දෙබිඩි දරු උපතක් සිදුවිය Hot Puwath කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී ඉකුත් 13 වැනිදා රාත්‍රියේ දෙබිඩි දරු උපතක් සිදුවිය. මෙම දරුවෝ දෙදෙනා පපු ප්‍රදේශයෙන් බද්ධ වී සිටිති. දරුවන් දෙදෙනා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාට්ටු අංක 16 බාර විශේෂඥ වෛද්‍ය රුවන් පතිරණ මහතා පැවැසීය.මොණරාගල මල්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි ආර්. ඒ. සුමනාවතී (32) නමැති මවට මෙම දෙබිඩි දරු උපත ලැබී ඇත. දෙබිඩි දරුවන් දෙදෙනාම ගැහැනු දරුවන්ය. ...
දෙවියන්ට අභියෝග කරන මිනිස්සු! Hot Puwath මිථ්‍යා විශ්වාසවලින් මිදී ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය විමර්ශනශීලිත්වයත්, සරල විද්‍යාත්මක දැනුමෙන් එම විශ්වාසය දෙස පරීක්ෂණාත්මකව බැලීමත් සඳහා අවස්ථාවක් මේ මස 12 වැනිදා රජරටදී උදාවිය. රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහය මත එම සංගමයේ ආරාධනයෙන් මහනුවර හේතුවාදී සංගමය එදින සවස 4 ට එම විශ්වවිද්‍යාලයීය භූමියේදී මෙම විද්‍යාත්මක සංදර්ශනයත් සංවාදශීලී හමුවත් පැවැත්වීය.මෙම වැඩසටහන අයි. ටී. එන්. රූපවාහිනි නාලිකාවේ වෙනස වැඩසටහන කණ්ඩායම ...
Happy New year Hot Puwath ලැබුවා වූ සිංහල දෙමල අවුරුද්ද, අපගේ පාඨකයන් හට සාමයෙන් සතුටින් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.
මියගොස් සිටි දරුවා හඩන්නට පටන් ගනී. Hot Puwath පසුගිය දිනෙක පකිස්ථානයේ පන්ජාබ් ප්‍රදේශයේදී අවමගුල් උත්සවයක් පැවැත්විණි. මියගොස් සිටියේ අලුත උපන් දරුවෙකි. දරුවාගේ හිස,අගපසග අසාමාන්‍ය ලෙස විශාල වී තිබුණි. ඒ විරූපි දේහය දුටු කාගෙත් දෑස් කදුලින් බර වූහ.විශාල කම්පාවකින් යුතුව දේව මෙහෙයට සවන් දෙමින් සිටියදී එක්වරම මියගොස් සිටි දරුවා හඩන්නට පටන් ගත්තේය.දරුවාගේ පියා වන මොහොමඩ් අන්වර් නැමැත්තා පැමිණ සිටි මිනිසුන්ගෙන් සිය මුහුණ වසා ගන්නට උත්සහ කළේය. වැඩි වේලා නොගොස් ...
මගියාගේ ඉබි කතාවට බස් රියැදුරාට මල පනී Hot Puwath පෙරවරු හයට පිටත්වී පෙරවරු අටට පමණ කළුතර නගරයට පැමිණීමට නියමිත පෞද්ගලික බස්රථයකි. කළුතරට එන වැඩි පිරිසක් ගමන් පහසුව සලසා ගන්නේද මෙම බස්රථයෙනි. මෙම බස් රථයට ”බඩගාමී” යනුවෙන් නමක්ද පටබැඳී ඇත. සමහර දවස්වල දී කළුතරට ළඟා වනවිට පෙරවරු අටහමාරත් පසුවෙයි. ප්‍රදේශවාසීන්ට බසයේ ගමන් ලතාව හුරුවී ඇති බැවින් ගැටුමක් පැන නොනගී.දිනක් යුරෝපීය ඇඳුමෙන් සැරසුණු අමුත්තෙක් බසයට ගොඩවිය. ඔහු විටින් විට ඔරලෝසුව දෙසත් ...
උපේක්ෂාගේ නඩුව ගැන තීරණය ඔක්තෝම්බර් 11 වැනිදාට කල් යයි Hot Puwath ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හා ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට (පබා) පහරදී තුවාල සිදුකරන ලදැයි චෝදනා ලද ඇයගේ සැමියාට එරෙහිව පැවරූ නඩුව සමථයකට පත්කර ගැනීම හෝ විභාගයට ගැනීම පිළිබඳ සලකා බැලීම සඳහා නුගේගොඩ මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා ලබන ඔක්තෝම්බර් 11 වැනිදා දක්වා කල් ලබාදුන්නේය.පැමිණිලිකාර ස්වර්ණමාලි මහත්මිය පහරකෑමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී නැවතී සිටියදී සටහන් ...
උදාවු ග්‍රහ බලය ලග්න 7 කට අසුබයි Hot Puwath කුජ සහ ශනි මාරුව මේෂ, මිථුන, සිංහ, කන්‍යා, තුලා, ධනු, කුම්භ යන ලග්න හිමියන්ට අපලයි. අන් අයට මිශ්රපලදායකයි. ශ්‍රී ලංකා රජය පළාත් පාලන මැතිවරණයකට සූදානම් වෙයි. මේ අතර දැඩි නියඟය නිසා ගොවිතැන් පාළුවට යැම දැරිය නොහැකිව ගොවීහු ළතැවෙති. ඩෙංගු උවදුර මාරක තර්ජනයක් ලෙසින් හිස ඔසවමින් සිටී. රජයේ ස්ථාවරත්වය, විපක්ෂ නායකවරයා වෙනස් කළ නොහැකිවීම යනාදිය වත්මන් ග්‍රහචාරය රටට බලපාන අයුරුයි.තව ...
Rs. 3.5 mil contract from Mervyn - මර්වින්ගේ කොන්ත්‍රාත්තුව ලක්ෂ 35යි Hot Puwath ඝාතකයින් පාපොච්චාරණය කරලා - ප්‍රසන්න කියයි අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ උපදෙස් මත රුපියල් ලක්ෂ 35ක කොන්ත්‍රාතුවකට අපි සියලුදෙනාම සමූලඝාතනය කිරීමට සැලසුම් කර තිබු බව හසිත මඩවල මන්ත්‍රීවරයාගේ ඝාතකයින් විසින් පාපොච්චාරණය කර ඇතැයි කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා පවසයි. කැලණියේදී අද (12) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වුවේය. පුද්ගලික ආරවුලක් මත මන්ත්‍රීවරුන් සියලුදෙනා සමූලඝාතනය කිරීමට අවශ්‍ය ...
අභිරහස් ඝාතනයේ සුලමුල හෙළි වෙයි Hot Puwath රාගම පොලිසිය ආසන්නයේ අතුරු මාර්ගයක තිබී කොටස් හයකට කපා පුළුස්සා තිබූ මළ සිරුර 20 -20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පුළුල් තිරයේ නරඹන්නට ගාලුමුවදොරට යන බව නිවසට කියා අතුරුදන් වූ කඩවත, ඉහළ බියන්විල පදිංචි ජානක මංජුල නැමැති 30 හැවිරිදි තරුණයකුගේ බව රාගම පොලිසිය කියයි.මෙම තරුණයා ඝාතනය කර පුළුස්සා දමා ඇත්තේ ඔහුගේ ගෙලේ තිබූ රන් මාලය සහ මුදල් පසුම්බිය පැහැර ගන්නට බව විමර්ෂණවල ...
අගුණකොළපැලැස්සෙන් ගෙන්දගම් පොළවට පාත් එක හොයාගත් මිහිර සිරිතිලක Hot Puwath මේ දිනවල පුංචි තිරෙත්, සිනමාවෙත්, වේදිකාවෙත් සිය රංග පරාසය මුදාහරින අපේ කාලයේ රංගන ශිල්පියකු විදිහටයි මිහිර සිරිතිලක අපට මුණගැහෙන්නේ. ලැබෙන ඕනෑම චරිතයකට සිය සාධාරණය ඉටු කරන රංගන ශිල්පීන් අතර සිටින මිහිර හුදු නළුවා කියන ප්රතිරූපයෙන් බැහැරව පොළවේ පය ගසා ජීවත්වන රංගන ශිල්පියකු ලෙස අපට මුණ ගැහෙනවා.චරිතාංග රංගන ශිල්පියකු වීමේ සිහින දකින මිහිර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණකොළපැලැස්සෙන් මතු පුංචි තිරයටත් චිත්‍රපටයටත් ආ ...
ලොව ප්‍රථම නල දරු උපත සිදුකළ කත මියයයි Hot Puwath ලොව ප්‍රථම නල දරු උපත සිදුකළ කාන්තාව ලෙස්ලි බ්‍රවුන් මියගොස් තිබේ. මිය යනවිට 64වන වියේ පසුවූ ඇය 1978 වසරේදි අයි.වී.එෆ්. තාක්ෂණයෙන් ලොව ප්‍රථම නල දරුවා බිහි කරමින් ඉතිහාසයට එක්විය.1978 ජූලි මස 25වනදා ඇය ලොව ප්‍රථම නල දරුවා බිහිකළ අතර ගැහැණු දරුවෙකු වූ ඇය ලුවිස් ජෝ බ්‍රවුන්.තව කියවන්න » ...
යොවුන් මෝස්තර නිර්මාණ ශිල්ප කිරුළ කාටද? Hot Puwath Youth 1st Fashion Designer 2012 - යූත් ෆස්ට්, යොවුන් මෝස්තර නිර්මාණ ශිල්පින් වෙනුවෙන් පවත්වන ''යූත් ෆස්ට් ෆැෂන් ඩිසයිනර් 2012'' තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ.එය අද සවස 5ට මහරගම යොවුන් රඟහලේදි ආරම්භවීමට නියමිතය. තරගාවලියේ අවසන් වටය සඳහා නිර්මාණකරුවන් 15දෙනකුගේ නිර්මාණ ඉදිරිපත් කෙරනු ඇත.තව කියවන්න » ...
අද උතුම් ඇසල පුර පසොලොස්වක පොහොයයි Hot Puwath බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුන් පොහෝ දිනය අදයි. ඇසළ පුන් පොහෝ දිනය ලක්වාසී බෞද්ධයන්ට ඉතාමත් වැදගත් පොහොය දිනයක්. ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නෙ ඇසළ සමයටයි. ඒ මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහැරට මුළු ලංකාවේම බෞද්ධයන් සැදැහැ සිතින් සහභාගි වන නිසයි. අද මා මෙම ලිපියෙන් ගෙනහැර දක්වන්නේ ඇසළ පුන් පෝ දා ...
පාකිස්ථානය පරදවා ශ්‍රී ලංකාවට ලකුණු 209ක ජයක් Hot Puwath පාකිස්ථානය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 209ක විශිෂ්ට ජයක් හිමිවිය. ඒ අනුව තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 1 - 0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ අද සිව්වැනි දිනයයි. අද දිනය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 3ක්දැවී ලබා සිටි ලකුණු ගණන 36කි.තව කියවන්න » ...
ආචාර්ය පදවිය ගැන අද මට ලැජ්ජයි - ආචාර්ය මර්වින් සිල්වා Hot Puwath විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අරඹා තිබෙන වර්ජනය කිසිසේත් සාධාරණ ක්‍රියාමාර්ගයක් නොවන බව සඳහන් කරන ආචාර්ය මර්වින් සිල්වා නම්‍යශීලිව ක්‍රියාකර එකඟතාවට එන ලෙසත් දේශපාලන පක්ෂවල අතකොලු බවට පත් නොවන ලෙසත් පවසයි. එයට අමතරව මාධ්‍යයේ හැසිරීම ගැන හා කාලීන දේශපාලන ප්‍රශ්න ගැන ඔහු මෙසේ අදහස් දැක්වූයේ ය.* ඔබ සම්බන්ධ කරගෙන නැවත වරක් මාධ්‍යවල පුවත් පළවෙනවා. අලුත් කතාවට අනුව ඔබ පුවත්පතකට තර්ජනය කළ බව කියනවා. ...
රන්මිණිතැන්න ජනාධිපතිතුමා නොමග යැවීමක් Hot Puwath ජනකාන්ත නළු රංජන් රාමනායකසද්ද විද්ද පළඟ පතිර රාජපක්ෂ කුමාරගේ දොන් රන්ජන් ලියෝ සිල්වෙස්ටර් රාමනායක නොහොත් සිංහල සිනමාවේ අද අපට සිටින ජනප්‍රිය නළුවෙක් වන රන්ජන් රාමනායක සිංහල සිනමාවේ වසර ගණනක්ම එක දිගටම ජනප්‍රිය නළු සම්මානයට හිමිකම් කියා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වන රන්ජන් තමන්ටම ආවේණික සුවිශේෂ චින්තන රටාවක් සහිත සුවිශේෂ චරිතයක් ද වෙයි.ඔබ වඩාත් සතුටට පත් වන්නේ දේශපාලනඥයෙක් වීම ගැනද? නැතිනම් ...
උපේක්ෂා සහ මහේෂ්ට පැනවූ වරෙන්තුව අවලංගු කෙරේ Hot Puwath අධිකරණය මගින් වරෙන්තු ලැබූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්ත මන්ත්‍රිනී හා ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි උපේක්ෂා ස්වර්ණමාලි සහ ඇගේ සැමියා වන මහේෂ් චාමින්ද යන දෙදෙනා මෝසමක් මගින් ඊයේ (12 දා) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීම හේතුවෙන් අදාළ වරෙන්තුව අවලංගු කිරීමට මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා නියම කළේය.දෙපාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා එම ...
කහවත්තේ කාන්තා ඝාතන හයම එක කල්ලියේ වැඩ Hot Puwath ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු පිරිසක් සම්බන්ධයි කහවත්ත ප්‍රදේශය භීතියට පත්කරමින් ඉකුත් මැයි සහ ජුලි මාසවලදී සිදුවූ කාන්තා ද්විත්ව ඝාතන සිද්ධීන් දෙකම සිදුකර ඇත්තේ මිනීමැරුම් චෝදනා මත දැනට බන්ධනාගාරගතව සිටින රත්නපුර ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු සංවිධානාත්මක පිරිසක් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත බවට තොරතුරු අනාවරණය වී ඇත.මෙම ඝාතන කල්ලිය සඳහා පුද්ගලයන් පස්දෙනකු සම්බන්ධ වී සිටි බවටද තොරතුරු මේ වනවිට ලැබී තිබේ.මෙම ප්‍රාදේශීය දේශපාලනඥයා ...
King Of Romantic නොහොත් ෂාරුක් Hot Puwath ෂාරුක් නැති Romantic චිත්‍රපටය හරියට පරිප්පු නැති හෝටලයක් වගේ. ඒ හින්දා වෙන්නැති හැමෝම ඔහුට King Of Romantic කියන්නේ. හැබැයි ෂාරුක් නම් කියන්නේ යශ් චොප්රා නොහිටින්න අද ඒවාගේ නමක් තමන්ට ලැබෙන්නෑ කියලයි. ෂාරුක් ආදරේ කරන්න ඉගෙනගෙන තියෙන්නේ ඔහුගෙන් ‘‘අපි ආදරේ කරනකම් කවුරුත් අපිට ආදරේ කරන්නෑ’’ මේවා යශ් චොප්රා මන්තරයක් වගේ නිරතම කියන දෙයක්ලූ.යශ් චොප්රා කියන විදිහට ඔහුගෙ අන්තිම චිත්‍රපටය Jab tak ...
මම නාකිවෙනකම් සින්දු කියන්නේ නැහැ - ලහිරු Hot Puwath ඉදිරියේදී ප්‍රසංග වේදිකාවේ දකින්න නොලැබේවිඔහු ගැන හැඳින්වීමට වැඩිය අටුවා ටීකා අවශ්‍ය නැතැයි අපට නම් හැඟෙන්නේ. මොකද ඒ නමට වඩා ඔහු කළ නිර්මාණ ගැන බොහෝ දෙනා කතාබහ කළ නිසාවෙනි. රම්බරී ගීතය හරහා කරළියට පිවිසි ලහිරු මෑත කාලයේ ළබැඳියේ, මන බැන්දූ, රතු රටකජු වැනි ගීත හරහා තව තවත් රසිකයන් අතරට ළංවූවා. ලහිරු තවත් අලුත්ම වැඩක් කරන්න සූදානම් වෙන ආරංචිය අපට දැනගන්න ලැබුණා.ලහිරු ...