මොකක්ද මේ ඩයිසයන්ඩයියමයිඩ් dicyandiamide (DCD) කේස් එක? Scientific Sri Lankan දිවත් පැටලෙනවා නේ කියවනකොට, අපි කෙටියෙන් ඩීසීඩී (DCD) කියමුකෝ. ඩීසීඩී ගැන කෙටියෙන් කියනවානම් ඒක සයන්ඩයියමයිඩ් දෙකක එකතුවක්! එතකොට සයන්ඩයියමයිඩ් කියන්නේ? මේක කෙලවරක් නැති පැහැදිලි කිරීමක් නේ. ඇත්තටම මේ ලිපියේ අරමුණ ඩීසීඩී ගැන ඔයාලට උගන්වන්න නොවේ මේ කේස් එක ගැන මට තේරෙන සත්‍යය ඔයාලාට කියාදෙන්නයි. ඩයිසයන්ඩයියමයිඩ් (dicyandiamide) ෆොන්ටෙරා කිරිවලට ආවේ හරිතාගාර වායු නිකුත්වීම අඩුකරන්න සෙමෙන් ක්‍රියාකරන පොහොරක් ලෙස මේවා ඔවුන්ගේ තණ ...
ඉංග්‍රිසි බැරි නිසා සැගවෙන අයින්ස්ටයිලා Scientific Sri Lankan (එන්නතකට බයේ සැගවෙන දරුවා, ඉංග්‍රිසීයට බය අයත් මුලුගැන්වෙන්නේ මේවගේ යැයි මට සිතුනා )මම පහුගිය සතියේ චීනයේ බෙයිජින් නුවර උත්පේරක පිලිබද ජාත්‍යන්තර සමුලුවකට සහභාගී උනේ එවැනි සමුලුවක කරන මගේ කුලුදුල් දේශණය පවත්වන්න. ඒකට ඇමරිකාව, බටහිර යුරෝපය ප්රමුඛ රටවල් වලින් මෙන්ම සත්කාරක රට වන චීනයෙනුත් විශාල පිරිසක් සහභාගී උනා. මම මෙහිදී දුටු දෙයක් නම් චීන්නුන්ගේ පර්යේෂනවල තිබෙන දැවැන්ත ඉදිරිගාමී බව හා ...
සොච්චමකින් පර්යේශන කරන්න පුලුවන්ද? Scientific Sri Lankan මම ලංකාවන් ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් වෙනවා. ඒ කාලේ නම් විද්‍යා පශ්චාත් උපාධි පර්යේශනයක භාන්ඩ හා උපකරන සදහා අවුරුදු දෙක සදහා නිකුත් කරන්නේ ලක්ශ 3කට අඩු ප්‍රමානයක්. පර්යේශන කියන්නේ බිස්නස් වගේ කරපු ගමන් හරියන හා හරියායුතු දෙයක් නොවේ. උපකල්පිතය සැබැවක්ද යන්න තීරණය කිරීමට මහත් වෙහෙසක් ගන්න සිද්ද වෙනවා. මේ වගේ අවම පර්මාණයකින් ලොකු අවදානමක් අරගෙන තමයි අපේ පශ්චාත් පර්යේශණ ව්‍යාපෘති ...
විද්‍යාව බොරුවක් කියා කියන්නට පුලුවන්ද? Scientific Sri Lankan විද්‍යාව සර්ව් සම්පූර්ණ නැතැයි යමෙක් කියයිද, ඔහු අත්පොලසන් දී පිලිගැනීමට පෙල ගැසී සිටින්නෙකි මා. එය පරිපූර්ණත්වය කරා යන ගමනකි. විශ්වය අවබෝධ කරගනිමින් ඉදිරියට යන ගමනකි. පුද්ගල මතවාද නොව බහුතරයකගේ අධීක්ෂණයකින් යුතුව ඉදිරියට යන ගමනකි. (මෙහි පැහැදිලිවම බලවත් රාජ්‍යයන්ගේ හා ජාතීන්ගේ ආධිපත්‍යයන් ඇත. නමුත් එය විද්‍යාවේ සත්‍ය අසත්‍ය පිලිබිබු කරන සාධකයක් නොවන්නේය. ) නිවුටන්ගේ නියම තුන ඉතා සරලය. එය සුදුසුකම් නැති ...
පානීය ජලයට ජාතික සැලසුමක් අවශ්‍යයයි Scientific Sri Lankan වැලිවේරිය පැත්තේ පානීය ජලය වෙනුවෙන් උද්ගෝෂණයක් කරලා දෙපැත්තම සීමාවන් ඉක්මවන්න ගිහින් කොහේවත් හිටපු අහිංසකයෝ කිහිපදෙනෙක් ඇතුලුව විරෝධතා කරුවන් පිරිසක් අද තුවාලවෙලා හෝ දිවියෙන් සමු අරන්. මේක එක තැනක මේ විදිහට අවාසනාවන්ත ලෙස මතු උනාට, ගොඩාක් තැන්වල අවාසනාවන්ත ලෙස යටපත්වෙලා ඔඩුදුවන ප්‍රශ්ණයක්. අපේ රටේ පානීය ජලය ලැබෙන ආකාර ගත්තොත්; ලොකු ලොකු කම්පනි හා යහමින් අතමිට තියන අය බෝතල් කල වතුර බොනවා, ...
උද්ගෝෂණයකට, රැලියකට හෝ රැස්වීමකට සහභාගී වූ හරිම ගණන Matlab ඇසුරෙන් ගණනය කරමු Scientific Sri Lankan අපේ රටේ වගේම ලෝකය පුරාම දැන් උද්ගෝෂණ රැල්ලක් පැතිර යනවා. සමහර ඒවානම් හරිම දරුණුයි, හරියට මේ දවස්වල ඊජිප්තුවේ එක වගේ ඒවා. තිස්තුන් කෝටියක් දෙවි පිහිටෙන් අපේ රටේ නම් එහෙම ඒවා ඇති නොවේවි. ඒත් අපේ රටෙත් උද්ගෝෂණ, රැලි හා රැස්වීම් එහෙම නම් අඩුනැහැනේ. හැබැයි මේ හැම එකකම පොඩි සමාන ලක්ෂණයක් තියෙනවා. ඒතමයි සහභාගී උන ගාන පිලිබද අඩු වැඩි වශයෙන් පැවසීම. රැලියට ...
සක්විත්තෝ නිසා බිද වැටෙන ශ්‍රීලාංකික ආයෝජන පන්නරය Scientific Sri Lankan සක්විති රනසිංහගේ වන්චාව පිලිබද අටුවා ටීකා ඇවැසිනැත. ආයෝජිත මුදලට ආකර්ෂණීය පොලියක් දෙන්නට ඉදිරිපත් වී අසරණයන් (මුදල් තිබූපමණින් මිනිසුන් අසරණ නොවන්නේම නොවේ) දහස් ගණනක් අනාත කරදැමුවේය. එයටත් වඩා බයානක වංචාවක් තිස්ස ප්‍රදේශයේ වාර්තාවී ඇත. මේවා පිරමීඩ පිරමීඩ කියමින් මහ බැංකුව අත සෝදා ගත්තද මේවා පිරමීඩ නොවේ. මෙවා අවංකව කරනවානම් නියම ආයෝජන ක්‍රමවේද වලට සමාන වේ. වාර්තාවෙන අන්දමට තිස්ස සිදුවී ඇති ...
ශිෂ්‍යත්ව විභාගයට කෙලවන්න හදන හරක් රැලක් Scientific Sri Lankan ශිෂ්‍යත්ව විභාගය ලමා මනසට බරක් බව මම එක හෙලා පිලිගන්නෙමි, එය මනසට පමණක් නොව ලමා දිවියටද තර්ජනයක් බවට අසමත්වූ සිසු දියණයක නිවසින් එලවීම හා ලකුණු අඩුවූ දරුවෙකු ස්තික්කයකින් පිලිස්සීමත් උදාහරන ලෙස දැක්විය හැක. නමුත් මේවා දඩමීමා කරගෙන මෙම විභාගය නැවත් වීමට යම් කිසි ජාතික ව්‍යාපාරයක් උත්සාහ කිරීම මම නම් සලකන්නේ සාමාන්‍ය පන්තියේ දක්ෂ දරුවන්න්ට යහපත් පාසලක් ලබාගැනීමට ඇති අවසාන හා ...
නොසිතන මිනිසා ඇන්දවීමට පහසුය Scientific Sri Lankan Samsung ආයතනයට ඩොලර් බිලියනයක් Apple ට ගෙවන්නට වූ බව බ්ලොග් කියවන අයට නම් රහසක් වන්නට බැරිය. අලුත්ම පුවත නම් ඔවුන් එය ගෙවූ ආකාරය පිලිබදව අන්තර්ජාලය තුල පැතිරෙන කතාවය. ඩොලර් සත පහේ කාසිවලින් එය ගෙවා දැමූ බවත් ට්‍රක් රත තිහකින් එය ගෙනා බවත් ඇපල් සමාගම මහත් කරදරයට පත් වූ බවත් එයින් කියැවුනි. බොරු ගොතා පල කොට පාඨකයින් ගෙන්වා ගන්නා අන්තර්ජාල සගරා ...
ජාමෙ බේරගෙන ඉංග්‍රීසි පාවිච්චි කරමු Scientific Sri Lankan (මෙම ලිපියේ නිමිත්ත, මෙම දොස්තර මහතා හදිස්සියේ අත්සන් කල ලිපියක් රටටම පෙනෙන්න වෙබ් අඩවියක පලවී ඇත. )මොන කරුමයක්ද දන්නේ නෑ ඉතින් ලංකාවේ ඉංග්‍රීසි භාෂාවට තියෙන්නේ මාර තැනක්ය. පරිගණකය හා අන්තර්ජාලය නිසා ඒකේ වටිනාකම තවත් වැඩිවී ඇත්තේ, බොහෝ හේතූන් අතර පරිගණකයට හා අන්තර්ජාලයට සිංහල ආදේශ කිරිමේදී පවතින ගැටලු නිසාවෙන් වත් විය හැක. කතාවේදී මෙන්ම ලිවීමේදීද ඉංග්‍රීසි ඉතා ප්රවේෂමින් බාවිත කලයුතුවී ...
නැගී එන වෙබ් අඩවි මත පිහිටවු මෘදුකාංග හා ආසියාවේ ඉරණම Scientific Sri Lankan යුරෝපියානුවන් හා ඇමරිකානුවන් අධ්‍යාපනික හා ව්‍යාපාර සදහා වූ මෘදුකාංග මිලදී ගන්නට වරක් දෙවරක් සිතමින් ලතවෙමින් ඉන්නා කාලේ අපි ඒවා හොරාට බාගෙන රසවින්දෙමු, ඒ වාගේ කෙල පැමිණියෙමු. සංකීර්ණ මෘදුකාංග වල පරිස්සමෙන් තෝරාගත් කොටස් පමනක් ඔවුන් මිලදී ගනිද්දී අපි සම්පූර්ණ පැකේජම බාගෙන පාවිච්චිකලෙමු. නමුත් අපේ රටවල්වල තොරතුරු තාක්ෂණ පඩියන්ටද නොතේරෙමින් අප වැටී ඇත්තේ මහා වලකය. මක් නිසාද මෙම වැඩ පිලිවෙලට කෙල වෙන ...
ලංකාවේ නව නිශ්පාදකයෝ - බොරු කාරයෝ, වැඩකට නැති දේ නිපදවන්නෝ හා සැබෑ නිපයුම් කරුවෝ. Scientific Sri Lankan මට තාමත් මතකයි, ලංකාවේ පත්තරවල නව නිශ්පාදනයක් හොයාගත් අයෙකු දුටුවිට මට ටෙලිපෝන් කරලා කියන කම් නිවනක් නැතුව හිටි අප්පච්චී. දැන්නම් එයා ඒවා කියන්නෙ නෑ. මොකද මම ගනන් ගන්නේ නැතිබව දන්න නිසා. මම එහෙම කලේ අප්ප්ච්චී එක්ක ප්‍රශ්ණයක් නිසා නොවේ, මේ නව නිපයුම් කරුවෝ කියාගන්න අයත් එක්ක තියෙන ප්‍රශ්ණයක් නිසා. කෙලින්ම කියනවානම් ලංකාවේ නව නිපයුම් කරුවන් වර්ග තුනකට වෙන් කරන්න ...
පසේ හෝ හාල්වල හෝ කොතැනක හෝ ඇති ආසනික් හා එවැනි රසායනික හදුනා ගන්නේ කෙසේද? Scientific Sri Lankan ආසනික් යනු කාර්මික අපද්‍රව්‍ය, හම් හා ලී පදම් කරන කර්මාන්ත, කෘමි හා වල් නාශක වැනි දේ නිසාවෙන් භූගත ජලයට හා පසට එක් විය හැකි මිනිසාට හානිකර රසායන අතරින් සුප්‍රසිද්ධ රසායනයකි. ආසනික් පමනක් නොව කැඩ්මියම් වැනි තවත් බොහෝදේ මෙවැනි අවදානම් අයුරින් පරිසරයට එක්වේ. ඉහත දැක්වූ අවදානම් පවතින ප්‍රදේශවල අවම තරමින් භූගත හා පරිභෝජනයට ලක්වන ජලය මෙවැනි රසායනිකයන් උදෙසා පරීක්ශා කරයුතුය.ආසනික් විසවු ...
ගුරුත්ව තරංග - හැකිතාක් සරලව සිංහලෙන් Scientific Sri Lankan පෙබරවාරි 11 රාත්‍රියේ ලොව බොහෝමයක් දෙනා බලාසිටි නිවේදනයක් අන්තර්ෆෙරෝමීටර ලේසර් භාවිතයෙන් ගුරුත්ව තරංග විශ්ලේශනය කරන මධ්‍යස්ථානයෙන් (LIGO Scientific Collaboration) නිකුත් විනි. සමාජ ජාල වල අරුම් කොතරම් දැයි පහදමින් ලොව පුරාම මෙම පණිවිඩය ගලා ගියේ මීට වසර සියයකට පමණ පෙර ගුරුත්ව තරංග පිලිබද පලමු සිද්ධාන්ත පසුබිම හෙලු ඇල්බට් අයිස්ටන් විද්වතා කෙරෙහි ලොව ඇති ආදරය තවත් දෙගුණ තෙගුණ කරමිනි. අපේ රටේ නම් ...
දේශපාලන උණ හැදුන උන් ගූගල් ට්‍රාන්ස්ලේටර් සිංහල ව්‍යාපෘතියේ පහරයි Scientific Sri Lankan උදාහරණයක්මතක ඇති කාලේ හිටන් ගූගල් ට්‍රාන්ස්ලේටර් අප අතර පවතී. කාලාන්තරයකට පසු එයට අපගේ මවු බස ද එක් වුනි. ගූගල් ට්‍රාන්ස්ලේටර් යනු පරිශීලකයාටද අන්තර්ගතයට බලපෑමක් කල හැකි ලෙස සාදා ඇති මෙවලමකි. එනම් අප යම් වාක්‍යයක් හෝ වචනයක් පරිවර්තනය කලවිට ලැබෙන පිලිතුර හරි මදිනම් අප හට වඩාත් සුදුසු වචනයක් එයට යෝජනා කල හැක. කිහිප දෙනෙකු එලෙස කල පසු ස්ව්‍යංක්‍රීයව එම යෝජනාව ...
LIGO ගුරුත්ව තරංග නිරීක්ෂණය කල හැටි Scientific Sri Lankan ගුරුත්ව තරංග පිලිබද ලියු ලිපිය මොරටුවෙ හිටපු ශ්‍රේෂඨ මහාචාර්ය වරයකුගේ ඇගයීමකටත් ලක්වුන නිසා පහුවෙලා ලියන්න හිතාගෙන හිටපු ලිපියක් දැන්ම ලියනවා. ඒවගේම එතුමා අවකාශ කාලය කියන සංකල්පයත් විස්තර කරන ලෙසත් දන්වලා තිබුනා. අන්තර්ෆෙරෝමීටර ලේසර් භාවිතයෙන් ගුරුත්ව තරංග විශ්ලේශනය කරන මධ්‍යස්ථානයෙන් (LIGO Scientific Collaboration)LIGO එක පිලිබද මුලින්ම දැක්ක වෙලාවේ උඩින් පල්ලෙන් බලලා යන්න තමයි හිතුනේ. ඒත් මම හිතුවා එක පොඩ්ඩක් සිහියෙන් කියවලා ...
ෆේස් බුක් - ලයික් කාලා කමෙන්ට්ස් බීලා ශෙයාර් කරගෙන ඉන්න අපේ ලෝකය (පලමු කොටස) Scientific Sri Lankan ගොඩාක් ලයික් ගන්න නම් බඳින්න ඕන. ලමයෙක් බිහි කරන්න ඔන. අනේ අප්පේ ඉතින් ඔවා හැමදාම කරන්න පුලුවන් යැ. ඇරත් ලේසි පහසු වැඩද මේවා. ඒත් අමාරුවෙන් හරි මේවායින් එකක් කරගත්තොත් නම් ලයික් වැස්සකුයි කමෙන්ට් ගොඩාරියකුයි ගන්න පුලුවන්. ඊට දෙවෙනි වන ඒත් බුසු බුසු ගා ලයික් එන තවත් වැඩ තිබේ. රට සවාරියක්, ඇනිවසරි අප්ඩේට් එකක්, කාර් එකක්, ප්‍රමෝශන් එකක් වගේ ඒවා තමයි ...
ජ්‍යෝතිශ්‍යය සැබෑවක්ද? Scientific Sri Lankan වසර දසහස් ගණක් පුරාවට අප අතර පැවෙතෙන මේ ජ්‍යෝතිශ්‍යය අපට පමණක් ආවේණිකයි සිතුවහොත් වැරදිය. මෙය අපේ රටේ මෙන්ම වෙනත් රටවලද සුලු සුලු වෙනස්කම් ඇතිව, වෙනත් රාමුතුල , වෙනත් නාමකරණයන් සහිතව භාවිතයේ පවතී. උපන් දිනය, වේලාව හා උපත සිදුවූ ස්ථානය මූලික කරගෙන දිවියේ පෙල ගැස්ම විස්තර කරන මෙම කලාව කවරදාටත් වඩා ලාංකිකයා ආකර්ශණය වී ඇත්තේ වත්මන් රාජ්‍ය පාලකයා එය තම කටයුතු ...
විද්‍යාවේ ආදිපත්‍යය Scientific Sri Lankan විද්‍යාවේ ආදිපත්‍යයක් ඇතිද? ඔවු. පසුගිය සියවස් වල යුරෝපය බලවත්ව සිටි අතර දැන් ඇමරිකානුවන්ද එහි ආදිපත්‍යයට උරුම කම් කියන්නේය. නොබෙල් තෑගි පසුගිය වසරේ ජර්මනියට මේවසරේ ඇමරිකාවට ඊලග වසරේ එන්ගලන්තයට යනාදී ලෙස තට්ටුමාරු ක්‍රමයකට චලනය වන්නේය. උන් උන්ටම තෑගී දීගන්නාක් මෙන් පෙනේ. සමකාලීනයන් විමර්ශනය කරන සගරා (peer reviewed journals) බොහොමයක් බලවත් රටවල ආදිපත්‍යයේ පසුවේ. විශේෂයෙන් ඉංග්‍රීසි නොදත්තේනම් හෝ ඉංග්‍රීසිය වරද්දාගත්තේනම් මේවායේ ලිපියක් ...