ආදරයේ විරහා වේදනාවෙන් දුක් විඳින සිතකට පුංචි සෙවනක් සතක මතක කොහොමද ඉතින් ගොඩාක් කාලෙකින් තමයි පෝස්ටුවකට මුල පිරුවේ.හ්හ්හ්ම් මම නිතර පෝස්ටු නොලීවත් අනිත් අයගේ පෝස්ටු බලන්න අමතක කරන්නේ නෑ.ඉඳලා හිටලා හරි මොනවා හරි ලියන්නත් කාලේ හොයාගන්නෙ ටිකක් අමාරුවෙන්.මොනව වුනත් බ්ලොග් කලාව හරි රසවත් දෙයක් නිසා ආත්හරින්න නම් හිතෙන්නේ නෑ.අද පෝස්ටුව ලියන්න කියල හදන්නේ ආදරය මාතෘකාව යටතේ.ආදරයට අපි කෑදරයි නොවැ.ඔයා කවදා හරි දවසක ආදරයක් ලබල ආදරයක වින්දනය විඳි කෙනෙක් කියලා මං ...
Artweaver භාවිතයෙන් චිත්‍ර අඳිමු සතක මතක මේ මාසේ රූ සඟරාවේ තිබුණු සොෆ්ට්වෙයාර් කෑල්ලක් ට්‍රයි කරලා බැලුවා.ෂා... චිත්‍ර අඳින්න කියාපු බඩුව.මං පොඩි ට්‍රයි පාරක් දුන්නා චිත්‍ර දෙක තුනක් අදින්න.නියමයි හරිම ලේසියි.හරිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි.පහත සයිට් එකෙන් බාගන්න.වැඩි ගානක් නෑ අනේ ... 8MB විතරයි.බැනර් පේන්ට් කරගන්නත් හොඳයි.මං ඇදපු ඒවා මේ තියෙන්නේ.ඔයාලත් ට්‍රයි කරලා බලන්න.මගේ නිර්මාණ ටික හොඳයිද.ඉස්සරහට චිත්‍ර විතරක් ඇඳලා දාන්න සයිට් එකක් කරන්න හිතන් ඉන්නේ.නිවාඩු වෙලාවට ඉතින්.පහත ලින්ක් ...
සිංහලයා සිංඩියට ඔබේ බ්ලොගයත් එකතු කරන්න. සතක මතක සිංහල සිංඩි ගොඩට තවත් එක් සිංඩියක් එක්කාසු කරන්නයි මේ වෑයම.සරළ,පහසු හා ඉක්මණින් ලෝඩ් වෙන්න හදලායි තියෙන්නේ.මේක තවත් එක සිංඩියක් පමණයි.වෙන සිංඩිත් එක්ක කරට කර තරඟ කරන්න එහෙම නෙවෙයි ඕං.කිසිඳු කොන්දේසියකින් තොරව අඩවි ඇතුලත් කර ගැනීමට අවසථාව සලසලා දීලයි තිබෙන්නේ.පෝරමය පිරවීමෙන් දින 7ක් ඇතුලත බ්ලොගය සිංඩියට ඇතුලත් කිරීමට පොරොන්දුවෙනවා.දින 7ක් ඉල්ලන්නේ මට වැඩ රාජකාරී අධික වීම නිසා බව කරුණාවෙන් සලකන්න ඕන.එම ...
මැරවින්,මාරක සහ මාරාණ්ඩුව සතක මතක අප්පාගේ වැඩේ නොකරපු පුතා නොට්ටිගේ පුතාලු.ඔබ ඒ කියමන අසා ඇතුවාට සැක නැත.අද මේ සිරි ලංකාව පාලනය කරන තාත්තලාගේ පුතාලාගේ මාරාණ්ඩුව ගැන අපිට පිලිකුලක් දැනී ඇත.ඒ ඉහත කියමන සත්‍ය නිසාය.මේ රටේ ආන්දෝලනාත්ම චරිත රාශියකි.මැරවින් , මාරක ඒ අතරින් ප්රබලය.එසේ වන්නේ සිතූ සිතූ දේවල් ඒ චරිත වලට කල හැකි නිසාය.රටේ ප්‍රබල චරිත ඔවුන් නිසාවෙන් සුලු චරිත වන අපට ප්රචන්ඩත්වය නැමැති වේදිකාවේ ඉඩක් ...
අපේ බ්ලොගයේ Attribution Widget එක පහසුවෙන් ඉවත් කරමු. සතක මතක බ්ලොගර් Theme එකේ පහලින් තියෙන Attribution Widget එක පහසුවෙන් ඉවත් කරගන්න විදිය කියන්නයි හදන්නේ.මේකට ක්‍රම දෙකක් තියෙනවා.01. පලමු ක්‍රමය.1. Go to Dashboard > Select Blog > Template > Customize > Advanced > Add CSS.2. පහත code එක අතුල් කරන්න.#Attribution1 {display: none;}3."Apply to Blog" යන්න ක්ලික් කරන්න.02. දෙවන ක්‍රමය.1. Go to Dashboard > Select Blog > Template > Edit HTML2. Ctrl+F ...
අන්සතු දේ ගැනීමෙන් සතුටු විය නොහැක්කේමය. සතක මතක පස් පව් කරන්න එපා කියල බුදු හාමුදුරුවෝ කොච්චරනම් බණ දේශනා කරල ඇතිද.ඒත් අපි ඒවා හරි හැටි පිලි නොපදින හැටියක්.අපි සුදනෝ නෙවේ තමයි.පොඩි පොඩි වැරදි අපි අතින් කොච්චරනම් වෙනවද.අපේ හිත සහභාගී වෙලා සිදුවන ක්‍රියාවන් කර්ම බවට පත්වෙනවා.අපේ හිත සහභාගී නොවී සිදුවන වැරදි කොච්චරනම් දවසකට වෙනව ඇතිද.නිකමට හිතලා බලන්න.අපි ඇවිදිද්දී අපේ පයට පෑගිලා කුහුඹුවන් වෙනත් පොඩි සත්තු නිකරුනේ මැරිලා යනවා.ඇවිදීමේ ක්‍රියාවට හිත ...
කොටි බල බිඳි අධි තාක්ෂණික සන්නද්ධ රථය හා ප්රභාගේ රථය. සතක මතක අද හරි අපූරු අත්දැකීමක් ගන්න පුලුවන් වුණු දවසක්.අද මටයි අපේ ඔෆිස් එකේ මාත් එක්කම ට්‍රේනිං වෙන මගෙ යාලුවෙකුත් එක්ක Audit එකකට යන්න වුණා.ස්ථානය වුණේ හමුදා කෑම්ප් එකක්.මෝදර Rock House කියන කෑම්ප් එකට තමා යන්න සිද්ධ වුණේ.හරි ලස්සන තැනක්.කෑම්ප් එක පිහිටියේ උස් බිමක නිසායි ඒකට Rock House කියන්නේ.කඳවුරු භූමියේ ඉඳන් ඈතින් හරි අපූරුවට මුහුද දැකගන්න පුලුවන්.ඉතින් අපි අපේ රාජකාරිය වෙනුවෙන් හරියටම ...
කෝ.. තමුසෙගෙ බෑග් එක.ඉතින් මේ තියෙන්නේ සර් බෑග් එක. සතක මතක මේ සිද්ධිය වුණේ මං O/L සංදියේදී.ඒ කියන්නේ 2004 අවුරුද්දේ දී.O/L වයස කියන්නේ ඉතින් නාහෙට නාහන හිතුවක්කාර ගතිපැවතුම් තියෙන අමුතුම ලෝකෙක ජීවත් වෙන වයසක්නේ.හරි සුන්දර දේවල් තමා මතක් කලොත් මතකෙට එන්නේ.මගේ O/L කාලේ ගැනනම් මට පුදුමාකාර තෘප්තියක් තියෙන්නේ.ඒ කලේ මං ගොඩක් දේවල් කලා.සෙල්ලම් කලා,හිතුවක්කාර වැඩ කලා,කෙල්ලො පස්සෙ ගියා,වලි දාගත්තා,ගහගත්තා, අම්මෝ කරපු ජාතිනම්.මොනවා කලත් හොඳට පාඩම් කලා.ඒ අම්මයි තාත්තයි නිතර නිතර මං ...
බාල ඉංදියන් බඩුවක් ලංකාවේ... සතක මතක ඉංදියාවෙන් ගෙන්වාපු අලුත් කොච්ච් සෙට් ටික තරමක් හොඳ මදි කියල සමහරු කියනව මට ඇහිල තියෙනව.සමහරු කියනවා පරණ කොච්චි Repair කරල ඒවා ලංකාවට ඒවලා කියලා.මොක වුණත් මං දන්න ඒව ටිකක් තියෙනවා අද මට ලියන්න.මේ කෝච්චි අපේ රජය මිලදී අරං තියෙන්නේ ණය පදනම මතියි.(කොහොමත් හැමදාමත් අපි බඩු ගත්තේ ණයටම තමා).මං දන්න තරමින් එන්ජිම හැරුනාම මේ එක කෝච්චි පෙට්ටියක් කෝටි 7ක් වෙනවලු.සුවපහසුව අතින්නම් ...
රට යන්නේ වැරදි මඟේ... සතක මතක රාජපක්ෂ රජය එක එක විකාර වැඩත් දැන් කරන්න පටන් අරන් වගේ..එයාලට හිතෙන හිතෙන දේවල් කරන්න පටන් අරන්.ඇත්තටම රාජපක්ෂ මාමාගේ රජය මුලින්ම හොඳට කරගෙන ආවා.දැන්නම් Wrong Side යනවා.එයාලගෙ වැඩ ලැයිස්තුවෙ අනවශ්‍ය වැඩ ගොඩක් තියෙනවා.ඒව එකින් එක කියන්න ගියොත් නම් දවසක් කියවන්න පුලුවන්.යම්තාක් දුරකට රටේ සංවර්ධනයක් වෙනාවා කියන්නත් පුලුවන්.නමුත් ඒ අතරින් අනවශ්‍ය දේවලුත් වෙනවා.මං මේ Post එකෙන් බලාපොරොත්තු වෙන්නෙ රජය කරන ...
| ලග්නයෙන් මිනිහා කව්ද කියල දැනගන්න කැමතිද? | සතක මතක මේෂ►සාමාන්‍ය රූප ස්වභාව : මධ්‍යම ප්‍රමාණ ශරීරය වේ. කදිම දික්වූ බෙල්ලක් හා පොකුරු කෙස් හා රැුවුල් ද ඇස් බැම ද ඇතිවේ. යහපත් අඟ පසඟ වේ. ගමන් කිරීමේදී ස්වල්පයක් නැමී යයි. කඩිසරයි. පිත් අධිකයි.ගතිගුණ :කුජ හිමි සටන් කාමී උණ්ෂ රාශියක් වූ බැවින් මේෂයෙහි උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වෙයි. වුවමනා දේ වුවමනා වෙලාවට වුවමනා කරන කෙනෙකි. ...
| ගැහැණු ළමයි කියන පිරිමි ළමයිට නොතේරෙන වචන 9 | සතක මතක 1. හරි දැන් ඒක ඉවරයි - ගැටුමක අවසානයේදී යොදාගන්න අතර මෙසේ කීමෙන් පසු කොල්ලා කටපියා ගැනීම හොඳය.2. විනාඩි පහක් දෙන්න - කෙල්ල ඇඳුම් අඳිනවානම් මේ කියන්නේ පැය බාගයක් ගැනය.කොල්ලාට ගෙදර කෑම උයන්න උදව්වෙන්න කලින් විනාඩි 5ක් මැච් එක බලන්න කිව්වා නම් ඒ කියන්නේ හරියටම විනාඩි 5ක් ගැනය.3. ඕන එකක් කරගන්න - මෙය අවසර දීමක් ලෙස වැරදියට වටහාගන්න එපා. ඔය කියන්නේ ...
කොල්ලනේ... කෙල්ලව සතුටු කරන්න විදි 45ක් මෙන්න. සතක මතක 1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.6. ඇයව වැළඳගන්න.7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ...
රටේ ලොකු වගකීමක් දරණ ජනමාධ්‍ය යන ගමන සතක මතක ජනමාධ්‍යය කියන්නේ රටක ලොකු වගකීමක් දරණ ප්‍රධාන පාර්ශවයක්.ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කිරීම වගේම වගකීමෙන් යුක්තව කටයුතු කිරීමට ඔවුන් බැඳී සිටිනවා.අද වනවිට සියලුම මාධ්‍යන්හි පවතින්නේ ලොකු තරඟයක්.එකෙක් අනෙකාට නොපරදින විදියට වැඩ කරන්නයි උත්සාහ කරන්නෙ.මේ වෙනකොට ගායකයෝ තෝරන තරඟ හැම චැනලයකම වාගේ පොදියට කරගෙන යනවා.මෙහෙම ගියොත් රටකට මොනව වෙයිද? ඔච්චරටම ගායක ගායිකාවෝ රටට කන්නද? අනේ අම්මපා අපේ හරක් පැටව් ටික මේ නාඩගං ...
මෙහෙමත් වැල පෙරේතයෝ සතක මතක අද ATI එකේ Lectures දවසක්.වෙනද වගේම අදත් සිද්දියට සහභාගී වුණා.අද හවස් වරුවේ ඉගැන්නුවේත් නැති හින්දා කොල්ලො සෙට් එකක් තාප්පේ අයිනේ තිබුන වැල ගහකින් ගෙඩියක් කඩාගෙන හොඳට දෙසලා.මං එතෙන්ට යද්දි ගෙඩියට කට්ටියම පොරකනවා හරියට කලින් කාපු නැති දෙයක් වගේ.වැලට සහභාගී වූවන් බීන් , නසරානි , රිට්ටා , සොයිබා , ඩක්කුවා , දෙනයා සමඟ අඟලා. ...
Auto Sleeper වාහනය සතක මතක අද මං අලුත් භාණ්ඩයක් දැක්කා.මේක පෙනුමෙන් පොඩි ලොරියක් වගෙයි පේන්නේ.ඒත් ඇත්තටම ලංවෙලා බලද්දී තමයි මේ භාණ්ඩේ මොකක්ද කියලා හොයාගන්න පුලුවන්.මේක තමයි Benz Auto Sleeper (ඔටෝ ස්ලීපර්) කියන වාහනය.මේක පෙනුමින් පොඩි ලොරි කට්ටක් වගෙයි පේන්නේ ඒත් මේකෙන් ගන්න ප්‍රයෝජනයනම් එසේ මෙසේ පොඩි දේවල් එහෙම නෙවෙයි.මේ වාහනය භාවිතා කරන්නේ දුෂ්කර ප්‍රදේශ වල සංචාරය කරන්නන් තමයි.මේ වාහනය පුද්ගලයින් හතර දෙනෙකුට දින පහක් වැනි ...
කාපු ලණුවක් සතක මතක එදා නිවාඩු දවසක්.මං හිටියේ ගෙදර පොතක් බල බලා.මගේ ෆෝන් එක රිං වුණා.මං ඉතින් ෆෝන් එක අතට අරන් බැලුව.මගේ ෆෝන් බුක් එකේ නැති නම්මරයකින් තමයි කෝල් එක එන්නේ.යාලුවෙක් වෙන්න ඇති කියල හිතාගෙන් කෝල් එක ආන්සර් කලා. *හලෝ..*හලෝ... මචං... කොහොමද?*කව්ද මේ....?*හා..හා.. දැන් උඹලට අපිව අමතක වෙලා නේ...*කව්ද බං....*හරි හරි කමක් නෑ ඉතින් උඹලට නිකමටවත් අපිව මතක් වෙන එකක්යැ.අපිම කෝල් කලොත් මිසක.*හරි හරි.... ...
ආදරය කරද්දී මේ ගැනත් සිතන්න. සතක මතක අපි හැමෝටම එක එක ආශාවල් ඉටුවෙන කොට සිතට සතුටක් දැනෙනවා.ඉටුවෙන බලාපොරොත්තුවම වුනත් ඇති හිතට සතුටක් දැනෙන්න.සමහරු පීනන්න ආසයි.මෝටර් සයිකලයට ආසයි.... සමහරුන්ට ක්‍රිකට් පේන්න බෑ.... සුරතල සතුන්ට ආස නෑ ඒ වගේම සමහරුන් විශේෂයෙන් ආස කරන පාට තියෙනවා.ඉතින් මේ ආශාවන් යම් විදියකින් සංසිඳෙන දේට ඇලුම් කිරීම සාමාන්්ය මිනිස් ස්වභාවයයි.අපේ මේ ගැඹුරු ආශාවන් තෘප්තිමත් කරන කෙනෙකුට අපිට නොදැනීම ලං වීම ආදරය කියල ...