මේ කොපි නිමේ යකූ… අනිත් කොපි… ප්‍රියාගේ සිතුවිලි මම මීට කලින් රැකියාව කරපු තැනදි ලැබිච්ච අත්දැකීම් වගේම උන රසවත් සීද්ධි කිහිපයකුත් සටහන් කලා. මතක ඇතිනෙ අර එකෙක් ෆාමසියෙ කෙල්ලෙක් ගෙන් වාජිකරණ බෙහෙතක් ඉල්ලලා කාපු පරිප්පුව.මම දැන් සේවය කරන්නෙ කොළඹ පිහිටි ආයතනයක වන අතර එහි බහුතරයක් සේවය කරන්නේද දමිළ සේවකයින් වන අතර 'ආමර් වීදියෙ' පිහිටි අප ශාඛාවේ මාත් ඇතුළුව සිංහල සේවකයින් තිදෙනෙකි. මාත් සමග එහි සුපවයිසර්වරු සිවු දෙනෙකු සිටින ...
නැවත මිය යමි… ප්‍රියාගේ සිතුවිලි ඳගලමින් කෑ ගසමින් ගෙවූ විනාඩි කිහිපයකට පසු මා සිටින්නේ සැහැල්ලුවෙනි. සැබැවින්ම මා සුවවී ඇති බවක් හැඟේ. හ්ම්ම්ම් ආ අර එන්නෙ ඩොක්ටර් මට දැන් සනීපයි කියලා ගෙදර යන්න පුළුවන්.… මොකෝ මේ ඩොක්ටර් කළබලෙන්.…"…වැඩක් නෑ… බොඩි එක ගෙනියන්න.…" වෛද්‍යවරයා එක් ලෙඩෙකු පරික්ෂා කර බලා නැවත යන්නට විය. අන් වේලාවන්ට නැති කළබලයකින් වාට්ටුව පිරී යන්නට වූයේ ක්රමයෙනිජීවිතය නම් මෙසේය. උපදින සැවොම උපදින්නේ මරණයට ...
තිත්ත කරවිල…!! ප්‍රියාගේ සිතුවිලි ක්රෑෂ්ෂ්… ගසා කෑ ගසමින් නැවතූ තවත් වාහනයක හඬ ඇසී මද්දුමී හඬාගෙන ගෙට දිව ගියේ බියපත් මුවැත්තියක ලෙසිනි. කෙදිනකවත් පාපැදියක් වත් නොපැමිණි මිදුලේ අද දිනයට නැවතූ තෙවනි වාහනයය. පෙර වාහන දෙකෙන් මෙන්ම මෙයින්ද බසින ලද කළු කලිසමත් සුදු පැහැ කමිසයත් හැදි හැඩි දැඩි මිනිසුන් දකින විට මද්දුමීට මෙන් සැගවිය හැකිනම් කියා සිතුනි."තමුන්ද ලසන්ත කියන්නෙ?""මමයි මහත්තයා""මොනවද මනුස්සයො මේ කරන වැඩ. තමුසෙලා කරන ...
ෆාමසියේ නංගි කෙල්ල……!!! ප්‍රියාගේ සිතුවිලි මම කලින් වැඩ කරපු ආයතනයෙ වෙච්ච පොඩි කතාවක් ලියලා දාන්න හිතුනා. එතන හිටපු මට අදටත් මතක් වෙත්දිත් හිනා ගියාට මේක කියවලා හිනා ගියේ නෑ කියලා මට බනින්නෙ එහෙම නෑ ඕන්.ඔන්න එකෝමත් එක රටක නෙමේ ලංකාවෙම තමා. මීට අවුරුදු කිහිපයකට කලින් ප්‍රියා රැකියාව කලා නොවැ තත්ව සහතික නිකුත් කරන ආයතනයක. ඉතින් කලිනුත් කියලා තියෙනවා වගේ මගේ පින්මහිමය ප්‍රභල නිසාම මට කරගහන්න ...
පූජා භූමියකදී අහිමි කරගත් ''කන්‍යාභාවය…!!!" ප්‍රියාගේ සිතුවිලි එකම මාතෘකාවක් ඔස්සේ දිගින් දිගටම කතා කිරීම නීරස මුත් කතා කල යුතුදේ කතාකල යුතු අවස්ථාවේම කතා කල යුතු නිසා මේ සිතුවිල්ල මෙසේ සටහන් වේ.මගේ කුසටම… එන්න පුතුනේ…… නමින් මා ගියවර ලියූ කෙටිකතාව මා සිතූ තරම්ම සාර්ථක නොවූ බව මාගෙ පෞද්ගලික හැඟීමයි. කතාව තවත් දිග්ගැස්සී කොටස් කිහිපයකට කැඩීමට සිදුවේ යන බියෙන් මා කතාව කෙටි කිරීමට උත්සහා දැරීම එයට මා දකින හේතුවයි.මා ...
මගේ කුසටම… එන්න පුතුනේ…… ප්‍රියාගේ සිතුවිලි "සුධාරි…සුධාරි…" කවීෂගේ හඩින් අවදි වූ මා වටපිට බැලුවේ අප දෙදෙනා සිටින තැන කුමක්දැයි වටහාගැනීමට මෙනි. කවීෂගේ දෙදණ මත නින්ද යාමට මොහොතකට පෙර ගලා ගිය කඳුල තවමත් වියළී නැති බව තෙත්වූ දෙකොපුල කියා පායි.අඳුරු පහැ දිගු කොරිඩෝවේ මුල්ලක තබා තිබූ දිගු බංකුවට බරදී මාත් කවීෂත් සිටින්නෙ යම රජුගෙ ආරාධනාව එන තුරු අපායට යන දොරටුව අභියස බව මා කෙසේ අමතක කරන්නද? එය ...
මමත් රැවටුනා… මටත් වැරදුනා…… ප්‍රියාගේ සිතුවිලි මා පසුගිය දින කිහිපය ගෙවා දැම්මෙ පුදුම කළකිරීමකින් යුතුවය. ඊට හේතුව ලෙස ප්‍රධාන ලෙසම බලපෑවේ වර්ශය ආරම්භයේදීම රෝහල් ගතවීමට සිදුවීමත් ඒ අවාස්ථාවේ සිදුවූ යම් යම් සිදුවීම් නිසා අපගේ නිදහස් සෞඛ්‍ය සේවය පිලිබදව තිබූ විශ්වාසය බිදවැටීමත්ය.එසේම එම කළකිරීමට බලපෑ තවත් එක් හේතුවක් තිබුනි. එම හේතුව නිසාම අප රටේ අප අතරම වෙසෙන බහුතරයක් මිනිසුන් පිලිබදවද කළකිරුණු අතර එය සිත දරා ගෙනම මා ...
පොලෝසිය හොරු සමග හෙළුවෙන් ……… ප්‍රියාගේ සිතුවිලි නව වසර උදාවත් සමග බොහෝ දෙනාගෙ මුවග රැදුන වැකිය වූයේ "සුභ නව වසරක් වේවා" යන්නයි. එසේ වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම ලැබුවා වූ නව වසර සුභ වූවන් මෙන්ම නව වසර ලබත්දීම විවිධ අකරතැබ්බයන්ට මුහුණ පෑවන්ද නැතුවා නොවේ. අද සිතුවිල්ල දිග හැරෙන්නෙ වසරක් ගෙවී නව වසරක් උදා වන මොහොතේ එවන් නපුරු අත්දැකීමකට මුහුණ දුන් පවුලක් පිලිබදවය.ඒ නිවැසියන්ට මාගේ ඇති ඉතා කිට්ටු ඥාතීත්වය නිසාම ...
බිල්ලට නොගත් බිල්ලෙක්…… ප්‍රියාගේ සිතුවිලි ගිය සතියෙ ලියපු කොටු පනින කතාවෙ කමෙන්ට් පිළිතුරු දෙත්දි මතක් උන පොඩි කතාවකුත් ලියලා දාන්න හිතුනා. ඇත්තටම මම හොල්මන්, අවතාර විශ්වාස කරන්නෑ. ඒ වගේම අවිශ්වාස කරන්නෙත් නෑ. හොල්මන්, අවතාර තියෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් කියන එක තමා ඒ පිලිබදව මගේ අදහස.ඒත් අපි හැමෝම කැමතීයිනෙ අද්භූත කතා අහන්න, කියවන්න. ඉතින් මන් හිතුවා මමත් මුහුණ දීලා තියෙන පොඩි අද්භූත යැයි සැළකිය හැකි ...
කොටුවක සිරවී කොටුවක් පනිමුද…?? ප්‍රියාගේ සිතුවිලි හ්ම්ම්ම්…… 2013 අවුරුද්දත් ඉවරයි මේ අවුරුද්ද පටන් ගත්දි අපේ හිත් වල කොයි තරම් හීන තියෙන්න ඇත්ද? මේ දවස් 365 ඇතුලෙ ඒ හීන කීයක් ඉෂ්ඨ උනාද? කීයක් බොඳ උනාද?ඒ කතාව පෝඩ්ඩකට පැත්තකින් තියලා අද සිතුවිල්ලට හැරුනොත් දැනට සති දෙකකට පමණ පෙර රෑක යම් නාළිකාවක ගියා වැඩසටහනක්. මේකෙ සාකච්චා උනේ 'හදහන්, අත්ල රේඛා සහා එය විවාහයට බලපාන ආකාරය' පිලිබදවය. මාහට එතරම් 'ප්‍රිය' ...
කොට සායයි… හුරතලයයි… හරි අවදානම්…… ප්‍රියාගේ සිතුවිලි අද මං කියන්න යන්නෙ මගෙම අත්දැකීමක් උනාට මොකද ඒ සිදුවීම පිලිබදව අදටත් මම කණගාටුවෙනවා. ඒ මොකද මේ කතාවේ එන කථානායකයාට මුහුණට දෙකක් ඇනීමේ වාසනාව අහිමි වීම පිලිබදවය.අඩි වලින්ම අඩි හයකුත් ඒමදිවට තවත් අඟල් හතරකුත් උස ගිහින් ශරීරයෙන් හයයි හතරෙ පොරක් උනාට මොකද අපි හීනෙන්වත් චන්ඩිනම් නෙමේ. බොහොම අහිංසක බෝ පැල වගේ චරිත. එහෙම වෙලත් මේ සිදුවීමින් සෑහෙන කාලයකට පසුවත් මට ...
උසස් වීම… ප්‍රියාගේ සිතුවිලි "ආ කල්ප… අන්න උඹට ලොක්කා එන්න කිවුවා.""ලොක්කා කිවුවෙ මෙ පතිරණ මහත්තයා?. ඒ ගමන මොන මරාලයක්ද දන්නෑ.""මග ඉදන් පේන බලන්නැතුව ගිහින් බලපන්කො."නාමල් ගෙනා හදීසි පණිවිඩය ඇසූ මා පුදුම වූයේ වසරව් එකොලහක් වූ මාගේ සේවා කාලය තුල මා අප ආයතනයෙ කළමණාකරු පෞද්ගලිකව මුන ගැසී තිබුනේ නැති තරම්."සර්… මට එන්න කියලා තිබුනා.""ආ කල්ප එන්න.. එන්න.. වාඩි වෙන්නකො ඉස්සෙල්ලම.""තැන්ක් යූ සර්.""මන් කල්පට එන්න කිවුවෙ ...
අහෝ දෙවියනේ ඔබ කොහෙ ගියාදෝ… ප්‍රියාගේ සිතුවිලි ලිපිය ලිවීමට පෙර පලමුව කිව යුත්තේ මේ ලිපිය ලියන්නේ කිසිදු දේශපාලනික අරමුණකින් නොවන අතර අප රටේ සාමාජීය දේශපාලනික පමණක් නොව ආගමික පරිහානිය පිලිබද කළකිරීමෙනි.මා කතාවට මෙසේ එන්නම්. "අපේ ගම් පළාත වෙච්ච 'කැළණිය' කියපු ගමන් මතක් වෙන්නෙ බුදුන් වැඩිය කැළණිය පුරවරයයි."… මං එහෙම කියයි කියලා හිතුවද… පුහු…… ඒ ඉස්සර. දැන් මතක් වෙන්නෙ ආචාර්ය තුමාව (ඔව්..ඔව් එතුමා තමා.).එතුමා අපේ ප්‍රදේශයට පැමිණි පසු ...
පුංචී දෝණී මගේ… දෑස වේ ඔබ මගේ…… ප්‍රියාගේ සිතුවිලි අදට හරියටම දවස් 377කට කලින් දවසක හවස පහට කොන්ඩෙ පිස්සෙක්ගෙ තරම් අවුල් වෙච්ච දවස් ගානකින් නොකපපු රැවුල් කොට මුහුණ පුරා විසිරිච්ච කොල්ලෙක් 'කාසල් වීදියෙ කාන්තා රෝහලේ' වාට්ටුවක් දිගේ දුවගෙන යනවා. ඒ දවාලෙ සූතිකාගාරයට ගත්ත තමන්ගෙ බිරිදව දකින්න. ඒ කොල්ලාගෙ අම්මත් කොල්ලත් එක්ක ඉන්නවා.ඒ යත්දි ඒ කොල්ලා දකිනවා තම බිරිද බිත්තිය අයිනක ඇදක ඉන්නවා. ඒ තනියම නෙමේ රෙද්දකින් ඔතපු පුංචිම පුංචි ...
මම කාපු සෙරෙප්පු පාර... ප්‍රියාගේ සිතුවිලි (වාසනාවට 'ඇත්ත' කතාවක්)ලියන්න කියලා හිතන් හිටපු කතා දෙක තුනක්ම තියෙත්දි මේ කතාව ලියන්න හිතුවෙ පසුගිය දිනක උන සිදුවීමක් නිසයි.ඒ තමයි අර 'ගුරුවරියක් ශිෂ්‍යයකුගෙ එකම කලිසම කපා දැමීම'. මේ සිදුවීම විවිධ කෝණ වලින් අල්ලා ගත් පිරිස විවිධ කතිකාවන් ගොඩ නැගුවත් සැබෑ තොරතුරු නැතිව මේ දෙපාර්ශවයෙන් කවර පාර්ශවයකවත් පැත්තක් මට නොහැකිය. නමුත් මේ ශිෂ්‍යයාගේ මානසික, සාමාජීය, ආර්ථික තත්වය හදුනා නොගෙන ඇය තම ...
දරුවා මගෙ නොවෙද? ප්‍රියාගේ සිතුවිලි (සත්‍ය කථාවක් ඇසුරිනි.)හිමිදිරි උදෑසනම ගාල්ල සිට තමා ඇතුලු දහස් ගනන් පිරිසකුත් ගෙන කොළඹ බලා පැමිණ කොටුව දුම්රිය ස්ථානයෙ හති හරින යකඩ යකා දෙස මොහොතක් බලා සිටි පියුමි තම ජංගම දුරකථනය ගෙන ඇමතුමක් ගත්තේ සෙනග අතුරෙන් පසෙකට වෙමිනි."හලෝ....කොටුව ස්ටේෂන් එකේ....දැනුයි ආවෙ....හරි....හරි....ඉක්මනට එන්න එදා වගේ පරක්කු වෙන්න නම් එපා....හාං...."ඇමතුම විසන්දි වූ ජංගම දුරක්ථනය තම් අත්බෑගයට දමා ගනිමින්ම දුම්රියපලින් එළියට පැමිණි පියුමි ගුවන් ...
රැක ගත යුත්තේ දියණිය පමණද?. ප්‍රියාගේ සිතුවිලි අතීතයේ ශ්‍රි ලංකාව තුල මැණිකක් අතින් ගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වුව තනිවම ගමන් කල හැකි බවට කථාවක් සමාන්‍ය සමාජයේ මුල් බැසගෙන ඇත.මෙය කොතෙක් දුරට සත්‍යක් දැයි මා නොදනිමි. නමුත් 'මෙය 100%ක් සත්‍යක් නම්' එකල සිට ඇත්තේ නියම මහත්මා ගුණයන්ගෙන් හෙබි සාර්ථකව හැගීම් පාලනය කර ගත හැකි නියම පිරිමින් කොටසක් හෙවත් 'රියල් පොරවල්' ටිකකි.නමුත් වර්ථමානයේ නම් ස්ත්‍රී රත්නයකට එහාකොණ ...
සමාවෙන්න අම්මේ..... ප්‍රියාගේ සිතුවිලි "නෑ බං මම නම් කියන්නෙම ඔහොම උන්ට කවදා හරි සහ ගහනවා. කාට උනත් ඒක පොදුයි. යකෝ තමන්ගෙ අම්මා තාත්තාට සලකගන්න බැරි දරුවො දරුවොද බං" රුවන්ගේ උද්වේගකාරී හඩින් ආපනශාලාවෙ අසල සිටි දෙතුන් දෙනකුම එදෙස බලා නැවතත් හැරුනෙ සිනා මුසු මුහුණෙනි"ඒත් රුවා බලපන් තමන්ට බලාගන්න අමාරුයි නම් ඉතිං වැඩිහිටි නිවාසයකට හරි දාන්න වෙනවනෙ බං. මහපාරට දානවට වඩා ඒක හරි වටිනවනෙ. උඹට ඕවා ...
වැදගත් වංචාකරු....... ප්‍රියාගේ සිතුවිලි මෙම සටහන තැබීමට පෙර පැවසිය යුතු දෙයක් ඇත. එනම් මේ සටහන තබන්නේ පෞද්ගලිකව අප නිවැසියන් මුහුණ දුන් අත්දැකීමක් නිසාවත් අපට අහිමි වූ මුදල (එයද අද කාලයෙ හැටියට ඉතාමත් සොච්චම් මුදලකි) නිසාවත් නොව මා අදහන දෙයකි 'වරදනම් කවුරු කලත් වරද වරදමයි' යන්න. එසේම වංචාවකට ලොකු පොඩි කියා භේදයක් නැත. එබැවින් මා මේ සටහන තබන්නෙ මෙවැනි වංචාකරුවෙක්ගෙන් සමාජයේ තව එක් පුද්ගලයෙකු හෝ ...
ඇදහීම සහ බලෙන් ඇදහවීම. ප්‍රියාගේ සිතුවිලි මෙවන් ලිපියක් ලිපියක් ලිවීමට බොහෝ කලක සිට සිතා කාලය හරස් වූ බැවින් ලිවීම කල් ගිය මුත් 02/10/2013 සිදුවූ සිදුවීමක් නිසා කෙසේ හෝ කාලය සොයාගෙන මෙම ලිපිය ලිවීමට සිත් විය.එම සිදුවීම නම් ඉවැන්ජලික ආගමක් පතුරවමින් සිටි කාන්තාවන් පිරිසක් භික්ෂූන් වහන්සේ ප්රමුඛ අතුරුගිරිය ගම් වාසින් විසින් අත් අඩංගුවට ගෙන පාර දිගේ පෙරහැරෙන් ගෙන ගොස් පොලිසියට භාර දීමයි.පලමුව පැවසිය යුත්තේ මාද බෞද්ධයෙකි. එසේම ...