Exploring Science And Technology (http://vidya-gaweshana.blogspot.com) Latest Posts Most Popular Posts
AUTOMOBILE TECHNOLOGY : ඉන්දියාවේ හදලා ජපානෙට යවන ඇමරිකන් JEEP එක Exploring Science And Technology ලංකාවේ අපි හැකියාව තියෙන 4x4 වාහන පොදුවේ ජීප් කියලා හැඳින්වුවාට ඇත්තටම කියන්නේ ඇමරිකාවේ ක්‍රයිස්ලර් මෝටර් රථ සමාගමේ 4x4 වාහන සන්නාමය. මේ වෙනකොට ඇමරිකාවේ ක්‍රයිස්ලර් සමාගම ඉතාලියේ ෆියට් සමාගමත් එක්ක ඒකාබද්ධවෙලා Fiat Chrysler Automobile (FCA) කියන නමින් පෙනීසිටිනවා.උඩ ෆොටෝ එකේ පෙන්වන්නේ compact SUV කියන මාදිලියට අයත් JEEP Compass වාහනය. මෙම වාහනය නිපදවෙන්නේ ඉන්දියාවේ. 65%ක්ම ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොටස් යොදාගෙන පූනේ නගරයේ ...
හෝර්ටන් තැන්නේ කෑම්ප් එකක ඉමු? | Lets do camping at Horton Plains? Exploring Science And Technology Camp site 2 - Horton Plains National Parkගොඩක් අය කැමති දෙයක් තමයි මේ camping කියන්නේ. එත් මේ පිළිබද විස්තර නම් ටිකක් හොයා ගන්න අමාරුයි ගොඩක් අයට. ඒ අයට දැනගන්න මූලික දේ තමයි මම මේ දාන්නේ. අනිත් අයත් දන්න දේවල් එකතු කරන්න.මුලින්ම මෙහෙමයි, හෝටන් තැන්නේ Camping Site 3ක් තියනවා. මේ තුනෙන් එකකට තමයි අපිට යන්න වෙන්නේ. මේ camp site තුනම තියෙන්නේ ...
ප්ලාස්ටික් බෝතල් වෙනුවට කන්න පුලුවන් වතුර බෝල Exploring Science And Technology ප්ලාස්ටික් බෝතල් ලෝකයේම අංක එකේ පරිසර දූෂකයා ලෙස හඳුනාගෙන තිබෙනවා. ලෝකේ පුරාම දිනකට මිලියන ගණනක් ප්ලාස්ටික් වතුර බෝතල් කසල ගොඩට එකතුවෙනවා.Skipping Rock Labs කියන අලුත් නවෝත්පාදන සමාගම මේකට විසඳුමක් හොයාගෙන. ඒක තමයි බෝතලේ වෙනුවට. කන්න පුලුවන්, සිරුරට කිසිම අහිතකර ප්‍රථිපලයක් නැති සිවියකින් වටවුනු වතුර බුබුලක් නිර්මාණය කිරීම. 100%ක්ම දිරායන (bio degradable) මුහුදු ශාක නිස්කාරණයකින් නිර්මාණය වුනු මේ බුබුල ප්ලාස්ටික් වතුර ...
මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 2කට වඩා ඉහලින් මුදුන ඇති ලංකවේ කඳු Exploring Science And Technology ලංකාවෙ උසම කඳු ලස්යිතුවක් හා ඒවා නැගපු අය ලියාතැබූ විස්තර හා ඡායාරූප තියෙන අපූරු ලිපියක් මට ලක්දසුන් සංචාරක විස්තර ෆෝරමයේ තිබිලා හමුවුනා. ලංකාවේ තැන් තැන්වල ඇවිදින්න ආස, කූඩාරම් අටවාගෙන රෑ ගතකරන්න, ඡායාරූප ගන්න, ස්වභාව සෞන්දර්යය විඳින්න ආස අයට ඒවගේ තැන් ගැන විස්තර, ගමන් මග තොරතුරු වගේම පරෙස්සම් වෙන්න ඕනෑ අවස්තා ගැනත් විස්තර වාර්තා තියෙන ලක්දසුන් සමාජ අඩවිය ඇවිදින්න ආස අයට ...
TRUMPNOMICS : ඔබාමාට බෑ කිව් ඇපල් ට්‍රම්ප්ට හා කියයි Exploring Science And Technology මේ ඡායාරූපය 2011දී ජනාධිපති ඔබාමා සිලිකන් නිම්නයේ කල සංචාරයකදී සහභාගීවුනු භෝජන සංග්‍රයක් දැක්වෙනවා. ඔබාමාගේ දෙපැත්තේ අග සව්වෝ වගේ ඉන්නේ ස්ටීව් ජෝබ්ස් මාමයි, මාර්ක් සකර්බර්ග් බෑනයි. තව ගූගල් එකේ එරික් ෂ්මිට්, ඔරැකල් එකේ ලැරී එලිසන්, නෙට් ෆ්ලික්ස් එකේ රීඩ් හැස්ටිංග්ස්, ට්විටර් එකේ ඩික් කොස්ටෝලෝ වගේ සිලිකන් වැලියේ ලොකුලොක්කෝ ඉන්නවා.මේ භෝජන සංග්‍රහයේදී තමයි ජනාධිපති ඔබාමා, ස්ටීව් ජෝබ්ස්ගෙන් ලෝක ප්‍රකට ප්‍රශ්ණයක් ඇහුවේ. ඒ ...
SpaceX, Tesla Motors තරුණ ප්‍රකෝටිපතියෙකුගේ අධිතාක්ශණික සිහින | High-tech dreams of a young billionaire Exploring Science And Technology අප මේ කතාකරන තරුණ ප්‍රකෝටිපතියා නමින් ඉලොන් මස්ක් (Elon Musk) නැමැතිය. දැනට 42වැනි වියෙහි පසුවන ඔහු උපතින් දකුණු අප්‍රිකාණුවෙකි. වයස 18 පිරුණු දකුණු අප්‍රිකාණු සුදු තරුණයින්ට හමුදාසේවය අනිවාර්ය වන අතර එකල ආපාතෙයිඩ් නම් වර්ණ්බේධවාදී ප්‍රතිපත්තිය අනුගමණය කල දකුණු අප්‍රිකාවේ පාළකයින් මෙන්ම හමුදාවද සුදු ජාතිකයින්ගෙන් පමණක් සැදුම්ලදී. හමුදාවට බැඳී කළු ජාතිකයින් මර්ධණය කිරීමට අකමැති වූ ඊලොන් කැනඩාවට සංක්‍රමණය වූ අතර 1992දී ...
1946දී අභ්‍යවකාශයේ සිට ලබාගත් ප්‍රථම ඡායාරූපය Exploring Science And Technology අපි හැමෝම දන්න දෙයක් තමයි, ලෝකෙ පලමුවන කෘත්‍රිම චන්ද්‍රිකාව ගුවන්ගත වුනේ 1957 ඔක්තෝම්බර් 4වැනිදා කියන එක. සෝවියට් දේශයෙන් යවනු ලැබූ මෙම කුඩා ගෝලාකාර වස්තුව අභ්‍යවකාශයට යැවුනු පලමුවන මිනිස් දෑතින් කල නිමැවුම ලෙස පිලිගැනෙනවා. රේඩියෝ සංඥාවක් නිකුත්කරමින් ලොව වටා ගමන්කල මෙම චන්ද්‍රිකාවට කැමරා සවිකොට තිබුණේ නෑ.ඒත් ස්පුට්නික් ගුවන්ගත වෙන්න අවුරුදු දහයකටත් ඉස්සෙල්ලා අභ්‍යවකාශයට කැමරාවක් සවිකල රොකට්ටුවක් යවලා අභ්‍යවකාශයේ සිට පෘථිවිය පෙනෙන ...
HISTORY : Ceylon Tea වලට අවුරුදු 150යි! Exploring Science And Technology තේ පානයේ ඉතිහාසය කෙටියෙන්කවුරුත් දන්න විධියට තේ පානයේ ආරම්භය චීනයේ සිදුවුනා. පුරාවෘත්තවල තිබෙන විධියට ක්‍රි.පූ 2737 කාළයේ චීනයේ රජකම් කල ෂෙන් නුන්ග් අධිරාජ්‍යයා තමයි තේ පානය ආරම්භකලා කියලා කියන්නේ. ආයූර්වේද වෛද්‍යවරයෙකු වූ ෂෙන් අධිරාජ්‍යයා දිනක් ගසක් යට විවේක ගනිමින් සිය සේවකයා බීමට උණු පැන් සකසන තෙක් සිටියාලු. වතුර පැහෙන්න පටන්ගන්න කොට ෂෙන් අධිරාජ්‍යයාට සෙවන දුන් ගසෙන් කොළ කිහිපයක් පැහෙන ජල ...
ඇස්ටන් මාටින් වල්කන් හයිපර් රේසින් කාරය : Aston Martin's insanely powerful £1.4m 'hypercar' Exploring Science And Technology නිශ්පාදකයා: මහා බ්‍රිතාන්‍යයේ ඇස්ටන් මාටින් සමාගමගණය : අධිවේගී හයිපර් රේසින් කාර්උපරිම එන්ජින් බලය: අශ්වබල 800එන්ජිම: ලීටර් 7, V12චැසිය හා බොඩිය: කාබන් ෆයිබර් මොනෝකෝක්ගියර පද්ධතිය: වේග 6, Xtrac සීක්වෙන්ෂල්බ්රේක් පද්ධතිය: බ්‍රෙම්බෝ සෙරැමික් ඩිස්ක් බ්රේක්උපරිම වේගය: 381 km/h (237 mph)බල සම්ප්‍රේෂණය: පසුපස රෝද ධාවනය (rear wheel drive) 0-100 km/h: තත්පර 2.9බොඩිය හා චැසි නිර්මාණය: ඇස්ටන් මාර්ටින් සමාගමේ ප්‍රධාන නිර්මාණශිල්පී මැරෙක් රයික්මාන්එන්ජින් ...
ඇමරිකන් විශේෂ බළකාවලට ලඟදීම ලැබෙන Stealth Bikes Exploring Science And Technology SilentHawk Special Forces Stealth BikeSilentHawk හා Nightmare යනු ලඟදීම අමෙරිකානු විශේෂ බළකාවෙත අනුයුක්ත කිරීමට නියමිත ස්ටෙල්ත් බයික් නමින් හඳුන්වන නිහඬව ක්‍රියාත්මකවිය හැකි ට්‍රේල් බයික් ගණයේ මෝටර් සයිකල් මාදිලි දෙකකි. සතුරු ප්‍රදේශවලදී සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මකවන මේවා ඉතාමත් නිහඬව විශේෂ බළකා සෙබලුන්ට සිය ඉලක්කවෙත ලඟාවීමට ඉඩ සලසයි.මෙහෙයුම් ප්‍රදේශවලින් ඈත පෙදෙස්වල ධාවනයේදී මේවාට ඩීසල්, පෙට්රෝල්, ජෙට් යානාවලට යොදාගන්නා පැරෆින් තෙල් පමණක් නොව ඉහුම් ...
අමෙරිකානු හමුදාවට Star Wars චිත්‍රපටවල දැක්වෙන ආකාරයේ Hoverbike නිර්මාණය කිරීමේ උත්සහයක් Exploring Science And Technology ස්ටාර්-වෝස් චිත්‍රපට මාළාවේ "Return of Jedi" චිත්‍රපටයේ හොවර්බයික් එකක් පැදයන Imperial Storm Trooper සෙබළෙක්හොවර්බයික්, නැතිනම් ස්පීඩර්බයික් සංකල්පය ලොවට ඉදිරිපත් කෙරුනේ ජෝර්ජ් ලූකස්ගේ ස්ටාර්වෝස් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාළාවෙන්. එම චිත්‍රපට මාළාවේ "රිටර්න් ඔෆ් ජෙඩායි" චිත්‍රපටයෙන් තමයි ලෝකයා මුලින්ම හොවර්බයික් කියන්නේ මොනවාද කියලා දැනගත්තේ. පාසැල් ශිෂ්‍යයෙකු ලෙස ඒ චිත්‍රපටය බැලූ අපට නෙත් අදහාගත නොහැකි අන්දමේ තාත්වික ත්‍රාසජනක හොවර්බයික් ලුහුබැඳීමක් දකින්නට ලැබුණා.අද තරම් ...
How tall was Balangoda Man? | මධ්‍ය ශිලා යුගයේ විසූ අපගේ බලංගොඩ මීමුත්තාගේ උස දන්නවා? (අපිට වඩා ගොඩක් උසයි ) Exploring Science And Technology ලංකාවේ ශිලා යුග ගැන ලිපියක් ලිවීම සඳහා ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ පර්යේෂණ පත්‍රිකා කියවද්දී අපූරු තොරතුරක් හමුවුනා. ඒ තමයි අපේ බලංගොඩ මීමුත්තන්ගේ ශරීර ස්වභාවය. දැරණියගල පඬිතුමාගේ පර්යේෂණ දත්තවලට අනුව අපේ බලංගොඩ මීමුත්තාගේ පරපුර අපට වඩා ගොඩක් උසමහත, ගමේ භාශාවෙන් කියනවා නම් හයයි හතරේ මිනිස්සු.2012 වසරේදී Ranasinghe, Priyanga; Jayawardana, M.A. Naveen A.A.D.; Constantine, Godwin R.; Sheriff, M.H. Rezvi; Matthews, David R.; ...
ක්‍රිස්තුපූර්ව 480 කාළයේ ජාත්‍යන්තර වෙළඳාමේ නිරතවූ තපස්සු හා භල්ලුක සමාගමය තැනවූ ලොව පලමු චෛත්‍යය Exploring Science And Technology ගිරිහඬුසෑය - Photo Credit : Terence Kahapola Arachchi, Sept 2016සාමාන්‍යයෙන් චෛත්‍ය ඉදිකෙරුණේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමිනි. එහෙත් ලෝකයේ ප්‍රථම චෛත්‍යය ඉදිකෙරුණේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියේමය. ඒ චෛත්‍යය කර්මාන්තයට හේතු පාදක වූ කතාව ඇරඹෙන්නේ මහා භාරතයෙනි.මහා භාරතයේ උත්කලා නුවර හෙවත් නූතන ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ විසූ තපස්සු සහ භල්ලූක නම් වෙළෙඳ දෙබෑයෝ ගැල් පන්සීයක බඩු පටවාගෙන ...
WEAPONS TECHNOLOGY : පීසා වගේ ගුවන් ප්‍රහාර ඇණවුම් කිරීම Exploring Science And Technology වේලාව : පාන්දර 1 පසුවී මිනිත්තු කිහිපයකිප්රදේශය : ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් සටන්කාමින් ගහන Swat Valley නිම්න ප්රදේශයමෙහෙයුම : අල්ඛයිඩා/තලේබාන් සටන්කාමී නායකයෙකු සොයා යන මෙහෙයුමකිබළඇණිය : එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බළකා ඒකකයක්ස්ටාෆ්-සාජන්ට් රොබර්ට් රොඩ්රිගුවේස්, අල්ඛයිඩා සටන් නායකයා සොයා ගිය අමෙරිකානු විශේෂ බළකා අනුඛණ්ඩයේ J-TAC හෙවත් Joint Terminal Attack Controller වරයාගේ කාර්යය පැවරී තිබුණි. J-TAC ගේ කාර්යය වනුයේ යුධ මෙහෙයුම් වලදී ගුවන් සහය ...
ඇන්ඩි ග්‍රෝව් (1936-2016) - සිලිකන් නිම්නයේ පතාක යෝධයෙකුගේ නික්මයාම Exploring Science And Technology කොම්පියුටර් බදාගෙන නිදාගන්න, පාන් ගේන්ඩ යනකොටත් අයි පෑඩ් එක අරගෙන යන ලංකාවේ අධිතාක්ශණික-උන්මාදයෙන් පෙලෙන පාසැල් වයසේ තරුණයින් කී දෙනෙක් ඇන්ඩි ග්‍රෝව් ගැන අහලවත් තියෙනවද දන්නේ නෑ..... තොරතුරු තාක්ශණ විප්ලවය, සැබෑ විප්ලවයක් කරන්නට විශාල මෙහෙයක් කල ඇන්ඩි ග්‍රෝව් පසුගිය සතියේ නික්ම ගියා. සෙප්පඩ නිළියකගේ කාර් එක හැප්පුනාම, නැත්තම් කසාදෙ කැඩුනහම මහා ලොකුවට පෙරලි-පෙරලි ලිපිදාන වීඩියෝ පෙන්නන, නූගත්, කපටි දේශපාලකයින්ගේ කට හැකර ...
පංති කාමරයේ අයිපෑඩ් විප්ලයවය ආපසු හැරවේ? Exploring Science And Technology අයිපෑඩ් වැනි භාවිතාවට පහසු ටැබ්ලට් පරිගණක ජනප්රියවීමෙන් පසු, එය පංතිකාමරයේ නව විප්ලවයක් ලෙස සැලකීමට බටහිර රටවල බොහෝ අධ්‍යාපනඥයින් පටන් ගත්තා. භාවිතයට ඉතා පහසු මෙවැනි නව තාක්ශණික උපාංග මගින් සිසු-සිසුවියන්ගේ ඉගෙනීමට ඇති උනන්දුව වැඩි කෙරෙන බවටත් අදහස් පලවුනා.කෙලින්ම ගුරුවරයා මූලික (teacher centered) අධ්‍යාපන ක්‍රමයකට වඩා සිසුන් මූලික කරගත් (student centered) අධ්‍යාපන ක්‍රමයකට යොමුවීමේ වැදගත්කම බොහෝ කාලයක සිට අධ්‍යාපනඥයින් පෙන්වාදෙමින් සිටි අතර ...
හිට්ලර් මෙතැම්ෆෙටමින්, කොකේන්, මෝෆීන් හා ඇඩ්රිනලින් නිතර භාවිතාකල සුපිරි මත්ලෝලියෙකු බව ඔබ දන්නවාද? | Did you know? Hitler was a super-junkie!!! Exploring Science And Technology හිට්ලර් (දකුණු පස ) හා හිට්ලර්ගේ පෞද්ගලික වෛද්‍යවරයෙකුවූ, ඔහුට නිතර මත් එන්නත් ලබාදුන් තියඩෝර් මොරෙල්. හිට්ලර්ගේ මත් ඇබ්බැහිය ලොවට රහසක් වුවද නට්සි ජර්මනියේ ඉහල නිළධාරීන්ට එය රහසක් නොවූ අතර ඔවුන් වෛද්‍ය මොරෙල්ව හැඳින්වූයේ ජර්මන් අධිරාජ්‍යයේ "Injection Master" ලෙසයි.1933දී බලයට පත් හිට්ලර් ලොවට පෙන්වා සිටියේ ඔහු (හා ඔහුගේ නට්සි නායකයින්) ඉතා විනය සම්පන්න, දුම්වැටි මත්පැන් පවා ප්‍රතික්ෂේප කරන, දැඩි ප්‍රතිපත්ති ඇති ...
නිට්ටෑවෝ - ලංකාවේ ජීවත්ව සිට 17වැනි සියවසේ වඳවී ගිය අර්ධමානව ගෝත්‍රය ගැන දන්නවාද? Exploring Science And Technology නිත්තෑවුන් වනාහි නූතන මිනිසාට සමාන ලක්ෂණ වලින් යුත් ප්‍රමාණයෙන් කුඩා ශරීර සහිත පුරාතන ලංකාවේ ජීවත් වූ මිනිස් කොට්ඨාසයකි. නිට්ටෑවන් පිලිබඳව මුල්ම සටහන සිදුකොට ඇත්තේ ගායියස් ප්ලිනියස් සෙකුන්ඩස් (රෝම අධිරාජ්‍යයේ ප්ලිනී - ක්‍රි.ව 23 - ක්‍රි.ව 79) විසිනි. ප්ලීනී නිට්ටෑවුන් විස්තර කරන්නේ ලංකාවේ ජීවත් වුනු උසින් අඩු, සිරුර ලෝමවලින් වැසුනු මානව ගෝත්‍රයක් ලෙසටයි. 1914දී ලංකාවේ රාජකීය ආසියාති සංගමයේ නිළ සඟරාවට ඌව ...
ඊජිප්තු පිරමිඩ නිර්මාපකයින් කාන්තාරය හරහා ටොන් ගණනාවක් බර ගල්කුට්ටි ප්රවාහණය කල ආකාරය හෙලිවෙයි! Exploring Science And Technology ඊජිප්තු පිරමීඩ නිර්මාණකරුවන්, පිරමීඩ ගොඩනැගීම සඳහා ටොන් ගණනාවක් බල අතිවිශාල ගල් කුට්ටි කෙලෙස ගෙන ආවේද යන්න තවමත් නොවිසඳුනු අභිරහසක්. ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යාඥයින් මෙම ගල්කුට්ටි දසදහස් ගණනක් වහල් ශ්‍රමය උපයෝගී කරගෙන, ලී වලින් තැනූ වැල්ලේ යන, රෝද රහිත ස්ලෙජ් කරත්ත මත තබා ඇදගෙන යන්නට ඇති බවට තර්ක කරනවා. රෝදය, ලීවරය, කප්පි පද්ධති වැනි සරළ යන්ත්‍ර පවා නොතිබුණු ඊජිප්තු ශිෂ්ඨාචාරයට මෙවැනි අති ...
ASTRONOMY : රේඩියෝ චක්‍රවාට ගැන අහලා තියෙනවද? Exploring Science And Technology ඔබ චක්‍රවාට, galaxy නැතිනම් ගැන අහලා තියෙනවා. ගැලැක්සියක් නැතිනම් චක්‍රවාටයක් කියන්නේ තාරකා බිලියන ගණනක් එකට තිබෙන තාරකා පද්ධතියක්. විශ්වය හෙවත් universe කියන්නේ මේ චක්‍රවාට ඔක්කොම එකතු කරලා ගත්තම. සාමාන්‍යයෙන් තාරකා විද්‍යාඥයින් විශ්වය කියන පදය වෙනුවට අප දන්නා විශ්වය (known universe) කියලා භාවිතා කරනවා. මොකද අපට පේන (දුරේකෂ වලට හසුවන ) ඈතම තියෙන චක්රවාටයට වඩා තවත් ඈත මොනවා තියෙනවාදැයි නොදන්නා නිසා.අප ...