දැනගෙන ගියොත් කතරගම... නොදැන ගියොත් අතරමග! හතර වටේ ඉකුත් සතිඅන්තයේ මට කතරගම සංචාරය කිරීමට අවස්ථාව ලැබුනා. හදිස්සියේ යෙදුන ගමනක් නිසා ගොඩක් තැන්වල යන්නටවත් බොහෝ තොරතුරු රැස් කරන්නටවත් අවස්ථාවක් ලැබුනෙ නෑ. නමුත් ඒ කෙටි සංචාරයේ අත්දැකීම මගේ බ්ලොග් රසිකයන් අතර මේ විදියට බෙදාගන්න හිතුවා.කොලඹ ඉඳන් කතරගමට යා හැකි ප්‍රධාන මාර්ග 2ක් තියෙනවා.රත්නපුර හරහා230km ක් පමණ වූ මේ මාර්ගයේ යන්නේ නම්, හොරණ හෝ අවිස්සාවේල්ල හරහා රත්නපුරයට පැමිණිය යුතු වෙනවා. එතැනින් ...
යටත්විජිත සමයේ විමුක්ති අරගල හතර වටේ මෙම ලිපිය කියවන ඔබ වයස අවුරුදු 64 ඉක්මවා නැතැයි උපකල්පනය කලහොත්, ඔබත් මා මෙන්ම නිදහසින් පසු ඉපදී ඇත්තෙක්ය. යටත්විජිත්වාදයේ අත්දැකීම් ඔබටත් මටත් නැත. නමුත් මේ ලක් පොලව වසර 424 ක පමණ කාලයක් විවිධ ජාතීන්වල යටත් විජිතයක්ව පැවතිබව ඔබ අමතක කල යුතු නැත. වසර 153ක් පෘතුගීසීනුත් වසර 138ක් ලන්දේසීනුත් තවත් වසර 133ක් ඉංග්‍රීසීනුත් යටතේ ලංකාව පාලනය වී ඇත. එම සියවස් හතරකට ...
දිය කැපීමේ චාරිත්‍රය හතර වටේ අපේ ගමේ පංසලේ පෙරහැර මංගල්‍යය ගිය සතියේ තිබුනා. පංසලේ නම "පුලිනථලාරාමය". පිහිටල තියෙන්නෙ රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ. ඕනෑම පෙරහැර මංගල්‍යයක් අවසාන වෙන්නෙ දිය කැපීමේ චාරිත්‍රයෙන්. පෙරහැරට වගේම පෙරහැරට පසුදා උදේ දිය කැපීමේ චාරිත්‍රයටත් සහභාගීවීමේ දුර්ලභ අවස්ථාවක් මට හිමි වුනා. ඒ අවස්ථාවට අදාල ඡායාරූප කීපයක් ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා.චාරිත්‍රය සිදුකෙරුනේ බොල්ගොඩ වැවේ. මුලින්ම දේවාලයේ චාරිත්‍ර කීපයක් සිදුකරල, පෙරහැරකින් වැවට ආවෙ ...
තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු! හතර වටේ ඔබ විධායක ශ්‍රේණියේ රැකියාවක හෝ ව්‍යාපාරික ක්ෂේත්රයේ නිරත අයෙක් නම්, බොහෝ විට තරු පංතියේ හෝටල්වල භෝජන සංග්‍රහ වලට ආරාධනා ලැබෙනවා. කුමක් හෝ විශේෂ දවසක, පවුලේ අය සමඟ මෙවැනි හෝටලයකින් ආහාර ගන්නා අයත් ඕනෑ තරම් ඉන්නවා. ඒසේත් නැත්නම් අඩුම තරමින් හිතවතෙකුගේ විවාහ උත්සවයකදීවත් ඔබ තරු පංතියේ හෝටලයකින් ආහාර ගන්න ඇති.ඔබ දන්නවාද.. එවැනි හෝටල්වල, ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ පිලිගත් සම්ප්‍රදායන් තිබෙන බව? ...
රජෙකුගේ දවසක් හතර වටේ පුරාණ ලංකාවේ රජෙකුගේ දෛනික කාලසටහන මොන ආකාර වන්නට ඇත්ද?ඒ පිලිබඳ කරුණු සොයාබැලීමේදී "කඳවුරු සිරිත" නම් අපූරු ග්රන්ථයක් හමුවෙනවා. එම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ II වන පරාක්‍රමබාහු රජතුමාගේ දින චරියාවයි. II වන පරාක්‍රමබාහු යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන නමක්. දඹදෙනිය රාජධානිය කරගනිමින්, ක්‍රි.ව. 1236 සිට ක්‍රි.ව. 1270 දක්වා වසර 34ක් රජකම් කල මෙතුමා තම පාලනකාලය තුලදී කාලිංගමාඝ, චන්ද්‍රභානු වැන්නන්ගේ විදේශ ආක්රමණවලට ...
මනුස්සකම හතර වටේ මාතෘකාව 'මනුස්සකම' වුවත් මේ ලිපිය වෙනත් දෙයක් ගැනයි. එසේනම් මේවගේ මාතෘකාවක් දැම්මේ ඇයි? ඔබේ අවබෝධ ශක්තිය හොඳ නම් ලිපිය අවසානයේ එයට උත්තරයක් ලැබේවි.ඔබ ජීවිතයේ ඕනෑතරම් දේ පරිත්‍යාග කරල ඇති. ඒ පිනෙන් ඔබ නොයෙක් ලෞකික සැප බලාපොරොත්තු වෙන්න ඇති. එසේ නම් ඔබ කර ඇත්තේ සැබෑ පරිත්‍යාගයක් නොවේ.පරිත්‍යාගය නොඑසේනම්, දානය යනු අත්හැරීමයි. සැබෑ දානයක් අර්ථගැන්වෙන්නේ ධාර්මිකව උපයාගත් දෙයක්, අත්හැරීමේ චේතනාවෙන් හා කිසිඳු ...