ලංකාවේ හොදම විකට චිත්‍රපටය මොකක්ද? වන වදුල මාතෘකාව දැක්ක ගමන් ගොඩක් අය කියාවි “කොළඹ සන්නිය“ නේ කියලා. තව අය කියාවි අල්ලපු ගෙදර, රෑ දැනියල් දවල් මිගෙල්, කොලොම්පූර්ර්, වගේ එක එක.ඒත් මේවයෙන් ගොඩක් අය දන්නෙ නැති ලස්සන චිත්‍රපටයක් තියනවා. මම හිතන විදියට ඒක “ඇර සොයියා“ (ara soyza). කට්ටිය කිව්වොත් මේක නෙවී “කොළඹ සන්නිය“ කියල එහෙනම් ඒහා සමානම විකට චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්. මේකේ අපේ විකට රජා ෆ්‍රෙඩී සිල්වා, ...
විස්සයි විස්සේ... විස්සයි විස්සේ... වන වදුල මේන්න විස්සයි විස්සේ... ලෝක කුසලානයේ කොමඩි ස්ටාර් කතා ටික... හිනා වෙලාම දවස පටන් ගමු සුභ දවසක්!
කෙල්ලෙක්ගෙන් බූට් ද? වන වදුල මේකෙ අවස්තාව ඉතින් කොහොම එකක්ද කියල දන්නෙ නෑ. හැබැයි බූට් එකක් කාලා බෝතලයක්ම ගහල සූර්වෙලා බීච් එකේ තනියෙන් ෆන් එකක් ගන්න කෙනෙකුගෙ කියල වගේ තමා හිතෙන්නෙ.. (ගිටාර් පාර්ට් එක නැත්තං ). ඔන්න ගොඩක් දෙනෙක් බලල තියන එක රසවිද්න්නකො ඔක්කොම. අදහස නම් සුපිරී!!! මේක උඩුගත කරපු ලක්ෂාන් ෆර්නෑන්ඩු සහෝදරයාටත් ස්තූතිය. මේකේ සම්පූර්ණයෙන්ම නැතිනම් එහෙම එකක් තියනවානම් තියෙන කෙනෙක් පුලුවන්නම් කියන්න. ...
වාහානයට ඉන්ධන පුරවද්දී! වන වදුල ඉන්ධන පිරවුම් හල් වලින් සේවකයෝ, හාම්පුත්තු එක්ක ඉන්ධන ලබා දෙනකොට හොර වැඩ කරන විදි කොතෙකුත් අසා ඇති මේ මගේ අත්දැකීමක්,,සති කිහිපයකට කලින් මම ඉන්ධන පිරවීම් හලකට ගියා ගිහින් රුපියල් 1000ක ප්රෙට්රල් ගහන්න කියලා රුපියල් 1000 දුන්නා. ඒක ගත්ත මනුස්සයත් සල්ලි අරගෙන පොම්පයට ගිහින් මුදල් ගණන යන්ත්‍රයේ සටහන් කලා. ඒක පෙනුනෙ 1000ක් විදියට. කරලා පොම්පයෙන් ඉන්ධන පිරවීම කලා. යට තිබෙන Liter ...
megavideo.com වෙනුවට? වන වදුල මේ අවුරුද්දෙ මුල් කාලයේදීම අපි අන්තර් ජාලයේ දිගු වීඩියෝ පට සම්පූර්ණයෙන්ම බල බල හිටපු megavideo.com අඩවිය ඇමරිකාණු රජයෙන් තහනම් කලා ඒ විතරක් නෙවී අයිතිකාරයාව අත්අඩංගුවට ගත්තා. ඊට පස්සෙ megavideo.com හා සම්බන්ධව තිබුණ අඩවි බොහෝමයක් අඩපණ වේගෙන ආවා.යූටියුබ් තිබුනත් ඒකෙ ගොඩක් වෙලාවට වීඩියෝ කොටස් වලින් තියන නිසා (දැන් නම් එහෙහම නැහැ) ඒකෙ දිගු වීඩියෝ බලන්නෙ නැහැ.megavideo.com අඩවියේ කර්තව්‍ය කරන්න ඒකාලෙත් ගොඩක් ...
“ස“ ප්‍රසංගය වන වදුල ගොඩක් කාර්ය බහුලත්වයයි ටිකට් හොයාගන්න බැරිවුන නිසයි මට අන්තිමට පවත්වපු වික්ටර් රත්නායකයන්ගේ “ස“ ප්‍රසංගය බලන්න යන්න බැරිවුනා. අන්තිම එක නෙවී ඕනෙ කමක් තිබුනෙ නෑනේ ඉස්සර... ඒක නිසා එකම එකකටවත් යන්න බැරිවුනා. ඉතින් මේ අතපසු වීම ගොඩක් පසුතැවිල්ලට හේතුවක් වුනා. ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියල මම නිකමට යූ ටියුබයේ හොයල බැලුවා.වික්ටර් රත්නායකයන්ගේ 1400 වැනි සා ප්‍රසංගයේ වීඩියෝකුත් හම්බ වුනා. ...
නිර්මාංශ ආහාර වේලක්. වන වදුල අද කාලෙ ගෙවල් වල මස්, මාලු කෑම වේලකට නැති දවසක් නෑ. කොහොම උනත් මේ මස් මාලු කැවිල්ල ශරීර සෞඛ්‍යයටත් හොද මදී නෙ. නාගරිකව ඉන්න අයටනම් ඉතින් ලේසිම මේ මස් මාලු හදල කන එක තමා. අම්මත් ඇහුවොත් අපි කියන්නෙ “හදන දෙයක් හදන්න“ කියලා. ඒක අම්මලටම පවරනවා. මස් මාලු නොකන ගෙදරකනම් මේ කතන්දරය එච්චර ප්‍රශ්නයක් නැහැ.කන බොන දේවල් ගොඩක් වේල් වලදි එකම ...
යාල ජාතික උද්‍යානය සමාගම් 4කට බදු දෙයි වන සතුන් ගේ මස්වලින් බාබකිව් (විදුසර) වන වදුල කරුණාකර සම්පූර්ණ ලිපිය සඳහා මේ සබැඳියෙන් පිවිසෙන්න. (විදුසර 2012 සැප්තැම්බර් 12 කලාපය)http://www.vidusara.com/2012/09/12/news.htmlයාල ජාතික වනෝද්‍යානය (ඡායාරූපය dunhindauva.blogspot.com අඩවියෙන්) මුලින්ම සමා වෙන්න පුවතක් කොපි කරනවාට. ඒත් මේක අන්තර්ජාලයේ මිතුරෝ දැනගත්න ඕන දෙයක් නිසා දාන්නෙ. පරිසරයට, ගහකොලට හා සතා සීපාවාට ආදරය කරන සියලු දෙනාම මේ විදියේ වැඩ අනුමත කරන්නෙ නැති බව දන්නවා. මේ පුවත පලවුනේ විදුසර සඟරාවේ නිසා ගොඩක් අය මේ ගැන දන්නවාද ...
ගූගල් ෆ්‍රෙන්ඩ් කනෙක්ට් ද? ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් කනෙක්ට් ද? වන වදුල බ්ලොග් ලියන කියන සහෝදර සහෝදරියො නම් තම තමන්ගෙ බ්ලොග් වල මිතුරු මිතුරියන් එකතුවට එක එක වෙබ් සේවාවන් භාවිත කරනවා. මම මුලින්ම භාවිත කලේ ෆේස් බුක් ෆ්‍රෙන්ඩ් කනෙක්ට් ප්ලගිනය ( facebook friend connect ). ඒත් ටික කාලයක් යත්දි තේරුනා මිතුරු බ්ලොග් වලට සම්බන්ධවෙන්නෙ ඒ අවස්ථාවේ ඔන්ලයින් ඉන්නා අන්තර් ජාල ගිණුම අනුව බව. අනෙක තමා ගූගල් ෆ්‍රෙන්ඩ් කනෙක්ට් ( google friend connect ...
ජුරාසික් පාර්ක් 4 වන වදුල මෑත චිත්‍රපට ලෝකයේ විශේෂයෙන්ම ලාංකීය අපිට පෙරලිකාරම චිත්‍රපටයක් වූයේ ජුරාසික් පාර්ක් චිත්‍රපටයයි. ස්ටීවන් ස්පිල්බර්ග් මහතාගේ විශීෂ්ඨ අධ්‍යක්ෂනයක් වූ එය එවකට චිත්‍රපට ලෝකයම උඩුයටිකරු කලා මතකය. imdb චිත්‍රපට තත්ව දර්ශකයේ දැනටත් 8.0 ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබාගනීමටත්, එදා සිට අද දක්වා box office දර්ශකයේ 22 තැනටද පත්වී තිබේ.විද්‍යා ප්‍රබන්ධයක් ලෙස එවකට ඉහලම තාක්ෂණයෙන් නිපදවූ එහි ලෝකයේ බිහිවී සිටි ඩයිනෝසෝරයන්ගේ කාලය ජීවමාන කිරීමට සමත්විය. ...
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන වදුල ඒ 2009 වසරේ මුල් අවධියයි. පරිඝනක ආශ්රිත රැකියාවල නියුතු, අන්තර්ජාලය භාවිතා කරන ඔබ අප සියලු දෙනා උදෙන්ම පරිඝනකයේ පිවිසෙන අඩවියක් වුයේය.තැන තැන බස්වල, කෝච්චි වල, වානහ වල, බෝම්බ පිපිරුණ කාලකයක, හැම දෙනාම විමසිලිමත් කාලයක මේ තොරතුරු එසැනින් නිවැරදිව අප සොයා ගිය එක් අඩවියක් විය,කුරිරු හිත් පිත් නැති ත්රස්තවාදයේ අවසන් හුස්ම පොද ගුවනට මුසුවෙමින් පැවති කාලයේ සියලු දෙනා නිවැරදිව පුවත් දැනගැනීමට ...
බ්ලොගයෙන් ඔබට, වන වදුල මම බ්ලොගය පටන් අරන් දැනට සති මාස 1 /12 විතර ඇති. බ්ලොග් සිංන්ඩි වල දාලා කමෙන්ට් එනකොට හරිම සතුටක් දැනෙනවා. බ්ලොගය පටන් අරගෙන පොඩි කාලයක් උනත් මම සිංහල බ්ලොග් පටන් ගත් අවධියේ සිටම බ්ලොග් ආසාවෙන් කියවූවා. ඒ ආසාවම මටද බ්ලොගක් කිරීමට මග පෑදුවා. ඒ වගේම අපි වෙනුවෙන් අන්තර්ජාතලයේ පිටුවක් තියන එකත් අපේ අදහස් විවෘතව හෝ නොමැතිව කියන්න පුලුවන් අපේ නියෝජනයක් ...
යූ ටියුබ් සබ්ටයිටල් (උපශීර්ෂ පාඨ) භාගත කරමු. වන වදුල බ්ලොග් එක හදල ටිකක කාලයක් හිටියා. මොන සින්ඩිවල ප්‍රචාරය වෙනවද දන්නෑ. සිංහල බ්ලොගර්ස්, කොත්තු, සින්ඩිය කියන තුනටම රික්වෙස්ට් යැව්වා. තාම නම් ප්‍රතිචාර නෑ වගේ.ජාලයේ සැරිසරන සමහර මිතුරන් කැමති පරණ විදෙස් චිත්‍රපට, නාට්‍ය, යන ඕනෑම එකක් කතා අමාරුවෙන් හොයාගෙන භාගත කරගත්තත් ඒවායේ උපශීර්ෂ නැත්තනම් සබ්ටයිටල් හොයාගන්න අමාරුනේ.. මම නම් හොයලා, හොයලා හොයාගන්නම බැරි වුනොත් දැන් යන්නෙ යූටියුබයට, ඒ වාගේම english නොවන ...
හොලිවුඩ් , බොලිවුඩ් හා කොලිවුඩ් සිනමාපට වලට කොටුවී සිටි අයට නැවුම් අත්දැකීමක්! වන වදුල අපි ගොඩක් දෙනා චිත්‍රපටි බලනවනම් බලනේනෙ සිංහල, දෙමල, ඉංග්‍රීසි හෝ හින්දි. වන වදුල ගොඩක්ම ප්‍රිය කරන චිත්‍රපට තමයි විද්‍යා ප්‍රබන්ධ. ඉතින් විද්‍යා ප්‍රබන්ධ ගොඩක්ම නිපදවන්නෙ ඉංග්‍රීසි චිත්‍රපට සමග නිසා හොයන්නෙම ගොඩක්ම ඒවා විතරයි. අනිත් වර්ගය විකට. ඒවත් හොද ඒවා හම්බ වෙන්නෙ කාලෙකින්. බලලම ඉංග්‍රීසි විද්‍යා ප්‍රබන්ධ ච්ත්‍රපට ඉවර වුන නිසා, වෙනත් භාෂාවක් තියන චිත්‍රපට imdb චිත්‍රපට දත්ත ගබඩාවෙත් බැලුවා. ඒකෙන් ...
සජීවීව ලිපි කියවන මිතුරන් ගණනය කරන සරළම සිංහල විජට්ටුවක් වන වදුල මේ පහසුකම මට හම්බවුන සංස්කරණයට පහසුම කේත ඇති අඩවියයි. මුලින්ම මේ අඩවිය තිබෙන්නේ පෘතුගීසි ( Portuguese ) වලින් ඒ නිසා මේ අඩවිය ගූගල් Translate වලින් ඉංග්‍රීසි වලට පරිවර්ථනය කරගන්න. මෙම ලින්ක් එක මගින් ඉංග්‍රීසි වලට පරිවර්තනය කල අඩවියටම ඔබට පිවිසිය හැකියි. see linkදැන් ඔබේ අවශ්‍ය තාවය පරිදි එහි ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න. ඔබගේ අඩවියේ ලිපිනය දුන් සැනින් එහි කේතය ...
යූ ටියුබ් බ්ලැක් ප්ලේයර්. වන වදුල දෙවනි පෝස්ට් එකත් යූ ටියුබ් ගැන. අන්තර්ජාලයේ යූ ටියුබ් සේවාව වීඩියෝ සම්බන්ධයෙන් විශාල සේවාවවක් කරන එක ගැන කතා දෙකක් නැහැනේ. ඒත් යූටියුබ් වල සේවාවේ පොඩි පොඩි අතපසුවීම් නැතුවාම නොවේ. අද මේ කියන්න යන්නෙ, අපිට full screen මෝඩ් එකේදී youtube වලින් තිරය කුඩා හෝ අවශ්‍ය ප්‍රමාණයකට කුඩා කරගත හැකි ක්‍රමයක් ගැනයි. විශේෂයෙන් අඩු අන්තර්ජාල දාරිතාවයෙන් තියෙන කොට අපි තොරගන්නෙ කුඩා වීඩියෝ ...
පළමු ලිපිය වන වදුල ගොඩක් ආසාවෙන් පටන් ගත්ත බ්ලොග් එක. ආයෙ අතාරින්න හිතක් නෑ ඕන්. මම රුවන්. රැකියාව වෙබ් අංශයේම තමා. ගම මොරටුව.බ්ලොග් අඩවියට වන වදුල කියල දැම්මෙ පරිඝනකයේ එබිලාම ඉන්න අපිට, නාගරික සීමාවේ වෙහෙසින් විඩාපත් අයට ඉතාමත්ම ආසාම දෙයක් පරිසරය, ස්වාභාවික දේවල්, ඇල, දොල, ගංගා වනාන්තර වගේ හිත නිවන දේවල් නිසා. මේ බ්ලොගය නිර්මාණය කරන්න මට ටික කාලයක් ගන්න උනා. ඒත් අද මම ...