දැකීම ... DJ Slash පෑල දොර අසලින් යන විට ඇසුනේ ඔහුට ඩ්ග් ඩිග් හඬ ඇය පිටි කොටන දොරටුවෙන් බැලූ විට එබී දුටුවේ ඔහු සලිත වන ඇගේ තුරුණු වත පියවරක් පෙරට තැබීමට පෙර හිස හැරවවීය ඔහු ඇගේ මව සිටියේ ඔහුට පිටුපා ය සැසඳීය මොහොතක් සුලඟේ ගසාගෙන පැමිනි වියලි බෝ පත බිම පතිත වනු ඔහු දුටුවේ නැත ...
මගේ #100HappyDays කියන්නෙ මොකද්ද ?? DJ Slash දවසක අහම්බෙන් Facebook වල දැක්කා photo එකක් tag කරල තියෙනවා #100HappyDays කියලා. ඉතින් ඒ ගැන ටිකක් google වල search කලාම තමයි දැනගත්තෙ එහෙම project එකක් තියෙන බව. http://100happydays.com/ {මේ web site එකට ගියොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි.} මේ website එකේ කියන්නෙ, මේ අති ධාවනකාරී ජීවිතයෙ අපට කැමති දෙයක් කරල සතුටු වෙන්න වෙලාවක් නැහැ කියලයි. අපි කැමති උනත් එහෙම ...
මගේ පරන බ්ලොග් අඩවියෙන් (i) - සරසවි කුරුටු ගී ..... (i) DJ Slash 4/13/2010 10:21:00 PM අලුත් අවුරුද්ද ලං වෙද්දි පරන පොත් කබඩ් එක අස් කරනකොට පොඩි පොතක් හම්බ උනා. ඉතින් මේ බ්ලොග් එකේ තියෙන කවි ඒ පොතෙන් උපුටා ගැනීමක්. අයිති කාරයෝ කවුද දන්නෙ නැහැ. ඒත් මේ පොත හදල තියෙන්නෙ කැලනිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ 97/98 අධ්‍යයන වසර (ප්‍රථම වසර ) කට්ටියක්.මේ මම තෝරාගත් කවි කීපයක් ...කැන්ටිමේ පෝලිමක් දවල්ට බත් කන්න ...
මේක හූනියමක්ද?, බන්ධනයක්ද?, ආරක්ෂාවක්ද ? DJ Slash වත්තෙ පස් අස්සෙ තිබිල සුරයක් හම්බ උනා. ඒක අපි දාපු එකක් නෙමෙයි. අපිට කලින් මේ ඉඩම අයිති අයගෙ වැඩක් වෙන්න ඇති. ඉතින් ඒකෙ ඇතුලෙ යකෙක් ඉන්නවනම් ඌ එලියට දාන එක පිනක් නෙ. ඒ නිසා මම සුරය ඇරල බැලුවා. මේන්න මේකයි ඇතුලෙ තිබුනෙ. කවුරු හරි දන්න කෙනෙක් මේක තේරුම් කරල දෙනවනම් ලොකු උදව්වක් ..... ...
Seylan Credit Card එක මට කල හදියක් .. DJ Slash පොඩි අමාරුවක් තිබිලා ගත්තනෙ Credit Card තුනක්ම. ටික කලකින් තමයි මේවයෙ රඟේ තේරුනේ. හැබැයි මේකෙ හොඳ පැත්තකුත් තියෙනවා. අප්සෙට් එක තියෙන්නෙ Credit Card වල නෙමෙයි. ඒව පාවිච්චි කරන අපෙයි, ලංකාවෙ බැංකුවලයි. ඉතින් යන එන මං නැති උනාම අමාරුවෙන්ම සල්ලි හොයාගෙන මේ තුනම ගෙවලා වහලා දැම්මා. ඔහොම සන්තෝෂෙන් මාස 9 ක් ඉන්න කොට ආව call එකක්. "Mr. මහසෙන් ඔයාගෙ Seylan credit ...
බොස්ට නොතේරෙන දෙයක් තේරුම් කර දෙන්න ගිහින් ...... අන්තිමේ ... DJ Slash මුලින්ම කියන්න ඕනැ මේක මම අහපු කථාවක්. උපන් ගෙයි අන්ධයෙකුට සහයට කොල්ලෙක් හිටියා. දෙන්න හිඟමනේ ගිහිල්ල හොයන දෙවල් වලින් වැඩිදේ ගසාකන්නෙ අර කොල්ලා. හැබැයි අන්ධයගෙ වැඩේ හැම තිස්සෙම ප්‍රශ්න අහන එක.දවසක් දෙන්න කිරි බිව්වා. අන්ධය එදාතමයි මුලින්ම ඒ රස කල කිරි බිව්වේ."හරිම රසයි. මොකද්ද මල්ලි ඒ බීම ජාතිය ? ""ඒ තමයි කිරි, ඇයි කලින් බීල නැද්ද ? " "ඇත්තද ? ඉතින් ...
මගේ පරිඝණක ආගමනය .. DJ Slash මේ බ්ලොග් එක මම ලියන්නෙ නිකං. ඒ කියන්නෙ ඉන්න බැරුවට. මම කොම්පියුටර් වලින් වැඩ පටන් ගත්තෙ 1997 දි (මට මතක හැටියට) . මුලින්ම ඕවා ඉගෙන ගන්න ගියේ මීගමුවට. මීගමුවෙ තිබුනා IDM කියල කොම්පියුටර් කඩයක් (මගේ Batch 196). ඉගෙන ගත්තෙ DOS වලින්. ඒ දවස් වල තිබුනෙ win 3.1 කියල එකක්. ඒකත් run උනේ DOS වල. ඇත්තටම DOS වලින් පටන් ගත්තා කියන්නෙ ...
Windows ඇඩ්මින් පාස්වර්ඩ් බිඳිය හැකිය ... ඒ විතරක් නොවේ ... DJ Slash ඔබේ පරිඝනකය කෙතරම් ආරක්ෂාකාරීව ඇතිදැයි ඔබ දන්නවාද ? ?? ඔහොම ඇහුවම සමහර අයට තරහ යනවත් ඇති. ඒත් ඔයාගේ කොම්පියුටර් එකට පාස්වර්ඩ් එහෙම දාලා හරි අගේට හිතාගෙන ඇති දැන් හරි කියලා. එහෙම නේද ? සමහර අය තමන්ගෙ නමින් එකවුන්ට් එකක් හදලා, ඒක ඇඩ්මින් කරලා පාස්වර්ඩ් දාගෙන ඉන්නවා. ඒත් දැනගන්න windows වල ඔරිජිනල් ඇඩ්මින් කෙනෙකුත් ඉන්නවා. බලන්න user log වෙන තැන Alt ...
බෙදා හදාගත්ත රහස් ... DJ Slash අපේ හිතවල සමහර දේවල් තියෙනව කාටවත් කියාගන්න බැරුව. ඒව රහස් මත් නෙවෙයි. ඒත් කියාගන්න අමාරුයි. නොකියත් බැහැ. ඒක නිසා ඒ අය ඒවා internet වල දානවා. මට සමහර වෙලාවලට හුස්ම ගන්න අමාරුයි. ඒ මගේ හදවතත් පෙනහලුත් අතර සිදුරක් තිබෙන හින්දා. මම ආදරය කරන්න බයයි. මට බයයි මගේ හදවත ඉතා ඉක්මනින් ගැහෙයි කියලා. එතකොට මම ලඟ ඉන්න කෙනාට, මගේ පපුවෙන් එන ජරබර ...
පලවෙනි youtube වීඩියෝ එක ... DJ Slash කාලෙකින් තමයි බ්ලොග් පැත්තේ ආවේ. අද උදේ කිව්වෙ පහුගිය දවස් වල උන දෙයක් ගැනයි. කොමෙන්ට්ස් අඩු උනත් හුඟ දෙනෙක් මේ පැත්තෙ ඇවිල්ල ගිහින් බව දැනගත්ත නිසා ආයෙමත් ලියන්න හිතුනා.youtube ගැන නොදන්න කෙනෙක් නැහැ. ඒත් මම කියන්න යන්නෙ youtube වලට upload කරපු පලවෙනි video එක ගැන.මේක සත්තු වත්තකට ගිය කෙනෙක් upload කරපු එකක්. title එක "Me at the zoo" තත්පර 19ක් ...
බර වාහන බලපත්‍රය කෙසේ විය යුතුද ?? DJ Slash පහුගිය දවසක හවසක ඉක්මනට ගෙදර එන්න ඕනෑවෙලා අපි ෂෝට් කට් වලින් ජාඇල පැත්තට එනවා. වේවැල්දූව පාර සමහර තැන්වල ටිකක් පටුයි. පොඩි ට්‍රැෆික් එකකුත් තිබුනා. ඉස්සරහින් අපි පැත්තට එනවා කන්ටේනර් එකක්. ඒක පාර අයිනට කරලා නවත්තගත්තේ අපිට යන්න දෙන්න. ඒත් අපි ඒක පහුකරනවත් එක්කම ඒක ඉස්සරහට ඇද්දුවා. කන්ටේනර් එකේ ඉස්සරහ රෝදේ අපේ කාරෙකේ පිටිපස්සේ බෆර් එකේ වැදුනා. "දඩ බඩාස් ...." බෆර් ...
ආදරය මේ වගෙයි ... සත්‍ය සිදුවීම් ඇසුරින් .. DJ Slash මේ බ්ලොග් එකේ කවදාවත් කථා කරල නැති දෙයක් ගැන තමයි අද කියන්න යන්නෙ. මේවා මට හම්බවුනේ මම කියවන වෙන බ්ලොග් වගයකින්. මේ ඇත්ත කථා හතර කියවලා ඔයාලට ආදරය ගැන මතක් කරල දෙන එක තමයි මගේ බලාපොරොත්තුව. ඔයාගෙ ඇහේ පුංචි හරි කඳුලු බිංදුවක් මතු නොවුනොත් ඔයා දන්නෙ නැහැ, ආදරය කියන්නෙ මොකද්ද ? කියලා ..... ආදරය සුරංගනා කථාවකි .... මගෙ හොඳම යාළුවගෙ ...
ජීවිතය කොටස් වලට කැඩීම DJ Slash මෙන්න මේ කොටස් වලට මගේ ජීවිත කාලේ එක එක විදිහට කඩන්න මට පුළුවනි. 1. නොදන්න කාලය 2. මොන්ටිසෝරි කාලය 3. ඉස්කෝල (ප්‍රාථමික) කාලය 4. ඉස්කෝල (කණිෂ්ඨ) කාලය 5. ඉස්කෝල (ද්විතීය) කාලය 6. O/L කාලය 7. A/L කාලය 8. A/L වලින් පස්සෙ කාලය 9. campus කාලය 10. campus වලින් පස්සෙ කාලය 11. job කරන්න පටන් ගත්ත කාලය 12. කසාද බැඳීමෙන් පසු ...
මගේ පරන බ්ලොග් අඩවියෙන් (v) - යල් පැන ගිය මගේ කවි (i) .... DJ Slash 4/17/2010 09:54:00 PM කැම්පස් එකේ පලමු වසර ගැන ලියන්න ඕනේ කියල තමයි ඉඳගත්තේ. ඒත් මගේ පරන බ්ලොග් එකක් මතක් උනා. ඒකේ තියෙන්නේ කවිම නොවුනත් කැම්පස් එකේ අහපු දැකපු ඒවා. ඉතින් මට හිතුනා ඒකෙන් දෙක තුනක් අරගෙන මෙතන දාන්න ඕනේ කියලා. මගේ විශේෂ ඉල්ලීම මේ දේවල් (මේවා කවි නෙමෙයි හොඳේ) කියවලා ඒ දවස් වලදී මම දැක්ක දේවල් ගැන පොඩි රූපයක් මවා ගන්න ...
මගේ පරන බ්ලොග් අඩවියෙන් (iv) - සමුගන්නට මොහොතකට පෙර (i) එක්තරා සටහන් ටිකක් DJ Slash මුලින්ම කියන්න ඕනෑ මේ පොත මගේ නෙමෙයි. (හැබැයි කාගෙද කියල අහන්න එපා, ඔයාලට තේරුම් ගන්න පුලුවන්). හැබැයි මේ පොතේ මෙහෙම දේවල් තියෙන්න ඕනෑ කියන අදහස මගේ. පොතේ අරමුන උනේ; යාළුවෝ කැම්පස් එකෙන් අයින් උනාම ආගිය අතක් නැති වෙනවනේ. ඉතින් මට ඕනෑ උනේ ඒ අයගෙ ගෙවල් වලට යන පාරවල්, විස්තර එකතු කරවන එකයි. T මගෙන් ඇහුවා ගැලපෙන ක්‍රමයක්. මම පොතක් T ...
මගේ පරන බ්ලොග් අඩවියෙන් (iii) - කැම්පස් එකේ ජීවිතයෙන් ටිකක් (කෙටියෙන්) ... DJ Slash 4/22/2010 09:21:00 PMමම ගියේ කැලනිය කැම්පස් එකට. කලින් දවසක ඇවිත් වේවැල්දූවෙන් ඇනෙක්ස් එකක් කුලියට ගත්තා. මුල්ම දවසේ තාත්තත් එක්ක වාහනයෙන් ඇවිත් කැම්පස් එක ඉස්සරහින් බැස්සා. බැහැලා වාහනය යවලා පාර අයිනට වෙලා ටිකක් බලාගෙන හිටියා. කට්ටිය මාර ඇක්ටිව්. මම ඩෙනිම්/ ටී ෂර්ට්/ ඩෙක් ෂූෂ් විදිහෙ කෙනෙක්. මම දැක්කා ගම්පහ ගෙල්ට් එකට ආපු අය කාන්ඩ පිටින් එනවා. මම ඒ අයත් එක්ක ගියේ ...
මගේ පරන බ්ලොග් අඩවියෙන් (ii) - සරසවි කුරුටු ගී ..... (ii) DJ Slash Published on 2010-04-15 21:47 කලින් ලිපියට ලැබුන ප්‍රතිචාර ඉහලයි. ඒ නිසාම නොවුනත් තවත් කවි ටිකක් ඇතුලත් කරන්න ඕනෑ කියලා හිතුනා. කුරුටු ගී උපුටා ගත් ස්ථාන නාමත් සමගින් තවත් පොතක තිබී හමුවුනා. ඉතින් දැන් ඕනෑම කෙනෙකුට පුලුවනි මේ තැන් වලට ගිහිල්ලා ඒවා තවමත් තියෙනවද කියලා බලන්න. මේ තියෙන්නේ මම තෝරා ගත්ත තවත් කවි කීපයක්. පොත හොයාගෙන කියවන්න බලන්න. එතකොට සරසවි ජීවිතය ...
ඇත්තටම ගෑණුන්ට ඕනෙ මොනවද ?? DJ Slash ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා. එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා. ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා. හැබැයි කොන්දේසියක් පිට.අවුරුද්දක් ඇතුලත අමාරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාර වෙන්න වෙනවා.රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල හිතල කැමැත්ත පල ...
ඔළු පහේ නයෙක් දැකල තියෙනවද ?? DJ Slash එක දවසක් බස් එකේ යනකොට මිනිහෙක් පොත් විකුනනවා. ඉතින් එයා කියනවා ලංකාවෙ ඔළු දහයක නයෙක් ඉන්නවා, ආමි එකේ කෙනෙක් ගත්ත ෆොටෝ එකක් කියලා ඔළු දහයක නයෙකුගෙ පින්තූරයක් විකුනනවා. ඉතින් අද අන්තර්ජාලයේ සැරිසරනකොට ඔළු වැඩි නයි ගොඩක් දැක්කා. කාලෙකින් ලියන්න බැරිඋන බ්ලොග් එක මේකෙන් වත් ගොඩ දාගන්න කියල හිතල තමයි ලිව්වේ. මම නයා අරිනව කියලනම් හිතන්න එපා මෙන්න ඒ ඔළු පහේ නයා ... අර ...
මළ කෙලියයි .... DJ Slash මේක ඉතින් පොඩි කථාවක්. මම දන්න කියන නෝන කෙනෙක්, එයාට වෙච්ච ඇබැද්දියක් තමයි. අර නෝනට කොහෙදෝ තිබිල ලාම්පුවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එයා ඒක අතුල්ලනකොට ඒ ලාම්පුවෙන් භූතයෙක් මතුවෙලා තියෙනවා. "ඔබ හොඳ කරුනාවන්ත කෙනෙක් බව මට පේනවා. ඉතින් මාව නිදහස් කලාට මගෙන් ඔබට තෑග්ගක් හැටියට එක් වරයක් දෙන්නම්..... "ඌ නෝනට කිව්වා.නෝනත් ඉතින් යන එන මං නැතුව හිටපු කෙනෙක් නේ. ඉතින් පැන්න ගමන් ...