මොකටද බොලව් ගල් අඟුරු බලාගාර? දන්නේ නැද්ද සූර්ය, සුලන් බලාගාර ගැන?? පෙනෙන නොපෙනෙන හැමෝම දන්නවා ගල් අඟුරු වල තියෙන පාරසරික ප්‍රශ්න ගැන හා එකට තියෙන විරෝධේ ..... ඉතින් අපේ අදාළ බලධාරීන් විශේෂයෙන් මේ ක්ෂේත්රය පිලිබඳ දැනුවත් අය මොකෝ මේ ගල් අඟුරු පස්සෙම දුවන්නේ? ඇයි මේ පරිසරවෙදියෝයි මේකට විරුද්ධව කෑ ගහන අය කියන විදියට පුනර්ජනනීය බලශක්තියට යන්නේ නැත්තේ? අද කථා කරන්නේ ඒක ගැන සරලව! උඩ තියෙන බහිරව රූපේ නැත්තම් වාමන රුපෙට මේකට අදාළ වෙන්නේ ...
ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම පෙනෙන නොපෙනෙන බලශක්තිය පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය කල් ඉකුත් ව ඇති අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා රටේ බලශක්ති ව්‍යාපෘති සඳහා එක් එක් ව්‍යාපෘති සඳහා "ප්‍රතිපත්තිමය තීරණ" ගනිමින් සිටී.රටේ නායකයා කල යුත්තේ මේ සඳහා ඇති ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමය. එවිට එම ප්‍රතිපත්තියට අනුකූලව නව ව්‍යාපෘති ඇති කිරීම අදාල අධිකාරී මගින් කරනු ඇත. micro management කරමින් එක් එක් ව්‍යාපෘතිය ගැන තීරණ ගැනීමට සහ තමන්ට හිතෙන ආකාරයේ ...
සිංහලෙන් Sustainability - පළමු කොටස පෙනෙන නොපෙනෙන විදුලි ඉංජිනේරු රස්සා දෙකක් අවුරුදු 6 කරලා.. මම ඉස්සෙල්ලම Sustainability ජොබ් එකක් කරන්ඩ යද්දී අපේ අම්මා මගෙන් ඇහුවා - මොකද්ද පුතා ඔය රස්සාවේ කරන්නේ කියල? පුළුවන් විදියට විස්තරේ කිව්වත් මට තේරුණා මේක සිංහලෙන් කියන එක ටිකක් අමාරුයි කියල.මම ඊට කලින් විදුලි ඉංජිනේරුවෙක් විදියට වැඩ කරද්දී නම් ඉතින් කවුරුත් ඔය වගේ එකක් ඇහුවේ නැහැ..... ඉතින් මම ඒ Sustainability සම්බන්ධ රස්සාව කරගෙන ...
පෙනෙන පාඩු සහ නොපෙනෙන පාඩු පෙනෙන නොපෙනෙන මහබන්දුම්කර (වංචාවේ) සිද්ධියේ හරි පාඩුව රුපියල් බිලියන 0.9 ලු මුලාශ්‍රය - .....https://twitter.com/VeriteResear…/status/824509452309200896…ඒ වුනාට සන්තෝස වෙන්නේ කොහොමද? බලශක්ති හා පුනර්ජනනීය ඇමතිතුමා බිලියන 50 වියදම් කරන්ඩ බලන් ඉන්නේ ඊළඟ මාස 6 ට වැස්සේ නැති වුනහම විදුලිය හදන්ඩ...මුලාශ්‍රය - (http://www.sundayobserver.lk/20…/…/22/features/impact-energy)බැඳුම්කර සිද්ධිය වගේ 50 ගුණයක්!අර බිලියන 50 ගැන කවුරුත් කෑ ගහන්ඩ එපා... කෑ ගැහුවොත් ලයිට් කපනවා......අනික් එක ඕකට කෑ ගහල ඕක නතර කරලා ලයිට් ...
සාම්පුර් සයිටම් සහ අපේ අරමුණු! පෙනෙන නොපෙනෙන බොහෝ පිරිසකට අවශ්‍යව ඇත්තේ අඩු පාඩු සකස් කරගෙන, කරන්නට සැලසුම කල දේ කරගෙන ඉදිරියට යාමට නොව කෙසේ හෝ එය නතර කිරීමටය. දෙයක් නතර කිරීම පහසු දෙයකි! ඉතාමත් ලේසි දෙයකි!නමුත් අඩුපාඩු සකස් කරගෙන කරගෙන යෑම ඉතාමත් අමාරු දෙයකි! අවදානම් සහගත දෙයකි! බැනුම් ඇසීමට සිදුවන දෙයකි! ජනප්‍රියත්වය අඩු වන දෙයකි!ඉතින් කෑ ගසා මොර දිදී කරන කරන වැඩේ නතර කරමු යැයි කෑ ගසන්නේ ...
පරිසර සංරක්ෂණයේ මිත්‍යාව - සුද්දාගේ දැනුම සහ අපේ නොදැනුම පෙනෙන නොපෙනෙන පෙරේදා වැඩ ඇරිලා ගෙදර ගියපුවහම දුවගේ ඉස්කෝලේ Communication book එකේ තිබ්බා "dictation note sent " කියල. මම අරන් බැලුව … අකුරු තුනේ වචන list එකක්ම එවල නිවාඩු කාලෙ පාඩම් කරන එන්ඩ…. මට මේ හිතාගන්ඩ බැරි අවුරුදු 4 ළමයට මොකටද මේ වචන? ටීචර්ට syllabus එක මාරු වෙලාවත්ද? නැත්තන් හැම ඉස්කෝලෙම ඔහොමද? පොඩ්ඩක් මාව දැනුවත් කරනවද කරුණා කරලා...මට හොඳට මතකයි 4 වසරේ ...
ගෙවල් ඇතුලේ වායු දූෂනෙන් ශ්‍රී ලාංකිකයෝ මැරෙන හැටි පෙනෙන නොපෙනෙන හැමෝම දන්නවා ඩෙංගු මාරයා ගැන...... මමත් බයයි නම අහපුවහම..... හැබැයි ඉතින් ඩෙංගු වලින් මැරෙනවා වගේ 100 ගුණයක් විතර මැරෙනවා ගෙවල් ඇතුලෙම (https://www.facebook.com/nadeerawije/posts/10154133022177636) ඉන්න කිසි සද්දයක් නැති මාරයෙක් ගෙන් (silent killer ).... හැම තැනම පෝස්ටර් ගහල ටීවී එකේ කෑ ගහල එක ගැන දැනුවත් කරනවා ඩෙංගු මදුරුවාගෙන් බේරෙන්ඩ කියලා ….. ඉතින් අපේ මිනිස්සුත් කඩේට ගිහින් මදුරු කොයිල් එකක් පත්තු කරගෙන… ළමයාවත් වඩාගෙන ...
නොපෙණෙන විදුලියේ නොපෙනුණු කතාවක් පෙනෙන නොපෙනෙන මා විසින් මුහුණ පෑ සත්‍ය සිදුවීමකි!දිනය - 2013 අප්‍රේල් මාසයේ දිනයක් ස්ථානය - වත්තහේන කණිටු විදුහල මම - ඉස්කෝලෙට විදුලිය ලැබීම නිසා සිදු වූ ලොකුම හොඳ මොකද්ද?විදුහල්පති - අපි මේ ඉස්කෝලෙට කරන්ට් එක ආවහම … ඉස්සෙල්ලම කරේ සල්ලි ටිකක් හොයාගෙන වතුර පොම්පයක් අරන් … වතුර ටැංකියක් හයි කරලා ටොයිලට් එකට වතුර දුන්නා මම - හ්ම්ම්ම් (මම හිත ඇතුලෙන් “ඕකේ ඉතින් ...