Untitled Post Monarathenna ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම,-------------------------------------------------නුඹ...,දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වීදුරුවක් වගේ..කොච්චර කල් ගෙවුණත් ඇඟ හිරි වැටෙන..පරණ වෙන්න පරණ වෙන්න මතකය රස ගන්වන...කාස්බර්ග් වලට ස්ට්‍රෝන්ග් වලටත් බැරි වුණා නුඹව ගෙන එන්නට....මතකය දිගේ දුර යන්නට.....අමු වොඩ්කා වීදුරුවකට පුලුවන් වුණා..මතක් කර දෙන්න...නුඹ පළමුවරට නළලත සිපගත් නුහුරු මිහිරිම හැඟුමේ රසය...ඉතින් නුඹ ළඟ නැතත්...මාව නුඹ ළඟට ගෙන ගියේ..ඉඳහිටක හෝ ඒ රතු වයින් වීදුරුව...මත් ...
Untitled Post Monarathenna තෑග්ග----------තෑගි කියලා කිව්වම එක පාරටම මතකයට එන්නේ අපේ ප්රපංචයට ගෝචර වෙන දෙයක්..අපිට අතට අරගෙන බල බල ඉන්න පුලුවන් දෙයක්..එහෙමත් නැත්නම් ඒක කන්න පුළුවන් දෙයක්.ම මේ දේවල් හැරෙන්න අපිට තෑග්ගක් කිව්වම තව තව දේවල් ගැන කියන්න පුළුවන්...පවුලකට එකතු වෙන මුල්ම දරුවා අපිට අමිල තෑග්ගක් වෙන්න පුළුවන්..තමන්ගේ අම්මා තාත්තා අපිට ලැබිලා තියෙනව අමිලම තෑග්ගක් වෙන්න පුළුවන්..ඔය විදියට තෑගි ගැන කියනකොට සමහර විට ...
Untitled Post Monarathenna නැවතත්...----------------බිඳී ගිය රළ නැතිමුත්තව රළක් සෙමෙන් අවුදින්මුතු කැටයක් තබනු ඇති සිනිඳු දෙපා පාමුලට..දෑස ළඟින්ම නොපිපුණත්පිපෙනු ඇත තව මලක්දුරක ඇති තුරු හිසක,කොඳුරමින් නම..කල්පයක් ගත වුවත්නව සිහින යළි මැවෙත්දැවී හළු වූ පැරණි පැතුම් මැද..සුන්දරයි හෙට දිනත්සිනහ ගෙන එන යළිත්අද කඳුළු දිලිසුනත් දෙනෙත් අග-මොණරි- ...
Untitled Post Monarathenna කෙටිම කෙටි කතාවක්----------------------------------මම හිතුවා...තවමත් එහෙමයි....ඉස්සර ඉඳන්ම හිතුවා....දැනටත් එහෙමයි...ඉස්සරහටත් එහෙමයි...හැම මොහොතක්ම ගෙවුණේ ඒ ගැනම හිත හිත..ඔව් ඇත්තටම ඒ ගැනම හිත හිත....'ඉතින් මොනවද ඔයා හිතුවේ...?''ඒක තමයි මොනවද මම හිතුවේ...?''මොනවද ඔයා හිතනවා කියන්නේ?...''එයාට ඕන ඕන වෙලාවට ගෙන්න ගන්න ගෑණු ඉන්නවා....''ඉතින් ඔයා දන්නවනේ ඒක...තව මොනද ඕක ගැන හිතන්න තියෙන්නේ...?''ඔව් ඉතින් මමත් යනවා,එනවා...,දන්නවා විතරක් නෙවෙයි මම ඒ ගැන දැන දැනත් යනවා....'හිතාගෙන හිතාගෙන ගියාම හිත බර ...
..කෙටිම කෙටි කතාවක්. Monarathenna පෑලියගොඩ අලුත් පාලම උඩ බස් නැවතුමේ බෝ ගහ යට කියන්නේ ගිනි ගහන රස්නේ තිබුණත් මහා සැනසීමක් සිසිලසක් දැනන තැනක්.මම හැමදාමත් ඔතනට ආස කළේ ඒ නිසාමයි..වැඩ ඉවර වෙන වෙලාව ටිකක් වෙහෙසකාරී වුණත් දවල් දෙකට විතර ඒ බෝ ගහ ළඟ මට දැනුනේ මහා ශාන්තවත් බවක්..එදා සඳුදා දවසක්,වෙනදා වගේම තවත් එක සඳුදාවක් නෙවෙයි ඒ..මම කාලයක් තිස්සෙම පෙරුම් පුරාගෙන හිටිය දවසක්,හිතම හිරිවට්ටපු මුලු ජිවිතේම ...
සොඳුරු මතක Monarathenna බොහොම ඉස්සර ඈත දවසකමල් පිපී එන රන්වන් සැදෑවන්හුඟක් තිබුණා රස කර කියන්නටසමකයක් උඩ නිදි කිරා වැටුනටතොටිලි පැද්දුනේ සීත අරණක...වළාකුළු බිම වැටුනු කාලෙක..කතා තිබුණා රසකර කියන්නට..දලු ලාගෙන එන ගසේ සුවඳත්අඩුත් නැතිවම වැඩිත් නැතිවමපතුරවන්නෙම අපේ ස්නේහය..වළාකුළු බිම වැටෙන සමයක..-මොණරි- ...
ගෑණුන්ට ඕනේ ආදරේ දැනෙන්න නෙවේ,පෙන්නන්න.. Monarathenna ගෑණුන්ට ඕනේ ආදරේ දැනෙන්න නෙවේ,පෙන්නන්න...ඒත් පිරිමි තමන් ගේ ආදරේ පෙන්නන්නේ නෑ..ඒ ආදරේ දැනෙන්න අරිනවා....ආදරේදී ගෑහැණිය පිරිමියාට වඩා ඉහළද එහෙමත් නැත්නම් පහළද කියලා අපිට නිශ්චිතවම කියන්න අමාරුයි.නමුත් සමස්තයක් විදියටම ගත්තම ගැහැණු කැමති තමන් ගේ ආදරේ මුලු ලෝකෙම කියලා හිතන්න,ඒ ආදරේ මුලු ලෝකෙටම පෙන්වන්න,ඒත් පිරිමි එහෙම නෑ,පිරිමින්ට ඕනේ තමන් ගේ ආදරේ තමන් ආදරේ කරන කෙනාට දනවන්න,ඒ ආදරේ ලෝකෙටම පෙන්නන නෙවෙයි,තමන් ආදරේ කරන ...
මට ඕනා පුතෙක්................... Monarathenna ඉතිහාස කතා ඇත පුතේ නුඹට කියා දෙන්නමිහිරි අමිහිරි වුණත් පුතේ නුඹ දැනගන්නකටු පොකුරු සිපගත්තේ මල් උයන් මැද ඉන්නපැරදුනත් ජිවිතේ එකම තැන නැවතී ඉන්නඉපදෙන්නට හැකි බව කියාදුන් කතාවේ උන්නමතකද අලු මතින් ඉපදුන ෆීනීක්ස් ගැන නුඹටනිදහසේ ඉගිලෙන්න ආදරය විඳගන්නපාට පාටින් අහස පුරා ආදරය පතුරන්නආදරයෙන් මුලු ලෝකෙම නුඹට හැකිය සරසන්නපුතුනි නොදනිම් තිබේදැයි හෙට දිනක්නුඹට ඉන්නට සරුසාර ලෝකයක්එසේ ඇතිනම් බලා ඉන්නෙමි මමත්නුඹෙන් මිනිසත් කමක්..දවසක ...
අපි දෙන්නයි කතා ගොඩයි - 07 Monarathenna මිනිස්සු අදරය හොයාගෙන යන්න හදන්නේ ඇයි කියන්න මම තවමත් දන්නේ නෑ...මම නම් හිතන්නේ ආදරේ කියන්නේ එහෙම හෙව්වට හම්බවෙන එකක් නෙවෙයි ...ආදරේ කියන්නේ හුළඟ වගේ දෙයක් ඒක හරියට අපිට පේන්නේ නෑ..ඒත් දැනෙනවා..අල්ලන්න බෑ..ඒත් දැනෙනවා...ඕක හෙව්වට වැඩකුත් නෑ..ඕක දෙන්න ඕන එකක්..හැබැයි අපිට මොකද වෙලා තියෙන්නේ ආදරේ වැඩියෙන් දැනෙන්න දැනෙන්න අපි ඒ ආදරේට පෙරේත වෙන්න ගන්නවා..අපි ආදරේට ලෝභ වෙන්න ගන්නවා...ඔව් ඒකේ වැරැද්දක් නෑ..ඒත් ...
අපි දෙන්නයි කතා ගොඩයි - 06 Monarathenna වැස්සක් කියන්නෙම තනියෙන් ඉන්න මනුස්සයෙකුගේ හිත පෑරෙන දෙයක්...ඊටත් ආදරය කරන අය ළඟ නැතිව දුර ඉන්නැද්දි ඒක තවත් හීනී වේදනාවක්...ආදරය කරන අයට වැස්ස කියන්නෙම ආදර සීතලට ගිනි තපින්න හදපු ගිනිමැලයක් වගේ..'ඒ කොහොමද වැස්ස ගිනි මැලයක් වගේ කියන්නේ....?''වැස්සට අපිට සීතලක් දැනනවා තමයි,සමහර වෙලාවට දරාගන්න බැරි තරම් සීතලක්...ඒත් ආදරය කරද්දි ඒ සීතල තව තවත් උග්‍ර වෙනවා...එතකොට ආදරයෙන් වෙලිලා ඉන්නැද්දි අර වැස්ස නිසාම ඒ ...
අපි දෙන්නයි කතා ගොඩයි - 05 Monarathenna මනුස්ස ජීවිතේ හරි පුදුමයි වෙලාවකට. මිනිසුන් හමුවෙනවා, මග ඇරෙනවා,එපා වෙනවා.. වෙනස් වෙයි කියලා දැන දැනම කැමැත්තක් හිතෙනවා. අනේ මන්දා, ඒත් අපි දෙන්නා...මාරයි...ඒක තමයි ඇත්ත..'ඇයි දවස් ගාණක් කතා නොකර හිටියේ....?'ඔව්...ඒත් හිතේ තවම ඔයා...හිටපු තැනම..ඒක වෙනස් වෙලා නෑ...''හ්ම්ම්ම්ම්ම්....මම අහන්නේ නෑ..ඒක කවදා හරි වෙනස් වෙයිද කියලවත්...''මම හරි ඊරිසියයි ඉතින්....''ඒ ඇයි?''නෑ ඉතින් දන්නේ නැද්ද..මගේ කියලා හිතෙන්න හිතෙන්න ඊරිසියාව වැඩියි..ඒ ඉතින් ආදරේ හැටිලූ....''හ්ම්ම්ම්ම්ම්...මම කැමතිත් ඒ ...
අපි දෙන්නයි කතා ගොඩයි - 04 Monarathenna කාන්දමක් යකඩ කෑල්ලක් ළඟට ළං කලාම ඒකට ඇදිලා එන්නේ කාන්දමද යකඩ ද කියලා හොයාගන්න බැහැ. ඒත් ඒ දෙකම දැක්ක තැනදි ඇදිලා ඇවිත් ඇලෙනවා. ඒ විතරක් ද කාන්දමට වහන් කරලා හරි යකඩ වහන් කරලා හරි දෙක ළං කරලා බලන්න.දැනෙන දේ අනුව ඒ දෙන්නා ළං වෙනවා.කාන්දම කෑලි කෑලි වලට කුඩු කරලා දැම්මත්,යකඩ කෑලි කෑලි වලට කුඩු කරලා දැම්මත් ඒක වෙනස් කරන්න බෑ..ඒක ...
අපි දෙන්නයි කතා ගොඩයි -03(ii) Monarathenna ජීවිතේ ඇයි මෙතනම නැවත්තුවේ...?නැවත්තුවේ නෑඑහෙනම්?නැවතුනාවිශ්වාසයිද දරුවෝ තාමත්....?මොකද්ද?නැවතුනේ හරි තැනම කියලා?ඔවු.... මම විශ්වාසකරනවා. පොඩි පොඩි දේවල් නොවුනම නෙමෙයි.ඒත් ඒ දේවල්නිසා ජීවිතේටත් වඩා විශ්වාසකරන දෙයක් අවිශ්වාසකරන්න මට ඕනේ නෑ...දන්නවද... මම ඔයාට ආදරේ ඇයි කියලා?නෑ....මට වඩා හාත්පසින්ම වෙනස් නිසාඒත් හැමෝම කියන්නේ එකතුවෙන්න ඕනේ එකවගේ දෙන්නෙක් කියලයිඔයාට පේනවද අර ඈත තියන ගස් දෙක?ඕ.....බලන්න.... එක ලඟ හිටියට එකක අත්තක් අනිකේ ගෑවෙන්නෙවත් නෑ. හරියට ගෑවුනොත් රිදෙයි ...
අපි දෙන්නයි කතා ගොඩයි -03(i) Monarathenna 'නුඹ මගෙන් මා උඳුරාගත් කළ, මා කෙසේ නම් නුඹෙන් මා සොයම්ද., මට මාවම අහිමි වූ කළ...., මම කෙසේ නම් මම වෙන්නට....., වෙර දරම්ද......., නුඹ මගෙන් මා උඳුරාගත් කළ..., මම කෙසේ නම් නුඹෙන් මා සොයම්ද, උමතුවෙන් මා නැවත නැවතත් සොයන්නේ....., මගෙන් මාවම මිසක...., මට අහිමි වු නුඹව නොවේය....'මුලක් මැදක් අඟක් ගැන හිතන්නේ නැතිව ලියන කතා සමහර වෙලාවට ඉවර වෙන්නේ කොහොමද කියලා ...
අපි දෙන්නයි කතා ගොඩයි - 02 Monarathenna මිනිහෙක් හුස්ම ගන්නවා කියන්නේ මොකක්ද? ඒ මිනිහා ජිවත් වෙන කෙනෙක් කියන එක,හුස්ම වැටෙන හැම මිනිහම එතකොට ජිවත් වෙන මිනිහෙක්,අපි ජිවත් වෙන්න හුස්ම ගන්න ඕනා හිතලද? එහෙමත් නැත්නම් ආයාසයකින් ද? 'අහ් මට හුස්ම ගන්න අමතක වුණානේ,මම දැන් හුස්ම ගන්න ඕනේ නේද?නැත්නම් මම මැරෙයි නේද? කොහොම හරි හුස්ම ගන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ නැත්නම් වසලා හමාරයි...'එහෙමද අපි හුස්ම ගන්න ඕනා....නෑ..සරලවම කිව්වොත් අපිට ...
අපි දෙන්නයි කතා ගොඩයි - 01 Monarathenna කතාවක් ලස්සන වෙන්න නම් ඒ කතාවේ ආකර්ශණීය ආරම්භයක් තියෙන්න ඕනා,ඒ වගේම මනස්කාන්ත ගලා යාමක් සහ විශිෂ්ඨ යැයි කිවහැකි,සරලව කිව්වොතින් ගින්දර වගේ අවසානයක් තියෙන්නත් ඕනා.නමුත් ඒ විදියේ එකකට එකක් ගළපලා ලියන්න තරම් ගැළපුණ කතා අපි හැමෝගෙම ජිවිත වල නෑ.හැබැයි හැම කෙනෙක්ගේම ජිවිත වල දුක හිතිලා අඬන්න පුලුවන් වගේම,පැලෙන්න සතුට දැනිලා හිනා වෙන්න පුලුවන් ඕන තරම් කතන්දර හුඟාක් තියෙන්න පුලුවන්.කොතනින් පටන් අරන් ...
ගණන් නැති කතන්දරයක් .... Monarathenna දිග හෑලි කියවන්න අකැමති අය නොබලා ගියාට කමක් නෑ...හැබැයි පොඩ්ඩක් හරි කැමති නම් කියවලා යන්න...මේ ලෝකේ එක එක කතන්දර තියෙනවා. ඒ එක එක කතන්දර වලිනුත් එකම එක පුංචි කතාවක් මම කියන්න හිතුවේ මේ ‘ඒ’ ලෙවල් රිසාල්ට් එක ගැන එක එක කතා හැම තැනම එක එක විදියට තියෙන නිසා. මීට හරියටම අවුරුදු එකොළහකට කලින් එක ගෑණු ළමයෙක් තමන් ගේ ජිවිතේ වැදගත්ම ...
මල් පැල Monarathenna අදත් වේලපහ එනවදසුලු දොහකි තව රකින්නඅම්මා ඇවිදින් දවසෙමඅදෝනා කට පුරාමසරුම කාලවල මල් පිපේඅපේ මල් පැළ තව හීනයේඅනුන් වතු වල පිපි මල් සැලේනැන්දම්මගේ මූසල දුව කැලේසොඳුර අප කුළුදුල් හීනයේතව නැද්ද සුභ නිමිත්තක්...?හීන දැකලම තුන් රැයේමගේ බණ්ඩිය බෝල වේ...-කලු මොණරි- ...
ගෑණු කවි... පිරිමි කවි... Monarathenna එය ගෑණු කවියක් ද... ?පිරිමි කවියක් ද.. ?සොයා යනු කුමට ද?කවියක් යැයි...නමක් දෙනු කුමට ද?ජලය බොන්නන් එමටයගැහැණු ද පිරිමි දනරුමයින් ද විලාසිනියන් ද...අකුරු උපදින්නේ කවියක්විලස නොවය...අපි එයට කවියක් නොකියමු...!එය හැඟුම් පිටකරනඅපූරුතම වාන් දොරක් ය...-කලු මොණරි- ...
ෆැන්ටසි Monarathenna 'මිනිස්සු උප්පත්තියෙන් ගේන සමහර දේවල්....ප්රතිපත්තියකින් වෙනස් වෙන්නේ නෑ........''තනිකම කියන්නෙම බැඳීමෙන් පසුව එන දෙයක්....බැඳිමක් කියන්නෙම තනිකම මකාලන විසක්....''සිහින කියන්නෙම නිදා නොනිදා දකින ෆැන්ටසියක්....ෆැන්ටසියක් කියන්නෙම හිතම සනසන දයාබර සිහිනයක්.....''ජිවිතේ කියන්නෙම ප්‍රේමයෙන් පිරෙන්න ඕන දෙයක්...ප්‍රේමය කියන්නෙ...ගැඹුරින්ම උපදින්න ඕන දෙයක්.....' ...