හැංගිමුත්තං සිඩ්නි සිතුවිලි (2012 මාර්තු 20 වැනිදා) රීජන්ට් වීදියේ නවාතැනේ විශාල කාමරයේ ලැගුම්ගෙන උන් ජුන් කොරියානුවෙකි. ඉතා ලගන්නා සුළු අවිහිංසක සිනාවක් මුවග රඳවාගෙන සිටින ඔහු පරිගණක සජීවකරණය සිය ප්‍රධාන විෂයය ධාරාව ලෙස තෝරාගත් අයෙකි. එහෙත් ඔහු මෙහිදී ඒ විෂයය වෙත අවධානයක් යොමු කරන්නේ නැත. රැකියා සඳහා වන වීසා බලපතකින් මෙහි පැමිණ ඇති ජුන් සිඩ්නියේ කොරියානු හෝටලයක සේවය කරයි. සිය සේවා ස්ථානයට උදෑසනම පිටව ...
ගුවන් කරණම් සිඩ්නි සිතුවිලි (2012 මාර්තු මස 18 වැනිදා)ජුන් සහ අල්ලපු කාමරයේ ප්‍රංශ මිතුරා ගුවනින් බිමට පැන ගෙදර ආවෝ ය. අප රටේ ගුවන් හමුදාව පමණක් සිදු කරන ගුවනින් ගොස් පැනීම මෙහි විනෝදාංශයකි. අවශ්‍ය වන්නේ ඩොලර් දෙතුන් සියයක් පමණි. ඔබ වෙනුවෙන් සියල්ල කර දීමට බලා සිටින සමාගම, ඔබට උපදෙස් දී, ඇඳුම් අන්දවා, ගුවනට රැගෙන ගොස් බිම හෙළනු ඇත. මරණය පිළිබඳ බියක් ඇති කරගත යුතු නොවන්නේ ...
ඇට කෝටු බාස් සිඩ්නි සිතුවිලි (2012 මාර්තු මස 17 වැනිදා) රීජන්ට් වීදියට නවාතැනට ගොඩ වැදී දින කිහිපයක් ගතව යද්දීම පවුලින් නවාතැනින් සමුගෙන ගියා ය. තුන් මසක හෝ හය මසක කොන්ත්‍රාත්තු කාලයකට ලබාගන්නා කාමර යළි භාර දීම හෝ දිගටම රැඳී සිටීම නිශ්චිත කාලය සම්පූර්ණ වීමට ආසන්නයේ නිවාස හිමිකරුට දැනුම් දීම මගින් කළ හැකි ය. පවුලින් සමුගත්තේ කුමන හේතුවකටදැයි හරි හැටි පැහැදිලි නොවූවත් ඇගේ පිටව යාම නවාතැනේ ...
දිග ගවුම් සහ කොට ගවුම් සිඩ්නි සිතුවිලි (2012 මාර්තු මස 15 වැනිදා)රීජන්ට් වීදියේ නවාතැන් දොරින් ඇතුළුවත්ම හමුවන ප්‍රවේශ දොරටුව යොමු වූයේ තරුණියන් දෙදෙනාගේ කාමරය වෙතට ය. තරුණියන් සමග එකම නවාතැනක කල් ගෙවීම ලාංකික අපට සමීප අත්දැකීමක් නොවේ. පේරාදෙණියේ සහ කොළඹත්, ශ්රීපාලියේත් මා දන්නා සියලු ශිෂ්‍ය නේවාසිකාගාර ගැහැණු හා පිරිමි ලෙස වෙන් වශයෙන් පිහිටුවා ඇත. පේරාදෙණියේ පිරිමි නේවාසිකාගාර දොරටු විසි හතර පැයෙහි ඇර දමා තිබෙන නමුත් කාන්තා නේවාසිකාගාරයකින් ...