ඉර නຌය නຌරතන දවස් ගානක් වැහැලා මුළු කොළඹ ම තෙත බරියන් වෙච්චි සතියකට පස්සේ හරි අපූරුවට ඉර එළිය වැටිලා තිබිච්චි දවසක අවසානේ.. වැස්සට ලුණු කහට හේදුනු තට්ටු බර ගාණක බිල්ඩිමේ ජනේලයකින්, රතුවට රතුවේ ගිලෙන්න යන්න ඉර ගෙඩිය දිහා මං බලාගෙන ඉන්නවා. වැස්සට හේදිලා කළු පාට උනු පාර දිගේ කහ පාට ලයිට් පත්තු කරගෙන හිමිහිට ගාටන වාහන කන්දරාව දිහා බලාගෙන හිටිය මට හදිස්සියේම පොඩ්ඩක් ...
ප්‍රථම හාදුව නຌය නຌරතන මේ ඒ හාදුව නෙවෙයි... දස මාසයක් කුසයේ වද දිදී ඉඳලා නෙක් වේදනා දීලා මේ ලෝකේ එළිය දැක්ක මොහොතේ, ඒ වේදනා ඔක්කොම අමතක කරලා තෙත් වෙච්චි කම්මුලට සදාදරණිය අම්මා දුන්නු උණුහුම් හාදුව නෙවෙයි..වෙන එකක්...වැලි කෙළි... කෝම්පිට්ටු බත්... කොස්කොළ ඔටුනු කාලේ පහු කරන් සෙනෙහෙ කොළ.. චොකලට් යුගයට පය තිබ්බ කාලේ....හිත් ඇතුලේ හොල්මන් කරපු හාදුව..ආදරේටම ලියාපදිංචි වෙච්චි... ආදරේම අයිතිවාසිකමක් වෙච්චි අපූරු මානවීය සන්නිවේදනයක්...ටෙලි ...
අශෝකමාලා නຌය නຌරතන වනේ වන කුසුම් පරයන පැහැ වත කමලේබාලේ ඉඳන් රැහැ බබලපු නෙත් සඟලේ කොමළ සිනා කැන් වගුරපු දසන් පෙලේ මිහිර කෙලෙස මකවන්න ද පපු මඩලේ උක්දඬු බටනලා සර රස හිඟ උනාදෝ මොර පලු කෝන් දිව තෙත් නොකලාදෝතුන් ගල් ලිපේ ඉදෙනා බත් රස නොවුනාදෝ පුලා යදින්නට හිත දිරි මදි උනාදෝ ඇත් අස් සෙනග පිරිවර නැත රැකවල් යන්නරන්වන් දුහුල් සළු නැත සතපන්නතන්තිරි මාල ...
කාසි නຌය නຌරතන “මෙදා පොටේ නම් පිල්ලෑවේ ගෙදර බබානිස් ගොයියට හොඳටම සරු පාටයි. තාර පීප්පේ වගේ හිටියට ඔය ගෙනාවේ යස රන් තැඹිලි ගෙඩියක් වගේ හාමිනේ පොඩ්ඩක්...”“ආයෙත් අහලා.... කිව්වට ඇස් වහක් කටවහක් නෑ.. අහළ ගම්තුලානක නම් නෑ ඒ වගේ හැඩකාරියක්”ගම්සභා හන්දියේ සිමියොන්ගේ කඩේ හැමෝගෙම කතාව බබානිස්ගේ කසාදේ ගැන.. “දවස් තුනක් ම ඔය මඟුල් කෑවේ.. ආයේ අඩුවක් පාඩුවක් කළේ නෑ. රට බීම ගෙනත් දුන්නේ ගමේ ...
සදාදර හිමාලි නຌය නຌරතන සදාදර හිමාලි, කඩදාසියක් හොයාගෙන මොනවා හරි කුරුටු ගාන්න ඕනේ කියලා හිතා ගත්තේ හිතේ පිරිච්චි කතා ඔක්කොම අකුරු වලට ගුලි කරනවා කියලා හිතාගෙන. කොළඹ හරි නපුරුයි.. කවුදෝ කියලා තිබ්බා. ඔව්... කොළඹ හරි නපුරුයි.. වියලුවේ ඉඩෝරෙට ඔක්කෝම වේලලා කරකුට්ටන් කරලා දාන ගිනි ගහන අව්වටත් වඩා කොළඹ නපුරුයි. කතාවෙන් කතාව ඔය පැත්තේ විස්තර අහන්නත් බැරි උනා. කොහොමද ඉතින්? අම්මා මේ මාසේ බේත් ගන්න ...
වෝක් GMOA සහ තවත් අතුරු කතා නຌය නຌරතන සිරි ලංකාවේ සයිබර් වාසී අපි සති පඩි කාරයෝය! ඒ කියන්නේ සතිය ගෙවා ගන්නට හොඳ ලෙල්ලක් අනිවා හැම සතියෙම සුවර් ය. සමහර සති වල බෝනස් එක්ක දෙකක් තුනක් එනවාය. අපි ඉතිං තියෙන ඩේටා ටිකටත් කෙලෝගෙන ඒවාට හුරේ දමනවාය. මොනවා ආවත් ප්‍රභා කිව්වා මෙන් අනිත් සතියේ කලින් එක අතමකය. :Dමං තුමා කොහොමත් ගැජමැටික් වලට ආසා එකා වෙච්චි අයි පෝන් හත එළියට ...
රංගධරයාගේ බිරිඳ නຌය නຌරතන ඔහු නැත සැම විටම ළඟ පාතක...ඇත ඒ විටක ඈ ළඟ තිරය පිටුපස...සුසුම් හෙලුවත් දැනුනේ මටම මිස වළකනු කෙලෙස ඉකි බිඳුමන් ගැහැණු හිතකට ආලින්දය පිරි පිත්තල සම්මාන ගොන්නට පෙනෙනා ආලිංගන රඟනා ඔහු මැදි කොට සැප එරෙන මෙට්ටයට බර දී නො ඔරවා සිටින්නේ කෙලෙස රූ පෙට්ටියට බදු ගත් පළල් උර මත සැතපෙවෙන ළඳකට බුරුසු රැවුලේ පහස ලැබූ ඕ ගත පිපුණු හිරි ...
අනූ... නຌය නຌරතන මිදුලේ කෙලවරේ තිබිච්චි අඹ ගහෙන් ඊයේ රෑ වැටිච්චි කොළ කන්දරාව හින්දා මුළු මිදුලම හැඩි වෙලා. මාසෙකින් අතු ගෑවේ නෑ වගේ. “හැම අවුරුද්දෙම මල් විතරයි. ගෙඩි එකක්වත් හැදුනේ නෑනේ. අඹ ගහ කපලා දාන්න ඕනේ. මිදුල හැඩි වෙන එක විතරයි වෙන්නේ.” තාත්තා ඊයෙත් කියනවා මං අහගෙන. මං ඉක්මනට ඉදල අරං මිදුල පැත්තට ගියා. නැත්නම් අම්මාගේ අඩෝඇඩියාවෙන් බේරෙන්න බෑනේ.... “ගෑනු ළමයෙක් උනහම ...
ආලය නම් වූ අග්නිය - Ashiqi Angar නຌය නຌරතන සංගීතය විශ්ව භාෂාවක්. සප්ත ස්වරයට දේශ සිමා නෑ. සුදු කළු බේද නෑ.. පකිස්තානය කිව්වහම මුලින්ම අපිට මතක් වෙන්නේ බෝම්බ පිපිරෙන රටක්.. හා නැද්ද? හැබැයි ඒ අළු පාට කඳුළු අස්සේ හරි අපූරු සුන්දරත්වයක් මං දැක්කා. පහුගිය දොහේ පාකිස්තානේ ගච්චපු නාඩියා අහපු දැකපු අපූරු දෙයක් බෙදා හදා ගන්න හිතුවා.පාකිස්තානයේ චිත්‍රාල් කඳුකර ප්‍රදේශයේ කෝවර් (Khowar) භාෂාවෙන් ලියවුනු මේ ගීතය විශ්වීය ආදරය ගීතයක්...Noor, Shujaat... ...
කොම්පීතර සිංහලෙන් නຌය නຌරතන පරිගණක එක්ක ගනුදෙනු කරන්න හදන කස්ටියට තියෙන එක අවුලක් තමයි කඩ්ඩ. හැබැයි කඩ්ඩ පොඩ්ඩක් නැතිව සෙල්ලම් දාන්නත් ටිකක් අමාරුයි.හැබැයි පලවෙනි ස්ටෙප් එක විතර දන්නා කියන සිංහලෙන් ගොඩ දා ගත්තොත් ඉතිං මල් හතයි!කොම්පිතර එක්ක දවසට පැය 28ක් විතර ගනුදෙනු කරන එකා වෙච්චි අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට මොකක් හරි වටින කියන දෙයක් දෙන්න උවමනාව තියෙන එක වෙච්චි ඔන්න නාඩියා අද ගෙනාවා පොඩි ...
ටුක් ටුක් නຌය නຌරතන “ටුක් ටුක්”… ලංකාවේ අපේ කටට හුරුවෙච්චි ඒ අපූරු වචනේ අහපු නැති කෙනෙක් නැති තරම්. දුප්පත් පෝසත් කොයි කාගේත් වාහනේ වෙච්චි ත්‍රී විලරේ ලංකාවේ සංස්කෘතියේ නැතිවම බැරි අංගයක් වෙලා. ගම්බද පළාත් වල ලෙඩට දුකට බේතක් හේතක් ගන්න කොයි රෑක දවාලක උනත් උදව්වට එන්නේ ත්‍රී විල් මල්ලි. කොලොම්පුරේ හදිස්සියට එහාට මෙහාට යා ගන්න.. ඕනේ රෑක ආපහු බෝඩිමට යන්න අපිට තියෙන්නේ ඉතිං ...
පුන්සඳ රෑට ඇවිදින්... නຌය නຌරතන පුන්සඳ රෑට ඇවිදින් ඔපීසියේ කළුව බිඳ පණ කෙදි සේම ලැප්ටොප් එක උඹේ ඉඹිනවදතනියම හින දැක දැක මොටදැයි ගෙදර ඉඳ රන් කඳ තාම ඔපීසියේ කෝඩින් කරනවද ක්ලයන්ට් ලා රෑන කරදර කරන තුන් තිස් පැයම රෑටත් කෝල් කර කර වද කරනවදනෙස්කැෆෙ එහෙම වැඩිපුර බොන්න එපා පණ...වැඩ කෙරුවාට මාසේ පඩිය නැද්ද තවපුන්සඳ රෑට.... මැරුණා වාගේ බෝඩිම් ඇවිදින් නිදන විට මදුරුවෝ රෑන කණ ...
මගේ සිහින පාසල නຌය නຌරතන කලකට පස්සෙයි බ්ලොගේට බැස්සේ... ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. එක එක කාලේට සමහර දේවල් වලට ප්රමුඛතාවේ දීලා අනිත් දේවල් පොඩ්ඩකට පැත්තකට කරලා තියන්න වෙනවා. පහුගිය මාස හතර පහම අධ්‍යාපනේ... රැකියාව වගේ දේවල් වලට පොඩ්ඩක් "එක" දීලා තිබ්බේ. බ්ලොගේ අමතක උනාම නෙවෙයි. ඇවිත් අනිත් ඒවා ටිකවත් කියවලා ගියා. දැන් කොලොම්තොටේ ඉන්න එකේ ආයේ මේ නාඩි වල මකුළු දැල් එහෙම කඩලා ...
ආෆියා නຌය නຌරතන “දැන් සෙල්ලම් කළා ඇති. හොඳටෝම හවස් වෙලා”සාරි එකතු කරලා හදපු සෙල්ලම් ගේ අස්සෙන් එළියට ආවේ අම්මාගේ සද්දෙට. ආෆියා සෙල්ලම් ගෙදර අම්මා වෙද්දී මං තාත්තා උනා. දුඹුරු පැටි. අපේ ගෙදර පූසා... ගෙදර පොඩි එකා! මයිල් ගහක්වත් හොලවන්නේ නැතිව සැපේට නිදාගෙන ඉන්න පූස් තඩියා වඩාගෙන අපි සෙල්ලම් දොස්තර ළඟට බේත් ගන්න ගියා. සෙල්ලම් ඉස්කෝලේ දාන දවසට මං ළමයා... එයා ටීචර්. අපේ ...
හොලොලෙන්ස් නຌය නຌරතන මේ නාඩිය කොටන්න කියලා පටන් ගත්තේ මහා පොළොවේ ඉඳන් අඩි තිස් හතරදාහක් උඩ ඉදන්. හැබැයි ඉවර කර ගන්න හම්බුනේ මහ පොළොවේදී. පහුගිය දොහොක මං තුමා ඔබාමා ගොයියාගේ රටට ගැච්චුවා. ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටෙල් නුවර රෙඩ්මන්ඩ් වල තියෙන මයික්‍රොසොෆ්ට් ප්‍රධාන ආයතනයේ තිබිච්ච Worldwide MSP Summit එකට සහභාගී වෙන්න තමා මං තුමා ගියේ. පැය 18ක ගුවන් ගමනක්. එක දිගට නෙවෙයි. ඩුබායි ...
උඹ එනකම් අපි බලාගෙන ඉන්නවා. #RanaViruMeetup නຌය නຌරතන ඒ 2008 අවුරුද්ද, ගෙදරින් එළියට බැහැලා කොළඹ ආපු මුල්ම කාලේ. උතුරුකරේ ඇවිලිච්චි යුද්ධේ භයානකකම, මිලේච්ඡත්වය කොළඹට විතරක් නෙවෙයි. ලංකාවේ දකුණු කෙළවරටත් කාන්දු වෙලා තිබ්බා. අපේ අම්මා මං උදේ ගෙදරින් ගිහාම ආයේ එනකම් කෝල් කර කර කොහෙද ඉන්නේ මොනවාද කරන්නේ කියලා අහපු වාර අනන්තයි. ඒ සාමාන්‍ය ජන ජිවිතේ කාලකන්ණි යුද්ධයක් හින්දා උඩු යටිකුරු වෙලා තිබිච්චි හින්දා. උදේ ගෙදරින් ගිය තමන්ගේ අප්පච්චි ...
සංවේදනා නຌය නຌරතන සුලෝචනා කම්බි දැල අතරින් බලාගෙන හිටියා. කොච්චර වෙලාවක් එකම විදිහට එහෙම බලාගෙන හිටියද කියන්නේ සුලෝචනා දැනගෙන හිටියෙත් නෑ. ලස්සනට මැද්දෙන් බෙදපු බෙල්ල ගාවට දික් වෙච්චි කොන්ඩේ උලුවස්සෙන් ඈතට පේන්නේ නැතිව යනකං බලාගෙන හිටියා. “එයාගේ නම නිසල්” ගිය සතියේ දවසක පන්ති ඔක්කොම එකතු වෙලා කරපු ක්‍රීඩා උත්සවේ වෙලාවේ හරිම අමාරුවෙන් නම හොයා ගත්තේ. අනිත් ළමයි ඔක්කොම සෙල්ලම් කරත් නිසල් සෙල්ලම් ...
වියපත් වෙසඟන නຌය නຌරතන රෑ තවම තරුණයි සල්ලාල දෙනෙතටනුරා ගිනි නැවිලේද සුරා සොඬ ඇසකට තරබාරු මුදලාලි සයිමන් නැතත් අද පැයකට නාට්ටාමි පිටකින් ගත්තු පන්සීය වටී මට ගමකට පාට වැඩි කියුටෙක්ස් රැළි ඇඟිලි කැත වහන්ටවයසට සැලෙන තොල් ලිප්ස්ටික් ලා මකා ගන්ට එල්ලෙන පයෝදර ඉහළට කරන් එල්ලගන්ට පේමන්ට් බලාගෙන අඩන තන පුඩුව පේන්නට කඩල ගොට්ටක් අරගෙන යන්නත් හිතයි දෝණිට අහුඋනොත් ඒකත් ගනියි මහා එකා බයිටට ...
ඉන්ටවිව් නຌය නຌරතන “ඔයාගේ නම්බර් එක ෆෝර්ට් සෙවන්. ඉස්සරහට වෙලා ඉඳගෙන ඉන්න. නම්බර්ස් පිළිවෙළට තමයි ඇතුලට ගන්නේ”ටයි පොල්ල ටිකක් තද කරගෙන ඇතුළට AC එකෙන් සීත කරපු කාමරේ ඇතුලට එබුන ගමන් ඉස්සරහ ඩෙස්ක් එක ළඟ වාඩි වෙලා හිටිය සිරියාවන්ත ගෑනු ළමයා බාගයක් ඉංගිරිසියෙන් කෙටුවා. එහෙම්මම අනිත් පැත්ත හැරුණු මම බිත්තිය දිගට තියලා තිබිච්ච ප්ලාස්ටික් පුටු පේළියේ ඉතුරු වෙලා තිබ්බ පුටුවකට බර දුන්නා. පුටු ...
කියුබිකල් ආදරය නຌය නຌරතන කුකුළටත් කලින් ඇහැරිලා තුනට හතරට නැමිලා බස් එකේ තෙරපිච්ච මට කුකුල් කරමල් පාට, ලයිනින් තොල් මැදින් ටීෂා... “ගුඩ් මෝනින්”කියුබිකල් එක මැදින් තිබ්බේ නැත්නම් වීදුරුව දෙනවා මං කිස් එකක් රෝස් පවුඩර් උලපු, සුදුම සුදු මුණටම ටීෂා.. එවනවා මං ෆ්ලයින් කිස් එකක් දැන් පැලෙයි දෝ මන්දා...කර කැපුණු හැඩ හැට්ටේ වටොර හිර කළ ඩෙනිම අතේ අයිෆෝනය, කරේ ඇට මාලය ටීෂා...හරි හැඩයි දැක්කහම ...