වැදගත්ම සබඳතාවය… Life with Zain “සෙයින්… මටත් ආසයි ආදර සබඳතාවක් පටන් ගන්න…” “ඒ කියන්නේ…තවම පටන් අරගෙන නෑ…?” “නෑ… සෙයින් කා එක්ක හරි ආදර සබඳතාවක් පටන් අරන් තියෙනවද..?” “ඔව්…ඇත්තටම එයත් එක්ක තමයි මට මේ ලෝකේ තියෙන වැදගත්ම ආදර සබඳතාවය තියෙන්නේ…” “ඒ කවුද එහෙනම්…?” “මේ ලෝකෙන් මට සමීපතම, මම වැඩියම ආදරේ කරන කෙනා මම මයි… ඔබ පුරුදු වුනොත් ඉස්සෙල්ලාම ඔබට ආදරේ කරන්න… මුලු ලෝකෙටම ආදරේ කරන පළමු ...
හුස්ම… Life with Zain මේ සෙයින් මට හමුවුණු මුල්ම දිනය… “සෙයින් මට කියන්න, දෙයක් කරන්න… ජීවිත කාලෙටම…?” “හුස්ම ගන්න…” “හුස්ම ගන්න…?” “ඔව්… ජීවිත කාලෙටම හුස්ම ගන්න…” “ජීවත් වෙන්නේ නෑ වගේ දැනෙනවානම්… හුස්ම ගන්න… හුස්ම ඔබව නැවතත් ජීවත් කරන්න පටන් ගනීවී… නොපෙනෙන හෙටක් ගැන බය හිතෙනවානම්… ඒත් හුස්ම ගන්න… හුස්ම ඔබව නැවතත් මේ මොහොතේ රඳවාවි… ජීවිතේ අරමුණ අමතක උනානම්… ඉතින් හුස්ම ගන්න… හුස්ම නැවතත්