139. නමුත් ඔයා ගුරුවරයෙක් නෙවෙයි. ගේ ඩෙනිම My Blue Jeans අද හැමෝම කියනවා මට නියමෙට චිත්‍ර අඳින්න පුලුවන් කියලා. ඔයාගෙ චිත්‍ර මම දැකලා තියෙනවා. ඇත්තෙන්ම ඒවා ලස්සන නෑ. හොඳ උත්සාහයක් කියලා කියන්න පුලුවන් වුනාට, ඒවා හොඳ නිර්මාණ කියලා කියන්න බෑ ඔයා මගෙ තාත්තා වුනත්. ඔයාගෙ චිත්‍ර මගෙ තරම් ලස්සන නැති වුනාට මාව චිත්‍ර ශිල්පියෙක් කලේ ඔයා කියලා ඔයා දන්නවද?මම අර අපි මුලින්ම හිටපු කුලී ගෙදර ඉස්තෝප්පු කෑල්ලේ බිම වැතිරිලා ඇඳපු ...
63. මළා හා සමානයි. / Playing Dead. ගේ ඩෙනිම My Blue Jeans වෙලාව උදේ 8.15යි. මම තාම ඇඳේ. හරි නම් මට නැගිටින්න තිබුනේ මීට පැයකට කලින්. නමුත්, මම නෙමෙයි නැගිට්ටේ. දැන් ඔයාලට කුතුහලය නේ ඒ ඇයි කියලා දැන ගන්න? දන්නවද ඇයි කියලා? වෙන මොකුත් නෙවෙයි.මම මැරිලා.ම්ම්ම්ම්... ඇත්තටම නෙවෙයි. මම ඉස්කෝලෙ කට් කරන්න ඕනෙ නිසා මැරිලා වගෙ රඟපානවා. විතරයි.මට පුලුවන් වුනොත්, මොන ජාතියෙන් හරි, මම මැරිලා කියලා අම්මටයි තාත්තටයි ඒත්තු ගන්නාගන්න, ඒක ඉතිහාසයේම ...
62. ව්‍යායාම පිස්සෝ Health Nuts and Exercise Fanatics! ගේ ඩෙනිම My Blue Jeans ඔන්න මේ දැනුයි මම ස්ටේඩියම් එකේ ඉඳලා ආවේ. දැන් මේක නයෙක් කියලා උඹලා හිතනවා නම්, මට කරන්ඩ දෙයක් නෑ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ. මං ඔය පොඩි කාලෙ ඉඳං එක්සසයිස් කරනවා කිව්වම, හැම එකාම අහන දේ තමයි, "ඉතිං යකෝ කෝ උඹ ඔච්චර නැහිලා හදා ගත්ත ඇඟ?" කියලා. මම ඉතින් ඔව්වට මොකුත් කියන්න යන්නේ නෑ බං, මෝඩයොත් එක්ක තර්ක කොරලා වැඩක් ...
101. ඩූඩ් + හනී බනී Love story ගේ ඩෙනිම My Blue Jeans අක්කයි මල්ලියි"අයියලා පහළොව ගෙදර ඉන්නවද?"වැටට උඩින් ඔලුව දැමූ අල්ලපු ගෙදර ඇත්තී මිදුළේ රිය නතරකර ඉන් බැස ගත් මගෙන් ඇසුවාය. "ම්ම්ම් ඇයි ඒ මොකක්ද විශේෂය?"වෑන් රියේ යතුර සාක්කුවට ඔබන ගමන් මම ඇසුවෙමි."අපේ ගෙදර පාටියක් තියෙනවා. ඒකට ආරාධනා කරන්න." "ම්ම්ම්... පහළොව නේ? හප්පා එදාට අපි අර ගමන යන්න ඕනේ නේද දීපා? මම මිදුලේ සිටි බිරිඳගෙන ඇසුවෙම.ඇත්තෙන්ම අපි පහළොස්වෙනිදාට දුර ගමනක් යාමට සැලසුම් ...
69. මාරක කේක් වට්ටෝරුව 3 - Cake of Doom 3 ගේ ඩෙනිම My Blue Jeans දැන් ඔයා හොඳටම දුර්වල වෙලා, අමාරුවෙන්නේ ඉන්නේ ... ඊට පස්සෙ, ඔයා ගිලෙන්න ඔන්න-මෙන්න ඉන්නකොට ඔයා දකිනවානේ, තල්මසෙක්.මොනවා? මතක නෑ? එහෙනම්... මෙන්න පළවෙනි කොටස.මෙන්න දෙවෙනි කොටස. ඉතින් ඊට පස්සේ...* තල්මසා ඔයාව ගණන් ගන්නේ නැති නම්, යන්න 20ට.* තල්මසා ඔයාව ගිල දානවා නම්, යන්න 21 ට. 20.තල්මසා ඔයාව ගණන් ගන්නේ නෑ... ඌ ඔයාව පහුකරගෙන යනවා. ඒ වුනාට උගේ පිටිපස්සෙන් මතුවෙච්ච මෝරා, එහෙම ...
60. මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නෙ? ගේ ඩෙනිම My Blue Jeans මේක ජෙනියා කිව්ව කතාවක් කිව්වට වැඩක් නෑ මොකද කොමෙන්ට් දාන බුවාලා අනිවා කියන්නෙ ඕක මට වෙච්ච වැඩක් කියලනෙ. 'අනික, උඹ කොහොමද ඔච්චර විස්තර දන්නෙ, ඕක උනේ උඹට නෙවෙයි නම්' කියලා කියන්න කී දෙනෙක් කටවල් මැදගෙන බලාගෙන ඇත්ද?කමක් නෑ ඕනෙ එකක්.මෙන්න කතාව.කට්ටිය ෂොපිං පාරක් දාලා, තෝසෙ කඩයකුත් වන්දනාමාන කරගෙන, කොටුව හරහා ඇවිදගෙන යනවා. මේ තෝසෙ වලත් තියෙනවනෙ ආවේනික ගති ලක්ෂණ. තිබහ ...
89. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!” ගේ ඩෙනිම My Blue Jeans Dude the Superstar “අඩේ හෙන්රි උඹ කිව්ව බං සින්දු ටිකක් එදා රෑ…, අපේ ඉල නෑ හිනාවෙලා.” මාත් එක්ක, අම්පාරෙ නගරෙට මහියංගන පදියතලාව මාර්ගය සම්බන්ධ වෙන තැන, බාගෙට හිඳුනු ජලාශය ගාවා තිබ්බ දිග බංකුවක් උඩ වාඩිවෙලා හිටපු උමේෂ් කිව්වා.“මොන සින්දුද? මම කියන්නෙ මේ … කාගෙ සින්දුද?” දුම්වැටියක් උරමින් කකුල් දෙකම බංකුව උඩට අරං පහසු ඉරියව්වකින් හිටපු මම ඇහුවා.“ජෝතිපාලගෙ සින්දුලු බං.”“අනේ පලයං. ...
59. ක්ලීන් ස්වීප් ඉග්නේෂස් Clean Sweep Ignatius: Part 2 ගේ ඩෙනිම My Blue Jeans පළමු කොටස මෙතනින්...ජිනීවා වෙත ලඟාවීමෙන් අනතුරුව, අප්‍රකට හෝටලයක නවාතැන් ගත් ඉග්නේෂස් පැය අටක සුව නින්දක් ලැබීය. පසුදා උදෑසන ආහාර වේල ගන්නා ගමන්ම තමා නයිජීරියාවේදී කල ගවේශනයේදී සිය අත් අකුරින්ම පිළියෙල කරගෙන තිබූ බැංකු ලැයිස්තුව නැවත අධ්‍යයනය කලේය.ඔහුගේ හෝටල් කාමරයේ කවුලුවෙන්ද දිස් වූ, පටු මඟේ භාගයක්ම යටකර ඉදිකර තිබූ Gerber et Cie බැංකුවෙන්ම වැඩ ඇරඹීමට ඉග්නේෂස් තීරණය කලේය. හෝටලයෙන්ම දුරකථන අංකය ...
67. මාරක කේක් වට්ටෝරුව 1 - Cake of Doom 1 ගේ ඩෙනිම My Blue Jeans මාරක කේක් වට්ටෝරුව. Cake of DoomA choose your own baking adventureකේක් එක බේක් කර ගැනීම: ඔබට අවශ්‍ය සාර්ථකව අවසන්වන වට්ටෝරුවක්ද? නැතහොත් විනාශයෙන් අවසන් වන වට්ටෝරුවද? මේ කතාවෙදි එය තීරණය කරන්නේ වෙනින් කවුරුවත් නෙවෙයි . ඔබමයි.ඔබේ නම ඇන්ඩි. හෙට මව් වරුන්ගේ දිනය. හෙට උදෙන්ම අවදි වී, ඇයට කේක් එකක් ඔබම සාදා, ඇයව විශ්මයට පත් කිරීමට ඔබ අදහස් කරනවා. එකම ගැටළුව ඔබ ...
HELP! ඔන්න උඹලා උදව්වක් කරනව නම් වෙලාව! HELP! ගේ ඩෙනිම My Blue Jeans මගේ ඩෙනිමට අලුත් පෝස්ට් අප්ඩේට් නොවෙන ලෙඩක් හැදිලා.e-mail subscribe කරලා තියෙන අයට පෝස්ට් එක ගැන notification e mail එක එනවා.නමුත් Google Reader එකේ වත් බ්ලොග් රෝල් වල වත් අප්ඩේට් වෙන්නෙ නෑ.ඇත්තෙන්ම රීඩර් එකේ කෙසේ වෙතත් බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන එක නම් හෙනම ඇණයක්.මේ ප්‍රශ්ණෙ තියෙන නදිනි ඇතුලු කීප දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම සරත්, මී පැටියා ඇතුලු තව කීප දෙනෙක්ම ...
104. ලදුදෙ භංගවේවා! DOWN WITH SLR! සලංපෙසං සටනට මගේ ඩෙනිමේ සහය! ගේ ඩෙනිම My Blue Jeans නිවාඩු කාලේ කියන්නේ සංචාරයටම කැපවෙච්ච කාලයක්නේ. මේ නිවාඩු කාලෙත් අපි සතර දිග්බාගේ ඇවිදිනකොට දැකපු අමුතු ජාතියේ සටන් පාඨයක් අපේ ඇහැට යොමු වුනා. මේක උතුරු, උතුරු මැද, මධයම, වයඹ, දකුණු, බස්නාහිර වගේ හැම පළාතකම දකින්න ලැබුන නිසා අපි මේ ගැන කරුණු විමසපුවාම තමයි අපිට මේ පට්ට අසාධාරණේ ගැන දැනගන්න ලැබුනේ.පේරාදෙණිය හන්දියවටවලA9 මාර්ගයමුලදිම කවුද මේ සටන මෙහෙයවන සලංපෙසං කියලා හොයලා බලනකොට, "යකෝ ...
57. “දැන් ලඟයිද තාත්තෙ?” Part Two ගේ ඩෙනිම My Blue Jeans මට ඈතින් ඇහෙනවා එන්ජිමක ගුමු ගුමු හඬක්. මම මොකක් ගැනද මේ කතා කරන්නෙ කියලා නොතේරෙනවා නම්, මෙතන කොටලා, “දැන් ලඟද තාත්තෙ?” පළවෙනි කොටස කියවලාම එමුකො. ආහා!!! මම බලනවා මගෙ අත් ඔරලෝසුව දිහා. ඒ ගොල්ලනට එහෙනම්, විනාඩි පහලොවක්ම ගියා පරාජය බාර අරන්, ආපහු මාව ගන්න එන්න, ආ? මේකෙන් මට ඉගෙන ගන්න තියෙනවා හොඳ පාඩමක්! නමුත් දැන් දැන්, ඒ එන්ජිමේ ගුමු ගුමුව, ...
125.හොටු! SNOT ගේ ඩෙනිම My Blue Jeans වාරණයෙන් තොර සිතුවිලි.'පට්ට කම්මැලියි' කියන එකේ 'පට්ට' කෑල්ල ලියනකොට මට තේරෙනවා ලොකු, රවුම්, දොඹ ඇස් ගෙඩි දෙකක් මා දිහාට එල්ල වෙලා තියෙන බව. ඒ ඇස් දෙක අයිති ස්ටැලක්ටයිට්ට. මම 'කම්මැලියි' කියලා ලියනකොට ඒ ඇස් මම ලියනදේ කියවන්න උත්සාහ කරනවා උඩුබැලි අතට.'මොන මගුලද ඕයි මම ලියන දේ කියවන්න හදන්නේ' කියන අදහස ගැබ්වුනු මරුමුස් බැල්මකින් මම ස්ටැලක්ටයිට් දිහා බලනවා. ස්ටැලක්ටටිට් වහාම ප්‍රශ්ණ ...
70. පලුප්පු මාතියා. the amazing journey of a torch bulb ගේ ඩෙනිම My Blue Jeans බලංගොඩ කුලී නිවසේ ඉස්තෝප්පුවෙ බිම පෙරලිලා, ටෝච් එක කෑලි කෑලි වලට ගලවමින් හිටිය කුඩා හෙන්රිබ්ලොග්වෝකර්, ටෝච් බල්බ් එක කටේ දාගත්තෙ මොන එකකටද කියන දෙයියෝ තමයි දන්නෙ. කොහොම හරි, බල්බ් එක දිවෙන් පෙරලමින්, ටෝච් එකේ පිටිපස්සෙ මූඩියේ ස්ප්‍රිං එක එලියට අදින කොටම, අත වැදිලා එක බැටරි කෑල්ලක් රෝල් වේගන, රෝල් වේගන ඈතට ගියා. බ්ලොග්වෝකරුත් බැටරිය පස්සෙන් රෝල් වේගන, රෝල් වේගන, ගිහින් ...
68. මාරක කේක් වට්ටෝරුව 2 - Cake of Doom 2 ගේ ඩෙනිම My Blue Jeans මේ කතාව කියවනකොට ඔය තියෙන උපදෙස් අනුව එක පාරක විතරක් යන්න ඕනෙ නෑ. ඔය තියෙන විදියට කියවාගෙන යන්න. එතකොට මොකුත් මිස් වෙන්නෙත් නෑ. අනික එහෙම කියෙව්වාම තමයි ගතිය. රතු පාට කොටස කියවලා ඉවර වෙනකොට අමතක වුනොත් විතරක් උඩ තියෙන හයිලයිට් කරපු තැනට ගිහින් බලන්න. මම හිතන්නේ නෑ එච්චරටම අමතක වෙන අය ඉඳී කියලා. :Dඔයා අන්තිමට කලේ ඔලුව අත් දෙකෙන්ම බදාගෙන ...
98. පොරොන්දුව Licked! ගේ ඩෙනිම My Blue Jeans මේ ඔබ මේ බ්ලොග් අඩවියෙන් කියවන තුන්වෙනි පෝල් ජෙනිංස් කතාව. මතක ඇති ඔබටහොර ඇල්ලීම Exposerඑතකොට...ඈක්කා!!!!!!! A Mouthful! ඒ එක්කම, ඔබ 'ඈක්කා!!!!!!!' කතාව කියවලා අප්පිරියා හිතුන කෙනෙක් නම්, කරුණාකරලා, මේ කතාව කියවන එක මෙතනින්ම නවත්තන්න. ඒක මතක නැතිනම්, ගිහින් කියවලාම එන්න. ඒ කොහොම වෙතත් ඔබ මේ කතාව කෑම කන ගමන් කියවීම නම් මම අනුමත කරන්නෙම නැති බව කියන්නම ඕනෙ. ◙ ◙ ...
72. මාලු කඩේ කතාවක්. At the Fish Market ගේ ඩෙනිම My Blue Jeans ඒ මම කොට අදින ඉස්කෝලෙ උගන්නන කාලේ. චිත්‍ර ඉගැන්නුවෙ නාලන්ද කියලා අනවර්ත නාමයක් තිබ්බ බුවෙක්. නේරු කිව්වම සරනේරුද කියලා අහන්නෙ පොර තමයි. මියුරල් හෙම ලෙසටම කරනවා. ඔන්න ඉස්කෝලෙ බිත්තියෙත් එකක් කරල තියෙනව මම දැක්කා ගිය වෙලාවක.මොකක්දෝ දානෙකට මාලු ගන්න, පොර තව බුවෙක් එක්ක ගිහින් පට්ට පාන්දර මාලු මාකට් එකට. (කොයි එකටද කියලා අහන්න එපා, කියන්නෙ නෑ) බලන බලන පැත්තෙ ඉන්නෙ ...
75. අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි. Dude's Wisecracks ගේ ඩෙනිම My Blue Jeans දැන් අපි අපේ ළමයින්ට පළතුරු කවන්න පුදුමාකාර සටනක් දෙනවනෙ. එයාලා පළතුරු ඇරෙන්න ඕනැම කෘතිම ආහාරයක්, තුන් වේලටම රස කර කර කයි, ඉඩ දෙනවා නම්. පොටේටෝ චිප්ස්ද, ෆ්‍රයිස්ද, ටිපි ටිප්ද, කොකා කෝලාද, රෙඩ් බුල්ද ඕනැ එකක්, ඕනැ වෙලාවක ඔට්ටුයි. නමුත් පළතුරු අනිවාර්ය කරලා තියෙන නිසා, වැඳලා වගෙ තමයි කවා ගන්න වෙලා තියෙන්නෙ. ඇහැ ගහගෙන හිටියෙ නැත්තම්, ශීතකරණයෙ හංගන්න බලනවා. කෑ ගැහුවම ...
53. ඩයට් කෙරුවාව ගැන ඔබ (නො)දත් දේ. ගේ ඩෙනිම My Blue Jeans ආතතිය අඩු කරන ආහාර සැලැස්මක් / STRESS DIET.උදෑසන ආහාරය:දොඩම් ගෙඩියකින් භාගයක්කර කරන ලද දුඹුරු පාන් පෙත්තක්යොදය ඉවත් කරන ලද කිරි මිලී 300ක්කැෆේන් රහිත කෝපි.දිවා ආහාරය:ග්‍රිල් කරන ලද කුකුල් මස් ග්‍රෑම් 80ක්වාෂ්පයෙන් තම්බන ලද කැරට් අලයක්ග්රීන් ටී හෝ කොල කැඳ කෝප්පයක්චොක්ලට් ආලේපිත වේෆර් විස්කෝතු එකයි.සවස තේ වේල:චොක්ලට් ආලේපිත වේෆර් විස්කෝතු වල ඉතිරියඅයිස්ක්රීම් ලීටර් එකයි.වටලප්පන් හෝ කිතුල් පැණි සමග කිරි හට්ටියක්.රාත්‍රී ...
97. දකුණු කකුලෙ ගෙඩිය නැව් භාෂාවෙන් ගේ ඩෙනිම My Blue Jeans Drawn with mouse on MS Paint.මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ පළ වෙච්ච මේ කතාව මට මේ හදිස්සියෙම මතක් වෙන්න හේතුව, මේ කතා නායකයා වන මගේ මචං කාරයා අද හවස දුරකථනෙන් කතාකල නිසයි. ඔන්න කියන්න ගිය කතාව ඒ ආකාරයෙන්ම, ඇති සැටියෙන්ම.කුරුළු හමුදාවෙ තදයෙක් වන මගෙ මචං කාරයා අජ්ජා, කුරුල්ලෙක් වෙන්න කලින් නැවක වැඩ කලා. මේක ඒ කාලෙ වෙච්ච සීන් කෝන් එකක්.අජ්ජා ...