බූරුවා මහත්තයා, මනෝ සහ වේදිකා නාට්‍යය කලාවේ සුභ ලකුණු පියසටහන් ජයලත් මනෝරත්නයන්ගේ නවතම නාට්‍යය නිර්මාණය වන බූරුවා මහත්තයා නැරඹුවේ හද පිරි සතුටිනි. රූපවාහිනී නාලිකා තුලින් වැල නොකැඩී විකාශනය වන දීර්ඝ ටෙලි නාට්‍යය වලින් හෙම්බත්ව සිටින මා වැනි පුද්ගලයනට මෙවන් අවස්ථාවන් සැබවින්ම අගනේය. උර්දු ලේඛක ක්රිශන් චන්දාර්ගේ මිස්ටර් ඩොන්කීස් ඔටෝබයෝග්‍රැෆි (Mr. Donkey’s Autobiography, Krishan Chander) යන නවකතාවේ සිංහල පරිවර්ථනය වන ගුණතිලක මැටියගනේ මහතාගේ සද්ගුණවත් බූරුවා මහතාගේ ස්වයං ලිඛිත චරිතාපදානය කෘතිය පාදක ...
2011 වසරට සිංහල දින දර්ශනයක් (නොමිලේ බාගත කරගන්න) පියසටහන් මවිසින් නිර්මාණය කරන ලද 2011 සිංහල දින දර්ශනය පහත සඳහන් සබැඳුම් භාවිතයෙන් ඔබට බාගත කරගැනීමට හැක. එය ඔබේ මිතුරන් සමග බෙදා ගන්නා මෙන්ම දින දර්ශනය ගැන ඔබේ අදහස් ද දක්වන ලෙස ඉල්ලා සිටිමි. PDF Version (2,533kb) Compressed (.zip – 2,164kb) ...
ෆේස්බුක්, ට්විටර් තබා ගුවන් විදුලි යන්ත්රයක්වත් ඔවුනට නැත පියසටහන් මීට වසර කිහිපයකට පෙර මගේ පියා මහනුවර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු වල යටිතල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතියකට දායක වූයේය. යම් ව්‍යාපෘතියක් අවසන් වූ පසු ඔහුගේ සිත් ගත් ස්ථාන නැරඹීමට අප රැගෙන යාම ඔහුගේ සිරිතකි. අප නොදුටු, බොහෝ දෙනා නොයන, අප්‍රසිද්ධ නමුත් සුන්දර පෙදෙස් ඔහු අපට පෙන්වන්නේ ඉමහත් ආශාවෙන් මෙන්ම ආඩම්බරයෙනි. ඉහත කී ව්‍යාපෘතියෙන් පසු ඔහු අපව ගෝමරය නම් වතු යාය නැරඹීමට ...
නැවතත් ලියන්න සිත් වූ වගයි පියසටහන් අවුරුද්දකටත් වඩා පැත්තකට දාලා තිබ්බ බ්ලොග් අඩවියේ වැඩ ආයෙත් පටන් ගන්න හිතුවා. ඕනෑම දෙයක් පටන් ගන්න හරි ලේසියි ඒත් පවත්වාගෙන යන එක අමාරුයි. කෙසේ වුවත් අවුරුද්දකට වඩා වැඩි කාලයක් හිතේ ගොඩ ගැසුණු සිතිවිලි ද නැතුවා නොවේ. මේ අඩවියේ පළමු ප්‍රතිචාරය දැක්වූයේ අපේ ආගිය කතා ලියන හසිත මල්ලී….ඔනෑම කෙනෙකුගේ අලුත් අඩවියට ලැබෙන පළමු ප්‍රතිචාරය වටිනාකම බොහාමයි. ගිය දෙසැම්බරයේ හසිත මල්ලී මා ...
ලෝකය වෙනස් කරන්නට සැලුසුම්, පිඹුරු පත් අවශ්‍ය නැත පියසටහන් අද බොහෝ දෙනා ලෝකය වෙනස් කරන්නට කතා කරති. අධ්‍යාපන ක්‍රමය වැරදියි, ඡන්ද ක්‍රමය වැරදියි, සමාජ ක්‍රමය වැරදියි…අරක මෙහෙම කරනාම් හොඳයි…ඕක මම කරානම් කරන්නේ මෙහෙමයි, එතකොට ඊට වඩා ප්‍රතිඵල ගන්න පුළුවන්. මෙවන් කතා ජන මාධ්‍යයන්හි මෙන්ම එදිනෙදා සමාජයේ ද බහුලව ඇසෙන දේවල්ය. විවේචනය කරන්නෝ බොහෝමය…නමුත් සමාජය උදෙසා යමක් කරන්නට තැත් කරන්නෝ ඉතාමත් අල්පය. අගනා දේ නම් යමක් කරන්නට උත්සාහ දරන්නෝ මැසිවිලි ...
නොවෙනස් වෙසක් පියසටහන් වෙසක් දින මා කල් ගත කරේ හොරණ පිහිටි මා ඥාති සහෝදරයකුගේ නිවසේය. කෙමෙන් කෙමෙන් රෑ බෝවත්ම අප නගරය දෙසට පියමං කලේ වෙසක් සිරි නැරඹීමේ අරමුණ අතැතිවය. සෑම නිවසකම පාහේ තමන්ට හැකි පමණින් විවධ සැරසිලි කර තිබිණි. ඒ වන විට රාත්‍රී අට පසු වී තිබූ අතර බොහෝ දෙනා නිවෙසින් එළියට විත් වෙසක් අසිරි දැක ගනු පිණිස මහ මගට බසින්නට විය. නගරයට ...
සැබෑ කලාව සඟවා නිසරු දේ ඇඟේ ගැසීම සහ වරද රසිකයා පිට පැටවීම පියසටහන් පසු ගිය සති අන්තයේ “The Artist” චිත්‍රපටය නැරඹුවෙමි. චිත්‍රපටය ගැන ඉතා හොඳ ප්‍රතිචාර අසා තිබුණත් කළු සුදු නිසා නීරස චිත්‍රපටයක් වේදෝ කියා සිතේ යම් දෙගිඩියාවක් නොතිබුනේද නැත. චිත්‍රපටයක් මිලදී ගන්නා සෑම විටම උප සිරැසි (subtitles) නිසි පරිදි ඇත්දැයි බැලීම මාගේ පුරුද්දය. “ඕකෙ subtitles හරියට තියෙනවද?” කියා වෙළඳ සැලේ තරුණයාගෙන් විමසූ කළ මා දෙස පුදුමයෙන් බලා… “මේකෙ dialogs නෑනේ..මොකටද subtitles?” කියු ...
යුනිකෝඩ් කවි – අමද්‍යප දිනය පියසටහන් සුපිරි වෙළඳ සැල තුල කොනක ඇත මත්පැන් සල දැන්වීමකි සවි කළ “වසා ඇත අද දින තුල” තරුණයා ආ කඩිනමින් බලාසිට පුදුමයෙන් මෙන් ඇසවේය ප්‍රශ්න මෙලෙසින් සිටි වෙළඳ සහයකගෙන් ඇයි අද වහලා? කීයටද වැහුවේ? කලින්ද වැහුවේ? එක පිට එක නැගූ පැන අසා සිට සහයක තැන සිතමින් මැනවින පිළිතුරු දුන්නේය යහමින ඇයි දන්නේ නැද්ද??? අද අමද්‍යප දිනේනේ… ...
යුනිකෝඩ් කවි – මහනුවර පියසටහන් නයි මුගටි හටනකි බලා සිටියේ බමුණෙකි නම සෙංකණ්ඩ විනි අරුමයකි සිදුවුනි කළ නොහැකි කල සටන් නාගයා හා සමගින් මුගටියා පසුබසිමින් පලා යන්නට විය සැනින් බලා සිටි බමුණා විකුම්බා රජු කරා කඩිනමින් පිය නගා කාරණය මෙයැයි සැල කරා රජු පුදුමයට පත්විය ජයබිමකි මෙය නිසැකය නව නගරයට සුදුසුය සොම්නස් සිතින් පැවසිය රජ මාළිගය ඉදිවුනි නගරයද එය හා විනි බමුණා ගැනම සිහිවිනි සෙංකඩගලපුරයි ...
රූපවාහිනී නාලිකා, කාලය සහ අපි පියසටහන් හිතන්න, ඔබ ඉමහත් සේ ප්‍රිය කරන ගීතයක් නරඹමින් සිටිනවා. එක් වරම ඔබේ රූපවාහිනී තිරය මත දිස්වනනේ විශාල ඔර්ලොසුවක් (ඔර්ලෝසුවේ පසුබිම ඇත්තේ කුමක් හෝ භාණඩයක්), ඒ සමග නිකුත් වන ටීක්..ටීක්.. ටී……ක් යන ශබ්දය රස විඳිමින් සිටි ගීතයෙන් ඔබව ඉවතට රැගෙන යනවා. මෙය සෑම අඩ හෝරාවක් පාසාම බොහෝ රූපවාහිනී නාලිකා (මම දන්නා පරිදි සෑම එකක්ම පාහේ) හරහා අපි අත්වඳින දෙයක්. ඔබ මහත් ...
සිත් ගත් පොත් – සියවසක් පවත්නා දවස (පරිවර්තනයකි) පියසටහන් මා සමාන්‍යයයෙන් පිටු වැඩි පොත් මිලට ගන්නේ කලාතුරකිනි. පිටු දෙසීයේ තුන්සීයේ පොත් වැඩිපුර කියවා පුරුදු විට පිටු පන්සියයක පමණ පොතක් පැන නොහැකි කඩුල්ලක් මෙන් දිස් වේ. චිංගීස් අයිත්මාතෙව් විසින් රචිත “සියවසක් පවත්නා දවස” පොත දුටු විටද මා හට එවන් හැඟීමක් පහල විය. රුසියානු සාහිත්‍යය කෙරේ කුඩා කල සිට තිබූ බැඳීම නිසාදෝ “සියවසක් පවත්නා දවස” මිලදී ගතිමි. මා මීට කලින් චිංගීස් ...
මිනිසුන් අතර අරුමය පියසටහන් මිනිසුන් අතර ගෙවෙන කාලය සැබැවින්ම අරුමයකි. එය කුතුහලය දනවන චිත්‍රපටයක් හා සමානය. බොහොවිට සිදු වන්නේ නොසිතූ දෙයමය. පසුගිය දින කිහිපයන්හි අත් විදින ලදු සුළු සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙසේ ලියන්නට සිතුණි. මීට සති කිහිපයකට පෙර මා හට කුළුපඟයැයි සිතූ කෙනෙකුගෙන් සුළු උදව්වක් අපේක්ෂා කළත් එයට ලැබුනේ අනපේක්ශිත එමෙන්ම එම ඉල්ලීම නොසලකන සුළු පිළිතුරකි. අද අන්තර්ජාලයේ දුටු කියමනක් මෙයට මැනවින් ගැලපෙන්නේයැයි සිතමි. ...
උරුමයක අරුමය නොදත් කරුමය පියසටහන් පසු ගිය සති දෙක තුල ලංකාවේ ප්‍රධාන සංචාරක ස්ථාන කිහිපයකම සැරි සැරුවෙමි. දින සතරක් වූ පළමු සංචාරය යෙදී තිබුනේ අනුරාධපුරය, පොළොන්නරුව හා. ත්‍රිකුණාමලය යන නගර කේන්ද්‍ර කර ගෙනය. දෙවැනි සංචාරය දින දෙකක් වූ අතර එහි මූලික අරමුණ වූයේ නුවර එළිය හරහා ගොස් හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය වෙත පිවිස නැවත නුවර එළියට ළඟා වීමයි . පළමු සංචාරයේ මුල් දිනයේ අප අනුරාධපුරය ...
සන්ධ්වනියේ වෙනස පියසටහන් ජයන්ත චන්ද්‍රසිරි යනු කවුරුන් දැයි මා හරි හැටි හට හඳුනාගත්තේ ගරිල්ලා මාර්කටින් චිත්‍රපටයෙන් පසුවය. ඒ වසර දෙදහස් පහේදීය. අප පාසැල් යන අවධියේ ඔහුගේ දඬුබස්නාමානය වැනි නිර්මාණ නැරඹුවත් ඒවා හුදෙක් තවත් ටෙලි නාට්‍යයන් ලෙස දැනුනේ නිර්මාණයන්හි වරදකින් නොව එම නිර්මාණයන් ගැඹුරින් තේරුම් ගන්නට තරම් චින්තන ශක්තියක් නොවූ බැවිනි. වසර දෙදහස් පහේදී ගරිල්ලා මාර්කටින් චිත්‍රපටය නරඹා ශාලවෙන් මා පිටතට ආවේ ජයන්ත අවුරුද්දකට ...
මාර්ගෝපදේශකයන් නිසා මග වරදින සංචාරකයෝ පියසටහන් මා උසස් පෙල හදාරන අවධියේ කැසට් පට මිලදී ගැනීමට මහනුවර ටොරිංටන් වෙළද සංකීර්ණයේ පිහිටි එක්තරා වෙළඳ සලකට යාමට හුරු වී සිටි අතර එහි හිමිකරුවන් සමග මිතුරු වූයේ නිරායාසයෙනි. කිසියම් අවස්ථාවක නගරයේ කාලය ගෙවා දමන්නට සිදු වූ කළ එම වෙළඳ සැලේ රැඳී සිටීම මාගේ පුරුද්ද විය. මේ කාලය වන විට අප ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසරක් පමණ ගත වී තිබිණි. සංචාරක ...
සිත් ගත් පොත් – සොෆීගේ ලෝකය (පරිවර්තනයකි) පියසටහන් කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශණයට සහභාගී වීම සැමවිටම ඉතාමත් සතුට ගෙන දෙන කටුයුත්තකි. එකම හිස් ගොඩක් වන බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දස දහස් සංඛ්‍යාත පොත් අතර අතරමං වන්නට සැම විටම ප්‍රියකරමි. කිය වීමෙන් ඈත් වී සිටින්නේ නම් නැවති කියවන්නට පොත් ප්රදර්ශණයෙන් ලැබෙන පොඩි තල්ලුවත් අගනේය. පසුගිය වසරේ පොත් බොහොමයක් මිලදී ගත්තත් කිය වන්නට ලැබුණේ ඉන් කිහිපයකි. “සොෆීගේ ලෝකය” යනුවෙන් නම් කර ...
ථූපාරාම පිළිම ගෙයට එදා පෑයූ සඳු වෙනස්ය පියසටහන් මෙම සිදුවීම සිදු වී වසර ගණනක් ගත වී ඇතත් තාමත් අද වූවාක් මෙන් හැඟීමක් සිතට ගෙන දෙන්නකි. අප පවුලේ සමීපතයෙකු පොළොන්නරුවට ආසන්න ප්‍රදේශයක රාජකාරී කටයුත්ක නිරත සිටි බැවින් ඹහු සමග නිතර පොළොන්නරු යෑමේ වාසනාව අපට හිමිවිනි. මේ නිසාම පොළොන්නරුවේ ඓතිහාසික ස්ථානවල රිසි සේ සැරිසරන්නට අපට හැකිවිය. ගල් විහාරය, පරාක්‍රම සමුද්‍රය, තිවංක පිළිම ගෙය, රන්කොත් වෙහෙර, කිරි වෙහෙර, වට දා ගෙය ...