දෙයියංගෙ බාරෙ පි සා ච යා යම් කතාවක් අතරතුරආච්චී : පඬුරක් නොදා දේවාලයක් පහු කරන් යන්න හොඳ නෑලුමම : ඔව් නැත්තම් දෙයියො මාසෙ ඇදගන්නෙ කොහොමදආච්චි : එහෙම නෙවෙයි ළමයො. දේවාලෙ ලයිට් බිල් ගෙවන්න වගේනේ ඕව දාන්නේමම : ඒක තමයි නේ? දෙයියන්ට ඔක්කොම සෙල්ලං පුලුවන්, ලයිට් බිල ගෙවා ගන්න තමා බැරි ...
කුඩු හටන පි සා ච යා "මොනවම හරි කරන්න වෙනවා අයිසෙ. අරූ නං යුද්ධයක් හරි කරා. මං ඇට පෙන්නලද ලැජ්ජ නැතුව දෙවනි පාරක් ඉල්ලන්නේ හිටං?. ""අපෝ එපා සර්""ගොනෙක් නොවී කරන්න දෙයක් කියපං""කරනවනං දෙයක් තියෙනවා සර්. අපි කුඩු වලට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කරමු. අර කොහෙද රටක එකෙක් ජාත්‍යන්තරයට ගියේ ඒක කරලා. සර්ට බැරි වෙන එකක් නෑ""ඕයි මෙහෙට කුඩු බස්සන කීප දෙනා අපි නොදන්නවද අමුතුවෙන් හොයන්න. අනික අපිට ...
~ ආන්කා මම උඹට.. ~ පි සා ච යා උඹත් ආසයි මුහුදටමාත් ආසයි මුහුදටඅපේ කැමති අකමැති දේවල්එදා ඉදලම ගැලපුණා හරි අපූරුවටඇලෙක්සෙයි ගොඩක් ස්තූතියි ඔයාටදිලිසෙන ඇස් දෙක කිව්වා එක කලාවකටහීනියට හිනාවෙනව ඇරෙන්නමට දෙන්න වෙන උත්තරයක් නැතිකොටහැරුණා උඹ ආයෙමත් ඈත ක්ෂිතිජය දිහාවටරතුපාට අහසමූදත් එක්ක දොඩමළුවෙන අපූරුවහුස්මක් ගන්නැතිවම බලන් ඉද්දි උඹමං බලාන උන්නේදකුණින් හමන කං අගුල් වැටෙන හුළඟත් එක්කදඟ කරන පොර බදිනකැරලි කෙස් රොදවල් අතරින් පේනඋඹේ පිං පාට මූණ රූප රාජිණියෙක් නොවුණත් ...
෴යෙන්ඩ තම්බි යෙන්ඩ තම්බි නැගිටලා ෴ (අන්තවාදය හා ඊසොප්ගෙ වෙනත් කතා) පි සා ච යා ¤පළවෙනි කොට්ඨාශය -" සිංහල දරුවෙක් මුසල්මානුවන් විසින් නිරුවත් කරයි..! සිංහලයිනි නැගිටිව් !! ඒ හෙට ඔබේ දරුවා විය හැකියි"¤දෙවන කොට්ඨාශය -"කඩේක හොරකමක්වත් දෑන් අපිට අල්ලන්න බෑ. මේක අපෙත් රට තමයි ! සිංහලයිනි අපේ ඉවසීම නිවටකමක් විදිහට ගන්න එපා!!"¤ඒ කොට්ඨාශයත් මේ කොට්ඨාශයත් ඇරුනම තුන් වෙනි කොට්ඨාශය -"ඔන්න බේබදු නානසාරට තවත් පොටක්...."ලයින් එකක් ඇදලා අපි පළවෙනි දෙවනි කොට්ට්ඨාශ දෙක අන්තවාදීන් කියලා හදුනගන්නවා. එතකොට ...
දුම්රිය මොහොතක් නතර උනේ පි සා ච යා උසස් පෙළ කේවල ව්‍යාපෘතිය වෙනුවෙන් මාතෘකාවක් තෝර ගන්න වෙද්දි මට ඕන උනේ එක්කෝ කොළඹ කුණු ප්රශ්නය ගැන කරන්න. නැත්තම් තරුණ පරපුර සහ සියදිවිහරණය ගැන කරන්න. ඒකෙන් මම තෝර ගත්තේ දෙවනි එක. කොයි ජීවිතයත් වටිනවා උනාට තරුණ ජීවිතයක් නැතිවෙනවා කියන එක ගැන මොකක්දෝ හේතුවක් මත මං ගොඩක් සංවේදියි. තරුණ හිත් ඇතුලෙ තියෙන්නේ එක හීනයක් බලාපොරොත්තුවක් නෙවෙයි. ඒක හැම තරුණයෙක්ටම පොදුයි. .අපි ...
අහංකාර නගරෙ පි සා ච යා 2005 අහංකාර නගරෙ ගීතය, College girl කෙනෙක්ට ගැයූවක් නම්, 2017 මධුවිතකින්, milf කෙනෙක් වෙනුවෙන් නොවේද?Raniduගෙ 'අහංකාර නගරේ' හා 'මධුවිතකින්' ගීත දෙක අතර ඇති සම්බන්ධය මතුපිටින් බැලුවිට ඇති දේට වඩා ගැඹුරු සම්බන්ධයක් ඇති බව මේ ගීත දෙක මාරුවෙන් මාරුවට අහනකොට මට තේරුම්ගත හැකි විය. එම සම්බන්ධය සැකැවින් මෙසේයි.1996 ක්‍රිකට් ලෝක කුසාලනය දිනා වසර 10කට ආසන්න කාලයකදි, එනම් 2005 වසරේදි නිකුත් වුනු ...
෴අහවල් ආගමට අහවල් විජ්ජාවේ මුක්කු අවශ්‍ය ද?෴ පි සා ච යා සමහරුන්ගේ 'අහවල්' ආගමට විජ්ජාවෙන් මුක්කු, කිහිලි කරු අවශ්‍යය.නමුත් මගේ අහවල් ආගමට එසේ අවශ්‍ය නැත.ඕක වර්තමාන අහවල් ආගමිකයන්ගේ පට්ට හීන මාන තත්වෙකි.උන්ට ට්වයිලයිට් එකේ බෙලා අහවල් ආගමට හැරී ඇතයි පෝස්ට් එකක් දුටු විට චූන්ය. නැත්නම් අහවල් ආගමේ අහවල් එක තමන්ට නොතේරෙන විද්‍යාත්මක මෙව්වා එකකින් පහදන්නේයයි කී විට අම්බ චූන් ය.අනිත් වෙලාවට 'සුද්දගෙ රෙද්දෙ බටහිර ඊනියා විද්‍යාව' එතකොට හොඳය.අවුල තියෙන්නේ මුන් විජ්ජාව ...
කාකි (අසම්පූර්ණ සටහනකි) පි සා ච යා "එස්. බී. දිසානායකගේ වෙන මොන වැරදි තිබුණත් මම ඔහුට එක දේකට ගරු කළෙමි. ඒ ඔහු මේ අන්තරය කියන ඉබ්බා පුච්චන හරි පිට දැන සිටි නිසාය. සිරිසේන උන්නැහේ බලයට එද්දී නැවත ඉබ්බා වැරදි පිට පුච්චන්න පටන් ගනීද මට සැකයක් විය. අද නම් ඒ බියත් නැති විය. කළ යුතු දෙය කළ යුතු විදිහට කරන ආණ්ඩු වලට හැමදාම මා කැමැතිය.මේ උපහාසයට කියන කතාවක් ...
ආගමික පාසල් සහ වෙනත් හුටපට (අසම්පූර්ණ සටහනකි) පි සා ච යා බෞද්ධ ඔන්ලි, හිංදු ඔන්ලි, කතෝලික ඔන්ලි, ඉස්ලාම් ඔන්ලි ලෙස පාසල් බෙදීම දීර්ඝකාලීනව රටට බලපාන පිළිලයක් පෝෂණයකළ හැකි බව අකමැත්තෙන් වුවද පිළිගත යුතු දෙයකි. තමන්ට නොතේරෙන දෙය සැක කිරීම හා ඊට බිය විම මනුෂ්‍යයන් ඇතුළු සියලුම සත්ත්වයන්ට පොදු ලක්ෂණයකි. කල්ලි බෙදීමත් සාමූහික ප්‍රචණ්ඩත්වයත් මේ හරහා මතුවීම වීම සුලබ ය. පාලකයන්ගේ පහසුවට 'බෙදා පාලනය කිරීම' එදා පටන් සිදු කළත් අප සදාකාලිකවම ...
Aris 13 ගැලීම් සටහන පි සා ච යා 1• එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අයත් Aris 13 නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගත් බවට ආරංචි වේ. මෙය 2012න් පසු ඔවුන්ට වාණිජ නෞකාවක් අත්පත් කර ගැනීමට හැකිවූ පළමු අවස්ථාව වන අතර සම්පූර්ණ කාර්ය මණ්ඩලයම ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයකි.2• ඔවුන් කාර්ය මණ්ඩලය ඇතුලු නෞකාව නිදහස් කිරීමට විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටින බවට මාධ්‍යය වාර්තා කරයි.3• 2012 වසරේ සිට 2015 වසර ...
රිලව් පි සා ච යා 5 වසරෙ විතර ඉද්දි අපිට අඳුන්නලා දුන්නා පොත් හුවමාරු කරන සිස්ටම් එකක්. ඒක හරියට හැම පංතියකටම තියෙන පුංචි පුස්තකාලයක් වගේ. ළමයි තමන්ට කැමති පොත් ගානක් ගෙනත් දුන්නම ඒවා එකතු කරලා කබඩ් එකේ දානවා. හැමදාම එතනින් පොතක් අරගෙන කියවන්න වෙලාවක් දෙනවා.ඔහොමකියෝපු පොතක තිබ්බ කතාවක් මතක් උනා අද. ඊසොප් ගෙ එකක් වෙන්නෝනි සරලව කතාව මේකයිඔන්න එකෝමත් එක කැලෑවක කොනක ඇතිවෙනවා ලැව් ගින්නක්. ...
~සිංහ ලේ | දෙම ලේ~ පි සා ච යා යුද්ධය තෝරාගැනීමක් නොව ඓතිහාසික මානව දායාදයකි. ඔබට යුද්ධයක් අනවශ්‍යයි නම් ඔබට කළ හැකි දේවල් අතුරින් ප්‍රධානම දෙයක් තමයි යුධයකට සූදානම් වීම. ඒ ඇයි?වට පිට බලන්න,මේ ලෝකෙ මිනිස්සු කොච්චර ලේසියෙන් රැවටෙනවද යන්න තේරුම් ගන්න මදක් වටපිට බැලීම උනත් සෑහෙනවා.කුපාඩි මිනිස්සු අතරිනුත් පහළ වෙච්ච අම්බ කුපාඩි (ඇතැම් දේශපාලුවෝ වේවා ආගමික නායකයෝ වේවා පූජකවරු වේවා වෘත්තීය සමිති නායකයින් වේවා page ඇඩ්මින්ලා වේවා) ප්‍රයෝජනයට ...
ලංකාවට ආණ්ඩුවක් ඕන ද? පි සා ච යා මං හිතන විදිහට ලෝකෙ වැදගත්ම දේවල් දෙකම පටන් ගන්නේ 'හි'යන්නෙන්. ඒකෙන් එකක් 'හිතීම'.'ලංකාවට ආණ්ඩුවක් ඕන ද?' කියන ප්රශ්නය මතු කරපු පුද්ගලයා අදහස් කළේ "අවශ්‍ය නෑ" කියන එක වෙන්න පුළුවන්. නමුත් වචනාර්ථයෙන් ඒක ප්‍රශ්නයක්. පුරුද්දට පාලනය වෙනවා වෙනුවට තමන් පාලනය වෙන්නේ ඇයි? කොහොමද? කියන දේ ගැන පොඩ්ඩක් නැවතිලා බලන්න එක පුද්ගලයෙක් හරි පෙළඹුණා නම් ඒක නරක දෙයක් ද?කොයි හැටි වෙතත්, පහළින් ...
෴ පොල් පැළේ ෴ පි සා ච යා යාපනේ සිද්ධිය, එටිසලාට් සහ ශ්‍රීපාදය සමඟ හොයා ගන්නවත් නොමැතිව සිටි එකම කාසියේ දෙපැත්තවන බො.බ.සෙ ය සහ තව්හීඩ් ජමාත් හි ක්ෂණික ආගමනය හුදුඅහම්බයන් ලෙස බැහැර කිරීමට පූර්ව අත්දැකීම් ඉඩ නොදේ.දේශපාලඥයාට යකුන් අවශ්‍ය ය.මෙවැනි සෑම විටම සිහියට එන ඇඩොල්ෆ් හිට්ලර්ගේ සුප්‍රකට ප්‍රකාශය සටහනක් ලෙස තබමි"සුප්‍රකට දේශපාලකයෙකු, ජනතාවගේ ශ්‍රේශ්ඨ නායකයෙකු වීමට නම් දේශපාලකයා විශින් තම දේශයේ සාමය ඇති වීමට ඉඩ නොදිය යුතුය. ඔහු ...
~ ඇලෙක්සෙයිගේ~ ඇලෙක්සෙයිගේ සටහන ~ පි සා ච යා තෝර්ගෙ කුළුගෙඩි පාරකණ ලඟින්ම ඇදිලා යද්දිඋඹ එල්ලුණා මගේ දකුණු අතේ..බට කොළ ආච්චිගෙ වගේදික් උල් නියපොතුමගෙ අත හිල් කරන් යද්දිහිතට දැනුණු සනීපයට අතට නොරිදුනත්,කොන්ඩේ දිගේ නලලට බේරුණු වතුර බිංදුඇහි පිල්ලම් අගින් බිමට වැටෙද්දි,තෙත බරිත උඹෙ මූණවෙව්ලන හීනි තොල් දෙකදකින්න දුකයි මටඔව් ආන්කා උඹ පව්!මේ වගේම නා කපන වැහි වැටුණු දවසකඔලු ගෙඩි උඩිං පියෑඹුවඑපිට දේශෙ උත්තමයගෙ යකඩ කුරුල්ලෝගිණි බින්දෙ අපි හැදුණු වැඩුණු ...
මරි නම් ඇත්තින්නියට ලබා දුන් මරණ දඩවුම පි සා ච යා මරි නම් ඇත්තින්නියට ලබා දුන් මරණ දඩවුම_+_+_+_+_+_+_+_+_+_+_+_+_+_+_+_+_+_+_+_+_+_+_+_+_මරි කියන්නේ ටෝන් 05කට ආසන්න දැවැන්ත ආසියානු ඇතින්නියක්.. ගොඩාක් මරිව දන්නේ මීනිමරු මරි කිව්වාම.. මෙයා ලෝක ප්‍රසිද්ධ සර්කස් කණ්ඩායමක් වන Sparks World එකේ රග දක්වපු ඇතින්නියක්.. ඒත් 1916 දී මෙයාගේ පුහුණුකරුව ඝාතනය කිරිමේ වරදට ප්‍රසිද්ධියේ එල්ලා මරණවා.. ඒ සිදුවීම ගැන කියන කතාවයි..1916 සැප්තැම්බර් 12 වෙනිදා වොල්ටර් එල්ඩ්‍රිජ් ඔහුව ගොඩාක් අය හැදින් වූයේ රෙඩ් කියලා ...
සත්යමෙව් ජයතේ ! හිටං පි සා ච යා සියල්ල පරයා සත්‍ය ජය ගනියි. මේ රටේ විශාල ප්‍රමාණයකට දැනුණු, තවත් පිරිසකට දැනුනද නොතේරුණු යම් සත්‍යයක් විය. මැතිවරණයකට පෙර සහ මැතිවරණය ප්‍රකාශ කළ දින සිට ඇරඹුනේ එම සත්‍ය ඔවුන්ට තේරුම් කිරීමේ සටනයි.සමුදුරේ නොගිලෙන තරුව ටයිටැනික් ගිලුනේය. සදාකල් රජයමියි උදම් ඇනූ ඒකාධිපති පාලනය ද බිඳ වැටුණි.බලයේ රැදී සිටින්නට මහින්ද නොකළ දෙයක් නැත. ලැස්තුගත කළහොත් ඒ අගය කිලෝමීටරයක් තුළ ඇති මහින්ද පුවරු ...
නොදනිම් පි සා ච යා නැවත නොඑන නියාව දනිම්නමුත් ඒබව සිතට ඒත්තු ගන්වන්නට නොදනිම්මෙළොව ඇත්තේ යාම් ඊම් පමණක් බැව් දනිම්නමුත් අංශුමාත්‍රික කාලපරතර අනන්තයක ඇති,මූසල නිහැඬියාවට පිළියම් නොදනිම්සියක් ඇස් අග කඳුළු වියැලේදැයි නොදනිම්නමුත් හිත්වල ඇඳුණු මනෝරූපය,කාලයේ වැලි ධූලි වලින් යට නොවන නියාවද දනිම්නැවත නොඑන නියාව දනිම්නමුත් ඒබව සිතට ඒත්තු ගන්වන්නට නොදනිම්ඉන්න තැනක හොඳින් ඉඳපන් අයියේ5 May · ...