බඩගිනි සීයා ඉරා අදුරු පට පෙර දිනෙක මා නුවරඑළියේ සිට අගනුවරට ඒමට පිටත් වීමි. නුවරට යෑමට සිත් නොවූ බැවින් පේරාදෙණිය මංසන්ධියෙන් බැස කොළඹ බස් නැවතුම් පළෙහි බසයක් නවතන තුරු බලා සිටියෙමි. සංකීර්ණ වූ සමාජයේ තම තමාගේ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට අතෝරක් නැතිව වෙහෙසෙන “ දුක්පත් “ ජනයා දෙස සානුකම්පිතව බලා සිටින අතර තුර පේරාදෙණිය මංසන්ධිය දෙසට වන්නට බස් නැවතුම් පළෙහි දුටු යමෙකින් මාගේ සිතිවිලි සමුදාය ...
බල්ලට ගිය ලංකාවේ (මාර්ග) නීතිය ඉරා අදුරු පට දීර්ඝ සති අන්තයක් වූ බැවින් සිය පවුල සමග මහනුවර දළදා වහන්සේ වැද පුදා ගැනීමට වාහනයෙන් නුවර ගියෙමි. ආසියාවේ ආශ්චර්යය පෙන්වමින් ලංකාවේ නීතිය අතට ගත් සුපිරි පැළැන්තියේ ප්‍රාඩෝ , මොන්ටෙරෝ , ඖඩි රථ , රථවාහන පොලිසිද නොතකමින් සාමාන්‍ය ජනයා හා විනීත රියැදුරන් පෙළමින් හිතුවක්කාර හා සල්ලාල අයුරින් මාර්ගය පුරා පියඹා ගිය අයුරු සියැසින් දුටිමි. මුදලට විකිණෙන මේ සමාජයෙහි නීතියද මුදලට වල් ...
Modern humans ඉරා අදුරු පට නූතන මිනිසාමිනිසා උපදිනුයේ තවත් එක් සත්ත්ව කොටසක් මිස , වෙනත් කිසිදු අයුරකින් නොවන බව මතක තබා ගත යුතුය. වත්මන් මිනිසාට 'ස්වභාවික වරණ' යන් ගැන කිසිදු දැනුමක් හෝ තැකීමක් නැත. දුර්වල /විකෘත කළල හෝ උපත් මිහිපිටින් තුරන් කිරීම ස්වභාවික ක්‍රියාවලියක් බව පසක් කර නොගැනීමට තරම් පුහු මාන්නයක් වත්මන් මිනිසාට ඇත. අපට මෙන්ම අනෙක් සතුන්ට මොළයක් ඇතත් මිනිසා මෙන් දියුණු පරිණත වූ ...
ඇමරිකාවේ විරූපිත වීර චරිත , පුහු මාන්නය සහ තමාගේ ඇසේ පරාළ තබාගෙන අනුන්ගේ ඇසේ රොඩු දැකීම ඉරා අදුරු පට zero dark thirty යනුවෙන් දැන් ඇමරිකාවේ නවතම රෙදි සේදීමේ චිත්‍රපටයක් නිකුත් වී ඇත. මෙහිදී උසාමා බින් ලාඩන් නම් බිහිසුනු (මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලද) ත්‍රස්තවාදී නායකයා නැසීමේ මෙහෙයුම පිළිබද “සුදු“ කතිකාවතක් පෙන්නුම් කරයි . ඇමෙරිකාවේ වත්මන් පාලක පක්ෂයට තම දේශපාලන න්‍යායන් මුදුන් පත් කරගෙන , තමාගෙන් ගිලිහී යන ආදිපත්‍යය රැකගැනීමට තුඡ්ච උත්සාහයක යෙදී තිබෙනු දැක ගත හැක.තමා විසින් කුවේටයේදී , ...
දුම් පරීක්ෂාව සාර්ථකද? ඉරා අදුරු පට ලංකාවේ පරිසර දූෂණය වළකනු වස් , රථ වාහන වලින් නිකුත් වන වායුන් පරීක්ෂාව සදහා රජය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් විශේෂ විධි විධාන සලසන ලදී. මෙහි සුභවාදී පැතිකඩ නම් පරිසරයට නිකුත් වන මිනිසාට හානිකර වායූන් හා දහනය නොවූ හයිඩ්‍රොකාබන ප්‍රමාණය මිණිය හැකි වීමත් අදාළ රථයේ ඉන්ධන ක්ෂමතාව මිනිය හැකි වීමත්ය. මෙමගින් බොහෝ තරුණයිනට රැකියා අවස්ථාවන් උදා වූ බැව් ද ...
රූපවාහිනියට ඇබ්බැහි වූ ශ්‍රී ලාංකිකයෝ ඉරා අදුරු පට මා දන්නා තරමින් මා අදහස් දැක්වීමට යනුයේ ඉතා පුළුල් මාතෘකාවක් පිළිබදවයි . මේ සදහා ඔබගේ අදහස් හා යෝජනා ඇත් නම් මෙහි පළ කරන්න.රූපවාහිනිය යනු මිනිසා විසින් නිර්මාණය කැරෙන ලද අපූරු නිපැයුමකි.ඒ ජෝන් ලොගී බෙයාඩ් මහතා විසිනි. රූපවාහිනි මාධ්‍යය තම වින්දනය , දැනුම මෙන්ම බුද්ධි වර්ධනය සදහාද යොදා ගත හැකි කදිම මෙවලමකි. සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ මිනිසා මෙවලම් තමාට අවැසි අයුරින් යොදා ...