රතු හිවලා සතරවන ඇමිණුම Red Fox | රතු හිවලා අගුල කැරකෙන හඬ හඳුනා ගැනීමට තරම් නදී පියවි සිහියෙන් උන්නාය.දොර විවර වූ වහාම නදී දුටුවේ ඇගේ සහයට දෙමවුපියන් විසින් පත්කළ ඈන් ස්ටෙලා මෙනෙවියයි.නදීව දුටු ඈ තරමක් පුදුම එහෙත් එවැන්නක් බලාපොරොත්තු වූ සේයාවක් දිස් විය."මං ඒත් බැලුව කවුද මහ සද්දෙන් හුස්ම ගන්නෙ කියල" පුදුමයකි! නදීට මතකයක් නැතත් ඇය තදින් හුස්ම ගැනීම කර ඇත.එනම් ඇය කම්පනයකට ලක්වී ඇත.මේ වනවිට නදී සම්පුර්ණ පියවි ...
රතු හිවලා - තෙවන ඇමුණුම Red Fox | රතු හිවලා නදී දෑස් විවර කලාය.මින් පෙර කිසිදු දිනක නොවූ පරිදි ඇගේ මානසික තත්වය අඩපනව ඇත.අද උදෑසන මුහුණ දුන් ඒ බිහිසුණු,පුදුමාකාර සිදුවීමේ අඳුරු සෙවනැළි නදීගේ සිත ව්‍යාකුල කර ඇත.ඒ හැඩි දැඩි ග්රහණයෙන් මිදුණු නදී නතර වුයේ ඇගේ මේ පාළුවට ගිය කාමරය තුලයි.කුමන දෙයක් කුමන ලෙසකට පටන් ගෙන අවසන් වුවත් නදීගේ මුවින් කිසිදු ශබ්දයක් මේ වනතෙක්ම නිදහස් වී නොතිබිණ... වීනස් විදියේ එක පෙලට ...
මෙතෙක් කතාව Red Fox | රතු හිවලා සීතල නදීට අලුත් දෙයක් නොවේ. ඇඟට දැනෙන නොදැනෙන තරමේ සිතලකටත්, තම දෙමවුපියන් තුරුලේ ගුලිවෙන සිඟිති දරුවන් අතරේ නදීව උණුසුම් කලේ මහා විශාල කාමරයක් තුල වාසය කල ප්‍රාණයක් නොමැති පුළුන් පුරවන ලද සතුන්ය. ඉතින්, මහා පාන්දරක දැනෙන මෙවන් සීතලක් වුවත් ඉවසන්නට නදීට හැකිය. ඒ හැකියාව ඇයම ප්‍රගුණ කරගත්තක් විය.මිදුම තුලින් විනිවිද ආ වීදි ලාම්පුවේ මූසල එළියත්, බස් රථයක් එනතුරු කල්මරන කඩිසර ...
රතු හිවලා සිවුවන ඇමිණුම Red Fox | රතු හිවලා සත්‍ය ලෙසම විල්සන් මහතාගේ අවෑමෙන් පසුව නදී ගේ පියා ඉතා අපහසුතාවයට පත්විය.තම වයසත් සමඟ තමාට ඇති වැඩ රාජකාරි කළමනාකරණය කරගැනීම ඔහුට අපහසු විය.අඩුම තරමින් තම පුද්ගලික කටයුතු ඉටුකර දීමට හෝ තමාගේම යැයි කෙනෙකු නැති වීමද බලවත් පාඩුවක් විය. කෙතරම් අමුතු ගතිපැවතුම් ඇතත් නදී ට තම පියාගේ ඉල්ලීම අහක දැමීම කළ නොහැකි විය.සියලු කාරණා අවසානයේ ඇය එකඟ විය.කොන්දේසි විරහිතව එකඟ ...
රතු හිවලා තෙවන ඇමිණුම Red Fox | රතු හිවලා image source - internetස්ටුවර්ඩ් මහතා කුඩා අඬු කෝප්ප දෙකක දැමූ ස්ට්‍රෝබෙරි රසකළ තේ සුදු පැහැති කුඩා බන්දේසියක තබාගෙන එනවිට නදී පෙර කල්පනාවේම ගිලී සිටියාය."රෝසමල"ස්ටුවර්ඩ් මහතාගේ හඬින් නදී පියවි සිහියට පැමිණියාය."ඇයි තාත්ත, ඕක ගෙන්න ගන්න කවුරුත් නැද්ද?"- "ඇයි මං ගේන එක නරකයිද?" සිහින් සිනාවකින් යුතුව ස්ටුවර්ඩ් මහතා ඇසුවේය.ඔහු නදී ලඟින් තේ කෝප්පය තබා ඇය අසලට පුටුවක් ඇද හිඳ ගත්තේය."බලන්න දුව,මේ අලුත් ...
රතු හිවලා සයවන ඇමිණුම Red Fox | රතු හිවලා "චුට්ටක් මේ අහන්න මගෙ දුව."නමුත් නදී තම පියා දෙස නොබලුවේය."මොකක් හරි හේතුවක් නිසා අපි අතර ලොකු බැඳීමක් නෑ කියල හිතුනත් මම මේ හැමදේම කරන්නෙ අන්තිමට ඔයා වෙනුවෙන්.අම්ම ගැන කියන්න දන්නෙ නෑ මම.එත් මම හිතනව එයටත් දවසක තේරෙයි හැම දෙයක්ම.මේ වෙලාවෙ මම හරි අසරණයි.ඔයා තීරණයක් නොගත්තොත් මම ඒ කම්පනිය විකුණල දානව."එසේ අවසාන වචන කිහිපය පවසා නදීගේ පියා,ස්ටුවඩ් මහතා නැගිට ගත්තේ මුහුණේ ...
රතු හිවලා පස්වන ඇමිණුම Red Fox | රතු හිවලා source - internetකවුරුන් හෝ ජනේලය එපිට සිට බලා සිටින බවක් නදී දුටුවාය.එහෙත් එය එසේම දැයි ඇයට විශ්වාස නොවුන් නිසා හිස මදක් කෙලින් කර ජනේලය දෙස බැලුවාය.සැබවින්ම! කෙනෙකු බලා සිටී.නදී ඇසිල්ලකින් ඇඳෙන් නැගිට ගත්තාය."කවුද ඔතන"වේගවත් හඬකින් යුතුව ජනේලය දෙසට අඩි තැබුවාය.නමුත් ජනේලය එපිට ඇති රුවෙහි වෙනසක් නැත.නදීට යම් බියකර හැඟීමක් ඇති වුනද,එය යටපත් කරමින් ජනේලය කිට්ටුවටම පැමිණියාය.වඳුරෙකු මෙන් බිත්තියේ එල්ලී සිටින්නේ ...
රතු හිවලා දෙවන ඇමිණුම Red Fox | රතු හිවලා නදී මෙනවිය ආපනශාලවෙන් පිටතට එන විට වෙලාව පෙරවරු දහය පසුවී මද වෙලාවක් ගතව ගොස් තිබිණ.ඇය ඇගේ සුපුරුදු ගමන් විලාශයෙන්ම කිසිඳු කලබලයක් හෝ නොමැතිව ලෝටස් ෆ්ලෝ දැවැන්ත ගොඩනැගිල්ල වෙත ගමන් කළාය.එහිදී ඇය වෙනුවෙන් හමුවීම් දෙකක් ඇත.ලෝටස් ෆ්ලෝ ඉදිරිපිටට පැමිණි ඇය එහි අමුත්තන් පිළිගැනීමේ මේසය වෙත ගොස් ඇගේ හමුවීම පිලිබඳ විස්තර ලබා ගත්තාය.එහි සිටි කාන්තාව නදීව දුටු සැනින් අදාළ කාරණය දන්නා තරමට ...
රතු හිවලා සත්වන ඇමිණුම Red Fox | රතු හිවලා මීට ටික වෙලාවකට පෙර වඳුරෙකු මෙන් ජනේලය මත එල්ලී සිටි ඒ අරුම පුදුම අමුත්තා තම ඉදිරිපිට සිටීම කෙසේ වුවාදැයි නදීට එතරම් දැනුමක් නොවීය.සියල්ල සිදු වූයේ තමාගේ අනුදැනුමෙන් මුත් එවැන්නක් නදීට මතක නැත.නදී තවමත් නිසසලව සිටී.අමුත්තාද සිදු වූ සියල්ල වටහා ගත්තාක් මෙන් නදී දෙස බලා ගත් ලෙසම සිටියේය. කලින් සටහන් කළ ලෙසක නදී යනු සාමාන්‍ය ගැහැණු දරුවෙකු නොවේ.එසේ අසාමාන්‍ය වන්නට පෙර ...
රතු හිවලා නව වන ඇමිණුම Red Fox | රතු හිවලා කහපාට එළිය ගලන ජනේලයට පිටුපා නදී නිසොල්මන් වූවාය."කොහොමද?"ක්ෂණිකව පිටුපසින් පැමිණි හඬට නදී නිරුත්තර වූවාය.නදී පිටුපස නොබලාම සිටියාය."කොහොමද ඔයාට?"නැවත නැවතත් ඔහුගේ ඇමතීම නදීට ප්‍රතික්ෂේප කළ නොහැකි විය.නොහඳුනන හැඟීම් රාශියක් හඳුනා ගැනීමේ මෙහෙයුමක නදී යොමුව උන්නාය.එකින් එක වෙන වෙනම ගෙන පිරික්සා බැලීමටවත් නොහැකි ලෙස හැඟීම් එකිනෙක වේලි තිබිණි.ඒ හැඟීම් ගොන්න අතර නදී සිරවී සිටියාය. අමුත්තා නොවිමසාම,අනවසරයෙන්ම අසල තිබූ කුඩා ඇඳි රහිත බැංකුව ...
රතු හිවලා පස්වන ඇමිණුම Red Fox | රතු හිවලා වයස අවුරුදු විසි හතරක් වන්නට ආසන් වුවත් එම වයසෙ කෙල්ලක සතු බොහොමයක් ගතිගුන ඇය සතු නොවුවාය.මිතුරු සමජයක අවශ්‍යතාවය ඇයට නොතිබුනත්,අසල්වැසි තරුණයන්ට එය තදින්ම අවශ්‍ය වි ඇත.නදී නෙහන්සා ස්ටුවර්ඩ් මෙනෙවියගේ සුන්දරත්වය එයට හේතු පාදක විය.අසල්වැසි තරුණියයෝ ඇයට ඊර්ෂ්‍යා කලහ.නමුත් මේ කිසිත් නදීගේ අවධානයට ලක් වූයේ නැත. නදී යන්තමින් දෑස් විවර කර බලත්දී ඇය රැගත් රථය රෝස් ස්ට්‍රීට්,මෙලොක්කෝ ටවුන්, යනුවෙන් සටහන් කළ ...
රතු හිවලා සයවන ඇමිණුම Red Fox | රතු හිවලා රෝස් විදීය මැද හා හෙවන් වීදිය සම්බන්ධ කරන පළමු හරස් වීදිය දෙසට හැරුණු නදී එහි ටික දුරක් ගොස් දකුණු පැත්තට වෙන්නට පිහිටා තිබූ කුඩා ආපන ශාලාවකට ඇතුළු වූවාය.එහි පැත්තක "කොෆි ෂොප්" ලෙස කලුපාට පුවරුවක අළු පැහැති අකුරෙන් ලියා එල්ලා තිබුණි.නදීට මෙම ස්ථානය නුපුරුදු නොවුනෙ,ඇය මෙලොක්කෝ ටවුන් ආ සෑම දිනකම පාහේ මෙහි පැමිණෙන බැවිනි. දොරත් සමගම දකුණුපස මුල්ලේ කුඩා කළුපැහැති යකඩ ...
රතු හිවලා අටවන ඇමිණුම Red Fox | රතු හිවලා වෙනදාට වඩා නදී තුල යම් ප්‍රබෝධමත් ගතියක් පෙනෙන්නට තිබුණි.පසුගිය දින දෙක තුනක හෝ ඊට වැඩි කාලයක් තුල සිදුවූ සිද්ධි දාමයක්,එකිනෙකට සම්බන්ධ සිද්ධි දාමයක් නිසා මේ වෙනස ඇතිවන්නට ඇතියි නදීගේ කතාව කියවන්නෙකුට නොතේරෙන්නට හේතුවක් නොමැත.ඒ කාලය ඇතුලත සහ ඉන් ඉදිරි කාල වලදී නදීගේ කාමරයේ ජනේල වැසුනේ ඈන් මෙනවිය අතින් පමණි.ඇය වසන සැරයක් පාසා නදී ඒවා නැවත විවුර්ත කළාය.නමුත් ඈන් මෙනවියට දොසක් ...
රතු හිවලා - දෙවැනි ඇමිණුම Red Fox | රතු හිවලා සියලු කල කෝලහාල අවසන අඬ අඳුරේ සීතලෙන් මිරිකෙන වීනස් වීදියේ තනියට ඉතිරි වුයේ නදීත්,අසලක නින්දත්,නොනින්දත් අතර දඟලන මහලු සිඟන්නාත් පමණි.නමුත් නදීට බියක් හෝ තනිකමක් නොදැනුනේය.ඇය එවන් හැඟීම් යටපත් කරන්නට පුරුදු වීම,විටෙක නදීට මහත් වාසියක් විය.පුරුදු පරිදිම දෙසැම්බරයේ අවසන හිස ඔසවන සීතල, පරිසරයට තදින්ම දැනුනේ නමුත් පෙර කී ලෙස නදී එය නොසැලකුවේය.පරිසරයෙන් නැගෙන සියලු භාධක මැද නදීට අවශ්‍ය වුයේ තම ගමන ...
රතු හිවලා - පළමුවැනි ඇමුණුම Red Fox | රතු හිවලා සීතල නදීට අලුත් දෙයක් නොවේ. ඇඟට දැනෙන නොදැනෙන තරමේ සිතලකටත්, තම දෙමවුපියන් තුරුලේ ගුලිවෙන සිඟිති දරුවන් අතරේ නදීව උණුසුම් කලේ මහා විශාල කාමරයක් තුල වාසය කල ප්‍රාණයක් නොමැති පුළුන් පුරවන ලද සතුන්ය. ඉතින්, මහා පාන්දරක දැනෙන මෙවන් සීතලක් වුවත් ඉවසන්නට නදීට හැකිය. ඒ හැකියාව ඇයම ප්‍රගුණ කරගත්තක් විය.මිදුම තුලින් විනිවිද ආ වීදි ලාම්පුවේ මූසල එළියත්, බස් රථයක් එනතුරු කල්මරන කඩිසර ...