“විල්ලරවාඩිය” තනුවක් නැති සිංදුවක් වගෙයි! සමකය වටේ අප හිතවත් බ්ලොග් රචකයකු වූ හෙන්රි වර්ණකුලසූරියගේ විල්ලරවාඩිය ගැන අමරේගේ විවරණය දිනමිණ කටගැස්ම වෙනුවෙන් ලියැවුණු සටහනකි මේ..රචකයාට සමාජ අත්දැකීම් තිබූ පමණින් නවකතාවක් සාර්ථක වන්නේ නැත. රචකයාට නිරූපණ හැකියාව තිබූ පමණනින් ද නවකතාවක් සාර්ථක වන්නේ නැත. නවකතාවක් විකාශය විය යුත්තේ සමාජ ගැටුමක් හෝ පුද්ගල ගැටුමක් මූලික කරගෙන ය. ගැටුමක් නැති තැන නාට්‍යයක් නැතැ’යි කියන්නා සේ ම ගැටුමක් හා ඉලක්කයක් නැති තැන ...
පිරිමි නිරුවත් කරන නවකතාවක්! සමකය වටේ මේ තරම් නිදහස් හා නිර්භීතලියැවිල්ලක් සහිත සිංහල ලේඛිකාවකඅපට මුණගැසී නැත. ඇය කිසිදු සම්ප්රදායකටයටත් නැත. කිසිදු තහංචියකට ද යටත් නැත.ප්‍රසිද්ධ නවකතාකරුවන් මඟ හරින දේවල්ඇය විසින් හෙළිදරව් කරනු ලැබේ.ප්‍රසිද්ධ කලාකරුවන් සඟවන දේවල් දඇය විසින් හෙළිදරව් කරනු ලැබේ.නදීකා බණ්ඩාර බලාපොරොත්තු දල්වා ගතහැකි රැඩිකල් ලේඛිකාවකි.නදීකා බණ්ඩාරනදීකා බණ්ඩාරගේ ප්‍රථම නවකතාව කලඑළි දක්වා තිබේ. එය “දියෝනිස් දෙවොල පාමුල සිට” යනුවෙන් නම් කර ඇත. හැබෑවට ම නම්; ...
සංගීත රාලහාමිලාට පරාක්රමගෙන් ප්‍රහාරයක් ! සමකය වටේ අපේ රටේ සංගීතයටරාලහාමිලා සිටිති.මේ රාලහාමිලා පොදුජන සංගීතයටහෙවත් ජනප්‍රිය සංගීතයට කැමැති නැත.ඒ අනුව ක්ලැරන්ස් පීචං ය. ජෝතිපීචං ය. එම්. එස්. ද පීචං ය.සම්භාව්‍ය වීමට නම් සුභාවිත සිංදුගායනා කළ යුතු ය. එහෙත් සුභාවිතසිංදුව ජනතාව අතර නැත.එබැවින් සුභාවිත සිංදුව නඟා සිටුවීමසඳහා විවිධ උපායමාර්ග යොදන්නටරාලහාමිලාට සිදු වී තිබේ. මේ හුටපටයෙන්ඇබිත්තක් “ක්ලැරා” පොතෙහි අඩංගු වේ.“ක්ලැරා” නම් ප්‍රබන්ධය අතට ගත්තේ දෙඤ්ඤං බැටේ ලියැවිල්ලකට හිත දැඩි කරගෙන ...
අප්පුවා රජ වෙයි; කතුවරිය පච වෙයි! සමකය වටේ යනූෂා ලක්මාලී ගමේ කිරිඅම්මා කෙනෙකු සේ අප්පුවා රජවීමේ කතාව කියාගෙන යයි. අප මේ කතාව සිය - දහස් වාරයක් කිරි අම්මලාගේ ලොඹු කටවල්වලින් ම අසා තිබේ. ඒ කතාවෙයි ; මේ කතාවෙයි වෙනසක් නැත. පුරා වෘත්තයක් නව ප්රබන්ධනයක් ලෙස ප්රතිනිර්මාණ කිරීමේ කලාව කතුවරිය දන්නේ නැත. අන්තිමේ අප්පුවා රජවුණේ ය. කතුවරිය පච වුණේය. යනූෂා ලක්මාලීගේ හතරවන නවකතාව “ඇට්ටේරියා මල්” නමින් නිකුත් වී තිබේ. ...
ගුරුන්ටත් අකුරු වරදී! සමකය වටේ 60 – 70 ගණන්වල ස්වදේශික උගතුන්ගේ එක් මෝස්තරයක් වූයේ ගම අමතක වීම ගැන ප්‍රබන්ධ ගෙතීම ය. උපන් ගම හා ඥාතීන් අමතක කොට සිදාදියට හෝ පිටරටකට හෝ ගිය ඇත්තන්ගේ හුදෙකලාව, තනිකම හා ශෝකය එකී නිර්මාණ ඔස්සේ ප්‍රකාශ විය.සන්නස්ගල ඊට ම අලුත් ඇඳුම් අන්දවා “අම්මා” මඟහැරුණු බවක් කියන්නට යයි. අපේ අම්මා පොදු අම්මා බව ද ඔහු කිය යි. මේ ප්‍රබන්ධය කියවාගෙන යන ...
කුණු බක්කියෙන් කතා ගොතන්නා! සමකය වටේ ආදරණීය වික්ටෝරියා ගැන අමරේගේ විචාරයබ්රිතාන්ය ආක්‍රමණ ගැනත්; ඔවුන්ගේ පරිපාලනය ගැනත් අපට ඇත්තේ බලවත් වෛරයකි. එකල අප ජීවත් ව සිටියේ නම්; කැත්තක් හෝ පොල්ලක් හෝ ගෙන සුද්දා මරා දමන්නට යනු ඇත. එහෙත් කලාකරුවාගේ තත්ත්වය එය නො වේ.ඔහු සුද්දාගේ හොඳ-නරක දෙක ම දකින්නට පුළුවන. සුද්දා ඇති කළ පරිවර්තන යුගයෙන් සංවේදී කතා මතුකර ගන්නටත් පුළුවන. මොහාන් රාජ් මඩවල යනු ඒ ජාතියේ කතාකාරයෙකි. ඉතිහාසයේ ...
මොහාන් රාජ් අපට තිළිණ කරන ආදරණිය වික්ටෝරියා සමකය වටේ මා සිත් ගත් ගත් කතුවරයකු වන මොහාන් රාජ් මඩවල සොයුරාගේ ආදරණිය වික්ටෝරියා කෘතිය මේ වන විට පාඨක සුරතට පත්කර ඇත. ඒ මාහැගි කෘතිය කියවා තිබුණ ද මේ දිනවල මා අත ගසා ඇති අමුමිරිස් අභියෝගය හා පුද්ගලික කරදර කීපයක් හේතුවෙන් ඒ පොත ගැන මා සිතේ හටගත් අදහස් ගොන්න අකුර කරන්නට වෙලාවක් නොවීය. නමුත් ඔහුට කරන ගෞරවයක් ලෙස මිරර් ගර්ල් අඩවියේ පළ ...
සඳ පහනේ ප්‍රසාද්ගෙන් 'කවියක් බිමින් තබමි' සමකය වටේ නව පරපුරේ කවියකු මෙන්ම සහෘද බ්ලොග් කරුවකු වන ප්‍රසාද් වීරසිංහගේ නවතම පද්‍ය නිර්මාණ එකතුව 'කවියක් බිමින් තබමි' දොරට වැඩීමේ උළෙල 2014 අගෝස්තු මස 28 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහිදී, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් "කවියක් බිමින් තබා මහමෙරක් උසුලා සිටීම" යන මැයෙන්ද, කිවියර සුමින්ද කිත්සිරි ගුණරත්න මහතා විසින් ...
තොත්ත බබෙකුගේ - “උක්කුං” පොතක්! සමකය වටේ අත්දැකීම් නැති, ජීවන දෘෂ්ටියක් නැති, දේශපාලනයක් හෝ කලාවක් හෝ නොදන්නා ගැහැනු පිරිසක් සිංහල නවකතාවට කඩා වැදී එම කලාව නාස්ති කරති. ඔව්හු ඇස්, කකුල්, ඇඟිලි ආදිය තේමාකොට නවකතා ලියති. ඔවුන් ඊළඟට අක්මාව, පිලාව, වකුගඩු ආදී අභ්‍යන්තර ඉන්ද්රියයන් ගැන ද පොත් ලියනු ඇත. ඊටත් පසු සාරි කටු, හැට්ට කටු, කොණ්ඩ කටු ආදිය ගැන ද පොත් ලියනු ඇත. අනේ අපොයි! සිංහල නවකතාවට වෙච්ච ...
“ඉංග්‍රීසි රජ පවුල අමුඩෙට ගිහින්” රට හෙල්ලූ පත්තර හෙඩිමක් සමකය වටේ කාටුන් චිත්‍රයක් මුල් පිටුවේ මුලින්ම යෙදූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත ‘කවට කතිකයා’කර්තෘ -: ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි ආරම්භය -: 1872 ජනවාරි 01මිල-පිටපතක් සත 6යි1872 ජනවාරි 15 දෙවන කලාපයේ කාටුනය සහිත මුල් පිටුවඅධිරාජ්යවාදීන්ට ගැතිකම් කළ, මෙහෙකම් කළ ස්වදේශීකයන් දුර්වලයන් ලෙස කටයුතු කළ අවදියේ ඔවුන් මුදාගෙන මානසික උත්තේජයක් දීමට ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි 1872 , ජනවාරි 01දින ශ්‍රී ලංකාවේ ප්‍රථම කවට ...
සිමෙන්ති ගල් බදාම අතර වෙඬරු පිඩක් තිලක සිත සමකය වටේ තිලක සිත බ්ලොග කියවා තිබූ මම තිලකේ ව දැන සිටියෙමි. ඒ වසර කිපයක සිටය. ඒත් මේ ළගක් වන තුරුම ඔහු දැක හෝ වදනක් දොඩා හෝ නොතිබිණි. මා තිලකේව දැන සිටියේ ඔහුගේ අපූර්ව වු වියමන් හරහා ය. මගේ සිත තුළ ඇඳුණු තිලකේ ව මට පසුගිය දා මුණ ගැසිනි. ඔහුට ම ආවේනික ශෙලියකින් ලියන මේ අපූරු මනුස්සයා ගේ වියමන් හරහා මා එළැඹි ...
මිරිස් කරලේ සෙනෙහස සහ ඉන්දික උපශාන්ත සමකය වටේ සේයාරුව මෙතැනින්මේ සිද්ධිය වුණේ අමු මිරිස් කිලෝව රුපියල් 1000ට අලෙවි වුණු පහුගිය දොහේ ය. මිරිස් මිල එතරම් අධික වීම ගැන විවාදයක දී විමැසූ කලෙක අමු මිරිස් යනු මාලුවට උයලා කන එළවළුවක් නොවේ යැයි එක්තරා බලවතෙක් පැවසා තිබුණේ ද මේ දිනවලම ය. අමුමිරිස් කතාව කියන්නට නම් ඉන්දික උපශාන්තව ද සිහිපත් කළ යුතුම ය. ඒ මන්ද යත් මේ අමුමිරිස් මතකය මගේ සිතට ...
මතක මං පෙත - 1 සමකය වටේ සති කීපයක්ම ගෙවී ගියේ බොහොම අවිවේකිව ය. මේ කාලය තුළ බ්ලොග නඩත්තුව මතු නොව අන් බ්ලොගක් හෝ කියවන්නට අතපසු විය. සතියේ දිනවල කාර්යාල කටයුතු ද සති අන්තයන් නම් විනෝද කාමී කටයුතුවල ද යෙදෙමින් ඒ සති කීපයම ගෙවී ගියේ ය.ඒ අතර වූ සුවිශේෂි සිදුවීම් දෙකක් වුයේ බ්ලොග් අවකාශය හරහා අප දැනගන සිටි ඉන්දික උපශාන්ත සහ උදිත මීගහතැන්න යන දෙසොහොයුරන්ව හමුවීම ය. ...
ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ සඟරාව ‘සිතුමිණ’ සමකය වටේ ආරම්භය 1895 දෙසැම්බර් 17කර්තෘ අර්වින් ගුණවර්ධනශ්‍රී ලංකාව අධිරාජවාදීන්ගේ පාලනයට යටත්ව තිබූ සමයේ ඔවුන්ගේ පාලනය පහසු කිරීම උදෙසා කොළඹ සිට මාතර දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කෙළේය. යටත් විජිත යුගයේ ලංකාවේ මහාමාර්ග විප්ලවයේ පියා ලෙස සලකන ආණ්ඩුකාර එඩ්වඩ් බාර්න්ස් මේජර් තොමස් ස්කිනර් හා එක්ව මේරට මාර්ග පද්ධතිය සැකසීමට කටයුතුකෙළේය. එකල ශ්‍රී ලංකාවේ මහාමාර්ග ලෙස සැලකිය හැකි කිසිවක් නොවීය. 1890 වන විට ...
බොගලේගම අන්දරය සමකය වටේ පිංතුරය ගත්තේ මෙතැනින්එය බොහොම ලස්සන ගම්මානයකි. අනෙක් හැම ගමක ම වගේ ගැමි සුන්දරත්වය, ගැමි සුවඳ, ගැමි ගඳ, වැනි හැම දේම මේ ගම්මානයේ ද අඩු වැඩි ලෙස තිබේ. වරදවා හිතන්න එපා අර උදාගම් සංකල්පෙත් එක්ක කරලියට ආ ගමක් නම් නොවේ මේ ගම. අනෙක් ගමක් හා අප මේ කියන ගම අතර ඇති ලොකුම වෙනස නම් මේ ගමට භූමි පුත්‍රයන් නොමැති වීමයි. ලොව ...
බොගලේගම අන්දරය සමකය වටේ පිංතුරය ගත්තේ මෙතැනින්එය බොහොම ලස්සන ගම්මානයකි. අනෙක් හැම ගමක ම වගේ ගැමි සුන්දරත්වය, ගැමි සුවඳ, ගැමි ගඳ, වැනි හැම දේම මේ ගම්මානයේ ද අඩු වැඩි ලෙස තිබේ. වරදවා හිතන්න එපා අර උදාගම් සංකල්පෙත් එක්ක කරලියට ආ ගමක් නම් නොවේ මේ ගම. අනෙක් ගමක් හා අප මේ කියන ගම අතර ඇති ලොකුම වෙනස නම් මේ ගමට භූමි පුත්‍රයන් නොමැති වීමයි. ලොව ...
සිල්ලර වෙළෙඳාමට ලියන පොත් කෑලි! - අමරෙගෙ විචාර සමකය වටේ චන්දි කොඩිකාර ගේ මුහුණු පොතේ ලන්දුඑස්කිමෝවරුන්ට ශීතකරණ අලෙවි කිරීම යනු අතිශය පරණ හම්පඩ කතාවකි. නූතන ගනුදෙනු සාර්ථක කරගැනීමට නම්; සුද්දාට ඉංග්‍රීසි ඉගැන්වීමේ හැකියාවක් ද අරාබියට ඛනිජ තෙල් අපනයනය කිරීමේ සූත්‍රයක් ද වැද්දාට පිරිසුදු මී පැණි විකිණීමේ ව්‍යාපෘතියක් ද අපට තිබිය යුතුය. එසේ නැතහොත් අප්‍රිකාවේ නාකි සිංහයන්ට තණකොළ ලබාදීමේ කොන්ත්‍රාත්තුවක් හෝ අපට තිබිය යුතුය. මේ කාලයේ පොත් ගැහිල්ලත් එම උපායමාර්ගවලට අනුව ...
ලංකා ඉතිහාසයේ පළමුවන මහා වැඩ වර්ජනය සමකය වටේ ලංකාවේ පළමු දිනපතා පුවත්පත“දිනපතා ප්රවෘත්ති”දෙවන දිනපතා සිංහල පුවත්පත“ලක්රිවි කිරණ”ශ්‍රී ලංකාවේ වසර 100කට අධික කාලයක් නොකඩවා පළවන එකම දිනප තා සිංහල පුවත්පත “දිනමිණ” වන අතර මේ පුවත්පත 1909 දෙසැම්බර් 17වන දින ආරම්භවිය. මෙයට පෙර ශ්‍රී ලංකාවේ දිනපතා පළවූ සිංහල පුවත්පත් දෙකක් පැවති තිබේ. 1895 මාර්තු මස 07වන දින සී. දොන් බස්තියන් මහතාගේ කර්තෘවයෙන් “දිනපතා ප්රවෘත්ති” නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම දිනපතා සිංහල ...
පාසිකුඩා පරදන කායන්කානි කොරල් පරය - Coral Gardens සමකය වටේ පාසිකුඩා වෙරළහි පවා දක්නට නොලැබෙන මෙතෙක් මිනිස් ඇසට නොගැටුන ඉතා ලස්සන මතස්‍ය ගහනයකින් ද සමන්විත අති සුන්දර දුර්ලභ කොරල් පරයක් ගාල්ල මුහුදු පුරාවිද්‍යඥ ඒකකයේ පුරා විද්‍යඥ රසික මුතුකුමාර මහතා ඇතුළු පිරිසක් විසින් පසු ගියදා සොයා ගෙන ඇත.ගෙවිගිය කාලයේ මෙම කණ්ඩායම විසින් නැගෙනහිර මුහුදේ සිදු කරනු ලැබු පුරා විද්‍යා ගවේශනයක් අතර තුරේදි මෙම සුන්දර කොරල් පරය හදුනා ගෙන ඇත්තේ මඩකළපුව කායන්කානි ...