සී සික් සමගින් පළමු මුහුදු ගමන. - සයුරේ දසවසක් 3 Kolompure නැව් බදේ හැපෙන මුහුදු රළ ශබ්දය විටින් විට ඇසේ තවමත් කළුවර පහව ගිහින් නැත. පාන්දර වැටුන පින්නෙන් සිරුර තෙමිගොසිනි. තැන නුපුරුදු වුවත් මාහට අවදිවන්නට වුයේ අපත් සමගින් නිදා උන් එකා දෙන්නා නැගිට යන්නට පටන්ගත් පසුය. මා මෙන් කැබින් කාමර අහිමිව සිටි කිහිපදෙනෙකු සමගින් පෙරදින රාත්‍රියේ බෝට් ඩෙක් (Boat Deck) හි කාඩ්බෝඩ් කැබැල්ලක් එලාගෙන නිදාගත් බව සිහිපත් විය. ...
ගාල්ලෙන් වැඩ ඇරඹිම - සයුරේ දසවසක් Kolompure ඇදුම් බැගයත් උරයේ එල්ලාගෙන ඇළුමිනියම් ලෝහයෙන් තනා තිබු කුඩා ගැන්වේය (Gang Way) තරණය කිරිම ලෙහෙසි කටයුත්තක් නොවිය. බඩුබාහිරාදිය පටවා නැති හිස්ව තිබෙනා නෞකාවක ගැන්වේ එක නැගිම මහගිරිදඹය තරණය කිරිමක් සේය. තුම්මුනින් දහඩිය දමමින් නැවේ මේන් ඩෙක් (Main Deck) එකට ගොඩවුනු පසුව හාත්පස නිරීක්ෂණය කරන්නට වීමි. විවිධ වර්ණ ඕවරෝල් (Overall) හැඳ සිටිනා නැවියන් පිරිසක් එක් පසෙකින් තට්ටුවේ තීන්ත ආලේප කරමින් සිටියහ. ...
පැද්දෙන පොල් ලෙල්ලක් - සයුරේ දසවසක් Kolompure සාගර තලය මත සුදෝ සුදු පෙනකැටි මාවතක් අවරපෙත්තෙන් නිර්මානය කරමින් නෞකාව දියඹට ගමන් කරන්නට විය. අළු පැහැයෙන් කුඩාවට දිස්වන ගාළු කොටුපවුරත් සුවිශාල රූමස්සල කදුවැටියත් අමුතුම හැඟුමක් සිතට හටගන්වන්නට වුනි. ජීවිතයේ නවුම් ඇරඹුමක් සනිටුහන් කරමින් ටිකෙන් ටික දියඹට ඇදෙන මා සිටි කුඩා නෞකාව පාවෙන පොල්ලෙල්ලක් සේ හතර අතට පැද්දෙන්නට පටන් ගත්තාය. මාගේ පළමු රස්සාව සයුරට වැටුනු පොල් ලෙල්ලක් සේ හතර අතට ...
කොළොම්පුරේගේ දෙක ඉවරයි. Kolompure කොළොම්පුරේගේ දෙක ඉවරයි කිව්වාම හිතුවා නේද......... නෑ නෑ එක නොවෙයි. වරද්ද ගන්න එපා මේ බ්ලොග් එකේ දෙක. නෑ බොලව් බ්ලොග් එක පටන් අරන් අවුරුදු දෙකක් ගෙවිලා ඉවරයි. මිට අවුරුදු ගනනාවකට බොහෝ කලියෙන් විජය පරිගණක සගරාවේ තිබුන ලිපියක් දැකලා ඒකේ තිබුන ආකාරයට බ්ලොගක් හදන්නට උත්සාහයක් දැරුවා. වර්ඩ් ප්‍රෙස් වලින් විතරයි සිංහල බ්ලොග් ලියන්න පුළුවන් ප්ලැට්ෆොම් එකක් තියෙනවා කියලා කිව්වේ. එකේ තිබුන ...
සිංහබාහුගේ ස්විකා සාදය. Tuica (tswee-ka) හා බොස්ෆරස් ඔස්සේ රුමේනියාවට Kolompure සිංහබාහුව මතකයට ආවර්ජනය වුයේ මීට පෙර ලියු බ්ලොග් පොස්ටුවක් සදහා මාගේ පැරණි ඡයාරූප ගොන්නක් යලි පරිගණක තිරය මත දිග හරිද්දිය. එකල ජර්මානු නැව් සමාගමකට අයත්වු මා සේවය කල නෞකාවේ දෙවන එංජිනේරුවරයා ලෙසට පත්ව ආ රුමේනියන් ජාතිකයාට තිබු හතරුස් මුහුනත් නොඋස් ස්ථුල සිරුරත් මෙන්ම ඔහුගේ මදක් වැවුන රිදිවන් කොන්ඩය නිසාත් අපි විසින් රෙජිස්ටර් කල නාමය වුයේ සිංහබාහුය. විදේශිකයන්ට නොතේරෙන ලෙසින් ඔවුන් ...
බොමුද ටෙකිලා Kolompure උඹ ටෙකිලා ගහලා තියේනවාද?ටෙකිලා ඒ මොකක්ද?පිස්සු හැදෙනවා බං ගැහැව්වාම ලොවෙත් වදිනවා කන් පාත්වෙන්නමොකක්ද බං දුමක්ද?නෑ බං අරක්කු ජාතියක්ඇහැව්වෙත් අදමයි එච්චරටම සැරද?අපේ අයියාකාරයා අරන් ආවේ සැන්ඩි නැතිව අමුවෙන් ගහන්නලු ඔනේ. ලුණු ටිකක් පිටිඅල්ලට දාලා කාලා ඊට පස්සේ දෙහි කැල්ලක් හපනවා විතරයි බයිට් එකට. වැදෙනවා බං නැතිවෙන්න.ඔන්න ඔහොම තමයි මමත් ටෙකිලා Tequila ගැන මුලින්ම ඇහැව්වේ. හැබැයි අහලා තිබුනාට ටෙකිලා ටිකක් කටේ තොලේ ...
රජගෙදර කලාකෘති. Kolompure රජතුමෙක් කිසිදා වාසය නොකරපු රජගෙදරක් අපේ රටේ තියේනවා. කාලෙකට ඉස්සර කිංස් හවුස් කියපු මන්දිරය පස්සේ කාලෙක කුවින්ස් හවුස් වුනා. ඊටත් පස්සේ ප්‍රසිඩන්ට් හවුස් නැත්නම් ජනාධිපති මන්දිරය නමින් හදුන්වන්න පටන් ගත්තා. මේ සිරිලංකා ප්රජාතන්ත්රවාදි සමාජවාදි ජනරජයේ පළමු ජනපති වු විලියම් ගොපල්ලව ගෙන් පසු මෙතෙක් බලයට පත්වු එකදු ජනපතිතුමෙකු එක රැයක් වත් මේ මැදුරේ ඉදලා නෑ ( දන්නා තරමින්) ඔය රජ ගෙදර ...
කාකිසුට් නරිනාටක Kolompure ඔන්න එකොමත් එක දවසක වැඩට යන්න කම්මැලි හිතුනා. එදා ඉතිං නිවාඩුවක් කාරිය දාලා ගෙදර ඉන්නැද්දි මගේ බොක්කක්වුනු පාපමිත්‍ර ඥාතියෙත් ගෙදරට කඩා පාත්වුනා. මිනිහා නෑයෙක් වෙලා පාපමිත්රයෙක්වුනේ හිරයක් ගත්තාට පස්සේ. මේ බුවා හදිසියේ ගෙදරට කඩාවැටුනේ කොළඹ ගිහින් එන ගමන්ලු. පොරට අවුරුදු ගනනාවක් වාතවෙවි බලං හිටපු රට රස්සාව හරි ගිහිල්ලා විසා එකපාස්පෝට් එකේ ගහගෙන එන ගමන් කිව්වා. එතකොටත් වේලාව ඇති උදේ එකලොහ ...
"මං ආදරෙයි" Kolompure ඈත අතිතයේ බොහෝ සිදුවිම් ගොන්නක් මනසේ යලි රගදැක්වෙන්නට පටන් ගත්තේ ආරාධනා පත්‍රයක් මගේ සුරතට පත්වුනු නිසයි. "ප්‍රගියා" ඒ අපි කවුරුත් ඔහුව ඇමතුව නම. ප්‍රගියා මට මුලින්ම මුණ ගැහෙන්නේ එක වසරේ පංතියට පාසල් යන මුල්ම දවසේදි. එකම පංතියට වැටුන අපි දෙන්නා ඊළග අවුරැද්දේ වෙන පංතියකට වැටුනා කියලා මතකයි. ගල්කිස්සේ අපේ ගෙවල් ආසන්නයේ ගෙවල් කිහිපයකට එහා හිටිය ප්‍රගියා ක්‍රිකට් ගහන්න සෙල්ලම් ...
"මං ආදරෙයි" Kolompure ඈත අතිතයේ බොහෝ සිදුවිම් ගොන්නක් මනසේ යලි රගදැක්වෙන්නට පටන් ගත්තේ ආරාධනා පත්‍රයක් මගේ සුරතට පත්වුනු නිසයි. "ප්‍රගියා" ඒ අපි කවුරුත් ඔහුව ඇමතුව නම. ප්‍රගියා මට මුලින්ම මුණ ගැහෙන්නේ එක වසරේ පංතියට පාසල් යන මුල්ම දවසේදි. එකම පංතියට වැටුන අපි දෙන්නා ඊළග අවුරැද්දේ වෙන පංතියකට වැටුනා කියලා මතකයි. ගල්කිස්සේ අපේ ගෙවල් ආසන්නයේ ගෙවල් කිහිපයකට එහා හිටිය ප්‍රගියා ක්‍රිකට් ගහන්න සෙල්ලම් ...
ජීවිතේ Kolompure දෙපයට වාරු අරන්ජීවන බර කරේ තියන්ජීවිතේ කන්ද නගිනවාමට හරි වෙහෙසයිලෙඩ දුක් බෝමයිජීවිතේ දුකම විදිනවානුඹ දැන් මහළුයිපිං දන් කරගන්නයිඋතූමන්ලාද කියනවාපිං ධම් තව ඈතයිකාලය හරි නපුරුයිදිවි බර තව වැඩි වෙනවාඅතමිට හිඟ පාඩුයිඋසුලන්නට බෑමයිදුක් කරදර හිසට වැටෙනවාදැන් උඹ අබලන්අවසානෙට ඇවිදින්මරුවා කැන්දන් යන්න හදනවාරෝ දුක් වැඩිවුවත්මොන කරදර ආවත්තාමත් අපි ජීවිතේ තනුව වයනවා. ...
ජීවිතේ Kolompure දෙපයට වාරු අරන්ජීවන බර කරේ තියන්ජීවිතේ කන්ද නගිනවාමට හරි වෙහෙසයිලෙඩ දුක් බෝමයිජීවිතේ දුකම විදිනවානුඹ දැන් මහළුයිපිං දන් කරගන්නයිඋතූමන්ලාද කියනවාපිං ධම් තව ඈතයිකාලය හරි නපුරුයිදිවි බර තව වැඩි වෙනවාඅතමිට හිඟ පාඩුයිඋසුලන්නට බෑමයිදුක් කරදර හිසට වැටෙනවාදැන් උඹ අබලන්අවසානෙට ඇවිදින්මරුවා කැන්දන් යන්න හදනවාරෝ දුක් වැඩිවුවත්මොන කරදර ආවත්තාමත් අපි ජීවිතේ තනුව වයනවා. ...
චන්ඩි උපන්න සුප්‍රකට ගසක් Kolompure අතීතයේ අනාදි කාලයක මිනිසුන්ද සතුන්සේම උපන්නේ ගස් ගල් යටයි. සිද්ධාර්ත කුමාරයාත් උපත ලැබුවේ ලූම්බිණියේ සල්ගසක් පාමුල. පරිනිර්වාණය ලැබුවෙත් කුසිනාරා නුවර සල්ගස් දෙකක් අතරයි. මැරෙන්න එක ගහකුත් උපත ලබන්න ගහකුත් විදිහට කොළොම්පුරයේ සුප්‍රසිද්ධ ගස් දෙකක් තියේනවා හැබැයි කොල මල් දළුලන්නේ නැති. එකක් තියෙන්නේ වැලිකඩ සිරගෙදර. ඒ තමයි එල්ලූම් ගහ. අනික තමයි කොළඹ කොටුවේ කොඩිගහ. https://goo.gl/maps/hvEVGQTCtDJ2එ්කාලේ කොළොම්පුරේ හිටිය සමහර චන්ඩිත් ලොකුවට කිව්වේ ...
චන්ඩි උපන්න සුප්‍රකට ගසක් Kolompure අතීතයේ අනාදි කාලයක මිනිසුන්ද සතුන්සේම උපන්නේ ගස් ගල් යටයි. සිද්ධාර්ත කුමාරයාත් උපත ලැබුවේ ලූම්බිණියේ සල්ගසක් පාමුල. පරිනිර්වාණය ලැබුවෙත් කුසිනාරා නුවර සල්ගස් දෙකක් අතරයි. මැරෙන්න එක ගහකුත් උපත ලබන්න ගහකුත් විදිහට කොළොම්පුරයේ සුප්‍රසිද්ධ ගස් දෙකක් තියේනවා හැබැයි කොල මල් දළුලන්නේ නැති. එකක් තියෙන්නේ වැලිකඩ සිරගෙදර. ඒ තමයි එල්ලූම් ගහ. අනික තමයි කොළඹ කොටුවේ කොඩිගහ. https://goo.gl/maps/Dze3s5HASYvඑ්කාලේ කොළොම්පුරේ හිටිය සමහර චන්ඩිත් ලොකුවට කිව්වේ ...
නැවේ යකා Kolompure "අයියේ අයියේ මාර සීන් එකක් නේ උනේ.""ඇයි මොකද?""දැන් කූල් රූම් එකේදි අයියාටවගේ මටත් ඕයී කිව්වානේ.""නෑ. මාර වැඩක්නේ. දැන්ද උනේ?""ඔව් මේ දැන් ඩිෆිස්ර් එක ඇරලා මස් ටික බේසමට දාන්න හදනකොටමනේ ඕයීි කිව්වේ. මගේ මයිලුත් කෙලින්වුනා.""ඉතිං උඹ පැනලා ආවාද?""මොන මස් දැමිලිද? ඒ කළුවර ගුහාවේ මොන මළයක්කු ඉන්නවාද දන්නේ නෑ. සද්දේ ඇහුනේ හරියට මගේ කකුලු දෙක ළගිනුයි." විදුලි පන්දමත් අතේ තියාගෙන නැවේ පිටිපස්සේ ...
නැවේ යකා Kolompure "අයියේ අයියේ මාර සීන් එකක් නේ උනේ.""ඇයි මොකද?""දැන් කූල් රූම් එකේදි අයියාටවගේ මටත් ඕයී කිව්වානේ.""නෑ. මාර වැඩක්නේ. දැන්ද උනේ?""ඔව් මේ දැන් ඩිෆිස්ර් එක ඇරලා මස් ටික බේසමට දාන්න හදනකොටමනේ ඕයීි කිව්වේ. මගේ මයිලුත් කෙලින්වුනා.""ඉතිං උඹ පැනලා ආවාද?""මොන මස් දැමිලිද? ඒ කළුවර ගුහාවේ මොන මළයක්කු ඉන්නවාද දන්නේ නෑ. සද්දේ ඇහුනේ හරියට මගේ කකුලු දෙක ළගිනුයි." විදුලි පන්දමත් අතේ තියාගෙන නැවේ පිටිපස්සේ ...
ජපන්නුන්ට අපෙන් නැවක් Kolompure ජපන්නු හපන්නු කියලා අපි පොඩිකාලේ ඉදන් අහන කතාවක් කියේනවානේ. ඒ හින්දා තමයි ලෝක යුද්ධයේදි පරමාණු බෝම්බ වලින් හොදටම බැටකාලා නට්ටන්වුනු ජපන්නු ඉක්මනින් නැගීසිටියේ. දැන් අඩු මුදලට ආරක්ෂාව අඩු ඉන්දියන් මොටර් වාහන සිරිලංකාවේ මාර්කට්ටුව ආක්‍රමණය කරලා තිබුනත් අපේ අයත් දහඅතේ ණයවෙලා හරි ගන්න කැමති ජපන් වාහනයක් හරි ජපන් මොටෝසයිකලයක් තමයි. "සිරිලක දේ සිරිසැප දේ" කියලා කට වචනෙට කිව්වත් මොන භාන්ඩේවත් "මෙඩ් ...
ජපන්නුන්ට අපෙන් නැවක් Kolompure ජපන්නු හපන්නු කියලා අපි පොඩිකාලේ ඉදන් අහන කතාවක් කියේනවානේ. ඒ හින්දා තමයි ලෝක යුද්ධයේදි පරමාණු බෝම්බ වලින් හොදටම බැටකාලා නට්ටන්වුනු ජපන්නු ඉක්මනින් නැගීසිටියේ. දැන් අඩු මුදලට ආරක්ෂාව අඩු ඉන්දියන් මොටර් වාහන සිරිලංකාවේ මාර්කට්ටුව ආක්‍රමණය කරලා තිබුනත් අපේ අයත් දහඅතේ ණයවෙලා හරි ගන්න කැමති ජපන් වාහනයක් හරි ජපන් මොටෝසයිකලයක් තමයි.මේ තමයි හදන්න යන නවින පන්නයේ නෞකාව "සිරිලක දේ සිරිසැප දේ" කියලා ...
ඕයී යකා Kolompure නැගිටපං බං වොච් එකට වේලාව හරි. එහෙම කියාගෙන කැබින් කාමරයට ඇතුලුවෙච්චි හැටියේම විජේරත්න කාමරයේ ලයිට් එක ඔන්කෙරුවා. ඇස් නිලංකාරවෙලා ගියේ තද නින්දක හිටපු මම නිදිමතයේම අමාරුවෙන් ඇස් ඇරලා බලපු හැටියේමවාගේ ලයිට් දැමුව හින්දයි. මෙන .......... දක්ද ඔය ලයිට් එක නිවපං. ඇස් දෙකත් ඇරගන්න අමාරුයි.මේ උඹ ආයෙමත් නිදා ගන්නේ නැතිව ඉක්මනට වරෙන්. හරි බං නෑවිත් ඉන්නයෑ. දැන් ඉතිං පලයං. කොට්ටේ අස්සට ...
ඕයී යකා Kolompure "නැගිටපං බං වොච් එකට වේලාව හරි. "එහෙම කියාගෙන කැබින් කාමරයට ඇතුලුවෙච්චි හැටියේම විජේරත්න කාමරයේ ලයිට් එක ඔන්කෙරුවා. ඇස් නිලංකාරවෙලා ගියේ තද නින්දක හිටපු මම නිදිමතයේම අමාරුවෙන් ඇස් ඇරලා බලපු හැටියේමවාගේ ලයිට් දැමුව හින්දයි. "මෙන .......... දක්ද ඔය ලයිට් එක නිවපං. ඇස් දෙකත් ඇරගන්න අමාරුයි.""මේ උඹ ආයෙමත් නිදා ගන්නේ නැතිව ඉක්මනට වරෙන්." "හරි බං නෑවිත් ඉන්නයෑ. දැන් ඉතිං පලයං." කොට්ටේ අස්සට ...