Exploring Science And Technology (http://vidya-gaweshana.blogspot.com) Latest Posts Most Popular Posts
දෙසැම්බරයේ හික්කඩුවේ කරණම්ගහන තල්මසුන් බලන්න යන්න... Exploring Science And Technology නිල් තල්මසා... මේ තමයි ලෝකයේ ඉන්න ලොකුම ක්ෂීරපායි සතා. ක්ෂීරපායි සතුන් අතර විතරක් නොවෙයි අනෙක් සෑම සතුන් අතරත් ලොකුම සතා නිල් තල්මසා කිව්වොත් ඒක හරි. ඉතින් මේ නිල් තල්මසුන්ව දෑසින්ම දැක ගන්න පුළුවන් නම් ඒක කොච්චර ලොකු වාසනාවක්ද?ඒ අවස්ථාව අපට පසුගියදා උදාවුණා. ඒ දකුණු මුහුදු තීරයේදී. මීට පෙරත් මම එක් වතාවක් නිල් තල්මසුන් බලන්න ගිහින් තියෙනවා. ඒ ගාලු වරායෙන් පිටත්වන ...
BUSINESS STRATEGY : කොරියාවේ, ඉන්දියාවේ, චීනෙ වගේ අපේ රටේ කාර් හැදෙන්නේ නැත්තේ ඇයි? Exploring Science And Technology ලංකාවේ ආර්ථිකයේ අනාගතය කෙබඳු විය යුතුදැයි දේශපාලඥයින්, ආර්ථික විද්‍යාඥයින්, විද්වතුන් මෙන්ම ව්‍යාපාර හා කර්මාණ්ත ක්ෂේශ්ත්‍රයේ ප්රාමාණිකයින් අතර සාකච්ඡාවක් ගොඩනැගී තිබෙනවා.කලින් කලට ඉස්මතු වෙමින් යලිත් යට යමින් තිබෙන මේ මාතෘකාව අපේ රටේ අනාගතයට ඉතා වැදගත්. අපේ රට දැන් මධ්‍යම ප්‍රමාණයේ ආදායමක් ලැබෙන එනම් ආර්ථික විද්‍යාඥයින් පවසන ආකාරයට "middle income" රටක් ලෙස හඳුන්වනවා. මේ බව පසුගිය වසරවල මහබැංකු වාර්තාවලද ආර්ථික ප්රගතියේ සළකුණක් ...
TECHNOLOGY : ලෝකයේ විශාලම මයික්‍රෝචිප් නිෂ්පාදකයා - ඇමරිකාවේ ඉන්ටෙල්? නෑ කොරියාවේ සැම්සුන්ග්! Exploring Science And Technology සැම්සුන්ග් නිෂ්පාදනය කරන අලුත්ම ඇපල් අයිෆෝන් බලගන්වන ඇපල් A9 ප්රොසෙසරයසැම්සුන්ග් සමාගම් සමූහය මේවන විට ඩොලර් බිලියන ඩොලර් බිලියන 12.6ක ලාභයකුත්, 54ක ආදායමකුත් වාර්තා කොට තිබෙනවා. මේ ඩොලර් බිලියන 54රේ ආදායමෙන් ඩොලර් බිලියන 15ක්ම දායකවී තිබෙන්නේ සැම්සුන්ග් සමාගමේ සැම්සුන්ග් සෙමිකන්ඩක්ටර්ස් නම් මයික්‍රෝප්‍රොසෙසර් හා මෙමරි චිප් නිෂ්පාදන ආයතනයයි. ලෝකයේ විශාලම මයික්‍රෝචිප් සමාගම ලෙස විරුදාවලි ලබා සිටින ඉන්ටෙල් සමාගම මේ කාලය තුල වාර්තාකොට ...
දේශීය වඳුරන්ට දැළිපිහියක්වූ ෆේස්බුක් Exploring Science And Technology ෆේස්බුක් මාෆියාවක් පාසැල් දැරියන් බිලිගන්නා බව නොබෝදා ජාතික පුවත්පතක් සිය ශීර්ෂපාඨයෙන් හෙලිකලේය. ෆේස්බුක් පෙම නිසා දිවිනසා ගැනීම්, ෆේස්බුක් පෙම්හබ නිසා මැදිවියේ විවාහක පිරිමින් අතින් දැරියන් ගැබ් ගැනීම් නිතර අසන්නට ලැබේ. ෆේබුකියෙන් අලුත්වුනු පැරණි පෙම නිසා පවුල් කඩා ඉහිරීගිය අවස්ථාද නැත්තේ නොවේ.ලංකාවේ ඕනෑම අලුත් තාක්ශණයක් සාමාන්‍ය මහජනයා අතර ව්‍යාප්තවිය හැකි තරමට මිලෙන් අඩුවන්නට පටන්ගත් වහාම එම තාක්ශණය පලමුවෙන්ම ප්‍රයෝජනයට ගන්නේ මැදිවියේ ...
සංචාරක කුරුලු සමය ඇරඹේ Exploring Science And Technology කාගේත් අවධානය ගනිමින් සෑම වසරකම මෙම කාලයේදී රත්නපුරයේ විදුලි කම්බි වල රාත්‍රිය ගතකරන දහස් ගණනක් වූ අටුවැහිළිහිණියන් ඔබත් දැක තිබේද? වසරක් පාසා ලංකාවට සංචාරය කරනා අටුවැහිළිහිණියා නම් වූ මේ කුරුල්ලන් (Barn Swallow) ගොම්මන් අඳුරත් සමග රත්නපුරයේ විදුලි කම්බිවල දහස් ගණනින් ලැගුම් ගැනීම සිරිතකි. මේ වසරේ මුල්ම අටුවැහිළිහිණියන් රංචුව සැප්තැම්ර් 8 වැනි දින නිරීක්ෂණය කළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි අධ්‍යයන ...
HISTORY : ඇන්ටාක්ටිකාවෙන් දියුණු ශිෂ්ඨාචාරයක නටඹුන් හමුවුනාද? රහසෙන් කැණීම් කරනවාද? Exploring Science And Technology ඇන්ටාටිකාව යනු සදාකාලිකවම හිමෙන් වැසුනු මහාද්වීපයකි. විටක මෙම අයිස් තට්ටුවේ ඝණකම කිලෝමීටර් 3ක් පමණවේ යයි කීවොත් ඔබ පුදුම වන්නටද පුලුවන. මේ මහා හිම තට්ටුවෙන් වැසුනු ඇන්ටාක්ටිකා මහාද්වීපය කලින් හිමෙන් තොරවූ අර්ධ-ඝර්මකලාපීය (sub-tropical) දේශගුණයකින් හෙබි ප්‍රදේශයක් වූ බවට විද්‍යාඥයින් අතර කල්පිතයක් ඇත. මෑතකදී ඇන්ටාක්ටිකාව අසල මුහුදේ කැනීම් කල විද්‍යාඥයින් පිරිසකට වසර මිලියන 52ක් පැරණි යයි සැළකෙන වැසිවනාන්තරවල වැවෙන ශාකවල ෆොසිල හමුවී ...
WHEN WE WERE SCHOOL KIDS : අපි ඉස්කෝලෙ ගිය කාලේ ගිය ජනප්‍රිය Artificial Intelligence (AI) චරිත තිබූ රූපවාහිණී වැඩසටහන් Exploring Science And Technology අපි ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ 80 දශකයේ මැද සිට අනූව දශකයේ මුල වෙනකම් කාලේ, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැතිනම් කෘත්‍රිම බුද්ධිය කියන යෙදුම පවා කවුරුවත් නොදන්න කාලේ, මිනිස්සු වගේ කතාකරන, මිනිස්සුවගේ හිතන්න පුලුවන් කොම්පියුටර් තියෙන රූපවාහිණී කතාමාලා කිහිපයක් ජනප්‍රියවෙලා තිබුණා.මේවා වැඩි ගණනක් පෙන්නුවේ ජාතික රූපවාහිණියේ. අපි අයි.ටී.එන් බැලුවේ පොප් සිංදු අහන්න විතරයි. ඒක වෙනම ලිපියක්. ජාතික රූපවාහිණියේ පෙන්නපු, අපි ගොඩක් ආසා ...
"We will bring this plane down!" - කඩාවැටුනු යානයේ ලියාතැබූ ඉස්ලාම් අන්තවාදීන්ගේ අනාවැකිය හරිගියා! Exploring Science And Technology "WE WILL BRING THIS PLANE DOWN" මීට මාස කිහිපයකට පෙර කයිරෝ ගුවන් තොටුපොලේ නවතා තිබූ එයාර්බස් A320 යානයේ බඳෙහි යටපැත්තේ රහසිගතව ලියාතැබූ ඉස්ලාම් අන්තවාදීන්ට සහය පලකරන කයිරෝ ගුවන්තොටුපොලේ අන්තවාදී සේවකයින්ගේ අණාවැකිය ටක්කෙටම නිවැරදිවී ඇත.පෙරේදා රාත්‍රියේ, මධ්‍යධරණී මුහුද ඉහලින් ඉතා පැහැදිලි කාළගුණයක් යටතේ පියාසර කරමින් තිබූ මේ යානය මිනිත්තු දෙකතුනකදී විනාශවී ගියේය. "එවියේෂන් හෙරල්ඩ්" නම් ගුවන් කර්මාණ්තයට සම්බන්ධ තාක්ශණික සඟරාවක් මගින් ...
WTF?? : O/L ගණන් ෆේල්වීමේ විපාක!!! Exploring Science And Technology ෆේස් බුකියේ දමා ඇති පෝස්ටුවකි මේ. ආණ්ඩුව සහනාධාර වශයෙන් වෙන්කල කෝටි 4.5 ගැන ගොන් පෝස්ට් එකක් හදපු මේ සුරතල් නාම්බා වැනි තව නාම්බන් නෑම්බියන් කීදෙනෙක් ඊලඟ චන්දෙදී තවත් කම්බ හොරු රැළකට පෝලිමේ ගොස් චන්දය දෙනු ඇතිද? දීලා රැවටුනු පසු හිතේ අමාරුවට මෙවැනිම පෝස්ටු හදනු ඇතිද?කෝටිය කියන්නේ ලක්ෂ සීයකට. ඒ කියන්නේ මිලියන 10කට. කෝටි 4.5ක් නම් මිලියන 45යි. මිලියනයට බිංදු 6යි. ...
රාත්‍රියට පෙනුම ලබාදෙන ස්පර්ෂ කාච | Night Vision Contact Lenses Exploring Science And Technology සුපිරි යුධ බළඇණි නිර්මාණය කිරීමේ පෙන්ටගන සැළසුම් පිලිබඳව අප විටින්විට ඔබ වෙත පිලිගන්වා ඇත. මෙහි ඉදිරියෙන්ම සිටින්නේ ඩාර්පා නම් යුධමය පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය, ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන් වන අධිතාක්ශණික සමාගම් හා අමෙරිකාවේ නමගිය විශ්වවිද්‍යාලයි. පෙන්ටගනයෙන් ලැබෙන අලුත්ම වාර්තාවලට අනුව අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් දෙපලක්, ග්‍රැෆීන් නම් සුපිරිසිදු කාබන් සංයුතිය අඩංගු ද්‍රව්‍යයකින් ඉතා තුනී, පාරදෘශ්‍ය [transparent], අධෝරක්ත ආලෝකයට සංවේදී සිවියක් නිර්මාණය කොට ...
Boeing Black: අමෙරිකානු රහස් ඔත්තුසේවා සඳහා නිමැවුනු ස්මාර්ට් ෆෝනය Exploring Science And Technology ඔබත් රට වෙනුවෙන් රහසේ ක්‍රියාත්මක වන ඔත්තුකරුවෙකු, නැතිනම් විශේෂ ආරක්ෂක ඒජන්සියකට අනුයුක්ත නියෝජිතයෙකු යැයි සිතමු. සාමාන්‍යයෙන් ජේම්ස් බොන්ඩ් වර්ගයේ චිත්රපටයකදී නම් ඔබට සන්නිවේදනය සඳහා අතිනවීන මෙවලම් භාවිත කිරීමට ලැබුණත්, සැබෑ ජීවිතයේදී එය එලෙසින්ම සිදුනොවේ. කෙසේ වුවත් ඉහත සඳහන් කළ ආකාරයේ වෘත්තියක පසුවන ඔබට සාමාන්‍ය ආකාරයේ ස්මාට්ෆෝනයකින් ඔබගේ වෘත්තියට අදාළ සංවේදී තොරතුරු, දත්ත හුවමාරු කරගැනීමට, සන්නිවේදන කටයුතුවල යෙදීමට නොහැකි බවද අමුතුවෙන් ...
SOCIAL : රැකියා නොමැතිව පීඩා විඳින උපාධිදාරීන්ගේ ඛේදවාචකය @ Iranga.net Exploring Science And Technology සුරෝෂණ ඉරංග විසින් පවත්වාගෙන යන iranga.net බ්ලොග් අඩවියේ ඔහු විසින්ම පලකල "රැකියා නොමැතිව පීඩා විඳින උපාධිදාරීන්ගේ ඛේදවාචකය " ලිපියේ ඇති ඇතැම් කරුණු පිලිබඳ මාගේ පෞද්ගලික අදහස් කිහිපයක් ගෙනහැර දක්වන්නට සිතුනා. මාගේ පෞද්ගලික මතයන් වුවත් මේවා හුදෙක් හිතලූ මනෝමයන් නොව;වසර 20කට අධික කාළයක් පෞද්ගලික අංශයේ රැකියාව කරමින් ලැබූ අත්දැකීම්ද, අංශ ප්‍රධානියෙකු ලෙස උපාධිධාරීන් සියගණනක් සම්මුඛ පරීක්ෂණවලට බඳුන්කොට ඇති අත්දැකීම්ද, එමෙන්ම දැනටත් ...
ALIENS & UFOS : "කපුස්ටින් යාර්"; සෝවියට් රුසියාවේ Area 51 Exploring Science And Technology Kapustin Yar Missile Test Complexඅමෙරිකාවේ ඒරියා 51 නම් ප්‍රදේශය පිලිබඳවත්, එහි සිදුවෙනවා යයි පැවසෙන රහසිගත ගගනවිද්‍යා හා පිටසක්වලයින් පිලිබඳව කෙරෙන පර්යේෂණ පිලිබඳවත් ඒ ගැන උනන්දුවක් දක්වන බොහෝදෙනා දන්නවා. එහෙත් දැනටත් බොහෝ දෙන නොදන්නා කරුණක් නම් සෝවියට් රුසියාවේද, අමෙරිකාවේ ඒරියා 51 වැනිම රහසිගත ගගනවිද්‍යා පර්යේශණ කටයුතු මෙන්ම පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳව පර්යේශණ සිදුකෙරුණා/සිදුකෙරෙමින් පවතිනවා යයි පැවසෙන කපුස්ටින් යාර් (Kapustin Yar) ...
HISTORY : ඇන්ටාක්ටිකාව හොයාගන්න ඉස්සෙල්ලා ඇඳපු සිතියම් වල ඇන්ටාක්ටිකාව!! Exploring Science And Technology විකිපීඩියා විශ්වකෝෂයට අනුව ඇන්ටාක්ටිකාව මුලින්ම දැක ගත් යුරෝපීයයන් වන්නේ රුසියානු රාජකීය නාවික හමුදාවේ (ඔක්තෝම්බර් විප්ලවයට පෙර සාර් රජසමයේ) අද්මිරාල්වරයෙකු වූ ෆේබියන් ගොත්ලේබ් හා ඔහු සමග ගවේෂණයට එක්වූ අද්මිරාල් මිකයිල් ලසරෙෆ්ය. ඒ 1820 වසරේදීය.විකිපීඩියාවට අනුව රුසියානුවන් ඇන්ටාක්ටිකාව සොයාගැනීමට පෙරසිටම, එනම් වසර දහස් ගණනාවක සිටම "ටෙරා ඔස්ට්රාලිස්" නම්වූ විශාල භූමියක් ගැන පුරාවෘත්ත පැවතිනි. (ටෙරා=භූමිය / ඔස්ට්රාලිස් = දක්ශිණ). පුරාවෘත්ත ඕනෑ තරම් පැවතිය ...
අද සිට වෙලාවේ තත්පරයක වෙනසක් Exploring Science And Technology පෘථිවි භ්‍රමණය මන්දගාමීවීමට සමගාමීව වේලාව වෙනස් කිරීමට නාසා ආයතනය ගත් තීරණයට අනුව, බ්‍රිතාන්‍යයේ National Physical Laboratory (NPL) හෙවත් ජාතික භෞතිකවිද්‍යා ආයතනය ලන්ඩනයේ සුප්‍රකට බිග් බෙන් ඔරලෝසුවේ වෙලාව තත්පරයකින් වැඩි කරමින්, නිළ වශයෙන් එම වෙනස්කම බ්‍රිතාන්‍යයේ සිදුකල බව ලන්ඩන් ටෙලිග්‍රාප් පුවත්පත වාර්තාකලා.මෙලෙස වෙලාව තත්පරයකින් අඩු කිරීමට හේතුව පෘථිවියේ බ්‍රමණය ක්‍රමයෙන් අඩුවීමයි. ඒ අනුව, ඊයේ මධ්‍යම රාත්‍රී 11 යි විනාඩි 59 යි ...
BUSINESS STRATEGY : ලෝකයේ වැඩියෙන්ම වැඩකරන රටවල් හා ජපනුන්ට වඩා වැඩකරන ලාංකිකයෝ Exploring Science And Technology ලෝකෙන්ම වැඩියෙන්ම වැඩකරන සේවකයෝ ඉන්නේ මෙක්සිකෝවේ කියලා OECD (Organisation for Economic Co-operation and Development) අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා. මෙක්සිකානුවන් අවුරුද්දකට පැය 2246ක් වැඩ කරනවා.ආසියාවේ වැඩියෙන්ම වැඩකරන්නේ දකුණු කොරියානුවන්. දකුණු කොරියානුවන් අවුරුද්දකට පැය 2113ක් වැඩ කරනවා. අවුරුද්දකට වැඩකරන දින 247ක් තියෙන දකුණු කොරියාවේ සේවකයෙකු සතියකට වැඩකරන සාමාන්‍ය පැය ගණන 68ක් පමණ වෙනවා.යුරෝපයේ වැඩියෙන්ම වැඩ කරන මිනිස්සු ඉන්නේ ග්‍රීසියේ. රුසියානුවනුත් වැඩියෙන්ම වැඩ ...
ශ්‍රී ලංකාවේ කෙසෙල් වර්ග Exploring Science And Technology ශ්‍රී ලංකාව කෙසෙල් වර්ග ගණනාවක් තියෙනවා. හැඩයෙන්, ප්‍රමාණයෙන්, පාටින් වගේම රසයෙනුත් වෙනස් කෙසෙල් ගෙඩි වර්ග ගණනාවක් තියෙන කෙසෙල් එක්ක පාරම්පරිකවම බැඳුණු දේශයක් ලංකාව. අපේ රටයි කෙසෙලුයි අතර තියෙන නෑකම ක්‍රි.ව. 341 දක්වා ඈතට විහිදෙනවා. ශ්‍රී ලංකාවේ රජවරුන් අතරින් දක්ෂතම වෛද්‍යවරයා විදිහට ප්‍රසිද්ධ බුද්ධදාස රජතුමා ලියපු සාරාර්ථ සංග්‍රහය කියන පොතේ කෙසෙල් ගසේ විවිධ කොටස් වල තියෙන ඖෂධීය ගුණ ගැන විස්තර දැක ...
BUSINESS STRATEGY : ආසියාවේ වැඩියෙන්ම කැපවුනු සේවකයින් ඉන්නේ ලංකාවේ! Nikkei Asian Review Exploring Science And Technology මේ තියෙන්නේ මම මැයි 16 වැනිදා ලියපු බිස්නස් ස්ට්රැටෙජි ලිපියක්. ඒකෙන් මම උත්සහ කලේ ලංකාවේ මිනිස්සු වැඩියෙන් නිවාඩු ලබන, අඩුවෙන් වැඩ කරන්න කැමති කම්මැලි පිරිසක් කියන එක බොහොම වැරදි මතයක් කියලා පෙන්වන්න.මම ඒ ගොඩනගපු තර්කය නිවැරදියි කියලා ඔප්පුවෙන සමීක්ෂණයක් පිලිබඳ වාර්තාවක් ජපානය මූලස්ථානය කරගෙන පලවන ආසියාවේ වැඩිම ගෞරවයක් හිමිකරගෙන තියෙන Nikkei Asian Review සඟරාවේ වෙබ් අඩවියේ පලකරලා තියෙනවා.ආසියා හා ඕෂනියා ...
CRITICAL ANALYSIS : සාස්තරතුමනි; මේ අවුරුද්දේ තව ගංවතුර විපතක් එනවාද? ඔව් වොව් එනවාමයි! Exploring Science And Technology මගේ පෞද්ගලික මතය වන්නේ ලංකාවේ ජනමාධ්‍ය, විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍ය රටේ ජනතාව මත මිත්‍යා විශ්වාස වපුරමින්, හොර වෙද්දුන්, ජෝතීර්වේදීන් කියා ගන්නා මැජික් කාරයින් හා තෙල්බේත් කාරයින් පුම්බමින් මහත් ව්‍යසනයක් සිදුකරන බවයි. දොළුකන්ද, එලියන්ත වයිට් පමණක් නොව ජාතියේ මහා වංචාකාර සක්විතියා පිම්බෙව්වේත් මේ කිසිම ප්‍රතිපත්තියක් නැති, කොලිටියක් නැති, ජාතික යයි කියාගන්නා පත්තරයි. හැබැයි ඉතින් ඔවායේ මාද්දියවේදීන් කියාගෙන කැමරා, මයික් උලුක්කරගෙන එන පඟරෙකුට ...
තම ගුරුවරිය කෘත්‍රිම බුද්ධි රෝබෝවරියක් බව නොදැන ඇගෙන් මාස 5ක් ඉගෙන ගත් විශ්වවිද්‍යාල සිසුන්!!!! Exploring Science And Technology ජෝර්ජියා ටෙක් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහායිකාවක් (Teaching Assistant) ලෙස විශ්වවිද්‍යාලයේ අන්තර්ජාල පද්ධතිය හරහා සිසුන්ට ඉගැන්වූ ජිල් වොට්සන් සැබැවින්ම අයි.බී.එම් සමාගම නිර්මාණය කල කෘත්‍රිම බුද්ධි රොබෝවරියකි.ජෝර්ජියා ටෙක් යනු අමෙරිකාවේ ඇට්ලැන්ටා නුවර පිහිටුවා ඇති ජනප්‍රිය තාක්ශණික හා ඉන්ජිනේරු විශ්වවිද්‍යාලයකි. මීට මාස පහකට පමණ පෙර ජෝර්ජියා ටෙක් විශ්වවිද්‍යාලය සිය පරිගණක තාක්ශණය හා කෘත්‍රිම බුද්ධි පාඨමාලා හදාරන සිසු සිසුවියන් පිරිසකට අලුත්ම ඉගැන්වීම් සහායිකාවක් හඳුන්වා දුන්නේය.ඇය ...