රාවණා යුගයේදී සිරගත වීමි අදහස් ලෝකය මෙහි පළවෙනි කොටස බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න ලින්ක් එක මනෝකාය රාවණා යුගයට අද එතැන් සිට...............ජාන පිටපත පරිලෝකනය කරලා ඉවර බවට ලැබෙන සංඥාව නිකුත් උනා. ඒ සමගම රජතුමා විද්‍යාගාරය පැත්තට එනවා ටීවී කැමරා වලින් පෙනුනා. රාවණා තුමා විද්‍යාගාරේ ඇතුලට ඇවිල්ලා විද්‍යාඥයා එක්ක කතා කරනවා. එක පාරටම පොරට ගොඩක් තරහා ගියා වගේ මූණ අමුතු උනා. තව ටිකක් වෙලා යද්දී තරහෙන් පුපුරණ ...
ඈ දැන් එක්දරු මවක්ය අදහස් ලෝකය ඇය කසාදයක් කරගෙන වසරකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගොස්ය. දැන් ඇය එක් දරු මවක්ය. දරුවා පිරිමි දරුවෙක්ය. අවුරුද්දකට විතර පස්සේ ආයේ ඊයේ කතා කරේ එම දරුවාගේ මව වීම හේතුවෙන්ය. දරුවා බැලීමට හදිසියේ ගිය මුත් මොකුත් අරන් යන්ට බැරි උන එක ගැන නම් පොඩි අප්සෙට් එකක් දැනුනා.කලින් හිනා වෙලා ලස්සනට හිටපු කෙල්ලගේ හිනාව අහලක වත් තිබ්බේ නෑ. ඒ ලස්සනත් කොහේ ගිහින්ද ...
රහස (The Secret) අදහස් ලෝකය රහසමම ජීවතේ ආපු දුර හිතා ගන්න බෑ, මම හිතාගෙන හිටියට වඩා ලොකු දුරක් ඇවිල්ල තියෙනවා. අපේ ගෙදරින් කිව්වේ මට කිසිම වැඩක් තනියෙම කරගන්න බැරි වෙයි කියලමගේ අනාගතේ අඳුරුයි කියල, මගේ කේන්දරේ පාළුයි කියල. මට තියෙන්නේ මහන යෝගයක් කියල.කොහොම උනත් මටත් මං ගැන කිසිම ආත්ම විශ්වාසයක් තිබ්බේ නෑ. පොඩි කාලේ ඉදන් කියපු හැමදෙයක්ම මගේ හිතට කාවදිල තිබ්බ හින්ද වෙන්න ඇති, උසස් ...
ගොං ආතල් සහ බොක්කේ ෆිට් අදහස් ලෝකය ශ්‍රී ලංකා හුචස් තාක්ෂණ ආයතනය විශ්ව විද්‍යාල කොලීජියක් බවට පත් කරන බව බොහෝ ජනමාධ්‍ය ඔස්සේ පසුගිය දින වල හුචස් අධ්‍යාපන පළිබඳ කතා වලදී කතා කරපු කාරණයක් උනා.ඔය අතරේ අපිට හදිස්සෙයේම දවස 2 ක වැඩමුළුවක් තියෙනවා කියල දැනගන්ට ලැබුනා උපායශීලී සංවර්ධන සැලසුම සැකසීමක් පිළිබඳව. මේ හදිස්සියේ අහවල් එකකට වැඩමුළු තියෙනවද කියල කාටවත් හිතාගන්ට බැරි උනා. කොළඹ ඉන්න එවුන්ට ඒක කජ්ජක් උනාට ...
සෙලින්කෝ VIP ON THE SPOT ලෝකෙටම එකයි ඇත්ත කතාව අදහස් ලෝකය සෙලින්කෝ යනු බංකොලොත් වූ සමාගමක් ඒකේ කිසිම ගනුදෙනුවක් කරන්ට නං එපා.මගේ බයික් එක ඇක්සිඩන්ට් උනා. හැබයි කලිං ඇක්සිඩන්ට් එකකිනුත් ක්ලේම් කරලා තිබ්බේකොහොම හරි මම කෝල් කරාට පස්සේ උං එකෙක් ආවා. ඇවිල්ලා ෆොටෝ ගහල ෆෝම් වගහයක් දීලා ගියාමම ඒවා අරං පට්ට විදිහට චාටර් වෙලා ෆෝම් ටිකත් පුරෝගෙන ගරාජෙකට ගිහිං කෝටේෂනුත් අරගෙන උංට ආයේ කෝල් කරාඋං එකෙක් ඇවිල්ලා 5195 ක බිලකුත් දාල ...
හාඩි එකේ කොටළුවා අදහස් ලෝකය සිසුන් ලහි ලහියේ English Day එකට ලෑස්ති වෙනවා. ඔවුන් විවිද දේවල් යටතේ තම දක්ෂතා දැක්වීමට සූදානං වෙනවා. කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාව අවාසානයේ මේ ඉංග්‍රීසි දිනයේදී ඔවුන් ඉගෙනගත් දේ හා ඔවුන්ගේ විවිද දක්ෂතා ඉදිරිපත් කිරීම අතීතයේ සිටම පැවත එන්නක්..ඔන්න ඔය අතරේ මමත් ඉංග්‍රීසි දියයේදී ළමයි මොනවද කරන්නේ කියල අහල බැලුවා හොස්ටල් එකට ගිය වෙලාවක. එත් කලින් අවුරුද්දේ වගේ නෙවෙයි කිසිම ප්ලෑන් එකක් ...
රාවණාගේ ටොප් සීක්රට් අදහස් ලෝකය කාලෙකට පස්සේ............කොහොමද යාලුවනේ ඉතින් පහුගිය ටිකේ එක දිගට වැඩ වලට හිර වෙලා හිටිය හින්දා බ්ලොග් එක දිහා වත් බලන්ට බැරි උනා. වැඩි කතා ඕනේ නෑ... අන්තිමට අපිට රාවණා රජතුමා වර තුනක් දුන්නා, එක මතක නැත්නම් මෙතනින් බලන්ට1. මාසයක් තුල සිදුකරන රාවණාගේ නිල සංචාර වල දූත පිරිසට සහාභාගී වීම2. රාවණාගේ අන්තඃපුරයේ සතියක් ගත කිරීමට අග බිසව හැර 3. නල ජලය, තෙකලා ...
දරුවන්ට මස් දෙන්නට පෙර??? අදහස් ලෝකය මේ ගැන පලවෙනි පොස්ට් එක සතුන් යනු ඇවිදින මස් ද?මගේ අන්තිම ට්‍රේනිං එක වූ සත්ව පාලනය පිළිබඳව හැදෑරීමට මම ගියේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධම සත්ව පාලන ගොවිපලකට. ඒ වෙනකොට එකේ ට්‍රේනිං දෙන එක නවත්තලා තිබ්බේ. ඒත් එකේ හිටපු නිලධාරියෝන්ට නොවදිනා වැදුම් කරලා ට්‍රේනිං එක හදාගත්තේ, හොඳම දේ තියෙන්නේ එතන හින්දා. ඒ අවුරුදු 8කට පස්සේ ඒ ගොවිපලේ පුහුණුවට ගිය පලවෙනි සෙට් එක ...
මනෝකාය රාවණා යුගයට....... අදහස් ලෝකය මම වර්ගපූර්නිකාවේ යටගියාව කියවමින් සිටියෙමි. කෙසේ හෝ මට නින්ද ගිහිල්ලා කියල තේරුනේ, ඔරලෝසුවේ වෙලාව 2 පමණ වූ නිසාවෙනි. මම හනිකට ගොස් ලයිට් නිවලා බුදියාගන්ට හැදුවත් ආයේ ඇද දිහා හැරිලා බැලුවේ මගේ උකුල් පරිගණකට ඇද උඩ බව මතක් උන හින්දා. පුදුමෙනුත් පුදුමයකි, මම ඇදේ නිදාගෙන ඉන්නවා, හොඳටම නින්ද ගිහින්. එතකොට මම?????කළුවර වැස්සේ ගහන අකුණක් වගේ මට මතක් උනේ මගේ ඇස්ටල් බොඩි ...
සතුන් යනු ඇවිදින මස් ද? අදහස් ලෝකය මිනිසා සර්වභක්ෂකය, ඔය වාක්‍ය මම 3 වසරේ ඉඳං දන්නේ. මිනිස්සු මස් සහ ශාක ආහාරයට ගන්න හින්දා මේ විදිහට සර්වභාක්ෂකක් වෙනවා. එත් බොහෝ විද්වත්තු ගේ මතය අනුව මිනිසාගේ ආහාර මාර්ගය මස් අනුභවය සඳහා සැකසී නොමැති බවක් පෙන්වා දෙනවා. කෙසේ වුවද ආධ්‍යාත්මික වශයෙන් ඉහල මිනිස්සු මස් අනුභාවයෙන් වැළකී සිටිනවා. ආධ්‍යාත්මික මට්ටම කෙසේ වුවද සංවේදී හදවත් ඇති මිනිස්සු හා මස් වලට උපතින්ම අප්‍රිය ...
අසම්මත වූ ආදරයක, ආදර කවිය අනූ...... අදහස් ලෝකය ආදරය ගැන කතා ලෝකේ හැම තැනින්ම ඇහෙනවා, කෙනෙකුට ආදරේ වේදනාවක් විදිහටත් තවත් කෙනෙකුට ආදරේ සතුටක් විදිහටත් දැනෙනවා. ආදරය ගැන ලියවෙන ගොඩක් දේවල් ආදරේ වේදනාව ගැන ලියවෙන්නේ, ඒ වේදනාව ගැන ලියන තමන්ගේ ආදර කතාව ලෝකේ තියෙන වේදනාත්මකම කතාව කියල හිතන්නේ, ආදරේ හින්දා ලෝකේ වැඩියෙන්ම දුක් විඳින කෙනා තමන් කියල හිතන්නේ. ඒ මතකය අමතක වෙන්න, ඒ මතකයේ ගැගීම අමතක වෙන්න මැරෙන්න වෙයි ...
රාවණාටත් හොර කරපු හැටි අදහස් ලෝකය වර්ගපූර්නිකාවේ ගිලී සිටින අතරේදී මනෝකාය රාවණා යුගයට ගිය ඒ අසාමාන්‍ය අත්දැකීම රාචි විසින් රචනා කරන ලද අවසන් ලිපියට රාවණා යුගයේදී සිරගත වීමි ලින්කුවෙන් බලන්නඅද එතැන් සිට...........ඔන්න අපි ජාන වෙනස් කරගන්ට කැමති කියලා රාවණා රජතුමාට ඊමෝලක් යැව්වා. ඊට පස්සේ වෙලාවයි දිනෙකුයි එක්ක ප්රතිමෝලක් ආවා.තිබ්බ අවල තමා ජාන වෙනස් කරනකොට මොකක් හරි විකෘතියක් උනොත් එක පරම්පරා ගත වෙන එක. අපි එකට පොඩි ...
ක්වොන්ටම් භෞතික විද්‍යාව??? අදහස් ලෝකය මුළු විශ්වයම හැදිල තියෙන්නේ පදාරථය නැමති අංශු වලින්. මේ පදාරථයේ 99.999999999999.... ක්ම හිස් අවකාශලුඒ කියන්නේ මිනිහෙක්ගෙත් 99.99... ක්ම හිස් වෙන්ට එපායඑහෙනම් ඇයි අපිට මේ දෙවල් හරහා ගමන් කරන්ට බැරි. මේක සිරාවටම බොරුවක්ද ඇත්තක්ද?පදාර්ථය ශක්තිය බවටත් ශක්තිය පදාර්ථය බවටත් පත් කරන්ට පුළුවන්ද?සෘධි බලට කියන්නේ මේ පදාර්ථය ශක්තිය බවට පත් කිරීමක්ද? මේ ගැන තව ටික දවසකින් දැනගමු. එතකං බලං ඉන්ටකෝ......... ...
බයියන් ගැන අදහස් ලෝකය බයියන් යනු බයි කන අයියන්යබයියාගේ නිල වාහනය බයිසිකලය නම් වේබයියාගේ ප්‍රියතම ආහාරය බොම්බයි මොටයි වේබයියන් කියන ගීත බයිලා නම් වේබයියාගේ කැමතිම ගීතය බයි බයි බයි බයිය බබා නම් වේබයියා කුඩා කල ලා බයි ලෙස හදුන්වයිනීතිය දන්නා බයියන් ලෝබයි ලෙස හදුන්වනු ලැබේසත්තු වත්තේ සිටිනා බයියන් සුබයි නම් වේබයියන් ඇලවීමය යොදාගන්නා දේ බයින්ඩ ගම් වේබයියන් කැමතිම සතා බයිසන් ගවයා නම් වේබයියාගේ කැමතිම ...
වර්ගපුර්නිකාව ඇසුරෙන් අදහස් ලෝකය වර්ගපුර්නිකාව තේමා කොට ගත් ජනප්‍රවාද ඇසුරෙන් රාචිය විසින් රචනා කරන ලද,The world beyond the astral body හෙවත් මනෝ කායෙන් එහා ලෝකය බලාපොරොත්තු වන්න.මේ දවස් වල පට්ට කම්මැලි හින්දා බ්ලොග් කියවන එක හැර වෙන වැඩක් නෑ. එකත එක දිහාට කරන එක එපා වෙන හින්දා අපේ බ්ලොග් අවකාශයේ ජනප්‍රියම බ්ලොග් අඩවිය වන වර්ගපූර්නිකාව විචාරය කරන එක තමා පොඩි හරි ෆන් එකකට තියෙන්නේ. ...
යාළුවෝ ඕනේ ඇයි? අදහස් ලෝකය දුක සතුට කියන්නේ ජීවිතේ සාමාන්‍ය දේවල්. දුක් වෙන්ට හේතුවක් ආවාම දුක් වෙන්ට ඕනේ. නැතුව දුක හංගගෙන හිනා වෙන්ට නෙවෙයි. දුක් වෙලා දුක ඉවර කරන්ට ඕනේ. සතුටු වෙන්ට හේතුවක් ආවාම සතුටු වෙන්ට ඕනේ නැතුව සතුට හංගගෙන සතුටක් නැති කෙනෙක් වෙන්ට නෙවෙයි.දුක සතුට බෙදාගන්ට තමා යාළුවෝ ඕනේ. ඒත් ඕනේ නම් අපිට තනියම මේවා විදගන්ට පුළුවන්. යාළුවෝ නැතුවත් පුළුවං. ඒත් හොද යාළුවෝ හොයාගන්න ...
මහමෙරක් වූ රහමෙර අදහස් ලෝකය "සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි" කියන්නේ ඉස්කෝලේ යන කාලේ අපි හැමදාම අපේ බුදු හාමුදුරුවෝ ඉස්සරාහා වෙනා පොරොන්දුවක්. ඉතිං අපි ඉස්කෝලේ යන කාලේ ආගමට දහමට හරිම ලැදී. හොඳ වචන කතා කරනවා , සත්තු මරන්නේ නෑ, කූඹියෙක් වතුරට වැටිලා හිටියත් ඌ වතුරෙන් ගොඩ අරන් ජීවිතය දෙනවා. අරක්කු කසිප්පු බොන මිනිස්සු දිහා බලන්නෙත් පිළිකුලෙන්. ශික් මුන් මේ ජහ ජරාව මොකට බොනවද ...
අහපං දැකපං අදහස් ලෝකය උඹ උඹගේ වාසිය ගැන හිතන්නේ නැතුව කාට හරි උදව් කරල අන්තිමට නරක මනිහා වෙලා අම්බානක බැනුම් අහලා ඇතිසතුටින් හිටපු උඹලා සෙට් එකක් කෙල්ලෝ වෙනම ලෝක වලට ගෙනියලා කූඩු කරගෙන ඇති. නැත්නම් උඹගේ යාළුවන්ට එහෙම වෙලා ඇති.උඹ ආදරේ කරා නම් ඒ ආදරේ උඹට හීනයක් විතරක් උනානම් උඹල දුක් වෙන්ට ඇති හදවතින්ම ආදරේ කරපු එක ගැන.උඹ ලගින්ම හිටපු එවුන් එක එකා ඈත් ...
පුංචි පහේ වසරේ දුෂ්කර ක්‍රියාව කරන කොට අදහස් ලෝකය මොහොතකට අතීතය මතක් උනොත් ඒ අතීතය තුල මොහොතකට අතරමං උනොත්, ළමා කාලයට ගියොත් ජීවිතේ ගත කරපු සුන්දරම කාලය තමා ඒ. ඒ සුන්දර හැඟීම මොහොතකට විදගෙන වර්තමානයට එනකොට හිතේ තියෙන ඒ සැහැල්ලුව, සතුට වගකීම් හා බලාපොරොත්තු ගොඩක් තුල යට වෙලා යනවා.ගොඩ දෙනෙකුට ළමා කාලයේ වටිනා කම තරුණ උනාම තේරෙනවා, තරුණ කාලයේ වටිනාකම වයසට ගිහාම තේරෙනවා. ඒ ඒ කාලේ ඒ විදිහටම ඒ ...
අපේ ගමේ පරණ කෝට් අදහස් ලෝකය මිනිස්සු වයසට යනකොට පොඩි ළමයි වෙනවා කියල කියමන ඇත්තක් කියල සීයලා ආච්චිලා ඉන්න ඕනේ පොඩි එකෙක් පවා දන්නා දෙයක්. ඉතිං අපි පොඩි ළමයි එක්ක විහිළු කරනවා වගේ ගොඩක් වෙලාවට ඒ වැඩිහිටියන් එක්ක විහිළු කරලා ෆන් එකක් ගන්න ආසයි නේ. පොඩි ළමයි නම් තරහා ගිහාම අඩනවා ඒ වගේ වෙලාවට, ඒත් වැඩිහිටියෝ නම් ඒ වෙලාවට ජාතිය අමතනවනේකාලෙකට කලින් අපේ ගමේ හිටපු වැඩිහිටියෝ ...