ආයුබෝවන්! Sebastianite කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලීය විසින් පවත්වාගෙන යන බ්ලොග් අඩවියට ඔබ සැම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අපේ පාසලේ සිසුන්ගේ නිර්මාණශීල්තවයට ඉඩහසර ලබාදීම මෙම බ්ලොග් අඩවියේ ප්‍රධාන අරමුණයි. ඒ තුළින් අපේ පාසලේ දැනුම හා නිර්මාණශීලිත්වයට සයිබර් අවකාශය තුළ වටිනාමක් එක් කිරීමට අපට හැකි වනු ඇත. ...
විකිපීඩියා පිටු Sebastianite විකිපීඩියා යනු අති විශාල තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත ලොව විශාලම අන්තර්ජාල විශ්ව කෝෂයයි. මෙහි විශේෂත්වය ඕනෑම කෙනෙකුට එහි නොමිලේ ලියාපදිංචි වී තමන් කැමති මාතෘකාවක් ඔස්සේ තොරතුරු ඇතුලත් කර සංස්කරණය කල හැකි වීමයි. ඉංග්‍රීසියට පමණක් සීමා නොවී මෙහි සිංහල බස ඇතුළුව 200කට අධික භාෂා ප්‍රමාණයකින් විවිධ තොරතුරු ඇතුලත් වේ.ඒ අනුව කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලය සඳහාත් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් විකිපීඩියාවේ පිටු දෙකක් ...
විද්‍යාලය ගූගල් සිතියමට එක් වෙයි Sebastianite ලොව ජනප්‍රියම අන්තර්ජාල සිතියම වන ගූගල් මැප්ස් වෙත අපගේ පාසලේ තොරතුරු ඇතුලත් කරන ලදී. ගූගල් මැප්ස් යනු Web 2.0 පරම්පරාවට අයත් නිතිපතා යාවත්කාලීන වන නොමිලේ මාර්ගගත සිතියම් ලබා දෙන සේවාවකි. තවද චන්ද්‍රිකා ඡායාරූප වලින්ද සමන්විත වේ. ගූගල් මැප්ස් මේකර් ඔස්සේ ඕනෑම කෙනෙකුට මෙම සිතියම් වල පිහිටුම් හා ස්ථාන සංස්කරණය කල හැක. ඒ අනුව අපේ පාසල් භුමිය තුල ස්ථාන හා පිහිටුම්ද ...
විද්‍යාලීය වෙබ් අඩවිය Sebastianite අපගේ වෙබ් අඩවිය පිළිබඳව සංක්ෂිප්ත තොරතුරු මෙසේය.වෙබ් ලිපිනය : www.ssc.sch.lkඩොමේන් නාමය සහ වෙබ් හොස්ටින් සේවාව සපයනුයේ School Net විසිනි. School Net යනු සියළුම රජයේ පාසල් සඳහා නොමිලේ වෙබ් සේවාවන් සපයන රාජ්‍ය ආයතනයකි. මෙහි .sch.lk යන අග කොටසින් School Net ජාලයට ඇතුලත් බව අඟවයි.වෙබ් අඩවිය නිර්මාණයට ජනප්‍රිය අන්තර්ගත කළමණාකරණ පද්ධතියක්(CMS) වන Joomla 1.5 යොදාගෙන තිබේ. ජූම්ලා! යනු GNU/GPL වරපත යටතේ නිකුත් ...
රූසෝ, ප්ලේටෝ, ඩිවි සහ පැව්ලෝ: දාර්ශනිකයෝ සතරක් Sebastianite පහතින් දැක්වෙන ලොව සුපතල දාර්ශනිකයන් සතර දෙනාගේ නම් අප පාසලේ ක්‍රීඩා නිවාස සඳහා යොදාගෙන ඇත. එමනිසා එම දාර්ශනිකයින් සතර දෙනා පිළිබඳව ත්‍රෛභාෂික කෙටි සටහනක් මෙම ලිපියෙහි දිඟහැරේ.ප්ලේටෝප්ලේටෝ යනු පුරාණ ග්‍රීසියේ දාර්ශනිකයෙකි. එසේම ඔහු ගණිතඥයෙක්ද සොක්රටීස්ගේ ගෝලයෙක්ද දාර්ශනික අදහස් ලියන්නෙක්ද වෙනවා. බටහිර ලෝකයේ ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනය ලෙස සැලකෙන ඇතැන්ස්හි ඇකඩමියේ නිර්මාතෘවරයාද ඔහුය.பிளாட்டோ செம்மொழி கிரேக்கத்தில் ஒரு தத்துவஞானி. அவர் ஒரு கணித, சாக்ரடீஸ் ...
ශිෂ්‍යභටයා Sebastianite ශිෂ්‍යභටයෙක් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නෑනෙ. හැමෝම දන්න කාරණාවක්නෙ. ඉස්කෝලෙ පිට්ටනියෙ උදේ ඉඳන් මහා දවාල් ගිනි අව්වෙත් 'ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් රයිට්' කිය කිය එහාටත් මෙහාටත් ගිය ශිෂ්‍යභටයින්ව නොදන්නේ කවුද? ඒ වගේම ජීවිතේ යම් කාලයකදී ශිෂ්‍යභටයෙක්ව හිටපු අයත් මේ ලිපිය කියවන්නෙ නැතෑ. ඒ අයත් තම තමුන්ගෙ කතන්දර දිග අරිවී යැයි හිතනවා. ඒ වගේම මම මෙතන කියන්නේ මම ශිෂ්‍යභටයෙක් වෙලා ...
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2014 Sebastianite කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2014-01-31 දින පවත්වන ලදී. ප්‍රථම ස්ථානය ඩිවි නිවාසයද දෙවන ස්ථානය පැවුලෝ නිවාසයද තෙවන ස්ථානය රූසෝ නිවාසයද හතරවන ස්ථානය ප්ලේටෝ නිවාසයද දිනා ගත්හ.විද්‍යාලීය මළල ක්‍රීඩා කණ්ඩායමතූර්ය වාදක කණ්ඩායමශිෂ්යභට කණ්ඩායමඩිවි නිවාසයපැව්ලෝ නිවාසයප්ලේටෝ නිවාසයරූසෝ නිවාසය ...
පාසලේ ඉතිහාසය Sebastianite මාතෘ පාසල් ඉතිහාසයෙන් බිඳක්1911 දී කඳාන දේවස්ථාන පාලක ධූරය දරමින් කිතුනු සේවාවේ යෙදුණු ගරු ඒ.වයි. කීගර් පියතුමාගේ මූලිකත්වයෙන් හා ගරු ඒ.එම්.ඩී ජයමාන්න පියතුමාගේ දායකත්වයෙන් පොල්අතු මඩුවක ධර්මෝපදේශණය ඉගැන්වීම සඳහා බිහි වූ දහම් පාසලක් පසුව 1913 දී එම පියතුමාගේ කාලයේදීම සභාවේ පාලනයට යටත් වූ මිශ්‍ර පාසලක් ලෙස බිහි වූ අතර එහි ප්‍රථම විදුහල්පතිනිය වූයේ ගරු මේරි සොලාන්ජ් කන්‍යා සොයුරිය විය. 1914 ...
නිල බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු! Sebastianite කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ නිල බ්ලොග් අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. මෙහි අරමුණ විද්‍යාලීය තොරතුරු ඔබ වෙත ගෙන ඒම සහ ගුරුවරුන්ට සහ සිසුන්ට ස්ව-නිර්මාණ ඉදිරිපත් කිරීමට ඉඩ හසර වෙන් කිරීමයි. මෙම බ්ලොග් අඩවිය නොමිලේ ලබාදෙන ගූගල් බ්ලොගර් සේවාව ඔස්සේ බලගැන්වෙන අතර සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂා භේදයකින් තොරව ක්‍රියාත්මක වේ. මෙම අඩවියට www.ssc.sch.lk/blog හෝ sebastianite.blogspot.com යන ලිපින ඔස්සේ පිවිසිය හැකියි. මෙම බ්ලොග් ...
අරුමැසි පෙම Sebastianite හැරගියා නොවෙයි ඔබහැර යන තැනට මානොතැකුවා මතකයි මාමොහොතකින් මොහොතනාද වන දුරකථනයටනිහඬය, සිතකියන්නට නොහැකි වමා නිදහස් වූ බවඔබේ ප්‍රේමයේ දෘඪ බැම්මෙන්කියන්නට නොහැකිවපිදූ ප්‍රේමයට පමණක්ප්රේම කරන බවඔබට වඩා.......ආචාරිනී පී.ඒ.ඩී. ග්‍රේස් පොන්වීරසා. සෙබස්තියන් මහා විද්යාලයකඳාන ...
"අධ්‍යාපනය සමඟ අධ්‍යාත්මය" Sebastianite වර්ෂ 2010ක් වූ ඔක්තොම්බර් 28 වූ අද දින කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ යැදුම් මැදුර උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.(යැදුම් මැදුරක් යනු කතෝලික ආගමික පාසල් තුළ සිසුන්ට යාච්ඤාව සහ ආගමික වතාවත් තුළින් තම අධ්‍යාත්මය දියුණු කරලීමට සාදන කුඩා දෙව්මැදුරකි.) මේ සඳහා කොළඹ පදවි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ සහභාගී වූහ. එතුමා කාදිනල් ධූරය හිමි වීමෙන් පසු පාසලකට පැමිණි පළමු අවස්ථාව ...
ජය මග Sebastianite දරාගෙන වඟකීම්සිප් සතර බෙදන්නටපෙර පිනක් ලැබී ඇතිඋතුම් ගුරු සේවාවඉවසීම, කරුණාව, මෛත්රියප්රගුණ කරලබාගෙන පන්නරයගැටළු විසඳාගන්නමාවතක් සකස් කරගමන නිවැරදි කරනකියාදෙමු දරුවනටජීවිතේ ජය ගන්නආචාරිනී ඒ.පී. රූපිකා බාලසූරියසා. සෙබස්තියන් මහා විද්යාලයකඳාන ...
නැවත එමි Sebastianite නුදුටු මා බෝලයයි පිත්තයිනො ඇසූ හැංගිමුත්තම් හඬයිනොකළ කොම්පිට්ටුයි පොල්පිති ගොනයිඇසුරු කළ බෝ මුලයි පොත් ගුලයිගත වැඩි සිප්සතර පිරීයයිහතර වරිගයම මා නිසා නිවන්යයිලෙඩ ඇඳේ පියාණන් අසරණයිසොයුරු කැල සිප් සතර අනාථයිමා මෑණි මුළු දවස කඳුළු බොයිසමුගනිමි හිමියනේ මා සිතත් අසරණයිආචාර්ය ඒ. සරත් අල්මේදාසා. සෙබස්තියන් මහා විද්‍යාලය,කඳාන ...
ගුරු සුවඳ Sebastianite සබඳ අප හමුවෙලාදොඩමළුව සැනසුණාතුටු සිතක් නොමැති බව තව දිනක හෙළි කළාවිඳවන්න ඇත තවත් බෝ දුරක්... දුෂ්කරය...සුවඳ ඇති මල් අතරවිෂ ඇවුණු මල් කැකුළු පොඩිවෙලා හැකිලිලානොහැකි යැයි කරන්නට විකසිතපවරමුද දොස දස දෙසටනැත සබඳමහා සවියක් ලෙසින් දිස්වෙනදසුනක් ඇත අප සතුවනොසිතේ ද ඒ.. ගැනවන්නට හැකිනම් ශිඛර කලාවක්දැඩි හිරු රශ්මිය මුද කර පොවනටගුඟුලැල්ලක සිසිලස ගෙන දේනම්මුඩු වී ගිය ඒ හිස් බිම් කතරටඅතුකොළ එළමින් පොහොර සදන්නට ...
ජීවිතේ මගේ C + L = A වැනි Sebastianite ජීවිතේ මගේ C + L = A වැනි...අකුරු තුනකින් සැදුණු සමීකරණයකින් ඇරඹුණු මා ඉන්පසු ගෙන ගියේ මූලික පොත් වෙතටයඑයින් නොනැවතුණු මා ඉන්පසු ගෙන ගියේ අවසාන ගිණුම් වෙතය. ලැබුනේ ශුද්ධ අලාභයකි.ඇරඹුවෙමි වැරදි නිවැරදි කිරීමේ ගිණුම, ඵලක් නෑ තවත් ලැබුනේ ශූද්ධ අලාභයකි...රොෂැන්ක වෙරන්ජන් ...
"ළමා ලොව එළිය කරන්නට එක්වෙමු සැම දනා" Sebastianite අද ක්‍රි.ව 2010ක් වූ වප් මස පළමු වැනිදාය. තවත් විදියකට කිව්වොත් අද ලෝක ළමා දිනයයි! පාසලක් විදියට එය සැවොම එකතු වී අනිවාර්යෙන්ම සමරන උත්සවයකි. ශ්‍රී ලංකාවේ අපි ලෝක ළමා දිනය අද වැනි දවසක සමරන්නෙමු. නමුත් විවිධ රටවලට අනුව මේ දිනය වෙනස් වේ. අපේ අසල් වැසි ඉන්දියාව ලෝක ළමා දිනය සමරන්නේ නොවැම්බර් දහසතර වැනිදාය. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව එය ...