ව්‍යවස්ථාව සම්බන්ධ නිවැරදි ප්‍රශ්ණය හඳුනා ගනිමු මගේ රට | My Country ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ගන්නා තීරණය කුමක් වේිදැයි තවම කිව නොහැකිය. කෙසේ නමුත් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා මෛත්‍රී-රනිල් හවුලට ජනවරමක් දී නැති බව නම් කිව හැකිය. ඒ සඳහා පාර්ලිමේන්තු කමිටු පත් කිරීමටද ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. අපේ විරෝධය මේ ජනතා විරෝධී සහ නීති විරෝධී ක්‍රියා පාර්ලිමේන්තුව තුල මේ රෙජිමයට ඇති අධිපති බලය පාවිච්චි කර ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමටය. ඒ මිස ව්‍යවස්ථාව ...
යමපාලනය වෙනුවෙන් ජාතික කොඩිය එසවිය යුතු නැත මගේ රට | My Country 1818 න් පසු සිංහලයින් කල දරුණුතම නිදහස් සටන කොටි ත්රස්තවාදීන්ට එරෙහි සටන විය. 1818 දී සිංහලයෝ පරාජය වූහ. නමුත් 2009 දී සිංහලයෝ සටන ජයග්‍රහණය කලහ. සාමාන්‍ය සිංහලයෝ පක්ෂ භේද නොතකා කොටි සටනට සහයෝගය දුන්හ. ඉන් කියවෙන්නේ සිංහලුන්ගේ දේශපාලනයේ පක්ෂ දේශපාලනයට යටින් දිවෙන අරටුවක් ඇති බවය. ඒ අරටුව ජාතිකත්වයයි. 2009 යේ ජයග්රහණයෙන් පසුව ඉතා කෙටි කාලයක් තුල මෙරට ගොවිතැන, වෙදකම, කලාව, ...
හෝ ගාන පොකුණ (සම්මාන නොලද) මගේ රට | My Country පොළොන්නරුවේ කලා උපාධිදාරිණියකට කොළඹ අන්තර්ජාතික පාසලක සිංහල ඉගැන්වීම සඳහා පත්වීමක් ලැබී කොළඹ එයි. ඇයට ඉංග්‍රීසි කථා බහ හුරු නැත. විදුහල්පතිතුමා ඇතුළු සෙසු ගුරු භවතුන් ඈ වැඩිකලක් එම පාසලේ රැඳෙතැයි නොසිතයි. නමුත් බොහෝ දුක්ෂරතා මැද ඈ ධෛර්යෙන් තම කාර්යය කරගෙන යයි. අැගේ උත්සාහය නිසාම පාසලේ ළමුන් කෙමෙන් සිංහල ඉගෙනගැනීමට උනන්දුවක් දක්වයි. මුලින් සිංහල වචනයක්වත් කථා නොකල ඔවුන්ට සිංහලෙන් කථා පැවැත්වීමට ඈ ...
පුද්ගලික අනන්‍යතාව ඉස්මතු නොකර සාමූහිකත්වයක් ගොඩනඟමු මගේ රට | My Country සිංහ ලේ කියන්නේ ලේබලයක්. ඒක වටා දේශපාලනයක් ගොඩනැඟෙනවා නම් ඒ දේශපාලනය රඳා පවතින්නේ ඊට එකතුවෙන අයගේ මතවාද මතයි, එ් දේශපාලනය ලේබලයෙන් එහාට යන එකක් වෙන්ඩ පුළුවන්. එහෙම වෙනවා නම් අපි මේ ස්ටිකර් එකක් අල්ලගෙන කියන කථාවලින් තේරුමක් නැහැ. නමුත් හුදෙක් ලේබලයකත් දේශපාලනයක් තියෙනවා. ලේබලයකින් කරන්නේ පුද්ගලික අනන්‍යතාවක් ප්‍රකාශ කිරීම. මගේ මතයට අනුව හුදෙක් පුද්ගලික අනන්‍යතාවක් ප්‍රකාශ කරන දේශපාලනයක් සිංහල ජාතිකත්ව ...
අපි සිංහල ඩෝ.....(ද?) මගේ රට | My Country අද වෙනවිට වයස හැත්තෑව පමණ ඉක්මවා ගොස් සිටින මගේ වැඩිහිටි පරම්පරාවේ සිංහලයින් මෙවැනි හැඟීම් ප්‍රකාශ කරනු කවදාවත් මා අත්දැක නැත. ඔවුන් තුලවූ සිංහලකම ඒ පරම්පරාවත් සමඟම ඉතා වේගයෙන් අපෙන් නික්ම යමින් පවතී. මගේ මතයට අනුව අපි පරමාදර්ශීය කොට සැලකිය යුත්තේ නැත්නම් අප විසින් හඳුනාගැනීමට උත්සාහ කල යුත්තේ මේ වයෝවෘද පරම්පරාවේ ඇති යම් සිංහලකමකි.ඔවුන්ගේ සිංහලකම තුල මා දකින වැදගත්ම පදනම කිසියම් ...
මරා නොමරා මැරීම මගේ රට | My Country මාර්තු මස පවත්වන්නට යෙදී තිබුණු පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත්තේ ආණ්ඩුවට ජනතාවට මුහුණදීමට නොහැකි නිසා යැයි සිතීම අසාධාරන නොවේ. පළාත් සභා මැතිවරණයකදී ජනතාව මේ ආණ්ඩුවට තම අප්‍රසාදය නොවලහා දන්වනු නිසැකය. කැරලිකාර ජනතාවාදී පළාත් සභා හරහා ඊලඟ මැතිවරණයටද බලපෑම් කල හැකිය. පළාත් සභා වලට නියමිත ප්‍රතිපාදන මෙවර අය වැය මඟින් මධ්‍යම ආණ්ඩුව යටතේ තබා ගැනීමට උත්සාහයක් දැරුනේ ...
පාදඩ මධ්‍යම පංතිය මගේ රට | My Country පසුගිය දිනක නරි බෑණා නාටකය නැවතත් නැරඹීමට අවස්ථාවක් ලැබිනි. නරි බෑණාත් සිංහබාහුත් මනමේත් යන නාටක තුනම මා මුලින්ම නැරඹුවේ කුඩා කල එකම වකවනුවකය. එකලද ඒ අතරින් වඩාත් මගේ සිත්ගත්තේ නරි බෑණා නාටකයය. එහි එන ගීත වල කන්කළු බව ඊට හේතුවන්නට ඇති. මේ නාට්‍ය තුන අතරින් ඇඟට දැනෙන දේශීය ගතියක් වඩාත්ම ඇත්තේ නරි බෑණා තුල බව පසුව මට අවබෝධවිනි. එහි ඒ ...
රටේ ආර්ථික දත්ත කොල්ල කෑමට ඉඩ දිය යුතුද? මගේ රට | My Country ආර්ථික දත්ත ඩිජිටල්කරණය සඳහා මිලියන 10,000ක් මෙවර අය වැයෙන් වෙන් කෙරී ඇත. රටේ දීර්ඝ කාලීන තාක්ෂණික සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සුභදායකය. නමුත් ඊනියා සංවර්ධන කටයුතු හරහා රටේ ආර්ථිකයත් රාජ්‍ය බලයත් විදේශ බලවේගයන්ගේ අවශ්‍යතාවන්ට අනුව නොහැසිරවීමට වග බලා ගැනීම රජයේ යුතුකමය. අය වැය කථාවේ 192 සහ 193 ඡේද වල මෙසේ සඳහන් වෙයි.192. ගරු කථානායක තුමනි, රජය, විවෘත රාජ්‍ය සහභාගීත්වය (Open Government ...
කොටි නිදහස් කිරීම මගේ රට | My Country දෙමළ ත්රස්තවාදයට පදනම දෙමළ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනය වන බැවින් අවශ්‍යනම් කොටි ත්රස්තවාදීන් දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වාගැනීම අතාර්කික නොවේ. නමුත් මොවුන් සම්බන්ධයෙන් කරුණු දෙකක් සැලකිය යුතුය. 1. ඔවුන් සෘජුව හෝ වක්‍රව හෝ මිනිස් ඝාතනවලට සම්බන්ධවී ඇත 2. ඔවුන් පෙනී සිටින බෙදුම්වාදී දේශපාලනය රටේ ව්‍යවස්ථාවට අනුව නීති විරෝධීය. පොදුවේ ඕනෑම දේශපාලන සිරකරුවෙකු සඳහා මේ කරුනු දෙකම සත්‍ය වන්නේ නැත. (උදාහරනයක් වශයෙන් හුදෙක් ...
වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව මුල පිරූ වෙනස මගේ රට | My Country වෙනසකට මුල පුරා වසරක් ගත වී ඇති බව අගමැතිතුමා සහ ජනාධිපතිතුමා විසින් මතක් කර දීම හොඳ දෙයකි. එදා රට තිබුණ තැන සහ අද ඇති තැනත් දැන් මේ වෙනස්කම් කරන්නේ රට කොතැනට ගෙනයාමටද බවත් ඒ මතකය ඔස්සේ අපට අවබෝධ කරගත හැකිය. එදා වැස්සේ තෙමීගෙන මෝටර් සයිකලයක් පැදගෙන ආ තරුණ ජෝඩුවක් පැතුවේ තමන්ගේ ආණ්ඩුවක් තුල අඩු මිළට වාහනයක් මිළදී ගැනීමටය. අද ත්‍රී ...
රුපියල් සත වලින් මැනිය නොහැකි ආර්ථිකය මගේ රට | My Country A Saudi Court orders a Sri Lankan woman be stoned to deathබටහිර ආර්ථික විද්‍යාවට රටක ආර්ථිකය මැනීම සඳහා නොයෙකුත් දර්ශක ඇත. සාමාන්‍යයෙන් ඒ දර්ශක ගණනය කෙරෙන්නේ මිනිස් ශ්රමයට හා භෞතික සම්පත් වලට මිළක් නියම කිරීම තුලිනි. එය පිළිගත හැකි ක්‍රමයකට කල හැකි යැයි සිතමු. නමුත් රටක ආර්ථික ක්‍රියාවලිය හුදෙක් මිනිස් ශ්‍රමය සහ භෞතික සම්පත් අතර කෙරෙන ගණුදෙනුවකට ඌණනය කල ...
සුදු ජාතීන්ගේ සාමුූහිකබව සහ අපේ ගෝත්‍රික බව මගේ රට | My Country මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රංශයට තම සහෝදරත්වය ප්‍රකාශ කිරීමට ඉංග්‍රීසීහු ඊයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ එංගලන්තය සහ ප්‍රංශය අතර පැවති පාපන්දු තරගය යොදා ගත්හ. ඊට එංගලන්ත ප්‍රභූ වරුන් රැසක් සහභාගීවී ඇති අතර එහිදී ඉංග්‍රීසි ජාතිකයෝ ප්‍රංශ ජාතික ගීය (ප්‍රංශ බසින්) ගැයූහ. ප්‍රංශ ජාතික කොඩිය ලංඩනයේ උත්කර්ශවත් ලෙස ප්‍රදර්ශණය කෙරිනි. ඉංග්‍රීසි ජාතිකයින් ප්‍රංශ ජාතිකයින් සමඟ මේ අත්වැල් බැඳගන්නේ වෙන කිසිවක් නිසා නොව ...
ප්‍රංශයට අයිසිස් ලංකාවට කොටි මෙන් නොවේ මගේ රට | My Country පෙරේදා පැරිසියට එල්ලවූ ප්‍රහාරයෙන් සිය ගණනක් මිය ගියද ප්‍රංශයට අයිසිස් ත්රස්තයන් සම්බන්ධයෙන් ඇත්තේ මිනිස් හා දේපල විනාශවීම පිළිබඳ ප්‍රශ්ණයක් පමණි. මොනයම් ආකාරයක හෝ ජීවිත විනාශවීම අවතක්සේරු නොකල යුතු මුත් අයිසිස් ත්‍රස්තයින් ප්‍රංශයට එල්ල කරන බලපෑම කොටි සහ බෙදුම්වාදී දේශපාලනය ශ්‍රී ලංකාවට එල්ල කල, කරන, බලපෑම හා සම කල නොහැකිය.අයිසිස් ත්‍රස්ත ක්‍රියා නිසා ප්‍රංශ රාජ්‍යය බිඳ වැටීමේ හෝ දෙකඩවීමේ හෝ අවධානමක් ...
සුළු ජාතීන් හා සෝභිත හාමුදුරුවෝ මගේ රට | My Country සෝභිත හාමුදුරුවන්ට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කෙසේ වෙතත් සමහර සුළු ජාතීන්ගෙන්, විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගෙන් ලැබෙන ගරු සරු නම් හුදෙක් දේශපාලන ආටෝපයන් ලෙස ඉවත දැමිය නොහැකියි. එය ඔවුන්ගේ හදවතින් එන අවංක ප්‍රතිචාරයක් යැයි මම සිතන්නට කැමැත්තෙමි. මෑත අතීතයේ සෝභිත හාමුදූරුවෝ 13 සංශෝධනයටත් පොදුවේ බෙදුම්වාදයටත් විරුද්ධ වෙමින් ඒකීය රාජ්‍යයක් සඳහා පෙනී සිටි අයෙකි. ඒ පිළිබඳව උන්වහන්සේ තමන්ගේ ස්ථාවරය යහපාලනය සමඟ දීග කෑ සමයේ ...
තාත්තලාගේ සංස්කෘතික වඳබව මගේ රට | My Country පුතාලාගේ පරම්පරාව, තාත්තලාගේ පරම්පරාව සහ සීයලාගේ පරම්පරාව ආදී වශයෙන් මෙරට අද ජීවත්වන ජනතාව වයස අනුව පරම්පරා තුනකට බෙදිය හැකිය (අවශ්‍යනම් දුවලා, අම්මලා සහ ආච්චිලාගේ පරම්පරා ලෙසද නම් කල හැකිය). මෙහි තාත්තලාගේ පරම්පරාව ලෙස හැඳින්වෙන්නේ මෙකල මැදි වයස ඉක්මවමින් සිටින දෙමව්පියන්ය. අනිත් පරම්පරා ඊට අනුකුලව වයසින් බාලත් වැඩිමහලුත් වේ. යම් පොදු බවක් තිබියද මේ පරම්පරා තුනේ සංස්කෘති සාපේක්ෂ වශයෙන් එකිනෙකට වෙනස්ය. ...
ගිලෙන නැවෙන් පනින මීයෝ මගේ රට | My Country මූඩිය හැරි සෝඩා බෝතලයක සැර මෙන් වියැකී යන යහපාලන ආණ්ඩුවේ ජනප්‍රිය බව අපවත්වී වදාල සෝභිත හිමියන්ගේ නාමයෙන්වත් ගොඩගනු නොහැකිය. ආණ්ඩුව ස්ථාවර කරගැනීමේ අරමුණින් අටවාගත් ඊනියා ජාතික ආණ්ඩු සංකල්පයම අද එහි අස්ථාවර බවට හේතුව වී ඇත. ජනතාවට බලාපොරොත්තු දිය හැකි ජන නායකයෙකුද එහි නැත. එක්සත් ජාතික පාක්ෂිකයින් රනිල් වික්‍රමසිංහ සතු යැයි සිතන විදේශ සම්බන්ධතා හා ආර්ථිකය පිළිබඳ විශේෂඥ දැනුමින්වත් රනිල් වික්‍රමසිංහට ...
නොකෙරෙන සිසු සටන් සහ ඊනියා රාජ්‍ය මර්ධනය මගේ රට | My Country පසුගියදා ශිෂ්‍ය පෙළපාලියකට පොලිසිය මඟින් බැටන් සහ ජල ප්‍රහාර දීල විසුරුවා හැරපු හැටි මාධ්‍ය හරහා අපි හැමෝටම හොඳින් විඳගන්ඩ ලැබුන. ගුටි කාපු දරුවන්ට කෙසේ වෙතත් මාධ්‍ය සංදර්ශණය බලං හිටපු අයට ඒක තවත් ත්‍රාසජනක රියැලිටි ෂෝ එකක් බව කී දෙනෙක් තේරුම් ගත්තද මන්ද. මේ ෂෝ එකෙන් එහා යමක් මෙතන තියෙනවද?මේ ළමයි සටන් කරන්නෙ උසස් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවක් උපාධියක් බවට පරිවර්තනය කරන්ඩ ...
බොලිවුඩ් හරහා හොලිවුඩ් යන අපේ ප්රසාංගික කලාව මගේ රට | My Country දැන් කාලේ ජනප්‍රිය පිරිමි ගායකයින්ගෙ සිංදු බොහොමයක් උස් හඬින් (හයි පිච්) ගයන අඳෝනා කිව්වොත් අතිශෝක්තියක් නෙවෙයි. මේ ලක්ෂණ ලැබිල තියෙන්නෙ බොලිවුඩ් අණුකරණයෙන් වෙන්ඩ ඇති. සංගීතය පමණක් නොවෙයි පොදුවේ අපේ ප්රසාංගික කලා ක්ෂේත්රයම ඉංදියාව පසු පසින් යනවා කිව්වොත් නිවැරදියි. පසු පසින් යනවා කියන්නෙ ඉංදියානු කලාව උසස් යැයි සලකා ඒ මට්ටමට අපේ කලාවන් ගෙන ඒමට උත්සාහ කිරීමයි. නමුත් මේ අතර ඉංදියාවේ ප්රසාංගික ...
ආණ්ඩුව ස්වෛරිභාවය පාවා දෙයි මගේ රට | My Country (ඉරිදා රිවිර පත්‍රයේ පළවූ ලිපියකි)-ආචාර්ය නලින් ද සිල්වාඅද සිදුවෙමින් පවතින්නේ කුමක් දැයි තේරුම් ගත හැක්කේ මේ ආාණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කෙළේ කවුදැයි දැනගැනීමෙනි. මහජනයා මැතිවරණයේ දී ඡන්දය දී ආණ්ඩු පිහිටුවන බව සැබෑ ය. එහෙත් මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් තෝරනු ලබන්නේ මහජනයා විසින් නො වේ. අඩුම තරමෙන් ඒ ඒ පක්ෂවල සම්මේලන මගින්වත් නො වේ. ආණ්ඩුව බලයට පත්වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කරණම උඩිනි. ...
ජාතියට දඬුවම් දීමට ඉඩදිය නොහැකිය මගේ රට | My Country ඇන්ඳීම සහ ඇඳගැනීම සාධනීය කිරීම, දැනුම පිළිබඳ පශ්චාත් නූතනත්වය දරන වැදගත් ආකල්පයකි. අසත්‍ය හෝ අසම්පූර්ණ තොරතුරු යොදාගනිමින් පාරිභෝගික භාන්ඩ ප්‍රවර්ධනය කිරීමේ සිට බටහිර ආණ්ඩු විසින් තම විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා මානුශීයමය සංකල්ප කුට ලෙස යෙදා ගැනීම දක්වා ඇන්ඳීම සහ ඇඳගැනීම දැකිය හැකිය. මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතියේද ප්‍රධාන ලක්ෂණයක්වූයේ අසත්‍ය හෝ අසම්පූර්ණ තොරතුරු යොදා ගනිමින් ජනතාව දේශපාලනිකව නොමඟ යැවීමය. ...