝලෙ දහයෙ එකොලහෙ අනික් පන්තිවල හිටපු චන්ඩි මෙන්ඩයියල වගේ ජෙනුයින් අයියලා. එයිනුත් උඩම හිටපු චන්ඩි දෙතුන් දෙනා හෙනම ...
කුණු කඳු තුනී කරන හැටි යාං හෑල්ල කුණු ගැන කතාබහ ඉවරය. දැං කුණු ගොඩේ කතාවත් කුණු ගොඩට දමා අහවරය. ඒ හංදා කුණු ගැන කතාව කුණුගොඩෙං ඇදගෙන තලු ගහන්නට මට වෙලාව ඇවිල්ලාය. මේ කියන්නට යන්නේ මහා කුණු කඳු ඇතිවීම එදා අපේ ගම්වාසීන් වලක්වා ගත්ත විදිහය.හුඟක් ගෙවල්වලින් අහක දාන ජාතියක් වන්නේ කෑම ජාතිය. අපේ ගෙදරත් එක වේලකට හය හත් දෙනෙක්ගේ ප්‍රමාණයට කෑම උයන බැවින් සෑහෙන කෑම ප්‍රමාණයක් දවසකට ඉතිරි ...
දානේ.... යාං හෑල්ල මේ වෙසක් මාසේ පිං කරගන්න ඕනෑ. පිං කරන හොඳම ක්‍රමේ නං දාන දීම. ගෙදරක සාංඝික දානයක් දෙනවා කියන්නේ තව ඉඩමක් ඇරං ගෙදරක් හදන්න තරං වියදං යන වැඩක්. ඒ හංදා ගල් බාගයක් ගන්න තරං ගානකිං දානයක් දෙනහැටියි මේ කියල දෙන්න හදන්නෙ.දානේ පටං ගන්නේ “අපි මේ මාසෙ පිනට වෙං කරපු සල්ලිඔලිං දානෙයක් දෙමුද අනේ?“කියලා චූටිමැණීකේ අහන එකෙං. ආං එතකොට මං“හා“ කියනවා. මේ ...
ගුවන් විදුලිය හෙවත් Air Electricity - 3 යාං හෑල්ල ගෙදර මිනිහ බීල ඇවිල්ල රණ්ඩු කරද්දි ගෙදර ගෑනිගෙ දත් එකිං එක අඩුවෙනව වගේ කලක් යද්දි අපේ තාත්තගෙ අඩන්තේට්ටං හිංදා රේඩිවේකෙ කෑලිත් අඩුවුනා. මාසෙකට දෙතුං පාරක් කෙරෙන ඉංගිරිසි වෙදකමට සැරිං සැරේ ගලෝල මුලිම්ම කැඩුනෙ SW -MW මාරු කරන රවුම. රවුම කැඩුනට රවුම හයිවෙන කූර ඉතුරු උනා. ඉං පස්සෙ SW -MW දෙක අතර මාරු කරන්න ඕනි උනහම පිහිය තලේ හරි මේස හැන්දක ...
ගුවන් විදුලිය හෙවත් Air Electricity - 2 යාං හෑල්ල රේඩිවේක ආයිමත් කට අරින්නෙ රෑට හතට විතර. තාත්තා ගෙදර ඇවිත් එයාගෙ ධර්ම දේසනාව පටං අරගෙන ටිකක් වෙලාවක් ගියාට පස්සෙ හදිස්සියෙම"ර්ර්රංග.... අද සේඩිවේකෙ නාට්ටි තියෙනවද?"කියල අහනව."ඇයියද මුවම්පැලැස්ස තියෙනොවනෙ"මං උත්තර දෙනව."කීයටද් තියෙන්නෙ ක්හ්ං""දැම්පටං ඇරං ඇති"තාත්තා තමුංගෙ කට වහල රේඩිවේක දානව."ටික්"ඊළඟට ලොකු රවුම කරකෝන ගමං පීකරේ කිට්ටුවට කන දික්කරනව. ආයිමත් චිමිනි ලාම්පුව රේඩිවේකෙ කිට්ටුවට අල්ලල මීටරේ කටුව දිහා බලනව. මීටරේ එක කොනක ඉඳං ...
අවුරුදු සෙල්ලං හෙවත් The donkey game and other games යාං හෑල්ල "වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි........ මේ තමයි අපේ ජාතියේ ඒ බැඳියාව සංකේතවත් කරන, ඒ අනභිබවනීය, ඒ සාර්වත්රික, මනෝ බද්ධීය, ඒ ... ඒ.... ඒ.... මා හැඟි හැදියාවේ එකතුව හුවා දක්වන මා හැඟි වස්තුව. එවැනි රටක ඉපදුනු අපි අපේ මාහැඟි සංස්කෘතියේ මහා උත්කර්ශවත් මවුලී මංගල්ලයේ උත්කෘෂ්ඨ වාත්සල්‍ය ගෙනහැර දක්වන මහා ආනන්දනීය විභූතිමත් අද්විතීය මුවදොරකටයි මේ පැමිණ තිබෙන්නේ. දේශයේ අංක එකේ නාලිකාව අකුරු තුනේ ...
ඉතා කෙටි කලබල හීන - Extreamely short busy dreams - 1 යාං හෑල්ල අපේ ගමේ මිනිස්සු හුඟ දෙනෙක් වී කුන්නියක දෙහෙක ගොයිතැංබත් කරගෙන, දල්ලක් දෙකක් අහුලගෙන, සබර ගහක් දෙකක් හූරගෙන, කුරුඳු පැලැහැට්ටක් දෙකක් තලාගෙන එදා වේල පිරිමහගෙන ජීවත් වෙච්චි අය. ඒ උනාට ඉක්මනිං පෝසත් වෙන්න හදපු උත්සාහවන්තයොත් හිටියා. කහට වතුරෙං කලවං කරපු අරක්කු විකුණපු කලු මාමගෙ පවුල, ගොඩ පෙරකදෝරුකං කරපු ගෙපලෙ අජිත්, මාසෙට සීනි මිටියෙ හමාරෙ පෙරන සූරියසේන, සීට්ටු දාන අතුල වගේ කීප ...
නෙලුං යායට පසුවදනක් A back word for lotus field යාං හෑල්ල මේ ගමන නෙලුං සම්මාන උස්සවේට මාව යවන්නේද නැද්ද යන්න ගැන අපේ ගෙදර හතර දෙනාගේ කමිටුව රැස්වීමක් තිබ්බේය. කරුණාරත්නගේ ස්ථාන මාරුවත් එක්කම බලලුන්ගේ රැකවල් කටයුතුවලට කෙනෙක් නැතිවීම නිසා කමිටුව අසීරුතාවකට මූණ දුන්නේය. ඒ හංදා මේ ආකාරයේ යෝජනාවලියක් සභාගත කරන්නට සිද්දවිය.බලලුන්ට දවල් වේලටද සරිලන පරිදි උදේ කෑම වේල දෙගුණකොට ලබාදීමටත්, දවල් සහ හවස වේල් වෙනුවෙන් Rice-flies දෙසිය පනහක් සහ කිරි පිඟං දෙකකුත් ...
පොජෙට්ටෙක - අන්තිම කොටහ යාං හෑල්ල මිනිහෙක්ගෙ ජීවිතේ හරියාකාරව හැදෙන්නෙ ගහෙං ගෙඩි එන්නා වගේ පිළිවෙලකට හීංසීරුවෙ ඉහළට ආවොත් විතරයි. ගහ පීදිලා, මල් හැදිලා, එව්වයෙං සූටි ගැටයක් හැදිලා, ඒ ගැටේ ඩිංග ඩිංග තරුවක් වෙලා, ඒ තරුව ඩිංග ඩිංග ලොකු වෙලා මහ ගෙඩියක් වෙලා පැහිලා කන්න පුළුවං ගානට ඉදෙන්න සෑහෙන කාලයක් යනවා. මනුස්සයෙක්ට යමක් ලැබෙන්න ඕනැත් ඒ විදිහට කාලයක් ගතවෙලා හීංසැරේ ඩිංගෙං ඩිංග. එතකොට තමයි තමුන්ට ලැබෙන දේක ...
පොජෙට්ටෙක 3 - පිටගංකාරයෝ යාං හෑල්ල පොජෙට්ටෙක 1 පොජෙට්ටෙක 2හැමදාම මහරෑට කවදාවත් ඇහිච්ච නැති තරං මහා සද්ද තියෙන වාහන පාරෙ යද්දි ඇල්ල බැඳිල්ල ජයටම කෙරෙන බව අපේ ඔලුවලට වැටුනා. ඒ එක්කම පෙජෙට්ටෙකේ වැඩ කරන්න පිටගංකාරයො රංචු පිටිං ගමට සේන්දු වුනා. ඒ අයට නවාතැං දීලා අමතර ගානක් හොයාගන්න පුළුවං කම තිබුණත් අපේ ආච්චම්මයි ආතයි තමුංගෙ මාන්නෙ ඉස්සරහට දාගත්තා."මන්නං ඔය එකේක ජාතියෙ පිටගංකාරෙයො ගෙවල්ලස්සෙ දාගන්නෑ ගුනොවද්දන ළමෙයො. කොයි ...
නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං යාං හෑල්ල නින්ද මනුස්ස සරීරෙට අත්‍යාවශ්‍ය මෙව්වා එකක් බව පිටරටවල විද්‍යාඥයන් හිට කිව්වත් අපේ මාමා ඇතුළු සකල ලංකා වාසී ගුරුභවතු, පවුලේ අය, පාරෙ යන මිනිස්සු සේරම හිතන්නෙ ඒ විද්‍යාඥයින්ගෙ උවමනාව මේ ලංකාවෙ සේරම ළමයින් පන්තියේ අන්තිමයා කරල, සිස්සත්වෙ පාස් එකෙක් බේතකටවත් හොයාගන්නට නැති කරල, සාමාන්‍ය පෙළ, උසස් පෙළ පාස් එකෙක් සිංහල බෙහෙත් බඩු කඩේකිංවත් ගන්නට නැති කරල එංගලන්තේ ඉඳල ආසියා මහද්වීපය හරහා ...