Exploring Science And Technology (http://vidya-gaweshana.blogspot.com) Latest Posts Most Popular Posts
අඟහරුවා මත ගලායන ද්‍රව ජලය සොයාගනී!! Exploring Science And Technology "අඟහරුවා මතුපිට මේ වනවිටත් ගලායන ද්‍රවජලය පවතිනවා " මෙම අපූර්ව සොයාගැනීම පිලිබඳව නාසා ආයතනයේ අඟහරු ග්‍රහයා ගවේෂණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥ මයිකල් මෙයර් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී ප්‍රකාශකර සිටියා. තවදුරටත් අදහස් දැක්වූ ඔහු, මෙලෙස අඟහරු ග්‍රහයා මත ගලායන ජලය පැවතීම නිසා, අප දන්නා ආකාරයේ ජීවයකට පැවතීමේ පසුබිම තිබෙන බව ප්‍රකාශකර සිටියා.අඟහරු ග්‍රහයාගේ කක්ශයේ ඉඳිමින් ගන්නා ලද ඡායාරූප දසදහස් ගණනක් අධ්‍යනයකල ...
තල්මස් විශේෂයක් සොයාගත් ආචාර්ය පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල විද්වතා Exploring Science And Technology ඉන්දු-පැසිපික් සාගර කලාපයේ හමුවන ලොව දුර්ලභ තල්මසුන් වර්ගයක් නව සත්ත්ව විශේෂයක් ලෙස විද්‍යාත්මක ලොවට හඳුන්වා දීමට මෙරට සිටි අද්විතීය විදුධරයකු වූ මහාචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා කටයුතු කළේය. ඒ වර්ෂ 1963දීය. මෙරට මුහුදු වෙරළට ගසාගෙන පැමිණි ආගන්තුක තල්මස් සිරුරක් පිළිබඳ තම තියුණු අවධානය යොමු කළ මෙම කීර්තිමත් ශ්‍රී ලාංකේය පුත්‍රයා එම තල්මස් කුණ එතෙක් ලෝකයට අනාවරණය කරගෙන නොතිබුණු නවතම ...
2014 වසරේ එලිදැක්වීමට නියමිත විද්‍යාප්‍රබන්ධ හා ත්‍රාසජනක චිත්‍රපට... Exploring Science And Technology RoboCop [February 2014]මෙය 1987 වසරේ තිරගතවුනු රොබෝකොප් චිත්‍රපටයේ 21 වැනි ශතවර්ශය සඳහා වන යාවත්කාලීන නිමැවුම (updated edition) ලෙස හැඳින්වේ. වර්ශ 2028දී අමෙරිකාවේ ඔම්නි-කෝප් සමාගම අතිදැවැන්ත බහුජාතික සමාගමක් ලෙස වැජඹෙයි. රොබෝ තාක්ශණයේ හිනිපෙත්තේ සිටින ඔවුන් අමෙරිකාවේ ඩෙට්රොයිට් නගරයේ දරුණු අපරාධ මැඩලීමේ නියතව සිටියදී දැඩිලෙස තුවාල ලැබූ ඇලෙක්ස් මර්ෆී නම් දක්ශ පොලිස් නිළධාරියෙකුහට තුවාල ලබා විනාශවූ සිරුර වෙනුවට රොබෝ සිරුරක් ලබාදේ. මේ ...
අනුරපුර රාජධාණියෙන් ඇරඹි ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණ ඉතිහාසය Exploring Science And Technology සතුන් හා ගස්වැල්වල ආරක්ශාවට පැරණි රජවරුන් පැනවූ විවිධ රාජාඥා අපගේ පෞරාණික ඉතිහාසය සටහන් කොට ඇති විවිධ ලියවිලිවල විස්තර කොට ඇත. මින් 4වැනි සියවසේ ලියැවුනු දීපවංශය, 5වැනි සියවසේ ලියැවීම ඇරඹුණු මහාවංශය හා එහි දිගුව වන චූලවංශයේද සටහන් වී ඇත. එමෙන්ම ලංකාවේ ශිලා ලේඛණ අඩංගුකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1904 සිට විටින් විට ප්‍රකාශයට පත්කරන එපිග්රැෆියා සිලනිකා (Epigraphia Zeylanica) ග්රන්ථමාලාවද මේ සඳහා අපමණ සාක්ශි ...
විශ්‍රාම යන හබල් අභ්‍යවකාශ දුරේක්ශය වෙනුවට තැනෙන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ශය Exploring Science And Technology ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ශයේ ග්‍රැෆික් චිත්‍රයක් : අනුග්‍රහය විකිමීඩියානුදුරේදීම විශ්‍රාම යැවීමට නියමිත හබල් අභ්‍යවකාශ දුරේක්ශයේ අඩුව මැකීම සඳහා අමෙරිකාවේ නාසා ආයතනයත්, යුරෝපා සංගමයේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියත්, කැනේඩියානු අභ්‍යවකාශ ආයතනයත් ඒකාබද්ධ වී අමෙරිකාවේදී නිර්මාණය වන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ශය 2014දී යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට අයත් අරියාන් 5 රොකට්ටුවකින් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතයි. පෘථිවියට කිලෝ මීටර් 1,500,000ක් දුරින් සූර්යයා වටා කක්ශගත කෙරෙන ජේම්ස් ...
ලොව විශාලතම සූර්යතාප බලාගාරය තෙල් නිධි වලින් පොහොසත් අබුඩාබියේ! Exploring Science And Technology 2010 වසරේ අගභාගයේදී ඩොලර් මිලියන 100ක වියදමින් ඉදිකිරීම් කටයුතු ආරම්භ වුනු මෙම සූර්යතාප බලාගාරයේ ධාරිතාවය මෙගාවොට් 100කි. මෙගාවොට් 100ක ධාරිතාවයට වඩා විශාල ධාරිතාවයෙන් යුතු සූර්යබල ව්‍යාපෘති කිහිපයක් ලොව ඇත. උදාහරණයක් ලෙස ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි "ගුජරාට් සූර්ය උද්‍යානය - Gujarat Solar Park Project" නම් සූර්ය බල ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 600ක් උත්පාදනය කෙරෙතත් එම ව්‍යාපෘතියේ ජනක ඒකක ගුජරාට් ප්‍රාන්තයේ විවිධ නගරවල ...
ඇමරිකානු GPS සේවාවට තරඟයක් දෙන්නට සූදානම් වන රුසියානු GLONASS හා චීන BeiDou Exploring Science And Technology GPS චන්ද්‍රිකාවක්GPS හෙවත් Global Positioning System 1973 වසරේදී අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවට අයත් ව්‍යාපෘතියක් ලෙස ඇරඹිනි. මෙහි අරමුණ වූයේ අමෙරිකානු ත්‍රිවිධ හමුදාවට සිය හමුදාවන්, යුධ නෞකා හා ගුවන්යානා ස්ථානගතවී තිබෙන තැන් ඉතා නිවැරදිව, ඕනෑම කාළගුණ තත්වයක් යටතේ දැනගත හැකි ක්‍රමයක් නිර්මාණය කිරීමයි. මුලින් චන්ද්‍රිකා 10ක පද්ධතියක් ලෙස 1985 වසරේදී නිළවශයෙන් ක්‍රියාත්මකවීම ආරම්භවිය.1994 වනවිට චන්ද්‍රිකා 24ක් දක්වා වැඩි දියුණු වුනු ජී.පී.එස් පද්ධතිය ...
මරාගෙන මැරෙන දැලිපිහි ඩ්‍රෝන යානාව - "Switchblade" Kamikaze Drone Exploring Science And Technology ඇෆ්ඝනිස්ථානයේ සටන්වදින අමෙරිකානු හමුදා ඇෆ්ඝන් භූමිය විවිධ වර්ගයේ ඩ්‍රෝන යානා අත්හදා බලමින් ඒවායේ හැකියාවන් හා ක්රියාකාරිත්වයන් තහවුරු කිරීමේ භූමියක් (proving ground) ලෙස භාවිතාකරයි. අමෙරිකානු විශේෂ බළඇණිවලට ලබාදී ඇති අලුත්ම ආයුධය වන්නේ ස්විච්-බ්ලේඩ් හෙවත් දැළිපිහිය ලෙස නම් තබා ඇති ස්වයං-නාශක (සියදිවිනසා ගන්නා - kamikaze) වර්ගයේ කුඩා ඩ්‍රෝන යානයකි. මෙයට ස්විච්-බ්ලේඩ් ලෙස නම් තබා ඇත්තේ දැළිපිහියක පිහිතලය දිගහැරෙන්නාසේ යානය ගුවන්ගත කිරීමේදී එහි ...
තත්පරයට ගණිතකර්ම ට්‍රිලියන 20,000ක් සිදුකල හැකි TITAN සුපිරි පරිගණකය Exploring Science And Technology උපරිම වේගය - පෙටෆ්ලොප් 20කි (තත්පරයට ගණිතකර්ම ට්‍රිලියන 20,000)නිශ්පාදකයා - ක්රේ සුපිරි පරිගණක සමාගමසේවාදායකයා - ඕක් රිජ් ජාතික පර්යේශණායතනය, අමෙරිකා එක්සත් ජනපදයප්රොසෙසර් වර්ග හා ගණන - AMD Opteron 6274 ප්‍රොසෙසර් 299,008ක් හා nVidia Tesla K20 ප්‍රොසෙසර් 18,688ක්ක්රියාත්මක වූ දිනය - ඔක්තෝම්බර් 2012මතක ධාරිතාව - ටෙරාබයිට් 710කිටයිටන් සුපිරි පරිගණකය බලගන්වන ඒ.එම්.ඩී ඔප්ටෙරෝන් හා එන්විඩියා ටෙස්ලා ප්‍රොසෙසර් ...
Popular Science Magazine 2012 Best of Aerospace Technology, [2012 වසරේ හොඳම ගගනවිද්‍යා නිර්මාණ] Exploring Science And Technology [1] NASA Sky Crane landing system (Successfully landed the nuclear powered, 1 ton robotic lab Curiosity on Mars)කිව්රියෝසිටි රෝවරය අඟහරු මතට සීරුවෙන් ගොඩ බස්වනු ලැබූ ස්කයි-ක්‍රේන් නිර්මාණය ගැන බොහෝ දෙනෙකු දන්නවා. මේ නිර්මාණයේ ඇති අපූර්වත්වය නම් එය පොලොවට සැතපුම් මිලියන ගණනාවක් ඈතින් ඇති වෙනත් ග්රහයෙකු මත, කිසිදු මිනිස් සහයකින් තොරව ස්වයංක්‍රීයව සිදුවුනු බැවිනි. මෙවැනි නිර්මාණයක් සිදුකිරීම සඳහා කොතරම් ගණන් බැලීම්, ...
MH17 මැලේසියානු ගුවන්යානය යුක්රේනයේදී වෙඩිතබා බිම හෙලූ SA-11/SA-17 BUK ගුවන්යානා නාශක මිසයිලය. Exploring Science And Technology SA-11 Gadfly / SA-17 Grissly ලෙස නේටෝ සංවිධානය නම් කොට ඇති ගුවන්යානා නාශක මිසයිල පද්ධතිය සෝවියට් රුසියාවේ නිර්මාණයක් වන අතර එම ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය රුසියානුවන් හඳුන්වන්නේ BUK Antiaircraft Missile System ලෙසය. 1970ව දශකයේ නිර්මාණය කොට නිරන්තරයෙන් වැඩි දියුණු කරන ලද බක් මිසයිල පද්ධතිය පහසුවෙන් ප්රවාහණය කල හැකි ලෙස යුධටැංකි වැනි, කැටපිලර් ට්‍රැක් රෝද (tracked wheels) මත ධාවනය වන ...
පාහියන්ගල මානවයා එංගලන්තයට යයි Exploring Science And Technology පාහියංගලින් හමුවූ ආදිමානව අවශේෂ පිලිබඳව පුවත්පත් හා වෙබ් අඩවි කිහිපයක පලවුනු ප්රවෘත්තිවල එකතුවක්...Photos Courtsy : Lanka e Newsපාහියන්ගල මානවයා එංගලන්තයට යයි....(ලංකා-ඊ-නිව්ස් -2012.ජූලි.02-ප.ව.2.30) පසුගියදා බුලත්සිංහල පාහියන්ගල ලෙන් සංකීර්ණයෙන් සොයාගත් ප්රාග් ඓතිහාසික මානව ඇටසැකිල්ල එංගලන්තයට ගෙන යෑමට සූදානම් වේ.මේ ගැන පරීකෂණ කිරීමට ශ්‍රී ලංකාවේ පහසුකම් නොමැති බැවින් එංගලන්තයේ කේම්බි්රජ් සරසවියේ මානව විද්‍යා අංශයේ පර්යේෂකයන් පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් විසින් මෙම සම්පූර්ණ ...
හම්බන්තොට හා මොණරාගල අතහැර ගාල්ලට එන මොණරු Exploring Science And Technology http://upload.wikimedia.org/wikipedia/commons/2/23/Wasgamuwa_Peacock.JPGලංකාවේ නාගරික ප්‍රදේශවල ජීවත්වන අප මොණරුන් දකින්නේ බොහෝවිට කතරගම වන්දනාවේ යනවිටය, නැතිනම් යාල ජාතික වනෝද්‍යානය නරඹන්නට යනවිටය. මොණරෙකු දැකීම, විශේෂයෙන්ම පිල්විදහාගෙන ඉන්නා මොණරෙකු දකින්නට ලැබීම සතුටක් මෙන්ම වාසනාවක් ලෙසද බොහෝදෙනා සලකති. ලේඛකයාද ඒ කුළකයට අයත්වේ.එහෙත් අද දිවයින පුවත්පත වාර්තාකරන ආකාරයට මොණරුන් සිය නිජබිමවූත් කඳකුමරුන්ගේ වැයික්කියවූත් හම්බන්තොට හා මොණරාගල ප්‍රදේශ අතහැර ගාල්ල ප්‍රදේශයට සංක්‍රමණය වීමේ ප්රවනතාවයක් දකින්නට ති
PREDICTIONS : බාබු කාලයිල්ගේ සුනාමි අණාවැකිය Exploring Science And Technology බාබු කාලයිල් කේරලයේ වාසය කරන භෞතික විද්‍යාඥයෙකු බව පැවසෙනවා. මෑතකදී ඔහු විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවමින් දෙසැම්බර් 31වැනිදාට පෙර ඉන්දිය සාගරයේ මහා සුනාම ව්‍යසනයක් ඇතිවන බවත්, ඉන් ඉන්දියාව, ලංකාව වැනි දකුණු ඉන්දීය රටවලට මහත් ව්‍යසනයක් සිදුවන බවත් අනාවැකියක් පවසා සිටියා. ඔහු සඳහන් කල අන්දමට ඔහු මේ සොයා ගැනීම සිදුකර ඇත්තේ ESP හෙවත් Extra Sensory Perception නම් පැරාමනෝවිද්යාත්මක ...
සැම්සුන්ග් සමාගම නැමිය හැකි LED තිරයක් නිපදවයි - ලබන වසරේ සිට වෙළඳපොලට එවීමට සියල්ල සූදානම්! Exploring Science And Technology සැම්සුන්ග් සමාගම නැමිය හැකි (flexible) OLED වර්ගයේ තිරයක් නිර්මාණය කොට ඇති අතර, ලබන වසරේ සිට මෙම තිර අඩංගු කරන ලද ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක වෙලඳපොලට එවීමට සියල්ල සූදානම් කොට ඇති බව පවසයි.සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික් සමාගමේ උපසභාපති Kwon Oh-Hyun මහතා පවසන පරිදි මෙම නම්ය OLED තිර සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග නිශ්පාදකයින්ගෙන් විශාල වශයෙන් ඇනවුම් ලැබෙමින් තිබේ. දැනට සැම්සුන්ග් සමාගම සමග පේටන්ට් අයිතීන් ...
මහා විද්‍යාඥ මයිකල් ෆැරඩේ නිර්මාණය කල විදුලි පහණකින් දැල්වුන ශ්‍රී ලංකාවේ මහා රාවණ ප්‍රදීපාගාරය! Exploring Science And Technology *********************************************************************************මෙම විශේෂාංග ලිපිය ගාල්ල, මධ්‍යම සංස්කෘතික අරමුදලේ, මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඒ.එම්.ඒ. දයානන්ද හා මහින්ද කරුණාරත්න විසින් ලියා archaeology.lk අඩවියේ පලකරණ ලද අතර, මෙම වැදගත් ලිපියේ ඇති තොරතුරු ලාංකේය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් එම ලිපියේ කොටස් උකහාගෙන මෙම සටහන විද්‍යා ගවේෂණ අඩවියට ඇතුලත් කරන ලදී - කතෘ, විද්‍යා ගවේෂණ*********************************************************************************මහා රාවණ පරයේ පිහිටුවා ඇති
බුදුන්වහන්සේ දමනය කළ ආලවකයා පිටසක්වලයෙකුද? Exploring Science And Technology දිනක් බුදුන් වහන්සේ අළුයම් වෙලේ ලොව බලන සේක් අලවූ කුමරුට අනාගාමී වීමේ පිං ඇති බව දැක ආලවක යක්ෂ විමනට වැඩි සේක. ඒවේලේ අලවු යකු යක්ෂ සමාගමයට ගොස් සිටි අතර විමන භාරව සිටි ගද්‍රභයා බුදුන් වහන්සේ පිටත් කිරීමට හැකි හැම උත්සාහයක්ම දැරීය. පසුව ආලවක යක්ෂයාද පැමිණියේය."මහණ නිකම යව" බුදුන්ට අණ දුන්නේය."මැනවැයි ඇවති" බුදු හිමි කීකරුව එළියට නික්මුණ සේක."මහණ මෙහි එව"බුදුන් වහන්සේ ...
ඉරාන අභ්‍යවකාශ වැඩසටහන Exploring Science And Technology 2009 වසරේදී පෘථිවි කක්ශයට චන්ද්‍රිකාවක් යැවිය හැකි රටවල් වලින් එකක් බවට පත්වුනු ඉරානය අභ්‍යවකාශ තාක්ශණයේ වේගයෙන් ඉදිරියට යන රටවල් වලින් එකකි. මේ වනවිට චන්ද්‍රිකා කිහිපයක් සාර්ථකව ගුවන්ගත කොට ඇති ඉරානය තම රටෙහිම නිශ්පාදනය කොට උඩුගුවනට චන්ද්‍රිකාව යැවූ රටවල් 9න් එකක් බවට පත්වී ඇති අතර අභ්‍යවකාශයට ජීවී සතුන් යවා යලිත් ආපසු ඔවුන්ව ගෙන්වාගත හැකි රටවල් 6න් එකක් බවටද පත්වී අවසානය.ඉරානයේ ...
FACEBOOK : මොකක්ද මේ Cambridge Analytica පලහිලව්ව?? Exploring Science And Technology මාර්ක් සකර්බර්ග් කොන්ග්රස් අණුකමිටුව ඉදිරියේ හරස් ප්‍රශ්ණවලට මුහුණ දෙමින්පසුගිය මාස කිහිපය පුරාම ෆේස්බුක් සමාජ ජාලය ලොවපුරා දැඩි කතාබහකට ලක්වුනා. ෆේස්බුක් ව්‍යාජ ගිණුම් දහස්ගණනක් නිර්මාණය කරගත් රුසියානු හැකර්වරුන්, පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ව්‍යාජ පෝස්ටු හා ව්‍යාජ පුවත් (ෆේක් නිවුස්) මවමින් ක්‍රියාත්මකවූ බව මුලින්ම චෝදනාවුනා. මේ චෝදනාවල ඇත්ත නැත්ත සොයාබැලීමට රොබර්ට් මුලර් නම් හිටපු එෆ්.බී.අයි අධ්‍යක්ෂකවරයෙක් පත්කිරීමට ඇමරිකානු ඇටර්නි ...
ඇමරිකන් GPS වෙනුවට ඉන්දියාවෙන් IRNSS Exploring Science And Technology ඉන්දියාව විසින් GPS පද්ධතියට විකල්පයක් ලෙස IRNSS (Indian Regional Navigation Satellite System) නම් වූ දේශීයව නිෂ්පාදනය කළ නව ස්ථානීය පිහිටුම් සොයා ගැනීමේ පද්ධතියක් ස්ථාපනය කිරීම ආරම්භ කර තිබේ. චන්ද්‍රිකා 7ක් සහ භූමියේ පිහිටි මධ්‍යස්ථාන දෙකකින් සමන්විත වන නව පද්ධතියෙන් ඉන්දියාව ආශ්රිත කලාපය සම්පූර්ණයෙන්ම ආවරණය කළ හැකි බව ඉන්දියානු අභ්‍යවකාශ ආයතනය ප්‍රකාශ කර තිබේ. සේවාව සිවිල් ජනතාව සඳහා සාමාන්‍ය සේවාවක්ද, ...