තවත් එක හිතක්... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව සුසර කරන්නට...තවත් එක තනුවකට...හැකි වෙයි ද මට...වළාකුලක් වෙයි ද,තවත් එක දුරින් පා වෙලා යන...දැවටෙයි ද මා වටා..තුනී මිහිඳුම මෙන්...
සිතුවිලි ගොඩ ගැහුණු පැටලුන හිතක්... ඔයාටත් තියෙනව ද? ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව හරිම සංකීර්ණයි හිත. කෙළවරක් නැති එක එක විකාර සිතුවිලි. කිසි පිළිවෙලක් සැලසුමක් නැති වැඩ. ලියෝ එකේ වැඩ. සභාපති වෙලත් කිසි දෙයක් සැළසුම් කරල කරන්න හිත එකලාසයක් නෑ. අම්බානක බැනුම්. ඉන්ස්ටිටියුට් එකේ වැඩ. කළමණාකාරවරයා වෙලත් තවම ඊළඟ බඳවා ගැනීම් ගැන අදහසක් නෑ... ආයතන කළමණාකරු උනත් ගොඩක් වැඩ මගේ අනුදැනුමට පිටින්. ආයතන සේවකයින්... සමහර වෙලාවට පවරන වැඩ නිසි වගකීමකින් තොරව ක්‍රියාත්මක කරනව. ...
මෙය අවසානය ද? ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව හරිම පුදුම දවසක්..... මම මේ ඉන්න තැන මෙච්චර කාලෙකට මගෙ හිත මෙහෙම නිදහස් උනාමයි. අද මට කියන්න තියෙනව කතාවක්.... විශේෂ කතාවක්.... සමහර විට ඔයාලට නම් ඒ තරම් වැදගත් වෙන එකක් නෑ... ඒත් මාව දන්න අයට නම් මේ කතාව කියවලම බලන්න හිතෙයි. නොදන්න අයටත් කතාව කියවල බලල මාව අඳුනගන්න හිතේවි සමහර විට.අද මම ඉන්න තැන මම බලෙන් ඉල්ලල ගත්තු තැනක් නෙමෙයි. ...
..මේ ගමන... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව Image From - link (....සිතට සිතුන දේ.... )
විරුද්ධව පිළිවෙතට... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව කුරුල්ලනි එන්නපියාඹා එන්නහමන තද සුළඟටවිරුද්ධව එන්න...රශ්මියෙනි එන්නබබුළුවන් එන්නතුෂර ගල් ගැසුණුතිර දවා ලන්න....රෝගියෙනි එන්නඉක්මනින් එන්නඉක්මනින් යන්නහිතන්නෙම නැතුව...ඇඳට වී ඉන්න"ටිකට්"එක එනතුරුනොඉඳ "මෙහි" යන්නවිරුද්ධව පිළිවෙතට...--Word 11 stories---General Hospital, Gampaha - ...
..අසනි ගැබ.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව අසනි ගැබහිස් අහසට හැකි උනාටසිත් අහසට හැකි උනා ද,දවස ගානෙ පිරුණු සිතුම්හිස් කරන්න කිසිම දාක?
..දුර්වලයා.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව දක්ෂ ලමයෙක්ට උගන්නල හොඳ තැනකට අරගන්න ගුරුවරු එමටයි.... ඒ වගේ ලමයින්ට උගන්නන්නත් ගුරුවරු ගොඩක් කැමතියි හොඳට, ඉක්මනට ඉගෙන ගන්න නිසා...ඒත් දුර්වල ළමයෙක්ට උගන්නල හොඳ තැනකට අරගන්න උත්සහ කරන ගුරුවරු අල්පයි.. ඒ වගේ ළමයින්ට උගන්නන්නත් ගොඩක් ගුරුවරු කැමති නෑ, මොකද ඉක්මනට, හොඳින් ඉගෙනගන්න ඒ ළමයි දක්ෂ නැති නිසා....ඒ වගේම එහෙම ළමයින්ට උගන්නන ගුරුවරුන්ට සාමාන්‍ය ගුරුවරයෙක්ට වඩා හොඳ ඉවසීමක්, සංයමයක් තියෙන්නෙ ඕන. ...
..උත්සාහක ප්‍රේමයක්.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව රළු ගලක්..සියුමැළිව..පිරිමැද්දෙමි..මතු වෙ යැයි..පැතුමින්..ප්‍රේමයක්;නමුදු,පසක් විය එය..රළු..කලු ගලක් මැ බව..එහෙත්,උත්සහය එලෙසමැ යි...මිරිඟු පසුපස.... හඹා යන,අසීමිත..... ආසාවමැ යි..,ඒ...----සත්‍ය සිදුවීමක් ඇසුරිනි--- ...
....පරතරය....... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ....පරතරය....එකිනෙකට වෙනස් ජීවිත කතා දෙකක්...ගමන් මාර්ග දෙකක්...එක මගක් නම් කවදාවත් එක් නොවන බව සැබැවි....පීලි දෙක අනන්තය දක්වා සිල්පර කොටන් මත තම දුරස් බව රැකගෙන ගමන් කරනු ඇත....එහෙත්..අනෙක් මග?රේල් පීල්ලෙන් කාලක තරම් වත් ගැහැට විඳ නැති මගීන් දෙදෙන....ඇලීම්... ගැටීම්.. බිඳීම්...තවත් අපූරු කතාවක...තේරුම් ගත නොහැකි;ළාමක මිනිස් සිත්... ...
....සීරුවෙන් හිටගෙන උපේක්ෂාව පුරුදු වෙන්නට........ ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව පිංතූරය උපුටාගත්තෙ --> මෙතනින්සුභ සිහින දකින්න... කල්පිතය යථාර්තය සමඟ ගළපවන්න... අටලෝ දහමට කම්පා නොවී ලැබෙන නොලැබෙන හැම දේම සමානව විඳ දරාගන්න... එන්න මතකවස්තුවට... සීරුවෙන් හිටගෙන උපේක්ෂාව පුරුදු වෙන්නට... ජීවිතේටම යහපතක් වෙන්න.... ...
උපාධිය - The Graduation ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව පිංතූරෙ ගත්තෙ --> මෙතනින්මම දකිනව පිංතූර...ගොඩක් පිංතූර....සමහර ඒව දකිනකොට මට දුකයි...මට ඒව දකිනකොට හිතෙනව, මමත් ඒ පිංතූර වල ඉන්න හිටපු කෙනෙක් නේද කියල. මම ඒ පිංතූර වල නෑ නේද කියල හිතෙනකොට හිතට මාර දුකයි...ඊළඟට............කවද හරි දවසක.......... මම ඒම ඉන්න පිංතූර දකිනකොට....... එතකම් ගත වෙන්නෙ මගෙ ජීවිතේ වටිනා කාලය නේද කියල හිතෙනකොට, ජීවිතේ යම් ස්ථාවරයකට එන්න හිතන් හිටපු කාලය නේද කියල ...
....සතුටු බිඳුවක්..... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව අනේ මන්ද මිනිස්සු මොනව හොයන්න මේ තරම් මහන්සි වෙනවද කියල. මම එහෙම කියන්නෙ මටවත් තේරෙන්නෙ නෑ මම මේ මොනව හොයන්නද මහන්සි වෙන්නෙ කියල.. මම එහෙම අදහස් කලේ මුදල් වලට වඩා ගැඹුරට ගිය දෙයක් ගැනයි. පවනිත් මේ දවස් වල මගෙ ළඟ නැති ගතියක් හිතට දැනෙනව. එයා හිටිය නම් මොකක් හරි පිස්සුවක් නටල මගෙ හිත කොහොම හරි හදනව. මම ගන්න තීරණ ...
..මගේ ආදර කතාව - 5.. [අවසන් කොටස] ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව කතාව බෝම ලස්සනට ඉවර කරන්න හිතන් උන්නත්... හිත ඒ තරම් පිරිල නෑ... ඒ මතකයෙ යම් යම් තැන් අලුත් කලත් සම්පූර්ණ මතකයම අලුත් කරන්න මගෙ හිතක් නෑ... ඒක හරිම සුවිශේෂී වසරක්... මගෙ උපන්දිනයත් සමඟ නොසිතූ ආකාරයේ අවථාවන් මා වෙත ආපු වසරක්... මම ඉගෙනගත් ආයතනයේම පළමු පංතිය කරන්න මට හම්බ වෙන්නෙත් හරියටම මගෙ උපන් දිනය දවසෙමයි.... මට මතකයි... මම මේ කතාවෙ ...
..මගේ ආදර කතාව - 4.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ඈ පිළිබඳව මගේ අධ්‍යයනය ................ඈ විවාහ වන පුද්ගලයා ගැන මම එසේ ප්‍රකාශ කලේ, ඈ උපතින්ම ටිකක් කපටි නිසාවෙනි. ඈට අවශ්‍ය වන්නේ ආදරවන්තයෙක් නොවේ ය. ඈට අවශ්‍ය වන්නේ පිරිමි ළමුන් ආශ්‍රය කිරීමට ය. ඈ හට ආදරවන්තයෙක් සිටියද ඈ බලාපොරොත්තු වන්නේ එම ආදරවන්තයාව තමන් සතුව තබා ගනිමින්ම තවත් පිරිමි ළමුන් ඇසුරු කිරීමටයි.ඒ සඳහා ඈ සමඟ යාලු වන ආදරවන්තයා හොඳ ආදරණීය පුද්ගලයෙක් ද, ...
..මගේ ආදර කතාව - 3.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ඈ පිළිබඳව මගේ අධ්‍යයනය ඈ... කුඩා කල සිටම ගැහැණු ළමුන් ආශ්‍රයට වඩා පිරිමි ළමුන් ආශ්‍රයට කැමති කෙනෙක්. ඒ කාලෙ තමයි මම හිතන්නෙ නියම කාලෙ කෙල්ලන්ට කොල්ලන්ට එකිනෙකා ආශ්‍රය කරන්න දිය යුතු. ඒ කිවුවෙ උපරිම 8,9 වගේ වසරවල් වලට එනකම්. මොකද ඒ කාලෙට ඔය පොඩි උන්ගෙ හිත් වල ආදර හැඟීම් හෝ වෙනත් අදහස් නෑ.. ඉතින් ඒ කාලෙදි තමයි කෙල්ලෙක් ඉගෙනගන්නෙ කොල්ලො ...
මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී..."මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී...ඔබෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී..කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී...මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී.." මේ ගීතය කියන්නෙ ටිකක් දුක්පත් කොල්ලෙක්. ඒ කොල්ල යාලු වෙලා ඉන්න කෙල්ලට පණ වගේ ආදරෙයි... දෙන්න බොහෝම ආදරෙන් කල් ගෙවනව.... සතුටින් ඉන්නව ටික කාලයක්... මේ කාලය තුල තමන්ගෙ පෙම්වතිය ගැන තමන් නොදත් ඇගේ ගති ලක්ෂණ ටික ...
..මගේ ආදර කතාව - 2.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ආදර කතාවෙ පළවෙනි කොටස ---> මෙතනින්මගේ ආදරවන්තියව මට හමු වීම මම ඒ වෙනකොට මගෙ ජීවිතේ ගොඩක් දේවල් නැති කරගෙන තිබුනෙ... සමහර දේවල් මගෙ කැමැත්තෙන්ම අත ඇරිය. මගෙ යාලුවො මට කතා කලේ ෆේස්බුකා කියල... මට අත අරින්න බෑ කිවුව ෆේස්බුක්. මම ෆේස්බුක් අත ඇරිය. ෆෝන් එක අත අරින්න බෑ කිවුව, ෆෝන් එකත් විකුණල දැම්ම.. කොණ්ඩෙට තියෙන ආසාව අත අරින්න බෑ කිවුව... ...
..මගේ ආදර කතාව - 1.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මගෙ මේ ආදර කතාව පටන් ගන්නෙ කොයි අවුරුද්දෙ ද කවද ද කියල නම් මම කියන්නෙ නෑ... හැබැයි ඔයාලට ඒක හොයාගන්න පුලුවන් වෙයි... ඒත් මම මේ කියන්න යන ආදර කතාවෙ කිසිම දෙයක් බොරුවක් නෙමෙයි.. ඒක මට දිවුරල කියන්න පුලුවන්...මගේ මේ පුංචි ආදර කතාව සම්බන්ධව ලියවෙච්ච පෝස්ට් කීපයක් තියෙනව...මේ තියෙන්නෙ ඒවල තියෙන සමහර උපුටාගැනීම් සමඟ ලින්ක්..."ඒ චරිතය හරි අමුතු විදියට මාව ...
..වයසට යන අවුරුදු.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා.... අවුරුද්දත් ගෙවිල ගියා... කාලය ගෙවිල යන ඉක්මන... නේද? හැම පාරම අවුරුද්දත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනව.... අපි පුංචියට හිටපු කාලෙට වඩා දැන් අපි අවුරුදු සමරන විදිය වෙනස් වෙලා... අම්ම නම් කියන්නෙ දැන් අපි "ලොකු ලමයි" ලු. අම්මට නම් තවමත් අපි ළමයි... ඒක නම් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ මම දන්නව නෙ.. :) ඉස්සර අපි අවුරුද්ද එක්ක ...
මා අන්තවාදියෙක්මි??? ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මේ කතාවට පාදක වෙන්නෙ මීට කලිනුත් මගේ පෝස්ටුවක කතාවට පාදක වෙච්ච මගේ මුහුණුපොතේ ඉන්න හොඳ යෙහෙලියකගෙ මුහුණුපොතේ මේ ළඟකදි පළවෙච්ච එක ස්ටේටස් එකක්.... මෙන්න ඒක - "මං සිංහලයෙක් වුනේ මතක ඇති දා ඉඳන් සිංහල කතා කරපු නිසා..මං බෞද්ධයෙක් වුනේ අම්මා, තාත්තා බෞද්ධ නිසා..මං ශ්‍රි ලාංකික වුනේ මේ රටේ ඉපදුනු නිසා..ඒත්, "ශ්‍රි ලාංකික සිංහල බෞද්ධයෙක්" කියන එක කොච්චර ආඩම්බර කාරණයකද ...