සිංහලේ හේතුහාමිගේ අඩවිය හේතුහාමි බ්ලොග් එකක් කොරන්න පටන් ගත්තා විතරනෙ තාම. තමුන්නහැලට තාම මං ගැන හරි අවබෝධයක් නැතුව ඇති මයෙ හිතේ. හේතුහාමි හිතන පතන විදිය අනික් එවුන්ට වඩා අබින්දක් වෙනස්. ඒ නිසා ටිකාක් විතර පරණ, හොඳට පොරසිද්ද් වෙච්ච කතාවක් ගැන ලියන්න හිතුවා.පහුගිය දොහේ ගොඩක් එකාලා අතරෙ සිංහලේ සිංහලේ කියලා මහ කතාවක් ගියානෙ. මොකාගෙ උනත් පපු කැවුත්තෙ තමංගෙ ජාතිය ආගම ගැන හැඟීමක් තියේ ...
කවුද මේ හේතුහාමි...? හේතුහාමිගේ අඩවිය අන්තර් ජංජාලෙ හක්කලං කොරන උන් දැන් බලනවා අති මොකාද බොල මේ හේතුහාමි කියලා. ගමේ ගොඩේ හැදිච්ච දුප්පත් අහිංසක මිනිහෙක් තමා මමත්. හැබැයි කොම්පියුටර් කොටන්න අරන් නම් දන් අවුරුදු 15ක් විතර වෙනවා.. දැන් ලෝකෙ දියුනු වෙන්නෙ පුදුම වේගෙන්නෙ බොළ. එකදාස් නමසිය අසූ ගනන් වල රූපවාහිණිය අපු කාලෙ හප්පා එක බලන්න විදපු දුක. මුළු හමටම එකයි දෙකයි ඕවා තිබුනෙ, පොල්ගස් උසට ...