ජාතික උත්සව මගේ රට | My Country අවුරුදු, වෙසක් සහ පොසොන් උත්සවද දළදා පෙරහැරද හැරුනුවිට ජාතික උත්සව ලෙස සැලකිය හැකි වෙන උත්සවයක් සිංහළුන්ට ඉතිරි වී නැත. මේ අතරිනුත් වෙසක් උත්සවය බුදු දහම හා සෘජුවම බැඳී ඇති ලොව සියලු බෞද්ධයින්ට වැදගත් වන උත්සවයකි. නමුත් පොසොන් උත්සවය එසේ නොවේ එය විශේෂයෙන් වැදගත් වන්නේ සිංහල බෞද්ධයින්ටය. ඒ මිහිඳු රහතන් වහන්සේ හා සිංහල බෞද්ධ සංස්කෘතිය අතර ඇති සම්බන්ධය නිසාය. මහින්දාගමනය සිංහල ...
දේශපාලනයේ ටෙස්ට් මැච් මගේ රට | My Country බේරුවල අලුත්ගම ප්‍රදේශවල ඇතිවුනු ගැටුම රට පුරා පැතිරෙන්නට නොදී එපමණින් බේරා ගැනීමට කටයුතු කිරීම ගැන රජයට ප්‍රශංසා හිමි විය යුතුය. ප්‍රමාදවී හෝ ජන මාධ්‍යද ඒ පිළිබඳව ස්වයංවාරණයක් ඇති කරගත් බව පෙනේ. ඒ පිළිබඳව මාධ්‍ය ආයතනද පැසසුමට ලක්විය යුතුය. ගැටුම විශ්ලේෂණයේදී ඊට ආසන්නතම හේතුවක් ලෙස භික්ෂූන් වහන්සේ නමක් සහ මුස්ලිම් ජාතිකයෙක් අතර වූ බහින් බස්වීම දැක්විය හැකි වුනද ඒ සිදුවීම හරහා ...
ගම මුල්වුනු ආර්ථිකයක් මගේ රට | My Country දැන්නම් බොහෝ නිවෙස්වල රූපවාහිනිය නැතිව සවස් කාලය ගෙවා දමන්නේ කෙසේද යන්න ප්‍රශ්ණයකි. නමුත් අපි කුඩා කාලයේ ලංකාවේ රූපවාහිනී තිබුනේ නැත. එකල සතියකට වරක් ප්‍රචාරය වුනු ගුවන් විදුලි නාට්‍යයකට සවන් දීමෙන් අපි සෑහීමකට පත්වුනෙමු. ඒ නිසා අද රූපවාහිනිය ඔස්සේ සපුරා ලන්නේ එදා අපට තිබුනු නමුත් ඉටු නොවුනු අපේ යම් අවශ්‍යතාවක් යැයි කිව නොහැකිය. එය අනාගතයේදී නිර්මාණය කරන්නට යෙදෙන යම් භාණ්ඩයක් අපට ...
බුදු දහම වෙනස්වීම මගේ රට | My Country සිංහල බුදු දහම කවදා හෝ නැති වෙනු ඇත. ඒ නැති නොවෙන දෙයක් නැති නිසාය. අද අපි ගෙවමින් සිටින කාලය සිංහල බුදු දහම නැති වෙමින් පවතින කාලයක් මිස සිංහල බුදු දහම ඇතිවෙමින් පවතින කාලයක් නොවේ යැයි සිතේ. සිංහල බුදු දහමේ එක් ප්‍රධාන සංකේතයක් ගමේ පංසලය නැත්නම් ගමේ පංසලේ ලොකු හාමුදුරුවෝය. අනුරාධපුර සමයේ සිට සංස්කෘතිකව හා විශේෂයෙන් දේශපාලනිකව ශක්තිමත් වෙමින් පැමිණි ගමේ ...
සිංහල මුස්ලිම් සහජීවනය මගේ රට | My Country මුස්ලිම්වරුන් සහජයෙන්ම අන් කිසි ජාතියක් සමඟ සහජීවනයෙන් ජීවත්වීමට අකමැති යැයි සමහරු සිතති. මේ ආකල්පය පදනම් කරගෙන මුස්ලිම් ප්‍රශ්ණයට දිය හැකි පිළිතුර කුමක්ද?එක්කෝ මුස්ලිම්වරුන්ට රටෙන් කොටසක් දී සිංහළුන් ඔවුන්ගෙන් වෙන්විය යුතුය. එක්කෝ ඔවුන් වෙන රටකට පන්නා දැමිය යුතුය. උගත් බෞද්ධ පිංවතුන් යෝජනා කරන්නේ ඉහත කුමණ විසඳුමද? සිංහල මුස්ලිම් සහජීවනයක් නොපතන මුස්ලිම්වරුද වෙත්. ඔවුන් සිංහළුන් සම්බන්ධයෙන් දරන අවිචාරවත් ආකල්පද මේ හා සමානය. ...
මහා පරිමාණ අධ්‍යාපනය සහ ජාතියක බුද්ධිමත්බව මගේ රට | My Country කුඩා කාලයේ කෙනෙකු අපෙන් පාසල් යන්නේ කුමටදැයි විමසුවේ නම් දිය යුතු නියම පිළිතුර වූයේ දැනුම ලබා උගතෙකු වීමට බවය. නොදිය යුතු පිළිතුර වූයේ හොඳ පඩියක් ලැබෙන රස්සාවක් ලබා ගැනීමට බවය. ඒ එකල පාසලටත් ගුරුවරුන්ටත් පාසලේ ඉගෙනගත් දෑටත් යම් ගරුත්වයක් තිබුනු නිසාවෙනි. නමුත් එකලත් මෙකලත් ඒ ප්‍රශ්ණයට දියයුතු නිවැරදි පිළිතුර පාසල් යන්නේ හොඳ පඩියක් ලැබෙන රස්සාවක් ලබා ඒ හරහා සමාජයේ ඉහලට ...
දළ ජාතික බුද්ධිමත්බව මගේ රට | My Country බුද්ධිමත් බව සංස්කෘතියට සාපේක්ෂය. බුද්ධිමතුන් ලෙස හැඳින්විය හැක්කේ රටක සංස්කෘතිය තුල දැනුම නිර්මාණ කිරීමට හැකි පුද්ගලයින්ටය. නමුත් රටක බුද්ධිමත්බව ලෙස මම හඳුනාගන්නේ එහි සංස්කෘතිය තුල පොදු සමාජයක් වශයෙන් එරට මිනිසුන්ට නිර්මාණශීලීවීමට ඇති හැකියාවය. මේ අර්ථයෙන් රටක මිනිසුන්ගේ පොදු බුද්ධිමත්බව එරට දළ ජාතික බුද්ධිමත්බව ලෙස හැඳින්විය හැකිය. එය මැණීමට ක්‍රමයක් ඇත්දැයි මම නොදනිමි. අපේ අධ්‍යාපන ක්රමයේ ඇති විභාග ප්‍රතිඵල වලින් නම් ...
සිංහල බෞද්ධයාගේ පැවැත්ම මගේ රට | My Country බටහිර අධ්‍යාපනයේ ඉහලට ගිය බොහෝ සිංහල බෞද්ධයින්ට තමන්ගේ සිංහලකම සහ බෞද්ධකම පිළිබඳව විචිකිච්ඡාවක් ඇත. නමුත් මේ සියලු දෙනාම එක ගොඩට දැමිය හැකි නොවේ. ඉන් සමහරක් සිංහලකමින් වියෝවුනු ඊනියා පිරිසිදු බුදු දහමක් ගැන කථා කරති. සමහරු සාම්ප්‍රදායික පංසල්වලින් ඈත්වී නිවන් මඟ සෙයමින් ඒ මේ අත යති. තවත් සමහරක් මහා වංශයට පහර දෙති. සමහරු ඉතිහාසය පිළිබඳ අතිශෝක්තියෙන් කථා කරති. තවත් අය සියලු ...
සරල ක්‍රිකට් සහ ශාස්ත්‍රීය ක්‍රිකට් මගේ රට | My Country එතරම් වාහන ගියේ නැති බැවින් කුඩා කාලේ අපිට ගෙදර ඉස්සරහ පාරේ ක්‍රිකට් ගැසීම ප්‍රශ්ණයක් නොවිනි. වාහනයක් එනු දුරතියා දුටුවිට විකට්ටුවට තිබි ලෑලි කෑල්ල අයින් කර ගැනීම පමණි අපිට කරන්නට තිබුනේ. අහල පහල ගෙවල් වලට පංදුව ගිය විට තාප්පය හෝ වැට උඩින් පැන එය ඇහිඳගෙන ඒම කාටවත් ප්‍රශ්ණයක් නොවිනි. එකල පාසල් ඇරී ඉර බසිනතුරු පාරේ ක්‍රිකට් ගැසූ බොහෝ දෙනෙකු පාසලේ ක්‍රිකට් ...
අද-ලොව සහ හෙට-ලොව මගේ රට | My Country අද-ලොව සහ හෙට-ලොව යැයි ලෝක දෙකකි. මේ දෙලොවම බොහෝ දුරට එක සමානය. දෙලොවටම ඇත්තේ එකම ඉතිහාසයකි. එකම වෙනස හෙට-ලොව වැසියන් ජීවත්වන්නේ අද-ලොව වැසියන්ට වසර පණහක් පමණ ඉදිරියෙනි. නමුත් අද-ලොව වැසියෝත් හෙට-ලොව වැසියෝත් එකිනෙකා මුණ ගැසී නැත. මුණ ගැසෙන්නට හැකියාවක්ද නැත. මේ වෙනතෙක් තවත් එවැනි ලොවක් ඇත්දැයි වත් දෙලොවම වැසියන් දැන සිටියේද නැත. මෑතකදී අද-ලොවේ විද්‍යාඥයින් පිරිසක් විසින් විශිෂ්ට උපකරණයක් නිර්මාණය ...
මිනිසුන්ට දැනෙන සංවර්ධනය මගේ රට | My Country පෘතග්ජන අපි බොහෝවිට තැවෙන්නේ ලතවෙන්නේ අනුන්ගේ ඇති හැකි කම අපට නැතැයි සිතන නිසා මිස අපේවූ යම් නැති බැරි කමක් නිසා නොවේ. නැති බැරි කම සාපේක්ෂය. අපව දුකට පත් කරන්නේ අනුන්ට සාපේක්ෂව අපට නැතිවෙන විටය නැත්තම් අනුන්ට සාපේක්ෂව අපට බැරි වෙනවිටය. ඒ මිස දුක නැති කරන යම් වාස්තවිකවූ ඇති හැකි මට්ටමක් සොයා ගත් කෙනෙකු නැත. පොදුවේ නැති බැරි නිසා ඇතිවෙන දුක ...
ගැලීලියෝ සහ නාථ මගේ රට | My Country එක්තරා ලෝකයක අමුතුම සත්වයින් වර්ගයක් විසූහ. ඔවුන්ට අත් පා කන් නාසාදිය තිබුනේ නැත. අපිට මෙන් ඔවුන්ට යම් දෙයක් ඇසින් දැක හෝ අත පත ගා හෝ දැන ගත හැකි නොවිනි. ඔවුන්ට කල හැකි එකම නිරීක්ෂණය වුනේ බර මිනීම පමණි. යමක් තව එකකට සාපේක්ෂව බරින් අඩු හෝ වැඩිදැයි ඔවුන්ට කිව හැකිය. මේ ලොව සැම නිවසකම කිසි යම් අවශ්‍යතාවක් සඳහා වතුර කළයක් විය. ...
පිළිකා රෝගයෙන් වැලකී සිටීම මගේ රට | My Country නිරෝගීකම සම්පතකි. රෝගීකම දුකකි. පිළිකා රෝගය ඇත්තේ එහි අන්තයේමැයි කිවහොත් අතිශෝක්තියක් නොවේ. කාලයක් තිස්සේ වේදනා විඳීමට සිදුවීමත් ජීවිතය පිළිබඳව ඇති අනිශ්චිතතාවත් මේ රෝගයේ කටුක බව උග්‍ර කරවයි. අද බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පිළිකා රෝගයට ලබාදෙන ප්රතිකාරද එතරම් සහනකාරී නොවේ. පිළිකා රෝගයට දෙන බෙහෙත් සාමාන්‍ය මිනිසුන්ට දරාගත නොහැකි තරම් මිල අධිකය. ඒ නිසාම ඒ රෝගීනුත් ඔවුන්ගේ පවුල්වල අයත් අසහනයට පත්වෙති. බටහිර ...
බටහිරෙන් හිරු බැස ගියාදෙන් මගේ රට | My Country අද යුක්රේනය මැදි කරගෙන බටහිර රටවල් සහ රුසියාව අතර ඇතිවී ඇති ගැටුම හුදෙක් පුටින්ට හෝ ඔබාමාටවත් ඒ ආණ්ඩුවලටවත් සම්පූර්ණයෙන්ම පාලනය කල හැකි බවක් පෙනෙන්නට නැත. එපමණක් නොවේ සිරියාවේ ඊජිපත්තුවේ වෙනිසියුලාවේ ආදී රටවල පවතින ගැටුම්ද ඒ ඒ ආණ්ඩුවල ක්‍රියාකාරිත්වයට ඔබ්බෙන් යන පොදු සමාජ අරගලයක් ලෙස දැකිය හැකිය. ඒ පොදු අරගලය වෙනකක් නොව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය සහ යුදෙව් ක්‍රිස්තියානි නොවන මුස්ලිම් හෝ ...
වක්කඩේ හකුරු හැංගීම මගේ රට | My Country කිතුල් ගසෙන් ලබා ගන්නා පැණි හකුරු හා වෙනත් ආහාර වර්ග වල ඇති ගුණාත්මක භාවය පිළිබඳව දිවයින පුවත් පතේ පලවුනු ලිපියක් කියවූ මට කලකට ඉහතදී අපෙන් වෙන්වී ගිය අපේ ආච්චි අම්මා මතක් විනි. ඇයට යමක් කමක් කර ගන්නට හයි හත්තිය තිබුනු අවධියේදී පාවිච්චිය සඳහා හකුරු ඈ විසින් තම නිවසේම නිශ්පාදනය කර ගත් බව මට මතකය. නමුත් හකුරු ගැන අපේ ආච්චි අම්මාට ...
උපාධිදාරීන් රකින සංස්කෘතිය මගේ රට | My Country මා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලුවූ අවධියේ එහි විද්‍යා පීඨයේ වසරක් පසා පැවැත්වුනු නවකයින් පිලිගැනීමේ උත්සවය සුරා පැන් බාල් නැටුම් ඇසුරින් පැවැත්වුනු රාත්‍රී සංගීත සාදයක් විය. එක් වසරකදී මේ උත්සවයට දේශීය මුහුණු වරක් ලබාදිය යුතුයැයි එහි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් තීරණය කෙරිනි. උත්සවයෙන් සුරා පැන් ඉවත් කෙරුනු අතර රාත්‍රී භෝජන සංග්‍රහය ශාලාවක වෙනුවට එළිමහනේ පැවැත්වීමට යෙදිනි. ඊලඟට ප්‍රශ්ණය වූයේ විනෝදාස්වාදය ...
ඇමරිකන් බිය මගේ රට | My Country ඇමරිකානුවෝ බියෙන් පසුවෙති. ඔවුන් පමණක් නොවේ මුලු මහත් බටහිර සමාජයම පසුවන්නේ බියකිනි. පොදුවේ බටහිරුන්ටද ඇත්තේ ඇමරිකන් බියය. රතන සූත්‍රයට අනුව බුදුන් දවස විශාලා නුවර වැසියන්ට තිබුනේද බියකි. එදා ඒ නුවර දුර්භික්ෂයක් තිබුනත් නුවරුන් පීඩාවට පත් කලේ දුර්භික්ෂයට වඩා ඒ පිළිබඳ බිය යැයි සිතිය හැකිය. රතන සූත්‍රය දේශණා කලේ ඒ බිය නැති කිරීමටය. මීට සමාන නොවුනත් බටහිරුන්ටද ඇත්තේ මේ ආරේ බියකි. ...
සාපේක්ෂ බල මගේ රට | My Country බටහිර භෞතික විද්‍යාවේ කථා කරන බල විශාලත්වයක් සහ දිශාවක් ඇති දෛශික මඟින් නිරූපනයවේ. ඒ දෛශික ක්‍රියා කරන්නේ ලක්ෂ මතය. බටහිර භෞතික විද්‍යාවේ බල තුලණය වීම යැයි සලකන්නේ බල ශුන්යවීමය. ලක්ෂයක් මත ක්‍රියා කරන සියලුම බල වල දෛශික එකතුව ශුන්‍යවේ නම් එවිට ඒ ලක්ෂය මත කිසිම බලයක් ක්‍රියා කලේ නැතුවා හා සමානයැයි සැලකේ. නමුත් ලක්ෂයක් යැයි කිව හැකි දෙයක් නැත. ලක්ෂය ...