තුන් යහළු වික්‍රමය - කුලසේන ෆොන්සේකා... පොතක මහිම හත්වන දිගහැරුම...පෑනේ මිතුරන් තිදෙනෙකු වූ සුනිල්,රුවන් සහ අජිත් උසස් පෙළ විභාග කඩඉම හමාර කිරීමෙන් අනතුරුව මහනුවර රුවන්ගේ නිවස්නයේ දී යලිත් මුණ ගැසෙති...පසු දිනෙක ඔවුන් අසල පිහිටි සුන්දර දිය ඇල්ලක මිහිදුම් සළු අතරේ කිමිදීමට යති...එහි වූ කව්රුන් හෝ විසි කර තිබු පුවත් පත් කොටසක් නිකමට මෙන් කියවන ඔවුන්,නිදන් හොරුන් කණ්ඩායමක් අසල ගමක සිදු කරන ලද පුපුරවා හැරීමක් පිලිබඳ පුවතක් දකියි...පසු දිනම ...
Five Point Someone - Chetan Bhagat පොතක මහිම සයවන දිග හැරුම...ඔබ 3 Idiots හින්දි සිනමා සිත්තම නරඹා ඇති.එහෙත් ඒ සඳහා පාදක වූ ඒ අපුර්වතම අකුරු ඇමිණුම ඔබ කෙදිනක වත් කියවා නැතුවා වන්නට පුළුවන්. ඉදින් මේ ඒ ගැනයි.ඒ ඉන්දියානු තාක්ෂණික විද්යයතනයයි.( Indian Institute of Technology - IIT ).දිනෙන් දින වෙනස් වන තාක්ෂණික ලෝකයේ ජය කෙහෙළි නැංවීමේ සොදුරු සිහිනය සැබෑ කරගැනීමේ අභිප්‍රායෙන් Hari, Alok සහ Ryan ඒ වෙත පැමිණෙයි. නමුත් ...
Message in a Bottle - Nicholas Sparks පොතක මහිම සයවන දිගහැරුම...මුහුදට විසිකරනා කුඩා බෝතලයකට ඉනික්බිතිව අත්වන ඉරණම කුමක් විය හැකිද ? සප්ත මහා සාගරය තරණය කරනා එය මිහිමඬලේ එහා කොන සිටින්නෙකුගේ වුව නෙත ගැටිය හැක. පුවත්පත් තීරු ලිපි සම්පාදිකාවක ලෙස ගෙවනා වෙහෙසකර දිවියට මද විරාමයක් තැබීමේ අරමුණෙන් වෙරළ තීරයක් අභිමුවට පැමිණෙන වැන්දඹුවක වූ Theresa Osborne හට දිනක් මුහුදු වෙරළෙහි අද්දරට වන්නට තිබී එවන් කුඩා බෝතලයක් හමුවෙයි.එහි වූ රෝල් කරන ...
Jamaica Inn - Daphne du Maurier (යකාගේ නවාතැන - Dr.චන්දන මෙන්ඩිස්...) පොතක මහිම පස්වන දිග හැරුම...හෙල්ෆොර්ඩ් හි ගම්බද ගොවිපොලක ඇති දැඩි වූ විසි හැවිරිදි Mary Yellan හට ස්වකීය මවගේ අකල් මරණයෙන් පසු කොන්වෝල් හි පිහිටා ඇති සිය නැන්දණිය ජීවත් වන Jamaica Inn තානායම වෙත යාමට සිදුවෙයි.එහි සිට ගව් ගණනක් දුරට මනුෂ්‍ය වාසයෙන් තොර වූ තානායම වෙතට ඈ කැඳවාගෙන යන කරත්ත කරුවා එහි නොයන ලෙස ඈ හට බැගපත් වෙයි.සැර පරුෂ දාමරිකයෙකු වන ඇගේ මාමණ්ඩිය ...
The Whiff of Money - James Hadley Chase පොතක මහිම සිව්වන දිග හැරුම… එක්තරා අඳුරු රාත්‍රියක හිටපු CIA රහස් පරීක්ෂකයෙකු වන Mark Girland සොයා ප්‍රංශයේ පැරිස් නුවර CIA ප්රධානීතෙම පැමිණෙයි. ඔබත් මමත් නොදන්නා එක්තරා අභිරහස් තරුණියක රංගනයේ යෙදෙන නිල් වීඩියෝවක් සහ එම තරුණිය සොයාගැනීම ඔහු Girland හට බාර කරයි..සුරූපී ඈ කවරෙක් ද?අනපේක්ෂිත මොහොතක මේ තරුණිය කවරෙක් ද යන වග ඔහු දැන ගනියි.Gilly නම් වන ඈ ඇමෙරිකානු ජනපති අපේක්ෂක දියණියයි.නිල් වීඩියෝවක ...
A Walk to Remember - Nicholas Sparks පොතක මහිම තෙවන දිග හැරුමනිල් වන්ව නෙත රඳනා lilac මලෙහි වූ ඒ අපුර්වතම සුගන්ධය , සෑම වසරක ම අප්‍රියෙල් මාසයේදී ,හමනා මුහුදු සුළං ප්රවාහයට මුසුවී දසත හමායන්නට වූ කළ ඔහුගේ සිත තමන් පාසල තුල ගෙවූ ඒ අවසන් වසරේ සදාදරණීය මතක සටහන් සොයා යයි. ඒ 1958 වර්ෂයයි.ඔහු ඒ වන විටත් යව්වනියන් කිහිප දෙනෙකු යහළුවන් සේ ඇසුරු කර තිබුණු අතර ඉන් එකියකට ඔහු සැබෑවටම ...
Veronika Decides to Die-Paulo Coelho පොතක මහිම දෙවන දිගහැරුම...තෘප්තිමත් රැකියාවක්,ආකර්ෂණිය පෙම්වතුන්,ආදරණීයයන්ගෙන් පිරුණු නිවස්නයක්,මන බඳිනා රූසපුවක් යනාදී සියලු සිතූ පැතූ සම්පත් වලීන් අනුන ජීවිතයක් ගතකළ විසි හතර හැවිරිදි වෙරෝනිකා උක්ත කිසිම දෙයකින් සතුටු වන බවක් පෙනෙන්නට නොතිබිණි.ඉදින් ඈ මරණය කරා පිය නැඟීමට තීරණය කොට යලි කිසි දිනෙක අවදි නොවීමේ අරමුණෙන් වසර 1997 නොවැම්බර් මස 11 වන දින හිරු නැගෙන කනිසමේදී නිදි පෙති අහුරක් ගිල දැමුවාය .මරණයේ සේයාවන් ...
Dan Brown-Angels & Demons පොතක මහිම පොතක මහිම...පළමුවන දිගහැරුම... Dan Brown-Angels & Demons...ස්වීඩන පර්යේෂනාගාරයක මරා දමා සිටි භෞතික විද්‍යාඥයෙකුගේ සිරුරේ ඇඳ තිබූ අසාමාන්‍ය සංඛේතයක් සහිත පච්චයක් පිළිබඳව අධ්‍යනය කිරීමට හාවඩ් සරසවියේ සංකේත පිලිබඳ විශේෂඥ Robert Langdon කැදවෙයි.එකී පච්චය අධ්‍යනය කරන ඔහු එතෙක් මෙතෙක් ලොව බිහිව තිබී වියකී ගිය බලගතුම සහෝදරත්ව කණ්ඩායමක යලි පිබිදීමක් පිලිබඳව හෝඩුවාවක් ලබාගනියි.ඉලුමිනාටි නම් වන එකී සමුහයේ පුනරාගමනය, තමන් පුරාතන යුගයේ සිටම බද්ධ ...