මසක වෙනස සිඩ්නි සිතුවිලි (2012 - ජූලි)ජූලිය එළඹ ඇති නිසා නැගෙමින් තිබුණු තද ශීතල මුහුද දෙසින් හමා එන සුළඟ හේතුවෙන් දෙගුණ වී ගිය ද ශීත දෙස හිත යොමන්නට නොහැකි තරමට සිත බරව ඇත. සිඩ්නි ඔපෙරා රඟහල දෙසට ඇදෙන්නෝ මා ඉදිරිපසින් දකුණු පසට ද, අනෙත් අන්තයේ වන කලාගාර වෙත ඇදෙන්නො වම් පසට ද ඇවිද යති. සිඩ්නි හාබරය අහම්බෙන් නෙත ගැටී, මා විශ්මයට පත් වුණු රාත්‍රියේ ...
ගඟන සරන‘තර යළි ඔහු හමු විය! සිඩ්නි සිතුවිලි කිසිදු සැළකිල්ලකින් නොබැලූ මුත් සිඩ්නියේ විසල් ගොඩනැගිලි ක්‍රමයෙන් කුඩා වී ගොස් සෙමෙන් පසුපසට ඇදී මැකී යමින් තිබෙන බව මගේ ඇස්වලින් සටහන් කරගනිමින් තිබිණ. සිවු මසක් ගෙවෙන්නට මත්තෙන් යළි හැරී මව් රට බලා යාමට කිසිදු අදහසක් නොමැතිව ඊයේ උදෑසන අවදි වූ මම දැන් මගේ සිඩ්නියේ බොහෝ අඩුම කුඩුම ද රීජන්ට් වීදියේ නවාතැනෙහි තබා ගුවන් යානයක වාඩි වී සිටිමි. ජීවිතයේ එළඹෙන ...
බටහිරට දිගු ගමනක්! සිඩ්නි සිතුවිලි (2012 ජූනි) සිතෙහි දිගින් දිගටම නැගී තිබුණු, විස්තර කළ නොහැකි හැඟීම් සමුදායත්, ඒ සිතුවිලි හා එක්ව අත්වැල් ලාගත් ශරීරයේ සෑම කෙළවරකට විහිද ගිය තියුණු කෙඩෙත්තුවත් යළි මා හැර නොයනු ඇතැයි හැඟෙන තරමට මගේ සිත හා කය වෙළාගෙන තිබිණ. ගුවන් තොටෙහි පිටත්වීමෙහි පර්යන්තයේදී ජයන්ත අංකල් මගෙන් සමුගත්තේ ස්වකීය අතීතයේ ඇති සමාන අහිමිවීම් පිළිබඳ දිගු විස්තරයක් කෙළවර කරමිනි. “මේ රටවලදි මුහුණ දෙන්න ...
ඒ මිතුදම් උණුසුම් ය! සිඩ්නි සිතුවිලි කාලය යළි සුපුරුදු පරිදි ගලා යන්නට ආරම්භ වුණු මොහොත පිළිබඳ මට මතකයක් නැත. ඇතැම් විට අප නොදන්නවා වුවත්, කාලය අප එක් එක් අය වෙනුවෙන් ද විවිධාකාර ධාවන ක්‍රම සොයාගෙන කටයුතු කරනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබට තත්පරයක කාලය ඇතැම් විට මට විනාඩි ගණනක හෝ පැයක දෙකක ලෙස හඟවා තබන්නට කාලයට හැකි ව ඇත්තේ එකිනෙකා වෙන්ව ගෙන සිය සේවයන් ඔහු හෝ ...
නෙක ඉසිඹු රැසකට පසු... සිඩ්නි සිතුවිලි ‘ඉසිඹුවකට අවසර‘ ඉල්ලමින් යම් රිද්මයකින් ලියමින් උන් මෙම ‘සිඩ්නි සිතුවිලි‘ ලියවිලි පෙළට මඳ විරාමයක් තැබුවේ මෙයට වසර 4කට පෙර ය. සිඩ්නි විශ්වවිද්‍යාලය වෙත ලියා භාර දෙන්නට සිටි පශ්චාත් උපාධි නිබන්ධනය වෙත පූර්ණ අවධානය යොමු කරන්නට තැබූ එම විරාමය නිබන්ධනය භාර දුන් වහාම කෙළවර කරන්නටත්, යළි ලියවිලි අතරට පිවිස වසර දෙක හමාරක සිඩ්නි දිවියේ තතු ඔබ හා බෙදා ගන්නටත් මා ...
කාලය නතර විය! සිඩ්නි සිතුවිලි (2012 ජූනි 29 වැනිදා)සිදුව ඇත්තේ කුමක්දැයි මා කිසිවක් නිශ්චය කර නොගත් බව එක්වරම හැඟී ගියේ සෙමින් පෙරට ඇදෙමින් තිබුණු බස් රථය රත් පැහැගත් ආලෝක සංඥා පුවරුවක් අභියස තිරිංගය තද කළ විගසම ය. රංග නිහඬ ය. ඔහු එකිනෙක බැගින් පසුපසට ඇදී යන උසැති ගොඩනැගිලි දෙසම නෙත් යොමු කොට සිටියි.“ඔයා එද්දි තාත්ත එහෙම එච්චර අසනීපෙකින් හිටියෙ නෑනෙ.... නේද?“ ජයසේකර මහතාගේ පැනය යළිත් ...
තවත් එක් සිකුරාදාවක් නොවුණු සිකුරාදාවක්! සිඩ්නි සිතුවිලි (2012 ජූනි 29 වැනිදා)දිනය එළැඹී හෝරා දෙක තුනක් ගතව තිබිණි. කිසි දින අත් විඳ නොතිබුණු ශීත සමයකට මාහට සූදානම් ව සිටින්නැයි හඟවමින් පෙර දිනයට වැඩි ශීතයක් නිවස වෙලා ගනිමින් සියලු කාමර සහ විසිත්ත කාමරය පුරා සිය අණසක පතුරමින් සිටින බව මට පෙනෙන්නට තිබිණ. ස්ථිර පසුබිමක් සාදා දෙන රැකියාවක් පිළිබඳ සඳහනක් තවමත් නැත. විශ්වවිද්‍යාලය දෙසට පා එසවීම කිසිදු අරමුණකින් තොර ...
ශීතයත් සමග පත්තර... සිඩ්නි සිතුවිලි නිහඬ පාළු මාවතෙහි ඈතට නෙත් යොමු කළ මම කිසිවකු හෝ දකින්නට වෙත්දැයි විමසා බැලුවෙමි. වේලාව රාත්‍රී අට පසුවෙමින් තිබිණ. වීදි ලාම්පු, නිශ්චිත දුරින් යුක්තව රැඳෙමින්, සමාන ආලෝක කදම්භ නිකුත් කරමින් අඳුර නසා දමා තිබුණ ද කිසිදු මිනිස් රුවක් මගේ නෙතට හසු වූයේ නැත. අතැති පත්තර සහ දැන්වීම් බන්ඩල අතරින් එකක් ගත් මම එය මගේ ඉදිරියෙහි වූ නිවසේ ලියුම් පෙට්ටිය පසෙක ...
බටහිර දෙසට පළමු වරට...! සිඩ්නි සිතුවිලි දුම්රිය ස්ට්‍රැත්ෆීල්ඩ් දුම්රියපළ පසු කරමින් තිබිණි. සිඩ්නි චෙස් ඇකඩමියේ කටයුතු පිණිස බටහිර දෙසට ඇදෙන දුම්රියක නැගී ආ කාලයේ මා පැමිණ තිබුණේ බර්වුඩ් දුම්රියපොළ වෙත පමණි. ස්ට්‍රැත්ෆීල්ඩ් යනු බර්වුඩයට පසු හමුවන දුම්රියපොළ ය. එය පොල්ගහවෙල නැතිනම් මහව හන්දිය දුම්රියපොළ සිහි කළේ එක් ඉලක්කයක් ඔස්සේ ඇදී ආ දුම්රිය මග දෙපසකට බෙදා හරිමින් ගමනාන්තයන් දෙකක් වෙත දුම්රිය යොමු කළ හෙයිනි. බටහිර දෙසට විහිදුණු ...
මතක සිතුවම් සිඩ්නි සිතුවිලි (2012 ජූනි)දයි සවෙත් - ගෝල්ඩන් සලම්බර්ස් චිත්රපටයෙන්රීජන්ට් වීදිය සුපුරුදු අඳුරු වැහිබර සන්ධ්‍යා කාලය පිළිගන්නට සූදානමින් මෙන් මග දිවෙන වාහන සංඛ්‍යාව පහළ දමා ඇත. සමාගමයට කිසිදු මිතුරකු නොමැති නවාතැනින් මා පිටතට ඇදී වීදියට බැස තිබුණේ පුරුද්දට මෙනි. සිහිල් සුළං රැල්ලක් ද සමගින් සිඟිති වැහි බිඳු කිහිපයක් පාළු වීදිය දෙපස වුණු උස් ගොඩනැගිලි අතරින් වීදියට බසින්නට පටන් ගත්තේ වීදියේ වූ පාළුව හා ...
නීල් සහ හායි සිඩ්නි සිතුවිලි - (2012 ජූනි)- “මම යනව එළියට... පොඩ්ඩක් ඇවිදල එන්න!“මදෙස බලා එසේ කියූ පැට්රික් මගෙන් පිළිතුරක් ලැබෙන තෙක් නොරැඳීම කාමරයෙන් පිටව ගියේ ය.නිහඩ රීජන්ට් වීදියනිවස මැද, සැමට අයත් සාලය දෙසින් ඇසෙන ජුන්ගේ සහ මර්සෙලෝගේ සිනා හඬ පැට්රික් පිටව යමින් කවටකමක් කළ බවට ගෙනෙන හැඟවුමකි. පිරිසගේ කතාබහ අතරට එක් වන්නට සාලය දෙසට යා යුතුය යන හැඟීම යළි යටපත් වූයේ වැතිර උන් තැනින් ...
ඉසිඹුවකට අවසර! සිඩ්නි සිතුවිලි සිඩ්නි ශීෂ්‍ය දිවියේ අවසන් ශීත සෘතුව පැමිණ ඇත. ශීතයෙන් මිදීම සඳහා ඇඟලාගත් උණුසුම ගෙනෙන ඇඳුම් ද මද වූ තැන මම පසෙක වන කුඩා තාප ජනකය ක්‍රියා කරවමි. පසුව යළි දෙනෙත ඉදිරිපස ඇති කුඩා පරිගණක තිරය මත අලවමි.ගෙවී යන කාලය පිළිබඳ සංඥා සපයන කුඩා ඩිජිටල් ඔරලෝසුව මේස කොණකට වී රත් පැහැ අංක පුවරුව දල්වා මදෙස බලා සිටියි. ඉන් දෙනෙත් පසෙකට ගෙන ...
‘සිල්ලර‘ ජීවිත සිඩ්නි සිතුවිලි (2012 - ජූනි)මාකට් වීදියේ පටු පදික වේදිකාව දිග ඇවිද යන විවිධාකාර මිනිස් ප්‍රාණීන් අතරින් හිස නිදහස් කරගත් මම සිටොන් සහ නෝමන් පෙනෙන ඉසව්වක වේ දැයි හැරී බැලුවෙමි. රාජ්‍ය රඟහල දොරටුවෙන් පිටතට ඇදෙන මහ සෙනඟ අතරින් වීදියට පිවිස තිබුණු ඒ දෙදෙන ඒ වන විටත් මවෙත ලංවෙමින් උන් හ. සුපුරුදු පරිදි නෝමන්ගේ තැන්පත් කතා බහට සිටොන් පිළිතුරු සැපයූවේ උස් හඬිනි. මවෙත ...
සොහොයුරිය සිඩ්නි සිතුවිලි ( 2102 ජූනි) මම යළි පහළ වීදිය දෙස බැලුවෙමි. අලුත විවාපත් යුවළක් විවාහ රෙජිස්ටාර් කාර්යාලයෙන් පිටතට පැමිණ මිතුරු කැළ හා සිනාසෙමින් ඡායාරූප ගනිති. විසිතුරු ඇඳුමින් සැරසුණු යහළු යෙහෙළියෝ යුවල වෙත විවිධ කෝණයෙන් කැමරා මානමින් නොයෙක් දේ කියන බව පෙනුන ද මා සිටින තැනට ඔවුන්ගේ හඬ පැහැදිලි ව ඇසෙන්නේ නැත. මග දිවෙන වාහනවලින් නැගෙන ඒකාකාරී එන්ජින් හඬත්, දකුණු පස ඈතින් ...
ආදරයට අලුත් වදනක් සිඩ්නි සිතුවිලි -2012 ජූනි - රාජ්‍ය රඟහල යන්නට සමාන අරුතක් දෙවන ‘ස්ටේට් තියටර්‘ රංග ශාලා දොරටුව අභියස සෑහෙන ජනකායක් රැස්ව උන් හ. පිරිස අතරින් නෙත් යැවූ මට ජන ගඟ අතර මගේ රුව සොයන නෝමන් හඳුනාගන්නට හැකි විය. සුදු ජාතිකයින් තරම් උස නොවූ නිසා පමණක් නොව සැමදා අඳින කළු පැහැ ඇඳුම නිසා ද නෝමන් පිරිස අතර කැපී පෙණින.“හේ... නෝමන්...!“ මම ඔහු වෙත ...
අපරිමිත කතන්දර සිඩ්නි සිතුවිලි වඩාත් වේදනාබර මොහොතවලදී අපට සියල්ල දැනෙන්නේ ද හැඟෙන්නේ ද කරදරකාරී ලෙස හා අපිළිවෙල ලෙස අප වෙතම යොමුව ඇති දේ වශයෙනි. සිඩ්නි චෙස් ඇකඩමියෙන් පිටව යළි නගරය දෙසට යන්නට පිටත්ව උන් මට සියල්ලම මගේ හිස වටා කැරකවෙමින් පවතින, මා ඉලක්ක කරගත් හා මා බිඳ දමන්නටම සැදී පැහැදී උන් දේ ලෙසම දැනෙන්නට විය. දැන් යළිත් රැකියා සොයා වෙහෙසිය යුතු ය. රැකියාවක් ...
ආයුබෝවන් බෙතී සිඩ්නි සිතුවිලි “ප්‍රියන්ත... දැන්ම, පන්තිය නවත්තල බර්වුඩ් ඔෆිස් එකට එන්න!““එතකොට මේ ළමයි?““ඇලිස්ගෙන් අහන්න පන්තිය භාරගන්න පුළුවන් ද කියල. නැත්නං පන්තිය ඉවර කරපු ගමන් කෙළින්ම එන්න!“බ්‍රෙට් එවදන් කීවේ සතුටකින් නොවන බව මට හොඳින් වැටහිණ. බොහෝ විට ඔහු මට තදින් දොස් පවරනු ඇත. සැබවින්ම මා කළ වරදක් තිබේ ද? සිඩ්නියට පය ගසා බොහෝ කලක් ගතවී නොතිබුණු හෙයින් තවමත් මෙහි ගමනාගමනය පිළිබඳව මා හොඳින් ...
ජූනි සහ ජූලි සිඩ්නි සිතුවිලි (2012 මැයි) ෂින්ගේ සමුගැනීමෙන් පසු ටික දිනක් ගතවන තුරුම පැට්රික් සහ මා සමග කාමරය බෙදා ගන්නට කෙනෙක් පැමිණියේ නැත. අධික ලෙස ජපාන සජීවකරණ සිනමාපට නරඹන්නට හුරු වී සිටි ෂින්ගේ ඇතැම් ක්‍රියා ඔහු සිටි දිනවල මහත් කරදරයක් ලෙස දැණුනු මුත් ඔහු පිටව ගිය පසු දැනෙන්නට ගත් පාළුව කුඩා එකක් නොවී ය. ෂින් තම ජීවිතය අප සමග බෙදා නොගත්තේ වුව ආවේණික ...
සිඩ්නියේ සිට ලියමි! සිඩ්නි සිතුවිලි (2012 මැයි)ශීත කාලය කෙමෙන් ළඟාවෙමින් පැවතියේ දිනෙන් දින ශීතලය ඉහළ නංවමිනි. රීජන්ට් වීදි නවාතැනේ මගේ කාමරය තවදුරටත් උණුසුම්ව කල් ගෙවන්නට හැකි තැනක් නොවන බැව් වැටහෙන්නට ගත්තේ එහි වීදුරු පනේල විදගෙන ශීතලය කාමරයට වදින්නට ගත් තැන ය. නගරයේ පහළ සිට ඉහළට, විසි හතර පැය පුරා දුවන වාහනවලින් නැගෙන ගුම් නදැති එන්ජින් හඬ කණට හුරු කරගෙන උන්න ද වීදුරුව විනිවිද එන ශීතයට ...
පාට සහතික සිඩ්නි සිතුවිලි නිරාවරණය වූ මුහුණ හා දෙඅත් තවතවත් ශීතලයෙන් තවමින් හිරි නංවන සුළං රැළි නගරය පිස හමා එයි. හිරු තවමත් හරිහැටි පායාවිත් නැත. ශීතලෙන් තැවෙන දෙඅත් එකිනෙක මත පිරිමදිමින් මම දුම්රිය වේදිකාවේ රැඳී සිටියෙමි. වේලාව උදෑසන හයට පමණ වන්නට ඇත. හෝන්ස්බි බලා දිවෙන දුම්රිය තව මොහොතකින් වේදිකාවට සපැමිණෙනු ඇත.සිඩ්නියේ ජීවිතය වෙනත් අතකට හරවමින් ලැබුණු සිඩ්නි චෙස් ඇකඩමියේ රැකියාව සියලු කරදර මකා ...