14
ගෙදර ගියෙමිමා කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවකුව සිටියදී පොදුවේ මගේ අදහස් එවකට විද්‍යා පීඨයේ ශිෂ්‍ය සංගමයේ දේශපාලනය සමඟ සමපාත විය. නමුත් එය පදනම් කරගෙන විද්‍යා පීඨයේ ශිෂ්‍ය සංගමයට මගේ බැඳීමක් නොතිබිනි. එක්සත් ජාතික පක්ෂ රජය ජවිපෙ තරුණයින් ඝාතනය කරද්දී එය පදනම් කරගෙන දැඩි ආණ්ඩු විරෝධයක් මා තුල තිබුනද ජවිපෙ විසින් අසාධාරණයක් වනවා යැයි හඳුනාගත් පංතියක් පිළිබඳ හැඟීමක් මා තුල නොවිනි. එපමණක් නොවේ ...
6
ගෙදර ගියෙමිජවිපෙ සහ එජාප ආණ්ඩුව දකුනේ මිනී මරණ අතරේ අසූවේ දශකය පුරාම කොටි ඊනියා මායිම් ගම්මානවල අහිංසක සිංහල සහ මුස්ලිම් ජනයා ඉවක් බවක් නැතිව ඝාතනය කලහ. කොළඹ නගරයේද බෝම්බ පිපිරවිනි. බෝම්බයක් පිපිරෙනවිට ඒ පිළිබඳ ආරංචි වන්නට ප්‍රථමයෙන් එහි හඬ අපට ඇසිනි. ජංගම දුරකථන නොතිබුනු ඒ අවධියේ එතැන් පටන් අපි අපේ පවුලේ අය දකින තුරු සිටියේ කනස්සල්ලෙනි. ඇමෙරිකාවේ සිටිය දීද දිනපතා කොළඹ ...
13
ගෙදර ගියෙමිසින්සිනෑටි නගරය පිහිටියේ ඔහායේ ප්රාන්තයේය. සංස්කෘතියෙන් ඔහායෝ ප්‍රාන්තය සිටියේ කැලිෆෝනියාවත් මිසිසිපියත් අතර මැද තැනකය. ඔහායෝ සංස්කෘතිය ඇමෙරිකානු සංස්කෘතියේ සාමාන්‍ය අගය නිරූපනය කලැයි සිතිය හැකිය. සින්සිනෑටියද ඇමෙරිකාවේ නගර අතර මධ්‍යම ප්‍රමාණයේ නගරයකි. මගේ ඇමෙරිකානු ජීවිතයේ වැඩිම කලක් ගෙවුනේ සින්සිනෑටියේ බැවින් කාලයාගේ ඇවෑමෙන් එහි සංස්කෘතියට මම පුරුදු වුනෙමි. ඒ පුරුදුවීම නිසා හෝ එහි සාමාන්‍ය බව නිසා හෝ ඇමෙරිකානු සංස්කෘතිය ගැන කථා කරන ...
8
ගෙදර ගියෙමිමිතුරන් දෙදෙනෙකු ඔවුන් නිතර යන එන කඩයක තේ බොන අතර වාරයේ, ඉන් එක් අයෙක් අනෙකා අමතමින් “වෙනදාට වඩා අද නම් තේ එකේ කහට වැඩියි” යැයි කියද්දී අනෙකා මදක් සිතා බලා “නෑ (තරමක් අදිමින්) මං හිතන්නේ නෑ” යැයි කිවහොත් ලංකාවේදී නම් බොහෝවිට ඒ කථාව එතැනින් නිමවනු ඇත. ඔබ කොහොමද ඒ බව නිගමණය කලේ, එක් දිනක කහට රස තව දිනක කහට රස ...
12
ගෙදර ගියෙමිදෙදහස් දෙකේ දෙසැම්බර් මාසයේ මම විවාහ දිවියට පිවිසුනෙමි. අපි පැතු පරිදිම එය චාම් මංගල උත්සවයක් විනි. පවුලේ නෑ හිතවතුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් උත්සවය කෙරුනේ බිරිඳගේ නිවසේදීමය. මම ටයි කෝට් ඇන්ඳේ නැත. කා බී අවසානයේ අපිම සංගීතය සපයමින් ගී ගයමින් විනෝද වුනෙමු. ජීවිතයේ වැදගත්ම පියවරක් එලෙස සමරන්නට හැකිවීම පිළිබඳ මම සතුටුවෙමි. අම්මා ඒ අවස්ථාවේදී අප සමඟ නොහිඳීම මහත් දුකක් ගෙනදුනි. සාමාන්‍යයෙන් ...
10
ගෙදර ගියෙමිඊලඟ වසර දෙක පමණ කාලය මා ගත කලේ මිසිසිපි ප්‍රාන්තයේ අගනුවර වූ ජැක්සන් නගරයේය. මිසිසිපි යනු ඇමෙරිකාවේ එක් ස්වදේශික ගෝත්‍රයක් මහා ගංගාවට ඔවුන්ගේ බසින් කී නමය. මිසිසිපි ගඟ යාබදව ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කෙලවරේ පිහිටි මිසිසිපි ප්‍රාන්තය ඇමෙරිකාවේ දුප්පත්ම ප්‍රාන්තය ලෙස සැලකෙයි. කලකට ඉහතදී අපේ රටේ ගම්ද මේ මිම්මෙන් දුප්පත් ලෙස සැලකුනත් ඒකල අපේ ගම් දුප්පත් නොවුනු බව අපි දනිමු. ...
7
ගෙදර ගියෙමිපොදුවේ ගත්විට භෞතික විද්‍යාවේ පර්යේශණ කෙරෙන ධාරා දෙකකි. එකක් ෙසෙධාන්තික ධාරාවය අනික පරීක්ෂණ ධාරාවය. නමුත් මා ආචාර්ය උපාධිය සඳහා තෝරාගත් ප්‍රශ්ණය ඒ දෙකටම අතර මැදි එකක් විය. ඊට හේතුව වූයේ ඉහත ධාරාවන්ගෙන් එකකට සීමා වීමට තරම් ඒ එක් ධාරාවක් පිළිබඳවවත් මගේ විශේෂ දක්ෂතාවක් හෝ ඇල්මක් නොතිබීමය. ෙසෙධාන්තික භෞතික විද්‍යාවට සීමාවීමට තරම් එහි විශය කරුනුවූ වියුක්ත දැනුම මට ජීර්ණය නොවිනි අනිත් ...
11
ගෙදර ගියෙමිඇමෙරිකාවේ දකුණේ ප්‍රාන්ත ගැන කියවෙන විට ඒ සමඟම කියවෙන අනිත් පදය ජාතිවාදයයි. සිවිල් යුද්ධය අවසානයේදී දකුණේ කපු කර්මාන්තය බිඳ වැටීමත් වහලුන්ට නිදහස ලැබීමත් සමඟම ආර්ථිකව වැටුනු දකුණේ සුදු ජාතිකයෝ සංවිධානාත්මකව නිදහස්වූ කළු ජාතිකයින්ව මර්ධනය කරන්නට පටන් ගත්හ. එහි වඩාත් කුප්‍රකට සිදුවීම් වූයේ කළු ජාතිකයින් පැහැර ගෙන ගොස් ප්‍රසිද්ධියේ එල්ලා මැරීමය. අවසාන වරට එවැනි ඝාතනයක් සිදුව ඇත්තේ 1964දීය. ඒ මා ජීවත්ව ...
9
ගෙදර ගියෙමිකැලිෆෝර්නියා ගමන අවසානයේ මගේ වාහනය අබලන්වූ බැවින් මාස ගණනාවක් දිනපතා සැතැප්ම හතරක් පහක් රැකියාව සඳහා පා පැදියෙන් යන්නට සිදුවිනි. පා පැදි භාවිතය විශ්ව විද්‍යාලය තුල සුලබ දසුනක් විය. මා නොදැනුවත්වම ඒ හරහා මට කැලිෆෝර්නියාවේ ලිබරල් සංස්කෘතියේ සාමාජිකත්වය හිමිවී තිබුනු බව මා තේරුම් ගත්තේ මගේ පා පැදි ගමනට මා ඇසුරු කල ලිබරල් සමාජයෙන් ලද අනුමැතිය නිසාවෙනි. නමුත් පා පැදි පැදීම මා ...
5
ගෙදර ගියෙමිචීන, බංගලි, ලාඕස, ඉරාන ආදී පෙරදිග රටවල මිනිසුන් බොහොමයක් මට මුල් වරට මුණ ගැසුනේ ඇමෙරිකාවේදීය. වෙනකක් තබා මා මුල් වරට ඉංදියානුවෙකු මුණගැසුනේද එහිදීය. අපි මෙන්ම අනිකුත් බොහෝ පෙරදිග රටවල්ද තම සංස්කෘතික සාම්‍යයන් සමගට වඩා සුද්දන් සමඟ ගනුදෙනු කරති. මේ වසර පන්සියයක් පමණ කාලයක් අපේ රටවල් විවිධ බටහිර අධිරාජ්‍යයන්ට යටත්ව හිඳීමේ් ප්‍රතිඵලය මිස වෙන කිසිවක් නොවේ. තවමත් අපි පෙරදිග ලෝකය සමඟ සම්බන්ධකම් ...
4
ගෙදර ගියෙමිමා ඇමෙරිකාවේදී ඉතා ඉක්මණින්ම අවබෝධ කරගත් කරුණ මට ඇමෙරිකානුවෙක් විය නොහැකි බවය. ආචාර්ය උපාධියට වැඩ කරන මුල් කාලයේ මම සහාය ගුරුවරයෙකු ලෙස එම විශ්ව විද්‍යාලයේම සේවය කළෙමි. සහාය ගුරුවරයෙකු ලෙස මට පැවරුනු මුල්ම කාරයය වූයේ උපාධි අපේක්ෂකයින්ගේ විභාගයක් අධීක්ෂණය කිරීමටය. ඒ වනවිට මා එහි ගොස් සති දෙක තුනකට වඩා වැඩි නොවීය. විශයභාර මහාචාර්ය වරයාද ශාලාවට පැමිණ සිටියේය. ඔහු කොරියන්-ඇමෙරිකානුවෙක් විය. ...
3
ගෙදර ගියෙමිඅසූවේ දශකයේ එජාප-ජවිපෙ භීශණය නිසා වැඩි කාලයක් විශ්ව විද්‍යාලය තිබුනේ වසා දමාය. මම ශිෂ්‍යයෙකු වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ වසර හතක් ගත කලෙමි. ඒ හත් වසර තුල මා ලැබු අත් දැකීම පසු කලෙක ලෝකය පිළිබඳ මගේ දැක්මට අඩිතාලම විය. අපි විශ්ව විද්‍යාලයට ඇතුල් වනවිටත් එකල අධ්‍යාපන ඇමතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහගේ අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධව අන්තරේ වීදි බැස තිබිනි. අන්තරේ බලය තිබුනේ ...
2
ගෙදර ගියෙමි1983 කුප්‍රකට ජූලි කලබලය ඇතිවූනේ මා උසස් පෙලට පාඩම් කරමින් සිටින අවධියේය. ඊට පාදක වූයේ යාපනයේ බිම් බෝම්බයකට හසුවී හමුදා සෙබලුන් දහතුන් දෙනෙකු මිය යෑමය. හමුදා සෙබලුන්ගේ ඝාතනය අපට දුකක් මෙන්ම තරහක්ද ගෙනදුනි. එකල අද තරම්වත් යාපනය අපේ රටේ කොටසක් නොවේය වැනි හැඟීමක් අපට නොතිබිනි. ඒ අතින් බලනවිට ත්‍රස්තවාදය නිමාකොට ඇතැයි සැලකුනද අද යාපනයේ මිනිසුන් ඉන්නේ අපට බොහෝ දුරකිනි. මේ ...
1
ගෙදර ගියෙමි මම මුල් වරට ඇමෙරිකාවට ගොඩ බැස්සේ 1993 සැත්තැම්බර් මස දිනකය. ඒ එහි විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීම සඳහාය. අධ්‍යාපනය නිමා කොට රැකියාවක් කරමින් මම දශක දෙකක පමණ කාලයක් ඇමෙරිකාවේ ජීවත් වුනෙමි. අනතුරුව 2014 නොවැම්බර මස දිනක මම මගේ දරු පවුලත් සමඟ නැවත ලංකාවට පැමිණියෙමි. ඒ ලංකාවේ ස්ථිරව පදිංචිවීමට බලාපොරොත්තු වෙමිනි. මගේ පෙර ගමන මෙන්ම ආපසු ගමනද කලක් තිස්සේ අරමුණු කරගෙන ...