පිපෙන පිපෙන මල් අන්ධ බින්දුව මල් පිපෙන්නේ ඇයි දැයි ඔබ මොහොතකට හෝ සිතා බැලුවාද?නෙක නෙක පාටින් මනරම් සුවඳින් පියකරු හැඩයෙන් පිපෙන පිපෙන මල්වලින් මේ ලොව ලස්සන උනා මිස වැනසුනේ නැත.පිපෙන පිපෙන හැම මලක්ම ඵල නොදැරුවත් මල් නොපිපී තියේවිද මේ මිහිමත ගත වූ වසර තරම් ලංකාවේ ස්ත්‍රී දූෂන ළමා අපචාර ඇතුලු ලිංගිකත්වය සම්බන්ධ අපරාධ(හෝ අයතා ක්‍රියා)වාර්තා වූ වසරක් නොමැති තරම්ය.එසේම ලැගුම්හල් වැටලීම ජංගම දුරකතන පරික්ශාකිරීම ...
දඩ බල්ලන් වීදි බැසීම සහ ලුම්පන් පන්තියේ ආතල් එක අන්ධ බින්දුව මැදමුලන IRC කාරයන්ගේ දේශපාලන ආක්රමනයේ සුලි කුනාටුව මේ දිනවල වීදි සිසාරා හමා යනු පෙනේ.පුරුදු පරිදි මෙහි ගාමක බලවේගය නාගරික ලුම්පන් පන්තියයි (ලුම්පන් පන්තියේ දේශපාලන භවිතාව පිලිඹඳ සඳහන් කිරීම වෙනමම සංවාදයකි).ඌරන්ගේ මාලු ඌරන් පිටම තබා කපන රාජපක්ෂවරු පුරුදු පරිදි මෝඩ ජනතාවගේ හදවතේ සියුම්ම තැන් සොය සොයා කිති කවයි.රට ජාතිය ආගම පිලිඹඳව මිනිසුන් තුල වූ අහිංසක හැඟීම් වංචනික ලෙසත් කපටි ලෙසත් කඩේ ...
ඔබේ කීකරුකම මට අවශ්‍යයි... අන්ධ බින්දුව ආදරනීය ජනතාවනි, ඔබලා දන්නවා ඇති දශක දෙකකට ආසන්න කාලයක් පැවති යුද්ධය මා විසින් නිමා කලා.දැන් ඔබලාට බිය සැක නැතුව ඕනම මොහොතක පාරෙ බැහැල යන්න පුලුවන් බිය සැක නැතුව පාරෙ හිඟාකන්න උනත් පුලුවන් වටපිටාවක් මම ඇතිකලා.ඔබලා පුල පුලා බලාසිටි දියසේන් කුමරා මමයි.ගැලවුම් කරුවා මමයි.පර ජාතික බලවේගවලට බිය නැති ඔබගේ ආරක්ශකයා මමයි.මාගේ දෙපතුල් ලඟ ඔබ සුරක්ශිතයි.මා ලඟ වැඳ වැටෙන්න මගේ දෙපතුල් ලෙවකන්න ...
අපි පොරවල් අන්ධ බින්දුව 2013 වසර සුභම වෙන්න කියල හිතාගෙන පලවෙනි පොස්ට් එක ලියන්න හිතුනෙ අමුතුම තැනකින්. ආගම සහ ආධ්‍යාත්මය බර සාර වචන දෙකක්....... ලඟදි යාලුවෙක් හරි අපූරු කතාවක් කිව්වා.. ඔහු කිව්වේ "බටහිර රටවලින් නව අදහස් සංකල්ප නිර්මාණ සහ දැනුම බිහිවීමට හේතුව නම් ඔවුන් අනන්තය තෙරුම් ගැනීමට උත්සහ කිරීමයි දෙවියන් වහංසේ තුලින් විශ්වීයත්වයත්වයට ලං වීමට ඔවුන් දරන උත්සහයේදී නව අදහස්, සංකල්ප, නිර්මාණ සහ ...
ගැහැනිය, පිරිමියා සහ ලිංගික ප්රචන්ඩත්වය අන්ධ බින්දුව බස් රථයක් තුල සය දෙනෙකු විසින් කෲර ලෙස දූෂනය කරන ලද ඉන්දියානු තරුණියගේ මරණය ඉතා සංවේගජනකය.දින 13 ක් පුරා මරණය සමග සටන් වැදුනු ඇය අවසන තම ජීවිතය හැර දා ගියේ ප්‍රශ්නාර්ත කිහිපයක්ම ඉතිරි කර තබමිනි. ලිංගිකත්වය හා ප්රචන්ඩත්වය කවදා සිට එකට බැඳුනේ දැයි සොයා බැලීම වටී.සැබැවින්ම පිරිමින් ගැහැනුන් මතින් සිය බලය පැතිරවීමට ලිංගිකත්වය යොදා ගනු ලැබුවේ ගල් යුගයේ සිටමය. ...
අපි ඔටුවොද...? අන්ධ බින්දුව නීතිය, අධිකරනය, පාර්ලිමෙන්තුව වනාහී බලවතුන් සුළුතරයකගේ අවශ්්යයතාවයට අනුව බහුතරය පාලනය කිරීමට හදාගත් පද්ධතියක් ක්‍රමවේදයක් පමණි. අවසානයේ බලවතුන්ගේ ධනය සමග යහන්ගත වී සියල්ලෝම සුරාන්තයට පත්වීමට පෙරුම් පුරයි. මෝඩ නූගත් අදක්ෂ සහ හැඟීම්බර මිනිසුන් සිටිනා තාක් කල් ඔවුන්ට පාලනය ගෙන යාමට පහසුය. රට, ජාතිය, ආගම, ජාතික කොඩි, ගීත, සංඛේත වලට මුලා වූ මිනිසුන් තම අධ්්යාත්මය ඒ තුල ගොඩ නගා ගනී. අවසානයේ ...