කැරකිලා බනිස් gaba`s තකතීරු ලිපි මාගේ ජීවිතය මැද ජෑම් ඇති කැරකිලා බනිස් එකක් වැනිය..එහි අග ඇත්තේ මෙලෝ රහක් නැති මා දැන් ගෙවන කාලකන්ණි ජීවිතයයි..කැරකිලා කැරකිලා මුලට ගිය විට,එහි මුල ඉන්නේ..ඇයයි ...
ආදරණීය වස්සානේ නොදුටු පැත්ත gaba`s තකතීරු ලිපි යන්තම් ඇති කර වෙලා කර වෙලා හිටපු අපට ටිකක් cool වෙන්න වහිනවා මල් වැස්සක්තව්වේ අමාරුවට apply කල ණය-වර පතආදරයෙන් ගෙදරටම ගෙනල්ල දෙනකන්වැහි බර සැන්දෑවක ගෙදර පිළිකන්නට වෙලාහිටියා මග බලා rider එන තුරා"පට්ට වැස්සක් නේ තියෙන්නේ මහත්තයා"කියාගෙනම රෝද දෙකේ අස්පයා පිට නැගුණු කලියුගේ delivery නයිටුවාමෙන්න ඇවිත් මගේ buying power වැඩි කරන්.."හොඳයි නේද අයියා මේ වහින එක?එහෙන් කනින් දාන දාඩිය යන්නත් එක්කමට ...
යතුර gaba`s තකතීරු ලිපි ඔන්න අපි කට්ටිය වෙඩිමකට සෙට් වෙලා, ඒ අස්සේ කාර් පාර්ක් එකේ වාහනේ නවත්තපු පුරු පුරුවා උගේ යතුර ඇතුලට දාලා වාහනේ ලොක් කරගෙන. වෙඩිම ඇතුලේ හිටපු අපිට කෝල් කරලා දැන් මූ අහනවා යතුර එලියට ගන්න විදියක් ගැන.අපි : "අඩෝ මාර සීන් එක නේ , දැන් කොහොමද යතුර එලියට ගන්නේ ?"එතකොට අපේ ඇඹලයා අහපි දවසේ පැනයඇඹලයා : "ඒ බන් දැන් එතකොට.. පුරු ...
හන්දිය හතරමන් අතර මං අතරමන් gaba`s තකතීරු ලිපි හතරමන් හන්දියේ වාහන එක පෝලිමටචක් චක් චක් චක් සද්දෙට සිග්නල් දමාගෙන වමට දකුණට කොහේ යන්නද කියා නොදැන හිරවී ට්‍රැෆික් එකටඉන්නවට වඩා සැපයි පාර අයිනෙන් නවත්තාගෙනදුමක් අදින එක හසාර්ඩ් දමාගෙන චක් චක්චක් චක් ...
Fear gaba`s තකතීරු ලිපි බය...හිතේ කොනක පැල වෙලාඑකා එකා වතුර දාලාදන්නෙම නැතුව ලොකු වෙලාමහා රූස්ස ගහක් වෙලාබය
වෙරි නයි`s gaba`s තකතීරු ලිපි නයි ගැන ඔබ නොදත් / දත් facts කීපයක්නයා වැඩ කරන සපත්තු කඩේ යතුරට කියන නම කුමක්ද? නයි - keyනයා selfie rap එකක් කරා , නයාගේ rapper name එක කුමක්ද? Tech නයි - න්TechN9neWhat Happened to නයා who applied for US visa ? He got de-නයි-dනයාට 8 වසර විද්‍යාව කියල දුන්නේ කව්රුන්ද? Bill නයිBill Nyeනයා දිනපතා කියවන පත්තර දෙක මොනවාද? දිණමි-නයි ...
කැත මිනිහාගේ ලෝකය gaba`s තකතීරු ලිපි දුටුවන් මන බඳින ලස්සන selfie..Magazine වල ලස්සන පිටකවර..කව්රුත් දකින්න ආස ලස්සන මූණු..ලස්සන ඇස් වලට පෙනෙන මානයෙන් එපිටකැත මිනිහාටත් ලොවක් තියේ....වෙලාවක් තිබ්බොත් බලන්න ...
ඩුබායි ගිය සුමනාගේ කවිය gaba`s තකතීරු ලිපි හිත මිතුරු මරු කතර මැදසුල්තාන්ගේ නපුරු මැදුරේ,"බිම පිහදාපන්,කන්නාඩිය වගේ" බුරපු සුල්තාන් සැප පුටුවේ..දා බින්දු වක් කරන්..පොලොව පිහි දැම්ම මමලොකුම ලොකු දාඩිය බින්දුවක්වැටුනා රළු පොලොව උඩවැටුණු ඒ දාඩිය.. බින්දුවේ පතුලෙන්ම දැක්කා මම උඹේ මූණ,ගම් මැද්දේ දුක් විඳිනපොඩි උනුත් වට කරන්.."මාලිෂ් ලුලු"කෑගැහුවා සුල්තාන්!"පිහිදපන් ඔය ඉලව් දාඩිය බින්දු..කැත කරන මගෙ පොලොව"දාඩියත් එක්කම උඹලවත් පිහිදැමුනාඇඳන් හිටි රෙද්දෙන්ම..ඇස් වලින් කඳුළු කැටවැටුනත් උඹල ගැනකලවමේ දාඩියටසැඟවුනා මගේ ...
මතකයන් gaba`s තකතීරු ලිපි උදේ ඉඳන් ඔබ සිහිවන හැම වාරේකැටයක් අරන් දැම්මොත් සතයක් ගානේචූන් පාන් අල්ලන් හවසට පාරේඔක්කොම ජාති කත හැක දෙක දෙක ගානේ- ගැබා
Heat is on gaba`s තකතීරු ලිපි සතුටු වැහි බිඳු වැටී නිල් ගොයම සරුවෙන්නනියං කල වේලිච්ච සිත් සතුට පුරවන්නතව බොහෝ කල් ඇත්ද වස්සානේ පැමිණෙන්නඉක්මණට වරෙන් බන් දාඩියයි හැමිනෙන්න
When i`m gone gaba`s තකතීරු ලිපි කව්රුත් නොදන්නා කළුවරකට පාවීකවදාක හෝ මා ඔබ අත හැර යාවීකළු සුදු මතකයන් මා සමඟම ඒවීමා නැතිදා මගෙ නාමය රැව් දේවී
මගියා gaba`s තකතීරු ලිපි බස් නැවතුමට පැමිණි මගියෙකි. අසල ඇති සිල්ලර කඩයකින් ඔහු දුම්වැටියක් මිලට ගත්තේය. ගින්දර ඉල්ලා නොලැබුණු නිසා ගිනි පෙට්ටියක් ද මිලට ගනී.බස් නැවතුමේ බසයක් එනතුරු බලාසිටින ගැහැණු - පිරිමි පට්ටියෙන් ඈතට ගිය මගියා දුම්වැටිය මුවේ රුවාගෙන ගිනි පෙට්ටිය අතට ගත්තේය. ගිණි කූර ගිනිපෙට්ටියේ පටිය දිගේ ඔහු ඇතිල්ලුවේ බොහෝ අය කරනා පරිදි ඉස්සරහ අතට නොවේ , පිටුපසටයි. ඕනෑම සැඩ සුලඟක පවා ගිණිකූර ...
Icarus gaba`s තකතීරු ලිපි නිදහස සහ උමතුවඅතර ඇති පටු සිතිජයේආසයි ඇවිදින්න මට...ඉරට වැඩියෙන් ලං වුනොත්පිච්චිලා මුහුදට වැටෙයි..බයයි මම පිච්චෙන්නහැබැයි මෙලෝ රහක් නැති ගොඩබිමට වෙලා ඉන්නවට වඩා...ඒකත් හොඳයි..එක අතකට ...
ගුත්තිල මූසිල සටන නව වර්ෂන් එක gaba`s තකතීරු ලිපි ගුත්තිල සහ මූසිල කියන්නේ ඩීජේ ල දෙන්නෙක්. ගුත්තිල තමයි පළාතේ ඉන්න ලොකුම සහ ප්‍රවීනම ඩීජේ. ඕනේම බීච් පාර්ටි එකක නැගලම යන සෙට් එක ගහන්නේ ගුත්තිල. පිටරටින් ඩීජේලා එන පාර්ටි වල ඕපනින් සෙට් එක ගහන්නේ ගුත්තිල. ඒ විතරක් නෙමෙයි පළාතේ තිබ්බ ලොකුම නයිට් ක්ලබ් එක වෙච්ච "හැපී බ්‍රහ්මදත්ත" එකේ රෙසිඩන්ට් ඩීජේ විදියට සෙල්ලම් කලේ ගුත්තිල. ගුත්තිලට ගහන්න ඩීජේ කෙනෙක් හිටියේ ...
Suicide bombers gaba`s තකතීරු ලිපි How do you wish happy birthday to a suicide bomber? "Have a BLAST bro! " *ba dum tst*
තාමත් යන්නේ වැරදි බස් එකේද ? gaba`s තකතීරු ලිපි office එක ලඟින් පිටකොටුව බසයකට ගොඩවුනේ මිතුරන් සමග සෙට් වීමකට යාමටයි.පූජ්‍ය පක්ෂය සඳහාවෙන්වුණු ඉදිරි පෙළ අසුන පැත්තෙන් තරමක ඝෝෂාවකි.අසුනේ සිටි තලෙළු , කෙසඟ ස්වාමීන් වහන්සේ නමක් , උන්වහන්සේගේ එහා පැත්තේ වාඩි වී සිටින තරුණයා හට කුමක් හෝ කාරණයක් ගැන හෙන දේශනයකි.තරුණයාගේ තක්කු මුක්කු වුනු ස්වභාවයෙන් මට පෙනුනේ , ස්වාමීන් වහන්සේ අනාරාධිතවම ඔහුට තෙල ගැසීමට පටන් ගත් සෙයකි.සාමානයෙන් හිමිනමකට ආවේනික නිවුණු,සිත ...
අධ්‍යාපනය gaba`s තකතීරු ලිපි - black box- social statusමේ ටිකේ ඕලෙවල් ප්‍රතිපලත් එක්ක අධ්‍යාපනේ ගැන හැමෝම කතා වෙනවනේ. ඉතින් අධ්‍යාපනේ පොඩි පැතිකඩක් ගැන මගේ අත්දැකීම කියන්න හිතුනා. අධ්‍යාපනේ කියන්නේ එක එක පැති වලින් මැරෙනකන් කතා කරන්න / වාද කරන්න පුළුවන් ටොපික් එකක් ( කාලෙකට කලින් මම ලියපු පොඩි අදහසකුත් ෆර්ස්ට් කොමෙන්ට් එකේ දැම්මා ) , ඒත් අද මට කියන්න ඕනේ ඒකෙ එක පැත්තක් ගැන ...