බයියාගේ ඉලෙක්ෂන් කවි මම දසයා - I am DaSaYa සුමනේ ගෙන්නලා ඇහුවා සාස්තරේග්රහයෝ ටොපේ ටොප් බැලුවම කේන්දරේඉතිරිව දෙකක් තිබුනත් තව මෙදා සැරේතව ඉනිමකට යන්නයි මම ප්ලෑන් කරේමහින්ද බෝඩ් ගැහුවා අඩියෙන් අඩියබෙදුවා බෙදිල්ලක් හැමටම බෑ නොකියඅරලිය දන්සලේ තුන්වේලම රෙඩියඕපන් කෙරිලි ඕසෙට දවසත් මදියමමනම් ඇවිත් දැන් ඉන්නේ වළල්ලටකෝ පොද්දා එන් නැත්තේ බයද මටඔය මොන එකා ආවත් මට කෙළින්නටචන්දත් වැඩද මැදමුලනේ මහින්දටආප්ප කාල ගිය මගෙ ලේකම් මයියාගැහුවා කරණමක් වෙන්නට පොදු ටොයියාදැක්කම ඉන්න ...
ඇයි අපි මේ පාරත් මහින්දටම දෙන්න ඕනේ? මම දසයා - I am DaSaYa මේකට බොහොම බුද්ධිමත් උත්තරයක් ආණ්ඩුවේ කළමනාකරණය ආපදාවට ලක්කරන ඇමතිතුමා වන මහින්ද අමරවීර මැතිතුමා කියල තිබුන. ඒ "අපේ කට්ටිය දැන් හොඳට ගහල ඉන්නේ, අරුන් ආවොත් ආයෙත් මුල ඉඳන් ගහන්න ගනියි. ඒක නිසා අපිටම දෙන්න" කියලා. මේක අහපු වෙලේ ඉඳන් අනික් මැති ඇමතිතුමලත් එතුමන්ලාගේ බුද්ධිය විදහා දක්වන්න පොරකනවා. මෙන්න ඒවායින් කීපයක්. පුළුවන් නම් කියමු බලන්න කවුද මේ මැති ඇමැතිතුමාල කියලා."අපි ලංකාවට ඇති ...
පොදු අපේක්ෂකයාට ප්‍රශ්න පහක් සහ උත්තර දහයක් මම දසයා - I am DaSaYa 01. ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඇයි?වැරදි උත්තරය: මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට සෞඛ්‍ය ඇමතිකම හරියට කරගෙන යන්න දුන්නේ නෑ. මට ගොඩක් හිරිහැර කළා. මම ගොඩක් හිතේ අමාරුවෙන් හිටියේ. මගෙන් මහවැලි ඇමතිකම උදුරගත්ත දවසේ තමා මට මේ ආණ්ඩුව එපා උනේ.හරි උත්තරය: මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ඔහුගේ සහෝදරයන් සහ ගෝලබාලයන් මේ රට ඒකාධිපති පාලනයක් කරා ගෙනයමින් ඉන්නවා. රටේ යහපාලනය බිඳවැටිලා, වංචාව දූෂණය ඉහවහා ගිහිල්ලා. ...
මාතෘකාව: ඕන එකක්, තහනම් වචනය: දේශපාලනය | Anything But Politics මම දසයා - I am DaSaYa පහුගිය දවස්වල ලියපු ලංකාවට හිම වැටුනොත් ලියමනට බොහොම හොඳ ප්‍රතිචාර ලැබිල තිබුනා. ලංකා නිව්ස් වෙබ් වෙබ් අඩවියත් ඒ ලිපිය උපුටාගෙන පල කරල තිබුනා. බොහොම සන්තෝසයි. ඒ කික් එකත් එක්කම බහිමුකො අද වැඩේට. වැඩේ කියන්නෙ කොහෙන් පටන් අරන් අරන් කොහෙන් ඉවර කරන්න ගියත් අන්තිමේදි දේශපාලන කොනක් ගෑවෙනවමයි. අනේ ඉතින් ඒකට මම මක් කොරන්නද දියවන්නා ඔය මැද්දට වෙලා රුපියල් පහේ බත් එක ...
සනා බෝයි මේ අහන්න, බලන්න මේ සුසී දිහා | Sana Boy, Learn from Her මම දසයා - I am DaSaYa "සනා මාතරින් ඡන්දෙ ඉල්ලන්න යනවා" මේ දැනට සති දෙකතුනකට පෙර කන වැකුණු ආරංචියකි. එය ඇසූ විට සිදුහත් කුමාරයා මුලින් දුටුදා අසිත තවුසාට ඇති උනාක් මෙන් මටද සතුටකුත් ඇතිවිය දුකකුත් ඇතිවිය. සතුටක් ඇතිවූයේ මහත්හොරුන්ගෙන් පිරි ඉතිරී ගිය පාර්ලිමේන්තුවේ සනා වැනි මහත්වරුද දකින්න ලැබෙන නිසාය. දුක ඇතිවූයේ මගේ ප්‍රියතම ක්‍රීඩකයා වූ සනාගේ වේගවත් පිති හරඹය මෙයින් මතු දකින්න ලැබෙන්නෙ නෑනේ කියා සිහිවූ ...
ලංකාවට හිම වැටුනොත් | Talks from Snowy Sri Lanka මම දසයා - I am DaSaYa මේ දවස්වල යුරෝපයේ සහ ඇමරිකාවේ ගොඩක් රටවල් වලට අධික ලෙස හිම වැටීම නිසා හරි ජරමර නේ. සමහර රටවල් කොහොමත් ඒවට පුරුදු නිසා අපහසුවක් නැතිව මූණදෙද්දි තවත් සමහර රටවල ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. ඉතින් මේවා ඇහෙද්දී මට හිතුනේ නත්තල් කාලෙට රූපවාහිනී නිවේදිකාවන්ගේ ඉස්සරහින් වැටෙන හිමයි නුවරඑලියට යාන්තන් වැටෙන මල් තුහිනයි ඇරෙන්න වෙන හිමක් වැටිල නැති අපේ ලංකාවට හිම වැටුනොත් කොහොමට ...
කඩු පසෙකට හෙල්ල අතට | Let's Do It Our Way මම දසයා - I am DaSaYa සකල සිරින් පිරි සිරිලංකාවේ වැප් කියලාකොළුවෙකු සිටිනාසිංහලකරණය කියලා කවියක්ඒ කොළුවා පද බැඳලා තිබුනාඒක කියවමින් ඉන්නා දසයගෙකවි සිතුවිලි අවදිව එන්නාසබේ සියල්ලනිඅවසර එහෙනම්මම ඒ සිතුවිලි කවි කරනා..සිංහල බ්ලොග් අවකාශේඅපේ අයගෙ හරඹ දැකලහිතට නැගෙන දේ ලියන්නදසයලටත් ආස හිතුනකොච්චර රසවත් දේවල්කඩ්ඩෙන් ලිව්වත් කිව්වත්හිතට කිසිම රහක් නෑනෙහෝටලයෙන් කෑව වගේකාපු හැටිද බීපු හැටිදබයිස්කෝප් බලන හැටිදකොම්පුටර් වැඩ කෑලිදරටේ ලෝකෙ දකින හැටිදමෙකීනොකී හැමදෙයක්මඑක තැනකින් බලාගන්නතියන දැනුම බෙදන ගමන්නොදන්න ...
මට හමුවුන වැලෙන්ටයින් | Valentine I Met මම දසයා - I am DaSaYa අපේ ආච්චි අම්මාට අනුව සාන්තුවරයෙකු වූද අල්ලපු ගෙදර චූටි අක්කාට අනුව උත්තරීතර ප්‍රේමයේ සංකේතය වූද ලොකු මාමාට අනුව සංස්කෘතිය සභ්‍යත්වය විනාශකරන්නට අධිරාජ්‍යවාදී බළල් අතක් වූද පොඩි මස්සිනාට අනුව නියමෙට විකිනෙන අයිටම් එකක් වූද වැලන්ටයින් හෙවත් වැලා මගේ ජීවිතයේ විවිධ වකවානුවලදී මට හමුවී ඇත. ඒ ගැන කෙරෙන කෙටි සටහනකි මේ.මට මුලින්ම වැලෙන්ටයින් හමුවන්නේ වයස අවුරුදු අට නමය කාලයේ ගෙදරට සීනි ඔතාගෙන ...