මහදැනමුත්තා සිහිගන්වන හීන්දෙනිය පට්ටිගොඩ දුම්රිය ස්ථානය, Heendheniya Pattigoda railway station කලිකාල වේයන්ගොඩ සිට දුම්රියෙන් කොළඹ කොටුව දෙසට යනවිට හමුවන ප්‍රථම දුම්රිය ස්ථානය හීන්දෙනිය - පට්ටිගොඩ දුම්රිය ස්ථානයයි. කෙටිම නමක් ඇති දුම් රිය ස්ථානය "වග"වග බොහෝ දෙනා දනිති. දිගම නම ඇති දුම්රිය ස්ථානය 'හීන්දෙනිය පට්ටිගොඩ'යැයි සිතමි.මේ දීර්ඝ නමටත් ඉතිහාස කතාවක් තිබේ. මෙම කතාව තාත්තා විසින් සමඟි පෙරමුණු රජයේ ප්‍රශ්න විසඳීමේ සමර්තකම පිලිබඳ උජාරුවෙන් කිය ලද්දක් බැවින් ගල් වැලි ඉවත් කර, හරය පමණක් ...
ආදිවාසීන්- ඇස්කිමෝලා සහ වැද්දෝ කලිකාල මට මේ කතාව මතක් උනේ 'වැද්දන් ක්‍රිකට් ගැසීම' ගැන ලියැවුනු ලිපියක් දැකල!මගේ මතකය නිවැරදිනම් මේක ටික කලකට පෙර වෛද්‍ය ආරියසේන යූ. ගමගේ පුවත් පතකට ලියපු ලිපියක තිබුණු දෙයක්.එතුමාට වරක් ඇලස්කාවෙ සංචාරය කරන්න අවස්තාවක් හම්බවෙලා තියෙනව. එහෙ යනකොට එතුමගෙ පුන්චි දුව කියල තියෙනව "තාත්ත එනකොට ඇස්කිමෝ කෙනෙක් එක්ක ෆොටෝ එකක් අරගෙන එන්න" කියල. මේ සංචාරය අතරතුරදි ඒගොල්ලන්ව ඇස්කිමෝ ගම්මානයකටත් එක්ක ...
මේ පාර ඡන්දය - මම ඡන්ද්ය දෙන්නේ..... කලිකාල කෑම කාල අතුරුපසක් විදියට දේශපාලනය ගැන වචනයක් දෙකක් කතා කලොත් ඇරෙන්න දේශපාලනයට ඒ හැටි උනන්දුවක් කවදාවත් මගේ තිබුනෙ නෑ. මට වගේම මම කතාබහ කරන හුඟ දෙනෙකුටත් දේශපාලකයො අප්‍රසන්නයි. හැමෝටම ජීවත් වෙන්න ක්‍රමයක් ඕන තමයි. හැබැයි ජීවත් වෙන්න කියල අනුන්ගෙන් ගසා කන, තමන්ගෙ හෘද සාක්ෂිය අනුව (එහෙම එකක් උන්ට තියෙනවනම් ) වැරදි ජීවන ක්‍රමයක් තෝරා ගැනීමට සිදුවීම මොනතරම් අවාසනාවක්ද? දේශපාලකයො කියන්නෙ ...
නිසි වයසට නිසි අහර - සුව දිවියක නිති ඇරඹුම- How to start foods for your baby after 6 month කලිකාල මේක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව , පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් බෙදා හරින leaflet එකක්. මේක ඉන්ටෙර්නෙට් එකෙන් හොයාගන්න මම සෑහෙන දුක් වින්ඳා. අවශ්‍ය අයගේ ප්‍රයෝජනය සඳහා මෙසේ පලකරනවා. ...
නාන ලිඳේ කතාව (හැලපයාගේ කතාවට ඌන පූර්ණයක්) කලිකාල හැලපයාගේ නන ලිඳේ කතාව මම දැක්කෙ අටම්පහුරගේ ලිපියකින්ද කොහෙද. කතාව මට කොච්චර සංවේදී උනාද කිව්වොත් නාන ලිඳ ගැන මගේ හිතේ මෙතරම් බැඳීමක් තිබුන කියල මංවත් දැනන් හිටියෙ නෑ.අපේ ගෙදර තිබුනෙ වෙලටත් පාරටත් මැදිවූ සිහින් බිම් තීරුවක. මගේ කතාව නාන ලිං දෙකකට සම්බන්ධයි. එකක් ගෙට දකුණු පැත්තෙන් අපේ වත්තෙ තිබුණ නාන ලිඳ. ප්‍රමාණයෙන් කුඩයි. බුලත් වලට වතුර දාන්න සීය කපපු ලිඳක්ලු. ...
අපරාදෙ! කලිකාල අපරාදෙ! මගෙ බ්ලොග් එක google කාරයො මකල දාලනෙ!කලින් ලියපුව ඔක්කොම නැතිවුනා! මහ ලොකු දෙයක් ලියල නැතුව ඇති. ඒත් ඒ ටික මට හරියට වටිනව.මොනව කරන්නද ඉතින්!