ගැබා ගේ ඉංග්‍රීසි පාඩම gaba`s තකතීරු ලිපි 4/12/18 දින ලියුවකිමේ දවස් වල ෆේස්බුක් එකේ හැමතැනම ෂෙයාර් වෙන පොස්ට් දෙකක් දැකල තමයි මට මේක කියන්න හිතුනේ.පලවෙනි පෝස්ට් එක තමයි ඩෙක්ස්ටර් කාටුන් එකේ සීන් එකකට හදන I love your accent ආකාරයේ පොස්ට්. ඒකෙ තියෙන්නේ ශ්‍රීලාංකික අපි සාමාන්‍යයෙන් වරද්දලා උච්චාරණය කරන සමහරක් වචන වලට පොඩි බයිට් එකක් දෙන එක .ඒක හුදෙක් ජෝක් පරමාර්ථයෙන් කරන එකක් ඒක මට තේරෙනවා.අනික ඊට වඩා ...
විරාගය gaba`s තකතීරු ලිපි විරාගය මම පළමු වරට කියෙව්වේ මීට අවුරුදු හතකට පමණ පෙරය. අද එය දෙවෙනි වරට කියෙව්වෙමි. මම වැඩිය පොත් කියවලා නැති මිනිහෙක් කියන එක නැවතත් මතක් කරමින් මේ ගැන මගේ සත දෙක කියන්න කැමතියි. විරාගය ගැන තියෙන විචාර ගොඩක් බැලුවම වැඩිමනක් ඒවායේ තියෙන්නේ අරවින්ද රාගය අත හැර වෙනස් විදියකට ආදරය ගැන බැලු පොරක් ලෙස හඳුන්වමින්. ඒත් මට දැනිච්ච විදියට නම් අරවින්ද ...
බස් වත - සංගීතේ gaba`s තකතීරු ලිපි අද මම ඔෆිස් ආවේ අකුරැස්ස සුපොභබෝගී බස් එකක. පිස්සු කොර ඇතුලේ ප්ලේන් එකක් වගේ. ඉස්සරහ පතරංග ටීවී එකක්. ඒකෙ සංගීතෙක වීඩියෝ එකක් යනවා. මම සාමාන්‍යයෙන් බස් එකේ යන්නේ ෆිල්ම් එකක් බලාගෙන හෝ සින්දුවක් අහගෙන වුණත් අද කෙරී වැස්සට අහු වෙලා මම නිකන් ප්රාග් අයිතිහාසික යුගයේ මුහුදෙන් ගොඩට ආපු පලවෙනි මාළුවා වගේ තෙමිලා හිටියේ , ඒක නිසා හෙඩ්සෙට් එක එලියට අදින්න ...
ඕමි gaba`s තකතීරු ලිපි 10ඕමි කියන්නේ පොඩි කාලේ ඉඳන්ම මගේ ජීවිතේට ගොඩක් ලඟින්ම සමීප වෙච්ච ක්‍රීඩාවක්. පොඩි කාලේ ඉඳන්ම අලසයෙක් සහ ක්‍රීඩාවට අදක්ෂයෙක් වුනු මම ටිකක් හරි ආස කරපු "ක්‍රීඩාවක්" තියෙනව නම් ඒ කාර්ඩ් ක්‍රීඩා විතරයි. මට කාර්ඩ් කුට්ටමේ අග මුල කියලා දුන්නේ දක්ෂ කාර්ඩ් ක්‍රීඩකයෙක් වෙච්ච මගේ තාත්තා. කාර්ඩ් ගහද්දි හොර කරන්න මට කියලා දුන්නෙත් අපේ තාත්තම තමයි. අපේ තාත්තා එහෙමයි , පොත් ...
ගැබාගේ ඩයරිය 1 gaba`s තකතීරු ලිපි මේ ලඟදී අපේ මිත්‍රයා ලොකු අයියා කසුන් සර් ගේ කතාවක් ඇහුවා. ඒකෙ ඔහු කිව්වා මරු කතාවක්. ඒ තමයි "කවියා කියන්නේ පපුවේ ඇනිච්ච ලොකු උලක් එක්ක ජීවත් වෙන මිනිහෙක්" කියලා. කවියෝ විතරක් නෙමෙයි මම හිතන්නේ ගොඩක් 'කලාකරුවෝ' ( air quotes ) කියලා කියන අය යම්තාක් දුරකට existential crisis එකක තමයි ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ පැවැත්ම ගැන ප්‍රශ්නයක. ඒ ප්‍රශ්නේ නිසා ඇතිවෙන ...
Pereras decide to sell their Car gaba`s තකතීරු ලිපි ප්‍රියාන් පෙරේරා සහ ඔහුගේ බිරිඳ අංජලී පෙරේරා සීරියල් කිලර් යුවලක් වූහ.ඔවුන් ගොදුරු දඩයම් කලේ එක්ව ටීම් එකක් ලෙසයි. හැමවිටම ඔවුන්ගේ ඉලක්කය වූයේ රෑ ජාමේ ගෙදර යාමට බස් එකක් නැතුව හන්දි ගානේ බලාගෙන සිටින රැකියාවක් කරන වැඩිහිටි දරුපවුල්කාර පිරිමින්ය. කාරයක පැමිණෙන වැදගත් යුවලක් ලෙස පෙනී සිටින පෙරේරා යුවල ගොදුරක් දුටු විට ලඟට විත් ලිෆ්ට් එකක් දෙන මුවාවෙන් කාරයට නංවා ගනිති. ඉන් ...
තොටියෙකි මා gaba`s තකතීරු ලිපි දුහුල් කොලෙන් ඉරලා ගත් තීරුවටමල් මකරන්ද අතුරාලා සීරුවටසන්සුන් වෙයන් වාරය එයි මාරුවටනැගපන් මලේ දෙව්ලොව යන පාරුවට- ගැබා
හැඳි ගෑරුප්පු වලින් කෑම gaba`s තකතීරු ලිපි හැඳි ගෑරුප්පු වලින් කෑම යනු ලාංකික අපිට විටෙක වදයක් ද විටෙක පඩත්තර කම ප්‍රදර්ශනය කිරීමක් ද වන අපූරු ක්‍රියාවක්.පෞද්ගලිකව මට නම් තරුණ කාලේ හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න තිබුනේ පුදුම බයක්! ඒ බය මට විතරක් නෙමෙයි මගේ වයසේ යාළුවො හැමෝටම වගේ තිබුණා. භයානක හැඳි ගෑරුප්පු රාස්සයා සමග මගේ ජීවිතයේ පලවෙනි සටන තිබුනේ මම 12 වසරේ ඉන්න කාලේ. ඒ මගේ අසල්වැසි පාප මිත්‍ර ...
බස් බෝර්ඩ් gaba`s තකතීරු ලිපි දුර ගමන් බස්කාරයෝ අපි වගේ අතරමැද ඉන්න අඩු කුලේ උන්ව බස් වලට නග්ග ගන්නේ නැති එක ගැන මම කලින් කිව්වා මතක ඇති නේ ? ඔය හේතුව නිසා මං දැන් උදේට මහරගමට ගිහිං එතනින් දුර බසයක නැගලා තමයි කොළඹ යන්නේ.අදත් මහරගම හිටියා දුර බසයක් එනකන් , අද කෙම්මුර දවසක් ද කොහෙද මොකෝ වෙනදා වගේ දුර බසයක් ආවේ නෑ ගොඩක් වෙලා බලන් ...
ගෞතම මුනිදු මගෙ හිරු සඳු වන සේක gaba`s තකතීරු ලිපි අද උදේ ඔෆිස් ආපු වීල් එකේ ඩ්‍රයිවරයා පාරේ යන යන එකාගේ ඇඟටම කපල වෙට්ටු දාල ඊට පස්සේ තව උන්ගෙන් ගේමත් ඉල්ලනවා ඌ වැරැද්ද කරලා.ලොකුවට ස්ටිකර් එකකුත් ගහන් ඉන්නවා ඒ මදිවට බුදු හාමුදුරුවෝ ගැන. ඒ වෙලාවේ මෙහෙම හිතුන මට..ගෞතම මුනිදු මගෙ හිරු සඳු වන සේකලොකුවට ගසාගෙන පොඩි ත්‍රීවිල් එහෙකමැද ඉර කපා ඇඟටම අල්ලා ඒක"අම්මට හු*නවද" රියදුරු ඇසු සේක ...
ජනතා බාබර් gaba`s තකතීරු ලිපි 1985 වර්ෂයේ සති මැද දවසක දීප්තිමත් උදෑසනකි.සමන්ත උදෑසනින්ම පැමිණ "ජනතා බාබර්ස්" සැලූනය වසා තිබුණු ලෑලි දොර පලු පසෙකට කොට , කොස්සක් රැගෙන අතු පතු ගෑමට පටන් ගත්තේය. සාමාන්‍යයෙන් සෑම සැලූනයකම වාගේ තිබුණු සාම්ප්‍රදායික "සැලූන් දොරවල්" ජනතා බාබර්ස් හි ද තිබුණු නමුත් රාත්‍රියට වසා තැබීමට එයට ඉදිරියෙන් තවත් ලෑලි දොරවල් පවුරක් තිබුනේය. වැඩි ආරක්ෂාව පිණිස සමන්ත රෑට නිදාගත්තේද සැලූනය තුලමය.අවුරුදු ...
එකටම ගියත් දෙපලක gaba`s තකතීරු ලිපි ඉපදී හැදී වැඩුණේ එකටදෙපොලක තනිවෙලා නමුත් ගෑවී නොගෑවී එකිනෙකාටබාෙහෝ දුර ගමන් ගියාටදෙදෙනා වෙන් නොවී..ගෙදර ආ සැනින්නුඹලා නුඹලාටමනැති වේ යැයි බයට!අල්ලා ගැට ගැසුවෙමි එකට.....මගේ මේස් දෙක ...
වැසි දිනක් gaba`s තකතීරු ලිපි උදේ සිට චුරැ චුරැවනොනැවතී ඇදහැලෙයිසිවිලිමෙන් බේරිලාවැහි බිංදු ගේ තෙමයිගුලි වෙලා ඇඳට වීගත සිත ම මූසලයිෂික්! අද අපිට බොන්න තිබ්බෙ බං.. අද හරිම සීතලයි ...
මගියා gaba`s තකතීරු ලිපි බස් නැවතුමට පැමිණි මගියෙකි. අසල ඇති සිල්ලර කඩයකින් ඔහු දුම්වැටියක් මිලට ගත්තේය. ගින්දර ඉල්ලා නොලැබුණු නිසා ගිනි පෙට්ටියක් ද මිලට ගනී.බස් නැවතුමේ බසයක් එනතුරු බලාසිටින ගැහැණු - පිරිමි පට්ටියෙන් ඈතට ගිය මගියා දුම්වැටිය මුවේ රුවාගෙන ගිනි පෙට්ටිය අතට ගත්තේය. ගිණි කූර ගිනිපෙට්ටියේ පටිය දිගේ ඔහු ඇතිල්ලුවේ බොහෝ අය කරනා පරිදි ඉස්සරහ අතට නොවේ , පිටුපසටයි. ඕනෑම සැඩ සුලඟක පවා ගිණිකූර ...
Heavy Metal අම්මා \m/ gaba`s තකතීරු ලිපි අද යාලුවෙක් එක්ක කරපු කමෙන්ට් සංවාදයක් නිසා පරණ සිද්දියක් මතක් වුනා.මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මෙටල් සංගීතයට ටිකක් ප්‍රිය කළා. ඉතින් මගේ කාමරේ තිබ්බ CD සහ කම්පියුටරේ තිබ්බ mp3 බහුතරයක් මෙටල් සින්දු තමයි තිබුනේ. කාමරේ අලවන් හිටියෙත් ඒ කාලේ සන්ඩේ ටයිම්ස් එකේ ( හෝ ඔබ්සර්වර් එකේ ) සංගීත අතිරේකෙන් කපාගත්ත රොක් බෑන්ඩ් වල චායාරූප. ඇත්තටම 2000 ගණන් වල මුල ...
සික්කා gaba`s තකතීරු ලිපි ලොවම නිදන පාලු රැයේ මදුරු තලන සික්කාකොළඹ හතේ වස්තු රකින ගමෙන් ආපු සික්කා ලොක්කන්ගේ ගොන් වැඩටත් බැනුම් අහන සික්කාහාල් කෑලි වලට පවා "සර්" කියන සික්කාරට වෙනුවෙන් උතුරු කොරේ සටන් වැදුණු සික්කාදරු මල්ලන් රකිනු පිණිස දැන් බැංකුවෙ සික්කාෆයිව් ස්ටාර් හෝටලයම මුර කෙරුවත් සික්කාචූන් පාන් වීල් එකෙන් හවසට කයි සික්කාවිනාඩියක් ඇහැ පියවුණු නිසා බැනල ලොක්කාවැසුණු නෙතින් කඳුළු සලයි කොනකට වී සික්කාහමුදා ලේ ...
ගුත්තිල මූසිල සටන නව වර්ෂන් එක gaba`s තකතීරු ලිපි ගුත්තිල සහ මූසිල කියන්නේ ඩීජේ ල දෙන්නෙක්. ගුත්තිල තමයි පළාතේ ඉන්න ලොකුම සහ ප්‍රවීනම ඩීජේ. ඕනේම බීච් පාර්ටි එකක නැගලම යන සෙට් එක ගහන්නේ ගුත්තිල. පිටරටින් ඩීජේලා එන පාර්ටි වල ඕපනින් සෙට් එක ගහන්නේ ගුත්තිල. ඒ විතරක් නෙමෙයි පළාතේ තිබ්බ ලොකුම නයිට් ක්ලබ් එක වෙච්ච "හැපී බ්‍රහ්මදත්ත" එකේ රෙසිඩන්ට් ඩීජේ විදියට සෙල්ලම් කලේ ගුත්තිල. ගුත්තිලට ගහන්න ඩීජේ කෙනෙක් හිටියේ ...
ගල් ෂෝර්ට gaba`s තකතීරු ලිපි ඔන්න කොල්ලෝ සෙට් එකක් බාර් එකක බොනවලු. ඔය අතරින් එක කොල්ලෙක් එදා ඇඳන් ඇවිල්ලා තියන්නේ කොටම කොට ගල් ෂෝර්ටක්.. මේ ගල් ෂෝර්ට ඇඳගෙන මූ නිකන් ඉන්නෙත් නෑ. මේස උඩ වාඩි වෙනවා , වටේම ඇවිදිනවා , ගල් දෙක වටේටම අතුල්ලනවා , වටේම ඉන්න උන්ට බලන් ඉන්න හිරිකිතයි ලු.. මූ ගල් ෂෝර්ට පිටින් මේසයක් උඩ වාඩි වෙලා ඉන්නවා මුගේ අහවල් දෙක කලිසම යටින් ...