ඇග පිට් එකට තියාගන්න එක ගැන මගේ උගත් පාඩම් පෙනෙන නොපෙනෙන ඇග පිට් එකට තියාගන්න එක ගැන මගේ උගත් පාඩම් (අවුරුදු 40 ට වැඩි අයට ගන්න යමක් ඇති කියලා මේක ලියන්නේ
රැල්ලට බයේ දුවමුද? සර්ෆ් කරමුද? - ලංකාවේ සාගර සුලන් බලය පෙනෙන නොපෙනෙන ලංකාවේ වැඩියෙන්ම ඛනිජ තෙල් පාවිච්චි කරන්නේ මොකටද කියල ඇහුවොත් බොහෝ දෙනෙක් කියයි මේ උත්තර දෙකෙන් එකක් 1 - කර්මාන්ත 2 - විදුලි නිෂ්පාදනයට හැබැයි හරි උත්තරේ මේ දෙකෙන් එකක්වත් නෙවෙයි. ලංකාවේ වැඩියෙන්ම ආනයනික ඛනිජ තෙල් පාවිච්චි කරන්නේ ප්‍රවාහනයට. ඔය පලවෙනි පින්තූරේ තියෙන දත්ත වලින් පෙනෙයි පහුගිය ටිකේ සලාක ක්‍රමේට වාහන වලට තෙල් දුන්නත් ප්‍රවාහනයට ගිහින් තියෙන තරම. ප්‍රතිශත විදියට ගත්තොත් ...
අසමත් රාජ්‍ය/රාජ්‍ය සේවකයා සහ සිවිල් පුරවැසියාගේ වගකීම පෙනෙන නොපෙනෙන අසමත් රාජ්‍ය/රාජ්‍ය සේවකයා සහ සිවිල් පුරවැසියාගේ වගකීම!මේ සිදුවුණ දේට ඔය කොළඹ නගර සභාවටයි ඒකෙ ගස් කපන සැට් එකටයි බැණලා හිත හදාගන්න එකට මම නම් සෑහෙන්න විරුද්ධයි. මේ වගේ සිද්ධි සිදුවෙන්න එක ප්‍රබලම හේතුවක් තමා අපේ මිනිස්සු මේ වගේ දේවල් ඉවසන්න, දරාගෙන ඉන්න (tolerate කරන්න) පුරුදු වෙලා ඉන්න එක. මේකට අදාළ රාජ්‍ය සේවකයාටම වගකීම දෙන්න බෑ - සාමූහික වගකීමක් තියෙනවා ...
විෂය ප්‍රවීණයෙක් වෙන්න ඒ පිලිබඳ සහතිකයක් තිබිය යුතුමද? පෙනෙන නොපෙනෙන ලෝකේ තියෙනවා "Autodidacticism" කියලා සංකල්පයක්. මේකෙන් කියන්නේ structured learning එහෙමත් නැත්තං formal learning - ඒ කියන්නේ ඒ විෂය උගන්වන ගුරුවරයෙක් ගාවට නැත්නම් ඒ විෂය හදාරන්න පාඨමාලාවක් (උපාධියක් නැත්නම් ඩිප්ලෝමාවක්) තියෙන තැනකට යන්නේ නැතුව තනියම ඉගෙන ගන්නවා. මේකට කියනවා self taught එහෙමත් නැත්තන් තමන් විසින් ස්ව අධ්‍යනය කරපු පුද්ගලයෙක් "Autodidact" කෙනෙක් කියලා. අපේ රටේ මිනිස්සුන්ගේ ලොකු මිත්‍යා මතයක් තියෙනවා යමෙක් යම් ...
බ්ලැක් අවුට් (Blackout) එකක් කියන්නේ මොකක්ද? පෙනෙන නොපෙනෙන සමහරු අහලා එවලා තිබ්බා blackout එකක් වෙන්නේ කොහොමද කියලා සහ පහුගිය සඳුදා රටේ විදුලි පද්ධතියට මොකද වුණේ කියල. මේ ක්‍රියාවලිය ටිකක් සංකීර්ණ ක්‍රියාදාමයක් වුණත් සුපුරුදු පරිදි සරලව විස්තර කරන්න කරන උත්සහයක් මේ. ටිකක් හෙමීට කියෙව්වොත් මේ ලියල තියෙන දේ ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා. විදුලි පද්ධතියක බ්ලැක් අවුට් (Blackout) එකක් කියන්නේ මොකක්ද?රටක තියෙන මුළු විදුලි පද්ධතියම බිඳ ...
GMOA එක විසින් ලංකාවේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන් කල අනාවැකිය නිවැරදිද? පෙනෙන නොපෙනෙන මේ සම්බන්ධයෙන් FactCheck වෙබ් අඩවියේ දක්වන ලද ඉංග්‍රීසි ලිපියේ සිංහල අනුවාදයක් මම තව මිතුරන් කිහිප දෙනෙකු සමග ආරම්භ කරන ලද බ්ලොග් අඩවියේ පල කොට ඇත.මෙහි සිංහල අනුවාදය කරන ලද්දේ මවිසින් බැවින් පෙනෙන නොපෙනෙන බ්ලොග් එකේ රසිකයන්ගේ දැනුමට!සුපුරුදු පරිදි සංවාදයට විවෘතයි. ලිපියට දිගුව - GMOA එක ලංකාවේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන් කල අනාවැකිය නිවැරදිද? ...
විඥාන විප්ලවයක් කරගැනීමට නොහැකි වූ අපි - ඉස්සර කාලේද හොඳම? පෙනෙන නොපෙනෙන අපේ සමාජයේ මතයක් තියෙනවා ඉස්සර අපි හිටපු විදිය හොඳයි - ඒ කාලෙට ආපහු යන්න තියෙනවා නම් හොඳයි කියල. මේ තියෙන්නෙ පහුගිය සියවස් තුන ඇතුළත මිනිසෙකුගේ අපේක්ෂිත ආයු කාලය වෙනස් වූ අයුරු - ගෝලීය වශයෙන් සහ විවිධ කලාපවල. මූලාශ්‍රය - https://ourworldindata.org/life-expectancy දල වශයෙන් මිනිසෙකුගේ අපේක්ෂිත ආයු කාලය පහුගිය අවුරුදු 150 ඇතුලත දෙගුණ වුණා. මේකට හේතුව විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ...
එන සුද්දෝ ටිකත් පන්න ගන්න ගුවන්තොටුපලේ අලුත් ක්‍රම පෙනෙන නොපෙනෙන සංචාරක ව්‍යාපාරය ගොඩ ගන්න එක කෙසේ වෙතත් එන සංචාරකයෝ ටිකවත් සතුටින් තියාගන්න ඕනේ නම් මුලින්ම පටන් ගන්න ඕනේ ගුවන්තොටුපලින් කියල මට නම් හිතෙන්නේ. දැන් අලුත් ආරක්ෂක විදිවිධාන හින්ද ගුවන්තොටුපල ගාවට වෙනද වගේ ටැක්සි වලට වාහන වලට එන්න බැහැ. ගුවන් මගියා මගී පිටවීමේ පර්යන්තෙන් පිට වෙලා ටොර්ලියත් තල්ලු කරන් සැහෙන දුරක් එළියේ යන්න ඕනේ වාහන ඒමට අවසර ඇති ප්‍රදේශයට. එකේ කිසි ...
අප්පච්චී හිටියා නම් ලයිට් කපන්න වෙන්නේ නැද්ද ? පෙනෙන නොපෙනෙන අප්පච්චි සිටියා නම් අපිට කරුවලේ ඉන්න වෙන්නේ නැහැ කියමින් දෙස් දෙවොල් දෙන අය වෙත කරුණාවෙන් ලියමි!අප්පච්චි නොව අප්පච්චි ගේ මහප්පා සිටියද මෙගාවොට් 500 සාම්පුර් ගල් අඟුරු බලාගාරය සැදීමට පටන් ගැනීමට නියමිතව තිබුනේ 2016 දීය. ලංකාවේ කිසිවෙකුටත් ප්රාතිහාර්ය පෑමට නොහැකි බැවිනුත් කොහොමත් ඉන්දියන් කාරයා design කොට උන්ගේ රටේම යකඩ ටිකත් තලාගෙන මෙහෙ ඇවිත් බලාගාරයේ තහඩු ටිකේ සිට විදුලි ජනක යන්ත්‍රය ...
ලයිට් කපන එකේ වැරැද්ද දේශපාලකයාද ? පෙනෙන නොපෙනෙන දැන් මේ ලයිට් කපන්නේ දේශපාලකයාගේ වරදක් නිසා බව හය හතර නොදත් පොඩි එකාට කියා දෙන මෙන් ඉල්ලන පොස්ටුවක් සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වනු දුටිමි.මම නම් එවැනි බොරු අපේ පොඩි එකාට කියා දෙන්නට සුදානමක් නැත. මේ පොස්ටුව දමන මිතුරන්ගෙන් සමහර ඉංජිනේරුවන්ගෙන් ද මේ සම්බන්ධයෙන් විමසා බැලුවත් මේ දිනවල ඇති ලයිට් කැපීම 100% දේශපාලකයාට ලඝු කිරීමට හේතු සොයා ගැනීමට මට නොහැකි වුනි. ...
පරිකල්පිත යථාර්ථයේ අතරමං වූ අපි පෙනෙන නොපෙනෙන නූතන මානවයා - එහෙමත් නැත්තන් දැන් ලෝකේ ඉන්න මිනිස්සු හුරු වෙලා ඉන්නවා මවාගත්ත පරිකල්පන ලෝකයක (imagined reality) ජීවත් වෙන්න. මේ මවාගත්ත පරිකල්පන ලෝකය තුල ජීවත් වෙන්න අපි කොච්චර පුරුදු වෙලා ඉන්නවද කියනවා නම් අපිට කොයිම වෙලාවකවත් මතක් වෙන්නේ නැහැ අපි ඒ මවාගත්ත පරිකල්පනයේ ඉන්නේ කියල. මේක ටිකක් සරලව පැහැදිලි කරොත් - ගඟක්, ඇලක්, දොළක්, වැස්සක්, කන්දක්, මුහුදක් වගේ දේවල් ...
සාධාරණත්වය උදෙසා අරගලය පෙනෙන නොපෙනෙන මා දුටු සත්‍ය සිදු වීමකි - ස්ථානය - කටුනායක ගුවන්තොටුපල - විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කවුළුව මාර්තු 24, 2018 - ප .ව. 5.50විදේශ සේවා එකට අවුරුදු දෙකකට සැරයක් ගෙවන මුදල ගෙවන්න තියෙන හින්ද මම ගියා එයාපෝට් එකේ තියෙන අදාළ කවුළුවට (මේක ගෙව්වේ නැත්තන් යන්නේ රට රස්සාවට කියල දැනගත්තොත් ප්ලේන් එකට තියා ගුවන් තොටුපොළේ check in කවුන්ටරේ ට වත් යන්න දෙන්නේ නැහැ ...
ටැක්සි මීටරෙන් පුලුවන්ද ඇප් එකේ (Uber, PickMe) සේවාව දෙන්න ? පෙනෙන නොපෙනෙන මේ Uber Pickme ප්‍රශ්නේ ගැන කථා කරද්දී මම දැක්ක සමහරු කියනවා ටැක්සි ඔක්කොටෝම මීටර් දාල ඔය ඇප් වලින් මිනිස්සු සූරා කන වැඩේ නතර කරමු වගේ තර්කයක්! මට නම් ඒක පෙන්නේ නිකන් ෆේස්බුක් මොකටද යාළුවොන්ගේ නොම්මර තියෙන්නේ කථා කරන්න චැට් කරන්න ... මොනවා හරි ලියල යවන්න ඕනේ නම් ඊමේල් තියෙන්නේ වගේ තර්කයක්! ඔය ride hailing ඇප් එකකින් දෙන පහසුකම් ටික ...
බ්‍රසීලයේ සමනලයකුට පියාපතක් සලා ටෙක්සාස් වල ටොනේඩෝවක් ඇති කළ හැකිද? පෙනෙන නොපෙනෙන බ්‍රසීලයේ සමනලයකුට පියාපතක් සලා ටෙක්සාස් වල ටොනේඩෝවක් ඇති කළ හැකිද?මෙය 1972 දී ඇමරිකාවේ සිටි කාළගුණ විද්‍යාඥයෙකු සහ ගණිතඥයෙකු වූ එඩ්වර්ඩ් ලෝරන්ස් (පසුකලෙක මහාචාර්ය ලෝරන්ස්) විසින් ඉදිරිපත් කරන ලද විද්‍යාත්මක පත්‍රිකාවක මාතෘකාවයි. මෙහිදී ලෝරන්ස් විසින් පෙන්නා දීමට උත්සාහ කලේ කාලගුණය වැනි සංකීර්ණ ක්‍රියාදාමයක් පිලිබඳ අනාවැකි ඉදිරිපත් කිරීමට යොදාගන්නා පරිඝනක ආකෘති (computer simulation models) වලට අප ලබාදෙන මූලික දත්ත වල ඉතා සුළු ...
ඇල්ෆා මේල්ගෙන් ප්රජාතන්ත්රවාදය ඉල්ලීම පෙනෙන නොපෙනෙන Alpha කියන්නේ ග්‍රීක හෝඩියේ මුල් අකුර!ඔය ගොඩක් සත්ව කොට්ඨාශ වල ඉන්නවා ඇල්ෆා මේල් (Alpha Male ) කියල හඳුන්වන පිරිමි සත්වයෙක්!උදාහරණයක් විදියට චිම්පන්සියෝ කණ්ඩායමක් ගත්තහම ඉන්නවා එකේ Alpha Male - මෑන් තමා කණ්ඩායමේ නායකයා. මෑන්ට යටින් තමා අනික් අය. රැහේ ඉන්න හොඳම (හොඳම කියල මේ මෑන් ට හිතෙන) ගැහැණු චිම්පන්සියෝ මිනිහගේ පරිභෝජනෙට. හොඳ පලතුරු ගස් වගේ හැම හොඳ දෙයක්ම උගේ සහ ...
දුම් පරීක්ෂණවලට කොකා පෙන්නපු වොක්ස්වැගන් පෙනෙන නොපෙනෙන මේ කියන්න යන්නේ අර ලංකාවට එනවා කියපු වොක්ස්වැගන් ෆැක්ටරිය ගැන නෙවේ!මේ කියන්න යන්නේ වොක්ස්වැගන් එකේ කළමනාකරුවෝ සහ ඉංජිනේරුවෝ සමූහයක් මුළු ලෝකෙම අවුරුදු ගානක් තිස්සේ රවට්ටපු හැටි!වොක්ස්වැගන් ඉතිහාසෙන් බිඳක් හිට්ලර්ට ඕනේ වුණා සෑම ජර්මානුවෙක්ටම දැරිය හැකි මිලකට කාර් එකක් ලබාදීමට - ඉතින් ඔහු සහ ඔහුගේ නාසි කම්කරු පක්ෂයේ විසඳුම වුනේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව හෙවත් මහජනතාවගේ කාර් සමාගම - “The People’s Car ...
විදුලි අර්බුදය ගැන කථා කලයුත්තේ ඉංජිනේරුවෝ පමණක්ද ? පෙනෙන නොපෙනෙන පරිසරවේදියාගේ ප්රශ්නය - දැන් ඔයා කියන්නේ ඔය විදුලි බල ක්ෂේත්රය ගැන කථා කරන්න වගේම අවබෝධ කරගන්න විදුලි ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙද? අපිට බැරිද ඕවා ගැන කථා කරන්න?උත්තරේ - අපෝ පුළුවන්! ඒ වගේම මම ධෛර්යමත් කරනවා හැමෝම ඇවිත් මේ ක්ෂේත්රය ගැන දැනුවත් වෙන්න කියල....මම කොහේදීවත් කියල නැහැ මේ විදුලි ක්ෂේත්රය තේරෙන්නේ විදුලි ඉංජිනේරුවන්ට විතරයි කියල.... මගෙත් උත්සාහය මේ විෂය සරල කරලා කියල ...
බැඳුම්කර මගඩිය හාල් මැස්සෙකි - විදුලි බලාගාර මාෆියාව තල්මසෙකි පෙනෙන නොපෙනෙන ඊයේ දිනයේ අප සරල ජනාධිපති පැවසු ආකාරයට බැඳුම්කර වංචාවේ රජයට පාඩුව රුපියල් බිලියන 8.5 කි. බැඳුම්කර වංචාව - රු බිලියන 8.5 සිල් රෙදි මගඩිය - රු බිලියන 0.6 ඉහත මගඩි දෙකෙහිම එකතුව රුපියල් බිලියන 10 වත් වන්නේ නැත. 2017 විදුලි තෙල් බිල - රු බිලියන 80කෙරවලපිටිය බලාගාරය ප්‍රාග්ධන වියදම දෙගුණයක් බව පෙන්වීම නිසා ගෙවීමට සිදුව ඇති මුදල - රු බිලියන ...
ශ්‍රී ලාංකීය බ්ලොග්කරුවන් පිලිබඳ මහා දැනුමැති විදුලි බලාගාර කළමනාකරුවා ඔබෙන් සඟවන සත්‍යය පෙනෙන නොපෙනෙන "ස්වභාවික වායු බලාගාර බෝඩ් සහිතව ඩීසල් බලාගාර" ඉදිකොට මහජන මුදල් ගරාගැනීම සම්බන්ධයෙන් තව දුරටත් විග්රහ කොට රචිත ලියවිල්ල මෙම බ්ලොග් අඩවියෙත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සඟරාවේත් (SLEN - Sri Lanka Engineering News) පලවීම නිසා කෙරවලපිටිය බලාගාරයේ විදුලි ඒකකයක් 2015 වර්ෂයේ රුපියල් 45 ක් වැනි ඉහල මුදලකට (ඉහල මුදලක් යි පැවසුවේ 2015 වසරේ ලං. වි. ම ඒකකයක් විකුණුවේ රු . ...
කරන්ට් එක වැදුනොත් මැරෙනවාද? පෙනෙන නොපෙනෙන කරන්ට් එක වැදුනොත් මැරෙනවද? නැද්ද? අද මේ ලෑස්ති වෙන්නේ ඒ ගැන කථා කරන්න!ඔබටත් මටත් අත් වැරදීමකින් විදුලිය සැර නැත්නම් කරන්ට් එක වැදුනත් මේ වැඩේ තවත් ප්‍රයෝජන තියෙනවා. උදා - වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස (Electroconvulsive Therapy (ECT))නතර වූ හදවතක් නැවත ක්‍රියා කරවීමට ගැනීම (defibrillator මගින්)ඉස්සුවේ මෙතනින් හැබැයි අද කතා කරන්නේ කරන්ට් එක වැදිලා මැරෙන එක ගැන. ඒක පටන් ගන්න හොඳම තැන ...