ග්රෑම් විස්සක් විතර සතුටුයි! ඇනෝ රයිටර් මට ගොඩාක් සතුටුයි!ගොඩක්?ග්රෑම් විස්සක් විතර සතුටුයි!ඊයේ මම බලපු ෆිල්ම් එකට කිලෝවොට් හතරක් වගේ හිනා ගියා.මට අරුත් එක්ක තරහයි එකසිය ගානට!අපේ පූසා පැටව් දාලා.කොහොමද පැටව් ලස්සනද?මීටර් දෙසීයකට වඩා ලස්සනයි!මානව චින්තනයෙන් නිපදවුනු භාෂාවට මානව චින්තනය සන්වේදනය කිරීමට අපහසුවී සංඛ්යාතම දත්ත ඉතා හොඳීන් සංවේදනය කිරීමට හැකිවීම සරදමකි... ...
කව්ද? කාටද? ඇනෝ රයිටර් හම්ම්..ඇයි හම්ම්ම් හම්ම්ම් ගාන්නේ?ආදරෙයි නේද?කව්ද? කාටද?උඹ! ඒකිට! නෑ එයාට.ඒකි මේකි ගාන්ඩ එපා.වැරදුනා!හරි කමක් නෑ.ඉතින් ආදරෙයි නේද?දන්නේ නෑ.බස් එකේ ජනේලේ ගාව වාඩි වෙලා ජනේලෙන් එලිය බලන් ඉන්නකොට?මම කල්පනා කරන්න් ආසම විදිහ. පොඩි කාලේ ඉඳලා ගොඩක් වෙලා බස් එකේ ගමන් වලටම ගත කරපු නිසාද මන්දා; ඒත් මම ගොඩක් දේවල් ගැන හිතන්නේ එහෙම තමා. ඒත් මෙතනට ඒක අදාළ නෑ නේද?අදත් ගෙදර ආවේ ජනේලේ ...